Sunday 10 April 2011

ඔබට පෙම් බැදී මම....

සඳ ඔබ මගේ...
මා දිවිය එලිය කල
පෙම්බරාණෙනි...
සෙනෙහස උතුරන...
ඔබ හද තුල මම
ලැගුම් ගත්තෙමි...

සත් සියක් සත් පියුම් පිපේවා...
මලින් පිරී ගත් ලොවක් සැදේවා
ඒ ලොව රජ කුමරිය මම වෙන්නෙමි
ඔබ අත ගත් මා රැජිනියකි.....

13 comments:

  1. හි හි.. ‍අපි‍ටත් කේක් කෑල්ල‍ක් කෑහැකි එහෙනං :D

    ReplyDelete
  2. අහා... නියමයි :D

    ReplyDelete
  3. මෙතන කවි කියන්න මට අවසරද ඇ... ඕං එහෙනන් කිව්වා හොදේ...

    සඳ මා නුඹේ නම්
    රැදෙන්නම් අහස නුඹ නම්
    පායන්න තරු පොකුරු වට කර
    හිඳිනු මැන දිලිසෙන්න මට අහස මත

    සත් සියක් මල් මතින් පා තබා
    රන් පියුම් නුඹ දෑතෙහිම රදවා
    බැන්ඳ දෑගිලි රන් හුයෙන් සගවා
    නුඹද කුමරිය මා පෙ‍මින් වෙලෙනා


    අයිතිකාරයගෙන් මට ගුටි කන්න නොලැබේවා.......:-D

    ReplyDelete
  4. නියමයි නියමයි. අනේ මන්දා දැන් පාටි කීයක්නම් තියේද යන්න. :D

    ReplyDelete
  5. කේක් එපා කේක් එපා අපිට ඕනි නියම පාටියක්....

    ReplyDelete
  6. පාලුව මකනා කවියක් සේ ඇසේවි නම්
    මා සවනේ ‍රැව්පිලි ‍රැදී තියේවි නම්
    ඔබ කිසිදා මා සිත නොතලා හිදීවි නම්
    මියෙන තුරා ආදරේ කියන්නම්

    ReplyDelete
  7. කේක් නැතුවට කමක් නැ
    ඔන්න අපෙනුත් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  8. වචන වලට හැගිම් එකතු වුණාම හරිම අපුරු ලස්සනක් තියන්නෙ.
    තව කෙනෙක් එක්ක දුවද්දි පරිස්සමෙන් පිටිපස්සෙන් එන අය ඔයාලාව වට්ටන්න තියන ඉඩ කඩ වැඩියි එදා දැක්කනෙ :D

    ReplyDelete
  9. සුභ පැතුම්....

    ReplyDelete
  10. ප්‍රේමයේ ඔටුනු පැලැන් යුවතියක සැමවිටම රාජිණියක්.. ප්‍රේමයට සහ නුඔටත් නුඹේ අයිකරුත් සදා සැරදේවා

    ReplyDelete
  11. ලාංකාවේ නව වාස්තු වේදය සහ ගොඩනැගිලි පිලිබඳ බ්ලොග් සටහනක්
    http://sevenby3.blogspot.com/

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?