Wednesday 13 April 2011

අවුරුද්ද...

පරණ අවුරුද්දක් ගෙවිලා ගිහින් අළුත් අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න..ඒ අස්සේ මමත් සමරනවා මගේ 26 වෙනි උපන්දිනේ. උපන් දිනේ උනාට වෙනාද තරම් සන්තෝසයක් නෑ හිතේ. වයසට යන එක ඉතින් සතුටට පත වෙන කාරණයක් නෙවීනේ..ඒකට වඩා හිතේ දුක, අම්මල එක්ක සමරන අන්තිම අවුරුද්ද නිසා. කවුරුත් ඒක ගැන කතා නොකලට මම දන්නවා ඒක හැමෝම හිතේ කොනක තියාගෙන ඉන්නවා කියල.

අවුරුදු 26 ක තිස්සේ අම්මලත් එක්කම හැදිලා, දැන් ගෙදරින් යන දවස ලං වෙනකොට ඇති වෙන දුක නම් දරාගන්න අමාරුයි. කොච්චර රණ්ඩු කරත්, මුරණ්ඩු වැඩ කරත් ගෙදරට තියෙන බැදීම තේරෙන්නේ දැන් තමයි. මොනවා උනත් තව මාස 4 කින් මම අළුත් ගෙදරක් තනන්න ඉගිලෙන්න එපැය.

අදට මේ ටික ඇති...

හැමදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

18 comments:

  1. අපේ චූටි චීටර් නංගියාට සුභම සුභ උපන් දිනයක් වේවා..!

    දැන් ඔහොම කුරු කුරු ගෑවට අපි බලමුකෝ ඊ ළග අවුරුද්දෙදී මොකද කියන්නේ කියලා...ඒ හින්දා හොඳ නගා වගේ මේ කොමෙන්ටුව පරිස්සං කොරලා තියන්ට ඕන හොඳද..?

    26...ඇහ්..?

    ReplyDelete
  2. එසේම වේවා අක්කේ ........... අනාගතය සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එත් එක්කම සුභ උපන් දිනයක් වේවා..........

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා සුභ උපන්දිනයක් වේවා..
    කොල්ලෙක් මාස 4කින් අමාරුවේ වැටිම්ම ගැන කණගාටුවෙමි(විහිළුවට)

    ReplyDelete
  4. අද දින සිය ජීවන මගේ විසි හයවෙනි සැත්පුම් කනුව පසුකරන ජනනි නගාට . . . . මේ සුභම සුභ උපන්දිනයකට හා සියලු යස ඉසුරින් පිරි සුභ අනාගතයකට මල් මල් ප්‍රාර්තනා ගෙන එන්නේ . . . . ඕනමැන්ටල් අයියා

    ReplyDelete
  5. සුබ උපන්දිනයක් වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා.
    දිවිමගේ සියලු පැතුම් ඉටුවේවා !

    ReplyDelete
  6. අද - සුභ උපන්දිනයක් වේවා..!
    සුභ පරණ අවුරුද්දක් වේවා..!

    හෙට - සුභ අළුත් අවුරුද්දක්​ වේවා..!

    ReplyDelete
  7. සුබ උපන් හා අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ.. :D

    ReplyDelete
  8. ඔන්න මගෙනුත් සුභ පැතුමක්...

    සුභම සුභ උපන්දියක් වේවා!!!!! සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරකුත් සුභ උපන් දිනයකුත් වේවා!!!!!!!!!!!

    ReplyDelete
  9. අකට සුබ උපන්දිනයක් වේවා ...ඒ වගේම සුබ අළුත් අවුරුද්දක් වේවා !

    අර අමාරුවේ වැටෙන්න යන අහිංසකයාට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි .!

    ReplyDelete
  10. අක්කට සුභම සුභ උපන්දියනයක්, සුභම සුභ අළුත් අවුරුද්දක්, සුභම සුභ අනාගතයක් වේවා! :)

    ReplyDelete
  11. සුභ උපන්දිනයක් වේවා ..ඒ වගේම ලබන්නා වු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරේවා කියල ත් ප්‍රාර්තනා කරනවා.. :D :D

    ReplyDelete
  12. සුභ උපන්දිනයකට හා සුභ අනාගතයකට මගෙනුත් ආසිරි.!!!

    ReplyDelete
  13. සුභ උපන්දිනයක්!,සුභ අලුත් අවුරුද්දක්!, සුභ අනාගතයක්!

    ReplyDelete
  14. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  15. පරක්කු වෙලා උනත් "සුභ උපන්දිනයක් වේවා" කියලා පතනවා...

    මගේ උපන්දිනේ දවසෙමනේ.. හරියටම මට වඩා අවුරුදු 2ක් බාලයි...

    ජය වේවා නOගියෝ.....

    ReplyDelete
  16. මාත් ඔන්න පරක්කු වෙලා හරි සුබම සුබ උපන් දිනයක් වගේම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..............

    ReplyDelete
  17. දැන් ඉතින් සුභ උපන් දිනයක් කියන්න බෑනෙ සුභ අනාගතයක්! කියන්නම් ...

    ReplyDelete
  18. සුභ අනාගතයකට මගෙනුත් ආසිරි

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?