Sunday, June 13, 2010

පහුගිය ටිකේ කාලය ගෙවුන හැටි.

අහ්..ඕං මගේ කෘත්‍රීම ජීවිතේ ගැන කලිං පෝස්ට් එකෙන් කතා කලානෙ. දැං මේ පහුගිය දොහේ දි මං කොරපු කියපු දේවල් ටිකත් කැටි කොට දක්වන්නයි සූදානම.

අපි පහුගිය වෙසක් පෝයට සංවිධානය කලා බෙලි මල් දන්සලක්. සංවිධායක වරුන් වුනේ තරංග අයියා ප්‍රමුක යූසර් මැක්සං ආයතනය. ඉතිං මාත් ගියා උදවුවට..
 

 

  

  



ගිය ඕං යාන්තම් හම්බුවෙලා තිබුන නිවාඩුවත් ඉවරයි. ගහ ගෙන වහ ගත්තු අපේ පෙරපාසලත් අයෙ පටන් ගත්තා නෙ ගිය බ්‍රහස්පතින්ද. දැං ඉතිං අර කිවුවත් වගේ කෘත්‍රීම ජීවිතයට අයෙ හුරු වෙන්න ඕන. ඒ කියන්නෙ යකාගෙ කම්මලේ වැඩ අයෙ පටං ගන්න වෙනවා..දැං නම් වස කම්මැලි. මාසයක් ගෙදරට වෙලා ඉඳලා ආයෙම වැඩට බහින්න උනාම.... හම් මොනා කරන්නද ඉතිං.

මාත් ඉතිං සිකුරාද ඉඳල යන්න පටන් ගත්තා. ආ.... සිකුරාදා ඒ කියන්නේ 11 වෙනිද ඉන්ද්‍රනාත් තේනුවර සර් තියපු පැනොරාමා ඡායාරූප ප්‍රදර්ශනය බලන්න කැම්පස් බුවාල ටිකකුත් එක්ක සෙට් උනා. පැනොරාමා කියන්නෙ ෆ්‍රේම් කිහිපයකට ගත්තු ඡායාරූප රැසක් එකලස් කරල තනි ඡායාරූපයක් සාදාගැනීමේ කලාවයි. ලංකාවෙදි ප්‍රථම ‍වරටයි මේ වගේ ඡායාරූප එකතුවක් නරඹන්න ලැබෙන්නෙ.

මේ පිංතූරෙ ගැනත් ලොකු කතාවක් ගියා... ඒ ගැන මෙතනින් රිංගලා හසිතගෙන් අහන්නකෝ..


ඕං ඔහොම තමයි පහුගිය දොහේ වැඩ සිද්ධ වුනේ. කොහොම හරි මේ දවස් වල FIFA 2010 world cup එකත් පටන් ගත්තු නිසා ඒකත් බලන්න ඕනෙ. මේ පාර කවුරු ගනීද දන්නෑනෙ කප් එක. world cup උන කොච්චරද කියනවනම් මාස 3, 4කට පස්සෙ පිට්ටනිය පැත්තෙ ගියා ෆුට්බෝල් ගහන්න... :D

ඔය ඔක්කොමත් එක්ක පොඩි දුක හිතෙන දේකුත් තියෙනවා. මූනු පොතේ හිටපු හොඳම මිතුරියක් අහිමි උනා. :( පෙරලුනු පිට හොඳයි කියල දැං මූනු පොතටත් සීමා පනවල එකෙ‍නුත් ඈත් වෙන්නයි මේ දවස් වල උත්සහ කරන්නෙ. 

ඉතිං ඔය වගෙ එකී මෙකී නොකී දෙවල් එක්ක අයෙ හමුවෙමු.....




8 comments:

පබලු said...

බෙලිමල් දුන්නේ කිතුල් හකුරු එක්කද හි හී... :D

Amila Chathuranga said...

මම ඊයෙ කොච්චිකඩේ පල්ලියෙ මන්ගල්ලෙට දන්සැල් දෙනව දැක්ක ක්‍රිස්ටියන් උනාට අපරාදෙ කියන්න බෑ ලෝබ නැතුව දීම නම් තියනව....

Prabhath said...

@පබලු- ඔවු ඔවු අක්කෙ... නැතුව සීනි එක්ක දෙන්නයැ :P
@indi- අහා...දානය කියන්නෙ ආගම් බේදයක් නැතුව හැමෝටම එක වගේ පිං රැස්කල හැකි කර්තව්‍යක් නේ...

Sanj said...

හේ හේ.... මගෙත් ඒකාකාරී ජීවින රටාවට දන්සැල දීපු දවසේ වෙනසක් ලැබුනා ඇත්තටම. කවුරුත් නොදන්නව උනාට එදා මම ආවෙ පුදුම වැඩ කන්දරාවක් හිතේ තියාගෙන ලොකු ආතතියකින්. ඒත් කට්ටිය එක්ක හිනාවෙලා ඔය වගේ වැඩක් කළාම හිතට පුදුම නිදහසක් තියෙන්නෙ.. එහෙම නේද?
ඔය ජීවිතේටම මම සම්බන්ධ වෙච්ච දෙවෙනි දන්සැල(හිනා වෙන්නෙපෝ) ඔයිට කළින් පොඩ් කාලෙ ගෙවල් පැත්තෙ දුන්නු දන්සැලකට සහභාගී උනා මතකයි. ඒත් ඒ‍ කාලෙ බොහොම පොඩ් කොල්ලෙක්.
කොහොම හරි දන්සැල හිතුවට වඩා හොඳට කෙරුනා. ගොඩක් සතුටුයි ඒ ගැන. හදිසියෙ හරි සම්පූර්ණ බරපැන දරලා සංවිධානය කිරීම ගැන තරංග අයියට ස්තුතිවන්ත වෙන්න ඕනෙ. (කට්ටිය පිං සිද්ධ වෙච්චාවෙ කියල කියල ගියෙ අපිට හැබැයි)

Prabhath said...

@සනජය අයියා- අනිවාර්යෙන්ම අයියා.. මාර සතුටක්. තරංග අයියට ඇත්තටම පිං. අහ් අයියගේ දෙවනි එකලු. මම සහභාගී වුන පළවෙනි එක.... :D

Hasitha Gunasinghe said...

එල එල කොල්ලා. නිකම් හිටියේ නැහැනේ වැදගත් වැඩ කටයුතු කරලා තියෙන්නේ.

මොනවා වුනත් පැනොරාමා බලන්න ගිය තරම් ෆන් එකක් නම් නැහැ ඉතින් :) මොකක්ද මේ මිතුරියගේ කතාව ?

Prabhath said...

ඔවු ඔවු බං...වැඩ වැඩම තමා..ජීවිතේට අලුත් දේවල් තියෙන්නත් එපායැ නේද.. අනිවාර්යෙන්ම පැනොරාමා බලන්න ගිය එකත් මාර ෆන් තමයි....

අහ් මචන්.. ඒක ගැන කියන්න දෙයක් නෑ... කෙල්ලෙක් නෙ. හම්.

Kanishka said...

ආ පිං සිද්ද වෙච්චාවෙ.. හැබැයි අපිට හොරෙං දන්සැල් දීපු එක තමා වැරදි :D

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...