Monday, May 16, 2011

1

Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.

  • Monday, May 16, 2011
  • Damith Marathunga
  • Share
  • ඔන්න ඉතින් අයෙත් ලිපියක් ලියන්න හිතුන නිවාඩුවක් ලැබුන නිසා. මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.

    මුලින්ම start ක්ලික් කරල run යන්න.
    දැන් type කරන්න cmd කියල.
    open වුනා නේද Command Prompt එක. හරි දැන් type කරන්න diskpart කරන්න. ඊලගට enter කරන්න.
    හරි දැන් diskpart විවෘත වෙන්න ඇති බලන්න Command Prompt එකේ DISKPART> කියල තියනවද කියල.
    ඊලගට Hard Drive Partition ටික list කරල බලන්න list volume කියල type කරල enter කරන්න.






    දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. අපි හිතමු F කියල. ඒ Partition එක තෝරා ගන්න. ඒ සදහා select volume 5 කියල type කරල enter කරන්න. මෙහි volume 5 යනු අපි තෝරා ගනු ලැබූ Partition එකේ අකුරට අදාල Partition එකේ අංකය වේ.

    දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ. remove letter f කියල type කරල enter කරන්න. ඇත්තටම මෙහි වෙන්නේ Partition එකට අදාල අකුරැ ඉවත් කලාම එය windows වල my computer තුල පෙන්වනේ නැති වීමයි.

    දැන් බලන්න my computer විවෘත කරල. වැඩේ හරි නේද...

    දැන් ඉතින් හැංගුව වගේම අයේ පෙන්වන්නත් ඕනෙනේ. ඒ සදහා පෙර ලෙසම F Partition එක තෝරන්න. ඉන් පසු assign letter F ලෙස type කරල enter කරන්න. එතකොට Partition එක තිබුන වගේම පෙන්වනවා.

    ඔන්න එහෙනම් මම ගියා. හිතට එන දෙයක් කුරැටු ගාලම යන්න.

    1 Responses to “Hard Drive Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.”

    උමා(දසුන්) said...
    January 6, 2013 at 10:46 PM

    මේකනම් මරු අයියේ..


    Post a Comment

    ඔබට සිතෙන දේ සටහන් තබන්න...

    Receive Free Updates

    Subscribe