චින්තන හටන තනි තරුව (Thani Tharuwa) පක්ෂ දෙකකින් පෙනී හිටියත් රනිල්ටයි චන්ද්‍රිකාටයි පොදු සාධකයක් තියෙනවා. ඒ ඔවුන් නියෝජනය කරන පැළැන්තිය බිම් මට්ටමට එතරම් සංවේදී නොවීම. චන්ද්‍රිකා තමන්ගේ පැළැන්තිය නඩත්තු කරන්න බිම් මට්ටම යොදාගත්තට රනිල් ඇත්තටම තමන්ගේ පැළැන්තියටවත් සංවේදී නැති අමුතු මිනිහෙක්. හැබැයි මේ දෙන්නම ඊනියා සංවේදීත්වයක් දක්වනවා "අගතියට පත්" කියන බොරු ලේබලය ගහගෙන ඉන්න බෙදුම්වාදී කඳවුරුවලට. සමහර වෙලාවට මිනිස්සුන්ට ප්‍රශ්න නැතිවුණාමත් ප්‍රශ්න හොයාගෙන හරි ඒ වෙනුවෙන් ...
Mini මිනී කතා තනි තරුව (Thani Tharuwa) මාත් හිතන් හිටියේ මැරුණම මිනිය වෙෙද්‍ය විද්‍යාලෙට භාරදෙන හැටියට ලියලා තියන්න.හැමෝම සද්භාවයෙන් ද එහෙම කරන්නේ කියලා මං දන්නෙ නෑ. හැබැයි එක හේතුවක් සද්භාවය වෙන්න පුළුවන්. අනික අවමංගල්‍ය පුහු ආටෝපයට ඇති අකමැත්ත සහ මුදල් නහස්තිය වෙන්නත් පුලුවන්. එහෙම මොක හින්දා හරි මිනිස්සු භාරදෙන මිනී අතිරික්තයක් තියෙනවා නම් ඒ බව නිසි කළමනාකරණයක් නොකර, දැනුවත් කිරීමක් නොකර ඉස්සරහ දොරෙන් භාරගෙන පස්සා දොරෙන් ගෙනිහින් ...
හනුමා වන්නම තනි තරුව (Thani Tharuwa) රාමායණයේ කියැවෙන ආකාරයට හනුමා අත්අඩංගුවට ගෙන වල්ගයේ පාංකඩ ඔතා වානර පන්දමක් කළවිට උන්දෑ ශ්‍රී ලංකාද්වීපයම විනාශ කරවමින් ගි.නි. තබමින් යකා නටා වල්ගය මුහුදේ ඔබා නිවාගෙන ඉන්දියාවට පැනගන්නවාය.වානර පන්දම කාගේ නුවණැති යෝජනාවක්දැයි නොදන්නා නමුත් වසර දහස් ගණනකට පසු තවමත් ලාංකිකයා වානර පන්දම් හදමින්, වානර පන්දම්වලට අනුබල දෙමින් සිටියි!අලුත්ම වානර පන්දම නටාෂාය. කාගෙ හෝ න්‍යාය පත්‍රයක කොටස්කරුවන් වීමෙන් නොනැවතී තමන්ගේ මුග්ධභාවයේ වල්ගයෙන් ...
පට්ට පොරවල් තනි තරුව (Thani Tharuwa) ලංකාවේ විවිධාකාර "වෙන්ට-පොෂ්" රැලි ඇතිවීම අතිශය සාමාන්‍යකරණීය වෙලාය! ඒත් ඒ අතර නොනවතින රැලිද ඇත. ඉන් එකකි, නිරාගමික රැල්ල! නමට එහෙම වෙතත්, මේ නිරාගමික නිකාය ඇත්තෙන්ම නිරාගමික නොවන නිසා මේ නමට සාධාරණයක් ඉෂ්ට නොවේ.ලංකාවේ බුජ්ජිමත් බහුතරයගේ බහුත මානසිකත්වය අනුව නිරාගමික වී හෝ නොවී බෞද්ධයා/බුද්ධ ධර්මය/බොදු පිළිවෙත විවේචනය කිරීම "පට්ට පොරක්" වීමට ඉහළම සුදුසුකමක්ය! පන්සිල් පද පහේ අනුපිළිවෙලවත් නොදන්නා ඇතැම් බෞද්ධ යැයි ...
ඇඳුම් මැනුම් තනි තරුව (Thani Tharuwa) පහුගිය දවස් ටිකේ ඇඳුම් සමාජ ජාලාව කළඹලා කියලා පේනවා. ලොකු විශ්ලේෂණ කරන්න තරම් කාලයක් ගත නොකර මගේ අදහස ලියනවා.කෙනෙක් වැදගත් අවස්ථාවකට තව කෙනෙකුට ආරාධනාවක් කරන්නේ ඒ පුද්ගලයා ඒ අවස්ථාවට වැදගත් කියන අදහසින් බව මං විශ්වාස කරනවා. ඒ වැදගත්කම එක එක හේතුවලට එන්න පුළුවන් බව හරි. හැබැයි, ඒ ආරාධනාව පිළිගනිද්දි තමන්ට දුන්න වටිනාකම සහ විශේෂත්වය, අවස්ථාවේ වැදගත්කම සහ වටිනාකම, (තමන්ට නැතත් ...
මාරක අපල තනි තරුව (Thani Tharuwa) කාන්තා පාර්ශවයට මාරක අපල කාලයක්. එක දිගට විකල් කතන්දරම අහන්න ලැබෙද්දි ලියන්න හිතෙන දේවල් වේගයෙන් යාවත්කාලීන වෙනවා. ඒ වේගයට මගේ කාලය සමපාත කරගන්න අපහසු හින්දා ටිකක් නිහඬයි. අද මිත්‍රයන් කීපදෙනෙක් නිහඬකම ප්‍රශ්න කළ නිසා පොඩි ලියැවිල්ලක් හරි ලියලා තියන්න හිතුණා. (ඒ දුන්න තල්ලු-ස්ටාට් එකට ස්තූතියි
තොරණ් කතා තනි තරුව (Thani Tharuwa) අපි නරක්වෙලාද නැත්නම් වෙසක් තොරණ් නරක්වෙලාද කියලා මං දන්නෑ. හැබැයි සමහර තොරණ් කතා අහන් හිටියම...
දිවිනසාගැනීමේ විමුක්තිය තනි තරුව (Thani Tharuwa) දිවිනසා ගැනීම විමුක්තියක්ද? එක්තරා විදිහකට ඔව්! ධර්මයට අනුකූලව නම් දිවිනසා ගැනීම පාපයක්. එතැනින් එහා අපාගතවීමක් වෙනව කියලා කිව්වට ඒක ඔප්පු කරන්න අමාරු කාරණයක්. අමරාදේවී කිව්වා වගේ ගියොත් කෙනෙක් යළිත් නොඑන තැනක ඉඳන් ඒ පර්යේෂණය කරන්න තරම් මිනිස් තාක්ෂණය තවම දියුණු නෑ. සමහරවිට හැමාකාරයකම ආගම් ධර්මයන්වල දිවිනසාගැනීම අධෛර්යමත් කරන්නේ ඉතා කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කියමින්. වටිනා හැමදේම සුන්දර නොවන බව ...
සර්වබලධාරී තනි තරුව (Thani Tharuwa) ලෝකය සර්වබලධාරීන්ගෙන් පිරී ඉතිරී ගොසින්ය!ඒ සර්වබලධාරීන්ට මිනිසුන්ගේද සත්වයන්ගේද ලෝකයේමද ඉරණම ගැන තීන්දු තීරණ ගැනීමේ මහ මෙහෙයුම් නිසාම තමා ගැන සිතන්නටවත් වෙලාවක් නැතිවන තරමට කාර්යබහුලය!මේ ලෝකයේ ජීවත්විය යුත්තේ කව්ද කොතරම් කාලයක්ද ඒ කෙසේද යන්නෙන් නොනැවතී ඔවුන් ජීවත් විය යුත්තේ කා සමගද කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද වැනි සුළු කාරණා පවා සර්වබලධාරීන්ගෙ විෂයපථයට අදාළය. ඒ අතර මානව සහ සත්ත්ව නිදහස, ප්රජාතන්ත්රවාදය, ...
පෞද්ගලීකරණයෙන් ඔබ්බට.. තනි තරුව (Thani Tharuwa) රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට මං එකඟ නැහැ!හැබැයි... රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නට සිද්ධවෙන තැනට පත් කළාට වග කියන්න ඕන දේශපාලනඥයො විතරක්ම නෙවෙයි. වෘත්තීය සමිති තමයි ඒකට වග කියන්න ඕන ලොකුම පිළිලය! ඇයි..? ඕනෑම වෙලාවක පවත්නා රජයට විරුද්ධ වෘත්තීය සමිති බලා ඉන්නේම වර්ජනයක් කරන්න, අංචියක් අදින්න. සල්ලිවලට ඕනෑම යටිකූට්ටු වැඩක් කරන්න. වෘත්තීය සමිති කියන්නේ අතිශය සද්භාවයෙන් යුතුව, "වැඩකරන ජනතාව" වෙනුවෙන් පටන්ගත් ක්‍රමවේදයක්. හැබැයි ...
සදාකාලික ඉලන්දාරියා තනි තරුව (Thani Tharuwa) කලං කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්! කලං ගැන කියන හැම වෙලාවකම, ඔහුව දකින හැම වෙලාවකම මං ඕක කියනවා කියලා මගේ සමීපතමයො දන්නවා. කොටින්ම කලං මගේ ක්‍රෂ් එකක්❤️කලංව මුලින්ම දැක්කේ කවද්ද මොන චිත්‍රපටයෙද කියලා මට මතක නෑ. හැබැයි සෑහෙන්න පොඩි කාලෙක වෙන්න ඕන. කලංගෙ චරිතයක්, නිර්මාණයක් ගැන ලොකු විචාර ලියන්න තරම් මම ඔහුගේ නිර්මාණ නරඹලා නෑ. හැබැයි..ඒ පළමු දැක්මේ ඉඳන් හිතේ කෙටිච්ච චරිතයක්! ...
ලොකු මාමා තනි තරුව (Thani Tharuwa) පුංචිම කාලේ මං ලොකු මාමාට බයයි. එතකොට ඇටිකිත්තෙක් සයිස් මට අඩි හයක් උස, කලු, මූණ පුරා නේවි කට් රැවුල වවාගත්ත ලොකු මාමා පෙනුණෙ යෝධයෙක් වගේ. සාමාන්‍යයෙන් අපි එක්ක වැඩි කතාබහක් නැතිවුණාට ලොකු මාමා සීයා එක්ක කරපු සංවාදවල කව්රු කාව පරද්දනවද කියලා හිතාගන්න බැරිවිදිහෙ සමානකම් තිබ්බා. සීයාගෙ උසයි බුද්ධිමත්කමයි ආත්තම්මගේ හිනාවයි උරුම වෙලා තිබ්බා කියල මට හිතුණට ආත්තම්මා බොහොම ආඩම්බරෙන් කිව්වෙ ...
නිදහසේ ලන්සුව තනි තරුව (Thani Tharuwa) මේ දවස්වල දවල් එළියට බැස්සම පුදුම සනීපයක් දැනෙනවා. කට්ට තාර පාරෙන් දුම් නොනගින එකයි පුදුම. නානාප්‍රකාර නානාහැඩයෙ වාහනවල, ගොඩනැඟිලිවල දිලිසෙන හැම පෘෂ්ඨයකම වැදිලා ඉරේ දරුණු රැවිලි ඇස්වලට පනිනවා. ඒකෙන් ඇහැරෙන්න දතකන මිග්රේන් දුෂ්ටයාට බයවෙන මං අව් කණ්ණාඩි අස්සෙනුත් තදින් ඇස්පියා ගන්නවා. හෙවණකට ඉන්න ගහක් නැති සාංකාවක පාටක්වත් නැතුව මිනිස්සු ගිනිගහන මහපාරවල්වල ඇවිදිනවා. කිලෝමීටර් ගාණකට පස්සෙ හම්බුවෙන එක ගහක් යට චූටි ...
කඩ්ඩ කොපුගත කිරීම තනි තරුව (Thani Tharuwa) ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමේ අවස්ථාවට පක්ෂ එක මන්ත්‍රීවරයයි!ලෝකය විශ්ව ගම්මානයක් වෙනවය, ඒකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම වැදගත් වෙනවය කියන කතන්දර සේරම අමතක කරන්න පෙරමුණ ගන්නේ අනෙක් එව්වයිදී 'දූපත් මානසිකත්වයෙන් මිදෙන්න අනී' කියලා නටන ඇත්තොම වෙච්චි එක දෛවයේ සරදමක්ද මන්දා!ඇත්තටම වෙන්න ඕනෙ සිංහල/දෙමළ දරුවන්ට ඉංග්‍රීසිය නිසියාකාරව, මුලපටන් ඉගැන්වීමට පියවර ගැනීම නෙවෙයිද? අවුරුදු 13ක්ම ඉස්කෝලවල සතියකට අවම කාල පරිච්ඡේද පහක් ...
ටුරී ජුලියානෝ (Turi Giuliano/ Salvatore Giuliano) තනි තරුව (Thani Tharuwa) ටුරී රෝමාන්තිකරණය කරන ලද මැරයෙක්! ඒත් ඒ මැරයා Mario Puzo ගෙ වචනවල දැවටෙමින් ඇවිත් මගේ හදවත නතර කළා. කව්ද ටුරී? ඇයි ටුරීට එහෙම වුණේ? එච්චර කඩවසම්, බුද්ධිමත් මිනිහෙක්ට එහෙම වුණේ එයත් පවත්නා ක්රමයේ ගොදුරක් වෙච්ච නිසා නෙවෙයි ද (නෑ මෙහෙ නෙවෙයි, සිසිලියේ).Mario Puzo ඒ කියන්නේ සුප්‍රකට Godfather රචකයා The Sicilian එළිදක්වලා තියෙන්නෙ 1984 නොවැම්බර් මාසෙදි. ටුරී හෙවත් සැල්වටෝර් ජුලියානෝව පාදක ...
වටවන්දනා සර්විස් තනි තරුව (Thani Tharuwa) මේක සෑහෙන්න පරණ කතාවක්.ඒ දවස්වල මං ගියා කාර්යාල ප්‍රවාහන සේවාවක. හිමිකරු/රියැදුරු සාන්ත. සාන්තගේ වෑන් එකේ හිටියේ කාන්තා පාර්ශවය විතරයි. වෙලාවටම ආවට ගියාට සාන්ත ගියේ මහ දුර පාරවල්වලින්. කොටින්ම එක වාහනයක් විතරක් යන්න පුළුවන් විදිහේ දහ අට වංගු, පටු පාරවල්වල යන්න තමයි සාන්ත ආසම. ඒ වෑන් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා ඔලුව කෙලින් තියාගෙන ඉස්සරහ බලං ගියොත් අනිවාර්යයෙන්ම කැරකැවිල්ල හැදෙනවා! (ආ ...
භූකම්පා තනි තරුව (Thani Tharuwa) එක්තරා කාලෙක මං එයාට කවි ලිව්වා. මං කවි ලිව්ව පළවෙනි මිනිහා එයා නෙවෙයි තමයි. හැබැයි කවි කියලා මං මාවම ලිව්වේ එයාට විතරයි!එච්චර තදබල ප්‍රේමයක් ඇතිවෙන්න තරම් මොකක්ද වුණේ කියලා මං අදටත් දන්නෙ නෑ. හැබැයි ඒ අධිසංඛ්‍යාත ප්‍රේමය මට මහ දරුණුවටම දැනුණා. ලෝකේ ලොකුම භූකම්පනයවත් සුනාමියවත් එක්ක සසඳලා ලඝු කරන්න බෑ වගේ ඒ ප්‍රේමයත් මට දැනුණේ. මං අනේක වාරයක් ඒකෙන් පැනලා ...
පෞද්ගලිකත්වයේ මරණය තනි තරුව (Thani Tharuwa) කව්රු කොහොම හිතන් හිටියත් අපි කව්රුවත් අමරණීය නෑ. කාලයත් එක්ක ඕක තේරුම් අරගෙන ඉන්න මටත් කොයිවෙලේක හරි මොකක් හරි විදිහකට 'බග්!' ගාලා මළොත් මෙච්චර කල් කරපු කියපු දේවල්වලට මොකක් වේවිද කියලා හිතුණා.එහෙම බග්! ගාලා ගිය දවසක ගල්ගැහිච්ච ඇඟිලි සලකුණු තියලා අන්ලොක් කරගන්න අමතක (වේවා!) වෙන්න පුළුවන් කතන්දර මා එක්කම වැලලිලා ගියොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වෙයිද? එක්කෝ ...
කාන්තා දින තනි තරුව (Thani Tharuwa) කාන්තා දිනය බාගයක් ගෙවිලා යනකල් හිතමින් ඉඳලා ලියන කතා..!සයිබර් අවකාශයේ නානාප්‍රකාර කාන්තා සැමරුම්, සුභාශිංසන, පින්තූර, උත්සව මහ ගොඩක් පහුකරගෙන යන අතර එක්තරා නිළියක්ව දැඩි අපහාසයට උපහාසයට ලක්වෙනවා යම් සමූහයක. කාන්තාව කියන රාමුවෙන් ගලවලා බැලුවොත් මගේ පෞද්ගලික කියවීම ඈ විශාදයෙන් පෙළෙනවාදෝ කියන එක. අවාසනාවකට සමහර අදහස් පළකිරීම් සාමාන්‍ය මිනිස් සංවේදීතා අබිබවා ගිහින්.කාන්තා දිනයට සෑහෙන්න කතන්දර ලියවෙද්දි අමතක කරන්න එපා ඉතිරි දවස් ...
නන්නත්තාර නන්නත්තාරේද? තනි තරුව (Thani Tharuwa) (2023 මාර්තු 6දා සිනමාවේදීන් සමූහයට) අවුරුදු පහළවකට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි කළ නිර්මාණයක් කොටස් 48කින් ඉවර වුණා. විවේචන ඕනෑතරම් ඇති නිසා මට දැනෙන හොඳ ටික ලියලා ඉන්නම්.ජයන්ත ලකුණ කොහොමත් අතාත්වික පැත්තට ටිකක් බර අධිතාත්වික එකක්. මිනිස්සු හිත් ඇතුළේ විතරක් කරන නාට්‍යමය, භාවමය සංවාදවලට ඔහුගේ නිර්මාණ ඇතුළේ පණ එනවා. ඒවා එහෙම භෞතික ලෝකේ දැක්කම අපිට හිතෙනවා මොන මඟුලක්ද මේ කියලා.නන්නත්තාරේ එක දිගට ...