Saturday 2 April 2011

මල්ලිගේ උපන්දිනේ

කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා. බස් පදින අය නම් දන්නවා මේ දවස්වල මට වැඩ තරම.  ඒ වැඩ අස්සේ අපේ මල්ලි ඊයේ එයාගේ 23 වෙනි උපන් දිනේ සැමරුවා. ඉපදුනේ අප්‍රේල් 1 වෙනිදා උනාට එයාගේ මතකයටයි මොලේටයි ගහන්න කෙනෙක් අපේ පවුලේ නම් නෑ. හරි උවමනාවෙන් ඉගෙන ගත්තා නම් අද එයා අපි හැමෝටම වඩා ඉහල තැනක ඉන්නවා. මගේ බ්ලොග් එක කියවන අය දන්නවනේ මල්ලිගේ කතා. දඹලාගේ නෑයාපොඩි එකාගේ රචනාව, outstanding team එක.

ඒ කොහොම උනත් අපි හැමෝගෙම පණ එයා. අම්මයි තාත්තයි, මමයි එයාව බලාගන්නේ මැණිකක් බලාගන්නවා වගේ. 23 වෙනි උපන්දිනේ සැමරුවට අපිට තාම එයා පොඩි ළමයෙක් වගේ. කලින් දවසේ කේක් එකක්, ඉටිපන්දම් එක්ක ගෙනත් දුන්නම හිනාවෙච්ච ලස්සන මට තාම මතකයි. දැන් අවුරුදු කීපයක ඉඳං එයා ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා අපි එයාව හැම තිස්සෙම සතුටින් තියන්නමයි බලන්නේ.

අද නම් ගොඩාක් ලියන්න වෙලා නෑ වගේ. ඒත් මගේ මල්ලිට නිරෝගී උපන්දිනයක් ඊළඟ අවුරුද්දෙවත් සමරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. 

21 comments:

  1. දවසක් පහු උනත් ඔන්න මාත් HAPPY BIRTHDAY කිව්වා.!!!

    ReplyDelete
  2. දවසක් පහුවෙලා හරි මගෙන් මල්ලීට සුභ පැතුම්

    ReplyDelete
  3. දවසක් පිටිපස්සෙ තමයි . . . . ඒත් අරක්කුවල උනත් කොලිටිය වැඩිවෙන්නෙ පරණ වෙද්දිනෙ . . . . ජනනිගෙ මලයට මගෙං දවසක් පරණ උපන්දින සුභ පැතුම් . . .

    ReplyDelete
  4. අක්කගේ මල්ලී අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  5. Happy Birthday Ayya!

    ReplyDelete
  6. චුට්ටක් පරක්කු උනාට මොකෝ ඔන්න මාත් මල්ලිට සුබ පතුවා.

    මල්ලිට සුබම සුබ උපන්දිනයක් !!!!! ඒ වගේම මල්ලිගේ අනාගතය වාසනාවන්ත අනාගතයක් වේවා කියලා පතමි !!!!

    ReplyDelete
  7. ඔයාගෙ මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා.

    ReplyDelete
  8. මගෙනුත් ඔන්න උපන්දින සුභ පැතුම්

    ReplyDelete
  9. ඔන්න මල්ලිට කියන්න මමත් පහු වෙලා හරි සුබ පැතුවා කියලා..... මල්ලිට නිදුක් නිරෝගී සුව...............

    ReplyDelete
  10. මගේ තනියට තව එකෙක් ඉන්නවා නේ අද ඉපදිලා...හැපි මෙව්ව එකක් වේවා මටයි මල්ලිටයි

    ReplyDelete
  11. සුබ උපන්ඩිදිනයක් වෙවා!!!!!!

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් මල්ලී !

    ReplyDelete
  13. මෙන්න මගෙනුත් මල්ලිට සුභ පැතුම්!!!!

    ReplyDelete
  14. සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලියො!

    ReplyDelete
  15. පොඩි කොළුට සුභ උපන්දිනයක් වගේම නීරෝගී සම්පත් අත් වේවා..!

    ReplyDelete
  16. suba upandinayak mallata..!

    ReplyDelete
  17. මල්ලිට සුභ උපන්දිනයක්!

    ReplyDelete
  18. සුභ උපන්දිනයක් මල්ලියට.... නිරෝගී උපන්දිනයක් සමරන්නට ඊලග අවුරුද්දේ ලැබේවා !!!!!

    ReplyDelete
  19. "පමා වැඩියි නුඹ පමා වැඩියි" කියලනම් කියන්න එපා. ඇත්තටම පමානම් තමා. අවුලක් නෑ. සුභ පතන්න වෙලාවක් අවේලාවක් නෑනෙ. ඔන්න මල්ලිට මගෙනුත් උපන්දින සුභ පැතුම්. ඒ වගේම මල්ලිට ඉක්මනින් සුව වෙන්න කියලත් ප්‍රාර්තනා ක‍රනවා.

    ReplyDelete
  20. post එක දැක්කේ දැං.. මල්ලිට ඉක්මන් සුවය පතනවා.. (මල්ලි කිවුවට මට නම් අයියා)

    ReplyDelete
  21. මම හොදටම ප්‍රමාදයි.මල්ලියට සුභම සුභ උපන්දිනයක් වගෙම ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?