Monday, November 29, 2010

බාගෙට පිරුන වතුර වීදුරුව


බලන්න පින්තූරය දිහා...
හොඳට බලන්න...
මොනවද ඔබට පේන්නේ???
වතුර වීදුරුවක්...
නිකම්ම නිකම් වතුර වීදුරුවක්ද???
නෑ...
එහෙනම්???
බාගයක් පිරුන වතුර වීදුරුක්...
ඇයි, බාගයක් හිස් වතුර වීදුරුවක් පේන්නෙ නැද්ද???
පේනව හැබැයි දකින්නේ නෑ...

ඇත්ත. ඒත් කෙනෙක් බාගෙට හිස් වතුර වීදුරුවක් දකින්න පුලුවන්. අපි දකින විදිය එකිනෙකාට වෙනස්. එකම දේ විවිධ විදියට දකිනවා. ඉතිං හිතන්න. අපි දකින විදියටම නෙමේ හැමෝම දකින්නේ. ඒකට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. එහෙම නේද...

6 comments:

නදී said...

බාගයක් හිස්? නෑ ඒක වාතයෙන් පිරිල,අපි හෑමෝම හිතන දකින විදිය වෙනස් සහෝ...එකනෙ අපිට මිනිස්සු කියන්නෙ!

Prabhath said...

හරියට හරි සහොදරයා....

Hasitha Gunasinghe said...

ධනාත්මක චින්තනයක් තියෙන පොර හිතනවා භාගයක් පිරිලා තියෙනවා කියලා. සෘණාත්මක චින්තනයක් තියෙන පොර හිතනවා භාගයක් අඩුයි කියලා.

Prabhath said...

ඒකත් දකින විදියේ වෙනස් කමනෙ මචන්

Jayasiri Wijesinghe said...

ඔතන ඔබ දකින දේටත් පෙනෙන දේටත් වඩා යමක් හිතන්න තියෙන‍ව නේද?
අපිට පෙනෙන හෝ අපි දකින දේ ඒ සැටියෙන්ම නැති බව එනම් පරමාර්ථ සත්‍යය අපි දකින හෝ පෙනෙන දේ නොවන බවත් ඊට වඩා යමක් අපි නුවණින් දැකිය යුතුබව හා අවබෝධ කල යුතු බව.
jvjsir

සීතල අයියා said...

පොඩි අවුලක්.ඇහුවට කමක් නැද්ද මංදා?මේ මේ උඹට හොදටම sure ද ඔය වතුරමයි කියලා?

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...