Friday, June 4, 2010

කෘතීම ජීවිතය

     සිතුවිලි අකල් මරණයකට ගොදුරු විය. සිතන්නට ඉඩ හසරක් නොවූ මනස යාන්ත්‍රික විය. මා හඹාගිය ජීවිතය මා පසුපස හඹා එන්නට විය. පරක් තෙරක් නොමැති දිවි සයුර මැද කුඹ ගසද හබල් ද අහිමි ජීව නෞකාව තනිවිය. දටු කිසිවක් එහි නොවුනි. අවසානයේ සියල්ල සිහිනයක් විය. මවාගත් ලොවක් විය. 

පිවිසුනෙමි වර්තමානයට
විවර කලෙමි වසාගෙන සිටි දෑස 
අවසන් කලෙමි දුටු සිහිනය

පැවසුවා වුවද නොදුටු බව සිහිනයක්, සිතා සිටියා වුවද නොරැවටුන බව තමන්, සිදුව තිබුනේ එයම නොවේද...

බලව දෑස් හැර, අවට ඇතිදැයි කිසිත්
ඇත ඒ සිහිනයෙන් දුටු දේ නොව, අන් යමකි
පලක් ඇත්දැයි නොවැටහෙන යමකි

සුන්දරත්වය, සතුට, කොහිද ජීවිතයට ඇත්තේ? ‍නොතේරෙන නුමුදු දුක් ගැහැටින් පිරි ඉතිරුනු ජීවිතයකි ඇත්තේ...

සිනහව බලෙන් ඔබ්බවන ලද්දකි, ප්‍රිය වචනය තියුණු තුඩකින් කැටයම් කරන ලද්දකි, පාට තීන්තෙන් සායම් කරන ලද දැඩි සේ කෘතීමකරණය වූ යමකි ජීවිතය...

සපල බලාපොරොත්තු, ස්වාභාවිකත්වය, නිර්මාණශීලීත්වය යි අහිමි ජීවිතයට සදාකල්හිම...

එසේනම් කුමටද මේ කෘතීම ජීවිතය???

13 comments:

Sanj said...

එල එල.. ප්‍රභාත් මලයා අලුත් විදියට හිතන්න පටන් අරන් වගේ

SIDATH said...

උබට කොහොද බන් ඔහොම කෘතිම ජීවිතයක්. අනික මේ නිවාඩු කාලෙ ????

Prabhath said...

@සන්ජය අයියා- හම් හම්...ටිකක් දුරට
@තර්ඩ් මෑන්- නිවාඩුකාලෙ හිතුන දෙයක් නෙමෙයි බං. කලිං හිතුන දෙයක්. අද මේසෙ අස් කරද්දි හම්බුනේ...

පබලු said...

ලස්සනට ලියල තියනවා...

මම නම් හිතන්නේ ජීවිතය කෘතීම ද ස්වභාවිකද කියලා තීරනය වෙන්නේ අපෙ සිතුවිලි වලින්.අපි හිතන විදියෙන්.

ජීවිතය කෘතීම වෙලා නෙවෙයි ස්වාභාවික ජීවිතය යාන්ත්‍රීකරනය වෙලා... :)

Prabhath said...

@pabalu akki- ඒකත් ඇත්ත නේද :D

www.blogsinhala.com said...

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/

Prabhath said...

හරි...ස්තූතියි බ්ලොග් සිංහල අවකාශයට..

චිරන්ත said...

nice idea Prabhath malii... wish you a good luck..

Prabhath said...

Thanks chirantha ayya

Sanj said...

මම දන්න හැටියට ඔය කෘතිම කියලා කියන එක ලියන්නෙ කෘත්‍රිම කියලා

Prabhath said...

අහ් අයියේ....පොඩි මිස්ටේක් එක්කනේ ලොල්ස්....ස්තූතියි පෙන්නල දුන්නට....

Hasitha Gunasinghe said...

හැමදේම දැන් කෘත්‍රිම වෙලා තියෙන්නේ බන්. සොක්‍රටීස් ද කොහෙදෝ කියලා තියෙනවාලු මිනිසා කෘත්‍රිම ලෝකයෙන් මීදිලා සැබෑ තත්වයට පත් වෙන්න ඕනේ කියලා :)

Prabhath said...

අහා...එ් කියන්ෙන් සෑෙහන ඉස්සර කාෙල ඉදන් මිනිසා කෘතීම පාටයි...

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...