Wednesday, September 29, 2010

පොළොන්නරු චාරිකාව හා විභාග සාප්තැම්බරය

සැප්තැම්බර් මාසෙත් අවසානෙටම ඇවිත්. ගිය පාර කිවුවට මොකද පොළොන්නරු ගිය ගමනක් ගැන කියනවැයි කියල තාම බැරි උනා ඒක කරන්න. ඒ ඉතිං හැමදාම වගේ වෙන වැඩ හිංදයි කයමුකෝ. මේ සැප්තැම්බරේ නම් සම්පූර්ණයෙන්ම වගේ විභාග මාසයක්. මාසයක් තියලවත් ඉවරකර ගන්න බැරි උන විභාගේ ඕන්න ලබන මාසෙ පළවෙනිද දෙවෙනිදත් පැවැත්වෙනවා. මේ විභාගෙත් එක්ක කාලය ගෙවපු නිසාවෙන්ම කාලය ගතඋනා දැනුනෙත්  නැති තරම්...

පොළොන්නරු චාරිකාව....
පොළොන්රු චාරිකාව ගැන දැං කියන්නම්. මේ චාරිකාව සංවිධානය කලේ කැළණිය විශ්වවිද්‍යාලීය භෞතික විද්‍යා සංගමය විසින්. ක්ෂේත්‍ර චාරිකාවක් හැටියට. චාරිකාවට වැඩියෙන් සහභාගි වෙලා තිබුනේ දෙවන වසර සහ තෙවන වසර අයියල අක්කල. ප්‍රථම වසර අපෙන් හිටියෙ තුන් දෙනයි. හැබැයි චාරිකාව නිසාම දැන් දෙවන තෙවන වසර වල අයියල අක්කලත් සෑහෙන හඳුනගන්නත් හොඳ අවස්ථාවක් හමුබුනා. එදින දවසම වැසිබර කාළගුණයක් තිමයි පරිසරයේ තිබුනේ. පොළොන්නරු ද නුවරඑළියෙ යනවද කියල හිතාගන්න බැරි තරමට සීතලයි.

චාරිකාවේ ප්‍රධාන අරමුණ වුනේ, පොළොන්නරුව ප්‍රදේශයේ වාරි කර්මාන්තය පිළිබඳ අධ්‍යනය කිරීමයි. 
 පේනවනේ කට්ටිය වැස්සෙම සොරොව්ව නරඹන හැටි

මේ මින්නේරිය වැවේ පිටවාන

අපිට මේ ගැන තොරතුරු විස්තර මින්නේරිය වාරිමාර්‍ගග ඉංජිනේරු කාරියාලයේ වැඩබලන ඉංජිනේරු මහතාත් වැසි නොබලා පැමිණියා. ඒ පිළිබඳව එතුමන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.





මින්නේරිය වැවේ ජයන්ති සොරොව්ව අසල









මේ ඡායාරූප පෙළේ දැක්වෙන්නේ පරාක්‍රම සම්‍රද්‍රයේ බිසෝකොටුව අසල

බිසොකොටුව ගැන යමක් කිවුවොත්,
බිසෝකොටුව කියන්නේ වැවක ජලය සොරොව්වෙන් පිටතට ගැනීමට පැරැන්ණන් භාවිතා කල අපූර් ක්‍රම වේදයක්. පැරණි යුගයයේදී අද වැනි සොරොව් ගේට්ටු භාවිතයක් ති‍බුනෙ නෑනෙ. ඉතින් සොරොව්වේ ජලය පාලනය කලේ ඊට පහලින් ගල් දමා වැනි ආකාරයකට සොරොව් කට හරස් කිරීමේන්. මේ අකාරයට එකවරම පහලට යන ජල පහර හරස් වුනාම ඉන් ඇතිවන බලපෑම නැවත පැමිණ සොරොව්වට හානි පැමීනිය හැකි. එය වැලැක් වීමට ‍බිසෝකොටුව කියන හතරුස් නිර්මාණය සොරොව්වට ඉහලින් වැව තුල පිහිටුවනවා. ඒකෙන් නැවත පැමිනේන රැල්ලෙන් සොරොව්වත් වැවු බැම්මත් ආරක්ෂා වෙනවා. 
බලන්න අපේ පැරැන්ණන්ගෙ ඉහල ඉංජිනේරු දැනුම................
ඊට පස්සෙ අපි ගියේ පොලොන්නරුව කෞතුකාගාරයට. ඒකෙ මුලු පොළොන්නරු ඉතිහාසයම විස්තර වෙන විදියට පුරාවස්තු තැන්පත් කරල තියන වටිනා සිථානයක්. පොළොන්නරුව බලන්න කලිං මෙතනට ගියොත් පහසුවෙන් පොළොන්නරු රාජධානිය පැවැත්ම, ඉතිහාසය ගැන අවබෝධයක් ලබාගෙනම පුරාවිද්‍යා ස්ථාන වලට යන්න පුලුවන්.
එදා රාත්‍රිය අපි නැවතුනේ පොළොන්නරුව වෙළඳ සංගමය විසින් පිහිටුවල තිබුන විශ්‍රාම ශා‍ලාවේ. පරාක්‍රම සමුදුය මායිමේ තිබුන මේ ස්ථානයත් හරිම අපූරුයි. 
ආ... කට්ටිය බලනවා ඇති මෙච්චර කොල්ලො ගොඩකුත් ට්‍රිප් එකක් ගිහින් වැවකට බැස්සෙ නැත්තෙ මොකද කියල. බැස්සෙ නෑ නෙමෙයි. අපි වැවට බැස්සේ රෑ 8ට විතර. පැයක් විතර වැවේ නෑ‍වා. ඒකත් හිරිම අපූරු අත්දැකීමක්. රෑ ජාමේ වැවක නාන්න ලැබුනු එක.... (:D)








 පොළොන්නරුවේ පුරාවිද්‍යා සථාන කීපයක්

ඒ අතරෙ අපිට වස්ගමුව වනොද්‍යානය ඇතුලටත් යන්න ලැබුනා. ඒ පරාක්‍රම සමුද්‍රයට වතුර හරවන ව්‍යාපෟතිය බලන්න. මේ තියෙන්නේ ඒ චාරිකාවේ පාරිසරික අත්දැකීම්....







 මමත් වැඩිපුරම කැමති පරිසර සංචාරවලටනේ. ඉතිං දිගට හරහට පළලට ගහපු පිංතූර ගොනුවෙන් ටිකක් තමයි මේ.

අපේ පොළොන්නරු චාරිකාවනම් බොහෝම අපූරු එකක්.
එ‍් ගැන චාරිකාව සංවිධානය කල දෙවන වසර අයියල අක්කලට හුඟාක් සතූතියි....


5 comments:

Hasitha Gunasinghe said...

මූණු පොතෙන් මම පින්තූර ටික දැක්කා. පංකාදුයි. ඒක නෙමෙයි බන් අළුත් සොයාගැනීමක් තියෙනවා "වැරදි වැඩ කරපු බිසෝවරු රඳෝලා තියන්න තමා බිසෝ කොටුව පාවිච්චි කළේ කියලා" :)

Prabhath said...

:D ඈ බං... උඹද ඒක හොයාගත්තේ. හිකිස්..., උඹත් දැන් වෙන්ඩ පුරාවිද්‍යඥ්ඥ හසිත නේ.....
ආ..තව අලුත් ආරංචියක් තියෙනවා, ඔය බිසොවරු නාපු තැනයි කියලත්...

ලක්ෂිත චින්තන said...

ගොඩක් සතුටු උන පාටයි....කොහොම උනත් වැදගත් ගමනත්.....තව තව මේ වගේ ගමන් යන්න වාසනාව ලැබේවා...!

Prabhath said...

@ලක්ෂිත- ඔව් ඔව්... බොහෝම ස්තූතියි මචෝ...

Madhuka said...

ලිපිය වටිනවා, ස්තුතියි!!

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...