ලෝකෝත්තරත්වය සහ ලෞකිකත්වය අතර තෝරා ගැනීම ගැන බව රූපය: Francesca Woodman, ‘Untitled, New York’, 1979-80 රැඩිකල් නිරාගමිකයෙක් වීමේ දී කෙනෙක්ට ගැනීමට බලකෙරෙන සංකීර්ණ දාර්ශනික තෝරා ගැනීමක් තිබේ. නිරාගමිකයෙක් වෙනවා යනු අවසානයේ දී ලෝකෝත්තරත්වය (transcendence) ප්‍රතික්ෂේප කිරීමයි. ලෝකෝත්තරත්වය යනුවෙන් අදහස් කරන්නේ අපගේ වර්තමාන ලෝකයේ සිට, මෙම ලෝකයේ දැනුම ලබා ගැනීමේ කොන්දේසි වල සිට වටහා ගත නොහැකි අනේකත්වයකි. එම නිසා එය අපට පූර්ණ අනේක්ත්වයක් (wholly Other) ලෙස නම් කළ ...
විඥානවාදයට එරෙහි දැනුමේ කරුණුමයභාවය බව Image: Pradeep Chandrasiri, “The Lamenting boy III”, mixed media on paper, 21 * 29 cm, (2007) විඥානවාදය යන ඓතිහාසික දාර්ශනික ව්‍යාපාරයට එරෙහිව සමකාලීන දර්ශනය විසින් ගෙන ආ කේන්ද්‍රීය විවේචනය ‘කරුණුමයභාවය’ (‘facticity’) යන තනි වචනය යටතේ තේරුම් කළ හැක. මෙහි සරල අර්ථය වන්නේ අපේ දැනුම යනු ද අපට නිරීක්ෂණය කළ හැකි තවත් එක් කරුණක් පමණක් වන බවයි. එම නිසා අපේ ...
ප්‍රදීප් චන්ද්‍රසිරි ගේ රහස් කියන කඳු – ශිරන්ත චාමර සමග බව විශාල කැන්වස් වසා, විවිධ ඓතිහාසික රූප විනිවිදිමින් දශක ගණනක් පුරා පුනරාවර්තනය වන ප්‍රදීප් චන්ද්‍රසිරි ගේ රේඛාවන් ගැන සිතන විට මට පළමුවෙන් සිහිපත් වන්නේ විඥානවාදයේ ශ්‍රේෂ්ඨ උපන්‍යාසයයි. සංක්ෂිප්ත වශයෙන් එමගින් පෙන්වා දෙන්නේ සිතුවිලි වලින් බාහිරත්වයක් සිතීම විසංවාදයක් වන හෙයින් සියලු දේ මහා සිතීමක් ලෙස ගත යුතු බවයි. එසේත් නැතිනම් ලෝකය යනු ‘මගේ ලෝකයයි’ කියා විඥානවාදියා යෝජනා කරයි. ප්‍රදීප් ගේ රේඛාවන් ...
ගුණදාස අමරසේකරගේ “මහගෙදර” ගැන සටහනක් බව ගුණදාස අමරසේකර ගේ “මහගෙදර” නවකතාවේ කතා සාරාංශය මෙසේය. දාස යනු ෆුල්බ්රයිට් ශිෂ්‍යත්වයකින් සමාජ විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් කරන්න ඇමරිකාවට යන විවාහක වැඩිමහළු ශිෂ්‍යයෙකි. නවකතාව පෙන්වා දෙන ආකාරයට එම ශිෂ්‍යත්වය ඔහුට ලැබෙන්නේ ඔහුගේ මොළය සෝදා ඔහු මගින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්රණයක කොටසක් ලෙසයි. එමගින් අපට බටහිර ඇකඩමියාවේ අරමුණ ද පැහැදිළි වෙයි. එහි ඉලක්කය වන්නේ මෙලෙස අපේ රටෙන් මිනිසුන් ගෙන්වා ...
දුයිෂෙන්ගේ අප්රකාශිත ලිපියක් බව Image: Detail from the famous cover illustration of the Soviet novel “The First Teacher” by Chingiz Aitmatov අල්තීනායි ඊයේ මතු කළ එක් ප්‍රශ්නයක් තමයි විශ්වීයත්වය ගැන මෙයසූ ගේ අදහස අපිට ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ ඇයි කියන. අල්තීනායි ට අනුව අපිට ඊට වඩා මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලට වැදගත් වෙන්නේ UN එක වගේ ආයතනයක් බලාත්මක කරලා මානව හිමිකම් වගේ අදහස් මත ...
ජවිපෙ සහ රනිල් අතර තෝරා ගැනීම සම්බන්ධයෙන් බව ප්රශ්නය: ජවිපෙ සහ රනිල් අතර තෝරා ගැනීම දාර්ශනික තීරණයක් ද දේශපාලන තීරණයක් ද? උත්තරය: දේශපාලන තීරණයක්. මේ වගේ දේවල් දර්ශනයට තීරණය කරන්න පදනමක් නැහැ. ප්රශ්නය: ඇයි ඒ? උත්තරය: දර්ශනය සොයාගෙන යන්නේ අනිවාර්යයතාවයන්. උදාහරණයක් විදියට අපිට අනුව පැවැත්ම කියන්නේ නිර්හේතුව (Irreason) කියල මෙයසූ නම් කරන අදහස. මේක සත්භාවවේදී තිසීසයක්. මේක පදනම් වෙන්නේ පැවැත්ම (හෝ එවැන්නක් නොමැති වීම හෝ) සම්බන්ධයෙන් තියෙන ...
දර්ශනය අවශ්‍ය වන්නේ ප්රශ්නය තමන්ගේ නොවන තුරු පමණ ද? බව Image: Odilon Redon, “Christ with Red Thorns”; crayon and gouache on paper (c.1895 -1900) “ප්රශ්නය තමන්ගේ වනතුරු පිළිතුරු දාර්ශනිකයි” යන ප්‍රකාශය තරම් සමකාලීන ලෝකයේ දර්ශනය පිළිබඳව අනවබෝධය ප්‍රකාශ වන තවත් අදහසක් නැති විය හැක. නමුත් මෙය අප කිසිසේත් ඕපපාතිකව බිහි වූ ‘අහිංසක වැරදි වැටහීමක්’ ලෙස පමණක් ගැනීමේ වරද ද නොකළ යුතුය. ඒ වෙනුවට මේ තිබෙන්නේ, අවම වශයෙන්, දාහත් වන ...
වේදිකාව පිළිබඳ පළමු තිසීසය බව රූපය: “Hanamitikarayo”, 2023 මෙරට 90 ප්‍රවණතාව යනු දෘශ්‍ය කලාව, නාට්‍ය කලාව හා සංගීතයේ සුවිශේෂ සංධිස්ථානයකි. එහෙත් පසුගිය දශක දෙක – එම ප්‍රවණතාව තුළින් – නිරීකෂණය කරන විට එහි වර්ධනයක් දැක ගැනීම හෝ නව ප්‍රවණතාවක පැන නැගීමක් අපට හමුවන්නේ නැත. මෙහිදී මා බෙහෙවින් උනන්දු වන රංග කලාව තුළ මෙම ගැටලුව තව තවත් සංකීර්ණ ලෙස පෙනෙන්නට තිබෙයි. මේ සඳහා ඉතාම සුළු ...
ශන්තාල් මූෆ්ගේ විසඳුමට අප එකඟ නොවන්නේ ඇයි? බව Image: Marble bust of Napoleon Bonaparte by Antonio Canova, c.1808 -1814 මේ සටහන ලියන්නේ දේශපාලනය පිළිබඳව සිතීම සඳහා ශන්තාල් මූෆ් විසින් යෝජනා කරන පශ්චාත්-මාක්ස්වාදය පිළිබඳව ප්රවාදයට අප එකඟ නොවන්නේ ඇයිද කියා ලියා තැබීමටයි. නමුත් මෙය කියවීම සඳහා ශන්තාල් මූෆ් පිළිබඳව විශේෂඥ දැනුමක් අපේක්ෂා කරන්නේ නැත (මූෆ් ගේ න්‍යායික ස්ථාවර ගැන හොඳ සාරාංශයක් ලෙස රමිඳු පෙරේරා විසින් සිංහලට නගන ලද ...
ජැක්සන් ඇන්තනි නම් ප්රපංචය තේරුම් ගැනීම බව ඔහු විසිවෙනි සියවසේ මැද ආරම්භ වූ එක්තරා ඓතිහාසික වේදිකා නාට්‍ය ව්‍යාපාරයක අවසාන පුරුකක් ලෙස ගත හැකි පරම්පරාවේ බලපෑම්සහගත සාමාජිකයෙක් විය. මෙම වේදිකා නාට්‍ය ව්‍යාපාරයේ දිගුවක් ලෙස 80 දශකයේ සිට 90 දශකය පුරා සිදුවූ ‘ටෙලි නාට්‍ය’ නම් වූ කෙටිකාලීන ඓතිහාසික අත්හදාබැලීම තුළ ඔහු ගේ භූමිකාව වඩාත් කේන්ද්‍රීය විය. අව්‍යාජ මහජන ව්‍යාපාර ලෙස සැලකිය හැකි මේ කලාත්මක අනුක්‍රමණ තුළ ඔහු ගේ ...
පාලන තන්ත්රයක මතවාදී බලය සකස් වන ආකාරයන් බව සටහන: මේ තිබෙන්නේ නිව්ටන් ගුණසිංහ ගේ “අන්තෝනිඕ ග්රාම්ස්චි කෙටි හැඳින්වීමක්” නම් කුඩා ග්‍රන්ථයේ අදස් ඇසුරින් ලියවෙන සාරාංශයකි. ‘බුද්ධිමතුන්’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සහ එම වචනයෙන් නම් කරන අයට හිමි දේශපාලන භූමිකාවක් තිබෙන්නේ ද යන්න සඳහා ලංකාවේ ඓතිහාසිකව වැදගත් ලියවිල්ලක් ලෙස නිව්ටන් ගේ මෙම කෘතිය සැලකිය හැකිය. ‘බටහිර ඉවුරේ දර්ශනය’ විසින් කරන්න උත්සාහ කරන දේ තේරුම් ගැනීම සඳහා මෙම ඉතිහාසය ...
දර්ශනය සහ දේශපාලනය බව ප්‍රොටගෝරස් : ඇත්තටම දේශපාලනය කරන්න දර්ශනය අත්‍යවශ්‍ය ද? සොක්රටීස් : කිසිසේත් අත්‍යවශ්‍ය නැහැ. ප්‍රොටගෝරස් : දේශපාලනය කරන්න දැනුම අත්‍යවශ්‍ය ද? සොක්රටීස් : අනිවාර්යයෙන්. අපේ රටේ ණය ගෙවන්නේ කොහොමද? මේකට අපට තිබෙන ආදායම් මාර්ග මොනවද? අපිට තියෙන වියදම් අඩු කරගන්නේ කොහොමද? සිංහල දෙමළ ලෙස දෙකඩ වී ඇති වාර්ගික අනන්‍යතාවයන් ගැන සංවේදී වෙමින් ප්‍රජාවන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කොහොමද? හොරකම් කරන්නේ ...
“විමුක්තිගේ පැතලි යථාර්ථය” පොත ගැන කෙටි සටහනක් බව මේ තිබෙන්නේ දීප්ති කුමාර ගුණරත්න විසින් රචනා කරන ලද උක්ත කෘතිය පිළිබඳව විචාරයක් නොවේ. ඒ වෙනුවට මේ තිබෙන්නේ පොත කියවනු ලැබුවා කියා පිළිගැනීමක් සටහන් කිරීම සහ එය අන් අයට කියවන්න කියා සිදු කරන ආරාධනයකි. මේ පොතේ මා සම්බන්ධ මූලික විවේචන දෙකක් අඩංගු වනවා කියා සිතමි. එකක් වන්නේ X කණ්ඩායම බිඳ වැටීමෙන් පසුව ඇති වූ ගැටුමට බාහිර පුද්ගලයෙක් ලෙස මා ...
සියදිවි නසා ගැනීම බව කැමූ නිවැරදි ලෙස පෙන්වා දෙන කරුණක් මෙසේය: වැදගත්ම දාර්ශනික ප්රශ්නය වන්නේ අප සියදිවි නසා නොගන්නේ ඇයිද යන්නයි. සියදිවි නසා ගැනීම යනු සංකීර්ණ තීරණයකි. එයට ප්‍රධාන බාධාව වන්නේ භව තණ්හාවයි. මේ ජීවිතය අත්හැරීමට අප එතරම් කැමති වන්නේ නැත. එක්තරා අර්ථයකින් එය අප සතු වටිනාම දෙය කියා අපි දනිමු. එය අපේ ‘අප’ යන්නමයි. සියදිවි නසා ගැනීමට අප අකමැති නිසා අපට ජීවත් ...
සම්ප්‍රදායික නිරාගමිකවාදයට ප්‍රශ්නයක් බව [රූපය: Andy Warhol, “Jean-Michel Basquiat”; acrylic and silkscreen ink on canvas (1984)] මේ සියල්ල යටින් තිබෙනා දෙවි කෙනෙකුගේ පාලනයකින් සිදුවනවා යන්න අපට මේ ලෝකය පිළිබඳව ඒත්තු යන විග්‍රහයක් ලෙස කිසිසේත් පැහැදිළි වන්නේ නැත. මේ සටහන ලියවෙන්නේ මෙය දැනටමත් පිළිගන්නා (අප වැනි ‘දේශද්‍රෝහී’) අය වෙනුවෙනි. අපට සිතෙන්නේ මේ සියල්ල ස්වභාවිකව සිදුවනවා කියා ය. මින් අදහස් වන්නේ ලෝකය ස්වභාවිකව ඇති වී ...
විද්‍යාව සහ දර්ශනය අතර වෙනස ගැන බව අප මූලික වශයෙන් විරුද්ධ වන ස්ථාවර දෙකක් වන්නේ මෙයයි: 1. පළමුවැන්න අපට ‘යථානුභූතවාදය’ (‘positivism’) ලෙස නම් කළ හැකිය. එමගින් පෙනී සිටින්නේ දෙන ලද මොහොතක තිබෙනා විද්‍යා ප්‍රවාදයක් පරම සත්‍යය ලෙස සැලකීම වෙනුවෙනි. මෙය අතිශය දුර්වල ආස්ථානයක් බව විද්‍යාවේ ඉතිහාසය විසින්ම අපට කියා දෙයි. දැන් නිවැරදි වනවා කියා ගන්නා විද්‍යා ප්‍රවාදයක් අනාගතයේ දී වෙනස් වීමේ ඉඩ සෑම විටම විවෘත වෙයි. ...
ඇකඩමික් තෙස්පියන්ස් නාට්‍ය උළෙල – 2023 බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන්ස් නාට්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර හතරකට පසුවයි. පසුගිය වසර කිහිපය තුළ පැවති කොවිඩ් – 19 වසංගත තත්ත්වයත්, රටේ පැවති ආර්ථික දේශපාලන අස්ථාවරත්වයත් මූලිකව ඊට හේතු විය. ඉහත ගැටලු යම් මට්ටමකින් තවමත් ක්‍රියාත්මක වුවද මෙහිදී උත්සාහ කෙරෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මෙතෙක් පවත්වන දීර්ඝත ම නාට්‍ය උළෙල සංවිධානය කිරීමටයි. මෙම මස 22 වන දා සිට 28 ...
බෞද්ධයෙකු වීමේ ප්‍රායෝගික ආකෘති දෙක බව ආචාරධාර්මික සිතීමක් ලෙස ගත්විට බුදු දහමේ එන ‘මෛත්‍රිය’ සහ ‘කරුණාව’ වැනි අදහස් වල භූමිකාව කේන්ද්‍රීය වනවා කියා පෙනී ගිය ද එහි ආයතනගත ව්‍යවහාරය තිබෙන්නේ එයට මුළුමනින් එරෙහිව යන ආකාරයටයි. බොහෝ දෙනෙක් අතින් දශක ගණනක් පුරා ලකුණු වී ඇති මෙම ප්‍රකට පරස්පරයට අපට ලැකේනියානු-ජිජැකියානු මානයක් ද එකතු කළ හැක. බුදු දහමේ එන ‘මෛත්‍රිය’, ‘කරුණාව’ වැනි අදහස් සහ ආයතනගත බුදුදහම අතර ...
අප සිතනා ආකාරයට සිතා බැලිය යුතු න්‍යායික ගැටලුවක් බව අපට තිබෙනා ප්රශ්නය වන්නේ සමාජවාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා නිශ්චිතව අද පැහැදිළි නොවීමයි. ආණ්ඩු බලය ලබාගෙන වඩාත් සාධාරණ ලෙස සමාජ ධනය බෙදී යන ආර්ථික ක්‍රමයක් ඇති කළ යුතු බව පැහැදිළි වෙයි. ගැටලුව වන්නේ, එවැන්නක් කළ හැකිය කියා ගත්ත ද ඒ මගින් ගෝලීය ධනේශ්වරය වෙනස් වනවා කියා පූර්වකල්පනය කිරීමට අපහසු වීමයි. මෙහි පදනමේ තිබෙන්නේ පැරණි මාක්ස්වාදයේ සිදු කළ ලෙස ...
‘සොක්කන් ලොක්කන් වූ වගයි’ – දෙවන කොටස: පූර්ව – වැවිලි කර්මාන්ත ආර්ථිකය තුළ වෙළඳාම සහ ධන සමුච්චය බව මේ ලිපියෙහි දැක්වෙන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියේ දෙවන කොටස යි. සංක්ෂිප්ත වශයෙන්, එම කෘතියේ දැක්වෙන්නේ යටත්විජිත සමය තුළ වර්ධනය වූ නව දේශීය ධනේශ්වර පන්තියේ කතාවයි. කෘතියේ මූලික තිසීසය සාරාංශ කිරීම අපහසු නැත: අද ‘ලොක්කන්’ වී සිටිනා බොහෝ දෙනෙක් පරම්පරා කීපයකට පෙර ‘සොක්කන්ය’. අද ‘ප්‍රභූන්’ බවට පත්ව තිබෙනා බොහෝ දෙනා පරම්පරා කීපයකට ‘නෝබොඩීස්ලා’ වේ. ...