Monday 7 March 2011

පුවත්පත් ලිපියක් සදහා ඔබේ අදහස් ඕනෑ`

මෙය මා ලිවීමට බලාපොරොත්තු වන පුවත්පත් ලිපියක් සදහා වේ.

නැන්දම්මා ලේලි ගැටුම් පිළිබඳව ඔබේ අදහස කුමක්ද? එය නැවැත්වීමට දෙපාර්ශවය කලයුතු යැයි ඔබ සිතන්නේ කුමක්ද? මෙම අවස්ථාවේදි සැමියාගේ කලයුත්තේ කුමක්ද?

ඔබේ අදහස් සමග ඔබගේ නම, වයස හා රැකියාව සඳහන් කරන්න. අදහස් දැක්වීම සියලු දෙනාටම විවෘතයි

35 comments:

  1. අපේ අම්මාට තවම ලේලිලා නොමැත....
    මම තාම පොඩි එකාය..ලොකු උන් අදහස් දක්වනු ඇත

    ReplyDelete
  2. එක ගෙදර වාසය කරන්නේ නැතුව වෙනම ජීවත් වෙන එක තමයි දෙපැත්තටම හොද..

    ReplyDelete
  3. http://ranrandil.blogspot.com/2010/02/blog-post_22.html

    http://ranrandil.blogspot.com/2010/03/blog-post.html

    මේ ලිපි ඔබට වැදගත් වේ දැයි නොදනිමි. කියවලා බලන්න. :)

    ReplyDelete
  4. @Naveen Madhawa හරියට හරි මචං

    ReplyDelete
  5. සැමියා,බිරිඳ සහ නැන්දම්මා වෙන වෙනම වාසය කිරීම හොඳය.

    ReplyDelete
  6. වෙනසක් නෑතුව තමන්ගෙ අම්මට වගේ නෑන්දම්මාටත් සලකන්න පුලුවන්නම් හොදයි.ඉවසීමත් ප්‍රගුනකලයුතු වෙනවා.වෙනම ඉන්න එකෙන් ප්‍රශ්ණ ඇතිවෙන්න තියන හෑකියාව අඩුයි.

    ReplyDelete
  7. අනේ මංදා නංගියේ..උඹට ලිපියක් ලියන්න වෙන මාතෘකාවක් ඇත්තෙම නැද්ද..මේ වගේ දවස්වල ඕවා කතා කරන්න හොඳම නැති අගුණ මාතෘකා.

    අදහස් ගැන කියනවනං..
    ඕක සුළු දෙයක්..කොල්ලා බටර් කොම්පැණියක මැනේජර් කෙනෙක්ගේ භූමිකාව රඟ දැක්වීමේ සුවිශේෂී හැකියාවන්ගෙන් යුක්තනම්..

    ReplyDelete
  8. ක‍රන්න තියෙන්නෙ එකම එක දෙයයි.
    ඉවසීම!
    ඕක තමා තියෙන එකම බේත.

    ReplyDelete
  9. ඔන්න කලින් සැරේ වගේ බුකියේ ප්‍රචාරයක් දුන්නා. මන් දැන් බස් පැදිල්ල නවත්වලා නිසා බස් එකේ ප්‍රචාරයක් දෙන්න විදියක් නෑ.

    ReplyDelete
  10. අපේ අම්මාටද ලේලියක් නොමැත.නමුදු වෙන්ට ලේලියක් නම් ඇත.දැනට ගැටුමක් නොමැත.
    ජනනි, මම හිතන්නෙ මේක එකිනෙකා අතර ඇතී ඊර්ශ්යාව සහ තෙරුම් නොගැනීම පිලිබද ගැටලුවක්.
    මම ඊර්ශ්යාව කියල කිව්වෙ,තම පුත්‍රයාට හෝ සැමියාට එකිනෙකා දක්වන ආදරයේ තරගය.
    එක ගෙදර නෙවෙයි වෙනම ගෙදරක හිටියත් කවුරු කවුරුත් එකිනෙකාව තෙරුම් ගත්තෙ නැත්නම් ගැටුම් ඇතිවෙන එක වලක්වන්න අමාරුයි.

    ReplyDelete
  11. මමනම් පැල් කොටයක් අටෝ ගත්තා.එක ගෙදර ඉඳල නිකන් ආතල් එක නැති කොර ගන්නෙ මොකටද.නැත්තන් දෙන්නගෙ වලි බේරනවට වැඩිය කාලයක් නෑ.

    ReplyDelete
  12. අම්මට සහ බිරිදට තේරුම් කරල දෙන්න පුලුවන්නම් පුතෙක් /සැමියෙක් විදියට මම හිතන්නෙ ඒක තමයි හොදම දේ කියල.
    මොකද කසාදයක් බදින්නෙ, රන්ඩු කරන්න ගැටුම් ඇති කරගන්නවත්, තියෙන සම්බන්දකම් නැතිකරගන්නවත් නෙවෙයි නෙ නේද?
    මෙතන තියෙන සම්බන්දකම් කිවුවෙ වෙන මොනවත් සම්බන්දකම් නෙවෙයි පවුලෙ ඒව..... හිකිස්..

    ReplyDelete
  13. දවසක් itn දොරමඩලාවෙ ලේලි නැන්දම්ම ගැටුම පිලිබදව කතාකලා එතනදි එක විද්වතෙක් කිව්ව මෙහෙම කතාවක්
    එක පවුලක නැන්දම්ම හරිම ඊර්ශ්යාවයි ලේලිත් එක්ක, දවසක් නොන මහත්ත්ය දෙන්නා කතාවුනා සතිඅන්තෙ ගමනක් යන්න,
    අදාල දවසෙ උදෙ පාන්දරින්ම නැගිටල හොදට ඇදපැළදගෙන එහෙම නැන්දම්ම කියනවලු මෙ දෙන්නට, "ඉක්ක්මනට එනව යන්න්ට පරක්කුවෙනව" කියල.......
    මෙතනදි ලේලිය තම නැන්දම්ම තෙරුම් අරගෙන තිබුනු නිසාවෙන් ගැටුමක් ඇතිවෙලා නැහැ
    මම technician කෙනෙක්, වයස 31යි.

    ReplyDelete
  14. මමත් තව පොඩි එකෙකි.. ඔන්න තව අවුරුදු පහකින් හයකින් විතර නම් උදව්වක් කරන්න පුළුවන් වේවි..

    ReplyDelete
  15. දිනේශ් අයියගේ කතාව නම් ඇත්ත තමයි. නැන්දම්මයි ලේලියි වලි නැත්තේ කවදද. දෙන්නට දෙන්නා හොද අවබෝධයකින් ඉන්නවනම් ඔය සේරම අඩුයි නේ. අනික බැන්දට පස්සේ වෙන ගේකට ගිහින් ජීවිතේ පටන් ගන්න එක තමයි නුවනට හුරු. එතකොට එයාලට ඕන විදිහට එයාලගේ ජීවිතේ ගෙනියන්න පුලුවන් නේ

    ReplyDelete
  16. මගෙ අම්ම නෑ . . . ඉන්නෙ කුඩම්ම . . . . ඒත් ඉතිං ඔය නැන්දම්ම ලේලි ආතල් එක මම උදේ දවල් නැතුව කනව. ඉවසීමේ හැකියාව තියන නිසා හොඳයි නැත්තං මිනී තුනයි පෙට්ටි දෙකයි.
    සමහර දවස් වලට තාත්ත මටත් වැඩිය අසරන වෙලා ඉන්නව . . . දැක්කම හාමිනේවත් අරගෙන වෙනමම පදිංචි වෙන්න හිතෙනව. ඒත් තාත්තව දාල යන්න බැරි නිසා කාගෙන ගෙදර ඉන්නව . .. . හරිම අමාරුවෙං තමයි බැලන්ස් කරං යන්නෙ . . .

    මගෙ විස්තර ඔයාගෙ කලිං පෝස්ට් එකක දාල ඇති . . . ආයෙත් ඕනෙද ?

    ReplyDelete
  17. දැන් ගොඩක් දුරට ඔය ගැටලුව අපේ සමාජයේ වර්තමානයේ දකින්න ලැබෙනවා අඩුයි නේද?.මම නම් හිතන්නේ ඕකට මුලිකම හේතුව තමයි"අනවබෝධය".ඒ කියන්නේ නැන්දම්මා ලේලිවද,ලේලි නැන්දම්මාවද හරියට අදුනගෙන නොතිබීම.
    එතකොට නැන්දම්මාට පුලුවන් වෙන්න ඕනේ ලේලිව තමන්ගේ දුව හැටියට බාර ගන්න.
    ලේලිත්, නැන්දම්මා ආකල්පයෙන් මිදිලා තමන්ගේ අම්මට වගේ නැන්දම්මට සලකන්න ඕනේ.
    දෙන්නට දෙන්නා ගරුකරන තැන,අගය කරන තැන ප්‍රශ්න අඩුයි.
    මේක මම දැක්කේ පත්තරේක,කවදාවත් නැන්දම්මා ඉස්සරහා ලේලි,මනුස්පයා එක්ක හුරතල් වෙන්න(මුකුලු පාන්න) යන්න නරකයි.එතකොට නැන්දම්මාට ඊරිසියාව හැදෙනවාලු.තමන්ගේ පුතාගේ ආදරය වෙන ගෑනු කෙනෙක්ට ලැබෙනවාට අම්මලා කැමති නෑලු.
    දන්න ටික කිව්වේ.වැදගත් වෙයිද නැත්ද කියන්න නම් මම දන්නේ නෑ.
    මම රජිත් අබේසිoහ
    වයස 21 යි.
    කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටී.

    ReplyDelete
  18. නැන්දම්මා ලේලි ප්‍රශ්න ගැටුම් අද වගේ කාලේක ත් තියෙන එක නම් පුදුමයි වෙලාවකට..එත් හිත කියන්නේ ඉරිසියාව...යන්නේනුත් හැදිලා තියෙන දෙයක් හන්දා හුගාක් වෙලාවට ලේලි ත් නැන්දම්මා ත් ඉවසිමෙන් කටයුතු කරනවා නම් ඔය දෙවල් අඩුවත් වෙන්න පුලුවන්.. දෙන්නාගෙන් එක්කෙනෙක් වත් ඉවසිමක් නැති වලියටම බර නම් ඉතින් හැමදාම දුක තමයි..හොදම දේ මිනි මරගන්න කලින් වෙනම ගෙයක් අරන දෙමහල්ලො පදිංචි වෙන එක..එතකොට දෙපැත්තම බැලන්ස් වෙනවා..අර කතාවකුත් තියෙන්නේ හැම්දාම දකින කුකුලා ගේ කරමලක් ගැන අන්න එ වගේ හැමදාම දකින්න දකින්න කෙන්තිය ,ඉරිසියාව වැඩි වෙන්න ඉඩ තියෙනවා.. අතේ දුරින් හැමදේම තියා ගත්ත නම් ප්‍රශ්න නිරකරණය වෙවි ටිකක් හරි.... මෙතනදි නම් හොදම දේ මනුස්සයා පැති අරන් නැතුව ඉන්න එක.. නැත්නම් අසධරණයි නේ කොහොම උනත්..එත් අම්මයි තමන්ගේ බිරිදයි කියන්නේ දෙන්නෙක්.. මේ දෙන්නාටම දෙන්නා ගේ හිත සතුටු කරනවාත් නම් හොදයි නේ... අර මාරයා කියනවා වගේ අක්කේ බටර් තැලියක් වෙන්න තියෙන්නේ...

    ReplyDelete
  19. nendamma leliga gatuma adaka eyaka indala ana deyak nawana.sarthakawa pauljeevithayak gatha karanna onanam hodama de thamange gedaraka wasaya kireema.nandammai leli hodin innawa mamanam kisima gedaraka deka netha.maya visadiya heki ?da nowa.

    ReplyDelete
  20. kollagei kellagei nemei kellagei nandammagei porondam baleya uthui

    ReplyDelete
  21. @සනත් 7 March 2011 19:21 ඕක ඉතිං ඩිපෙන්ඩ් වෙනවා අම්මගෙයි, බිරිඳගෙයි තේරුම් ගැනීමේ හැකියාව මත සහ පුතාගේ හෝ සැමියාගේ තේරුම් කිරීමේ හැකියාව මත. කොයික කොහොම වෙතත් සහෝ ඔයා බැඳල අවුරුද්දකින් පෝස්ට් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්නකෝ අත්දැකීම් කියලා..............

    ReplyDelete
  22. @නිම්ශා "හොදම දේ මිනි මරගන්න කලින් වෙනම ගෙයක් අරන දෙමහල්ලො පදිංචි වෙන එක."
    ඒකට නම් මම එකඟයි ඒත් එකම පුතා වුනොත් එතනත් පොඩි පරහක් තියනවා.
    "මෙතනදි නම් හොදම දේ මනුස්සයා පැති අරන් නැතුව ඉන්න එක.. නැත්නම් අසධරණයි නේ"
    ඔය කතාව වැරදියි.
    එක පාරක් දෙපාරක් තුන් පාරක්ම කියමුකෝ පැත්තක් නොගෙන ඉන්න පුලුවන් ඊට පස්සෙ?????????????
    මොකද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක එන්නෙ තමන්ගෙ මුළු ජීවිතේම ඒ කොල්ලට බාර දීලා. එතනදි බිරිඳ ඒ කියන්නෙ කෙල්ලට දිගටම අසාධාරණකම් වෙද්දි පැත්තක් නොගෙන ඒ අම්මනේ කියලා හිටියොත් මොකද වෙන්නෙ එතකොට ජීවිතේ අපායක් වෙනවා.
    @මාරයාගේ හෝරාව "7 March 2011 18:04 ඕක සුළු දෙයක්..කොල්ලා බටර් කොම්පැණියක මැනේජර් කෙනෙක්ගේ භූමිකාව රඟ දැක්වීමේ සුවිශේෂී හැකියාවන්ගෙන් යුක්තනම්.."
    සමහරවිට

    ReplyDelete
  23. @කල්හාර
    ස්තුතියි අදහසට, මමත් ඔය ප්‍රශ්නෙ මගේ කෙල්ලත් එක්ක කතා කරල තියෙනව.අපෙත් අදහස උනෙ වෙනම පදිංචි වෙන්න,නමුත් ඒකට අපේ අම්ම තාත්තගෙ වැඩි කැමැත්තක් නැ මම පවුලෙ එකම පුතා නිසා.ඒක නිසා අපි දෙන්න තිරණය කලා කවදහරි අපේ ගෙදරම අම්ම තාත්ත එක්කල ඉන්නව කියල. බලමු මොකද වෙන්නෙ කියල නේද?
    එදාට ඔබව ඇත්තටම මතක් වෙයි,

    @ජනනි, ඕං බ්ලොග් එක නවැත්තුවොත් ඉතින් හරි වැඩෙ තමයි,

    ReplyDelete
  24. මේ බ්ලොග් එකේ හිමිකාරිනිය මෙය විකුණා දමලාද.. නැත්තං වෙන මොකක් හරි අවුලක්ද..?

    ReplyDelete
  25. ඔන්න මම මගේ අදහස පෝස්ට් එකකින්ම දැම්මා. බලන්නකෝ.
    http://pansalhandiya.blogspot.com

    ReplyDelete
  26. siyalu denage upades anuwa minpasu anonymous comments mehi pala nokarana bava karunaven salakanna. anonymous aathal ganna ayata mehi ida natha!

    ReplyDelete
  27. ලොකු දෙයක්..හික් හික්...

    ReplyDelete
  28. අනේ මන්දා..ඕවට මොනා කියන්නද? කියලා

    රැවුලයි කැඳයි දෙකම බේරගන්න ඕනනෙ...

    නොබැඳ හිටියනම් හරි...

    ReplyDelete
  29. නැන්දම්මා සහ ලේලී ගැ‍ටුම තමා මට හිතෙන විදියට ලෝක ඉතිහාසයෙ අරගෙන බැලුවොත් දීර්ඝ කාලීනව පැවත එන එකම විසදුමක් හම්බ වෙච්ච නැති ප්‍රස්නේ.අපේ ගෙදර නම් ඔය කියන ගැ‍ටුම තාම නැහැ මොකද තාම අපේ ගෙදර ලේලිලා නැහැ මම ප්‍රාර්තනා කරනවා කවදාවත් ඔය කියන ප්‍රස්නේ අපේ වහල යට ඇති වෙන්න එපා කියලා.මම නැන්දම්මා සහ ලේලි කියන චරිත දෙක දැක්කේ මගේ අම්මාගෙනුයි අපෙ තාත්තගේ අම්මාගෙනුයි (ඒ කියන්නෙ මගෙ ආච්චි) ඔය ප්‍රස්නේ හුගක් වෙලාවට ඇති වෙන්නේ මම නම් දකින විදියට තමන්ට අයිති තැන වෙන කෙනෙක් අතට යන එක නැන්දම්මට රුස්සන්නේ නැතුව යන කොටයි. මොකද ඔතන වයසින් වැඩි කෙනා වෙන්නේ නැන්දම්මානේ,අපේ ගෙදර ඔය වගේ ප්‍රස්නයක් ප්‍රස්නයක් ඇති වෙන්න යනකොට අපේ අම්මා කරන්නේ ආච්ච්ට තැන දීලා එයා කියන එක හරි කියලා සීන් එක ඉවර කරන එකයි එතකොට ආච්චිට ෆුල් සැට්ස් අම්මා ගැන .අපේ ආච්චිට දුවලා දෙන්නෙක් හිටියට එයාට වැඩිපුරම හොද අපේ අම්මව එ කියන්නේ ලේලිව ඔය ප්‍රස්නෙට විසදුම තියෙන්නේ මම දැකපු විදියට තියෙන්න් ලේලී අතේ තමා.

    වයස 25
    විමර්ශන නිළධාරී

    ReplyDelete
  30. මම නම් හිතන්නේ ඕකට මූලිකම හේතුව පිරිමියාගේ ආදරය වෙනුවෙන් ඇතිවෙන තරඟය. අවුරුදු ගානක් තමන්ගෙ පුතාගෙන් ලබන ආදරය වෙන කාන්තාවක් එක්ක හුවමාරු කරගන්න තියන අකමැත්ත හා තමන්ගෙ ස්වාමියාගෙ ආදරය වෙනත් කාන්තාවක් එක්ක බෙදාග්න්න තියන අකමැත්ත කියල තවත් විදිහකින් කියන්න පුලුවන් , විශේෂයෙන්ම එකම පිරිමි දරුව විවාහ උනාම මේ තත්වය වඩාත් ප්‍රභලයි , ඊට අමතරව තව කාරනා ගොඩක් තියනව . සමාජ තලයන් අනුව , විවිධ අවස්ථාවන් අනුව නොයෙකුත් හේතු බලපාල තියනව .උදාහර න විදිහට පවුල් පසුබිම් වල නොගැලපීම්, ආදර සම්බඳයකින් උන විවාහයක් නම් කුල කතන්දර , සමහර මිත්‍යා විශ්වාස, ආර්ථික කරුණු වගෙ ගොඩක් දේවල් කියන්න පුලුවන් , ඒත් මේ හැම විදිහකින්ම එලියට එන්නේ අර මුලින් කිව්ව මනෝ විද්‍යාත්මක කරුනමද දන්නෙ නැ

    අපේ සමාජ ක්‍රමයත් එක්ක ලෙලියට තමයි මේ දෙවල් වලක්ව ගන්න වඩා වැඩි කැප කිරීමක් කරන්න වෙන්නේ, ඇත්තට මේ තත්වය තේරුම් අරගන්න පුලුවනුත් නවීන සමාජයේ ඉන්න සාපේක්ෂව වඩා දැනුවත් බවක් තියන ඇයට තමයි . කොහොම උනත් උගත් කම හා සමාජ ආශ්‍රය වගේ කරුණුත් එක්ක මේ දේවල් වෙනස් වෙනවා(විශ්‍රාමික විදුහල්පතිනියක් වන නැන්දම්මාට වැඩි අධ්‍යාපනයක් හෝ සමාජ ආශ්‍රයක් නැති ලේලියට වඩා තේරුම් ගැනීමෙ හැකියාව වැඩියි )

    සැමියා ගොඩක් වෙලාවට මෙතෙන්දි අසරනයි . අඩු තරමෙ භාර්යාව වත් තමන්ට ඇහුම්කන් දෙනව නම් ඔහුට මැදිහත් වීමක් කරන්න පුලුවන් . එහෙම නැත්නම් පැත්තක් නොගෙන ඉන්න එකයි කරන්න ඕනි . හැබැයි පුරුෂ ආධිපත්‍යය තදින් ක්‍රියාත්මක වෙන සමාජයෙ පහල ස්ථරවලදි ගෙදර පිරිමියා විසින් ප්‍රචණ්ඩ කාරීව මේ දේවල් සමනය කරන වෙලාවල් තියනව , එහෙම නැත්නම් ඔහුගේ ආධිපත්‍යයට බියෙන් මේ දේවල් එලියට එන ප්‍රමානය අඩුයි .පාසල් මට්ටමෙ ඉඳල ලැබෙන ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් , සමාජීය අධ්‍යාපනයක් ඊලඟ පරම්පරා වලදිවත් මේ දේවල් සමනය කරගන්න හේතුවක් වේය කියලයි මම හිතන්නෙ .

    නම - බ්ලොග් ලියන "බුවා " නමට වඩා නමක් කියන්න කැමති නැහැ( ඒ කියන්නෙ නම හෙලි කිරීමට අකමැති ) , උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් වයස 22

    ReplyDelete
  31. ආයිබොවං තරහ අවසර..........
    දැන ගන්න ආසයි අපිත් ඔබ සිතුව දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් හරි ලින්ක් එකක් හරි දැම්මොත්?

    ReplyDelete
  32. මේ ඉරිදා Sunday Observer Magazine එක බලන්න. මෙයින් ලියු ලිපිය එහි තියෙනවා. :)

    අදහස් දැක්වූ ඔබ සැමට තුති!

    ReplyDelete
  33. http://www.sundayobserver.lk/magazine/2011/03/20/?id=18&tday=/magazine/2011/03/20

    ReplyDelete
  34. ඇත්තටම හොඳ ලිපියක් බොහොම ස්තුතියි අපේ අදහසුත් ඇතුල් කලාට.........

    ReplyDelete
  35. ඇත්තටම.... හොඳ ලිපියක්

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?