වරද කොතැනද Jayamal Sagara Kularathna තල් අරඹේ මුර කුටියේ ගිනි අවියක් දෑත දරා සිටි මා නුඹෙ රුව දුටුවේ අහම්බයෙනි සරෝජිනී පිච්ච මලින් හිස සරසා කුංකුම නලලත තවරා ලැජ්ජාවෙන් හිස බරකර කෝවිල් ගිය සරෝජිනි කර්කෂ ගිනියම් පොලවේ සිසිලක් අහලක නැත්තේ නුඹ හෙලනා සුසුම් වලින් මුසුවී හමනා මද නල ගත වෙහෙසට දිව ඔසුවකි මට සිතුනා සරෝජිනි සිරුරෙන් ගලනා රුධිරය පැහැයෙන් සම සම වූවත් විසම ජාතියේ ඉපදුනෙ පෙර ...
යාපනයේ සිසිදරන්ට Jayamal Sagara Kularathna වෙස් නැටුමට ගල් ගැහුවට දේවාලේ කාවඩියට අපි නැටුවේ උඹල එක්ක මතක නැද්ද මල්ලියේ කාවඩියේ ඇති තාලය වෙස් නැටුමේ නැති නිසාද අත රැදි පොලු විසිකෙරුවේ ඔලු පලන්න මල්ලියේ සන්හිදියාවද මොකක්ද කියල කියන්නේ මෙයටද කිසිවක් වැටහෙන්නැති මට කියල දියන් මල්ලියේ නින්දෙන් ඇහැරුන වේලෙට සිහිනය නැති වී යනවා දන්නේ නැතිනම් දැන්වත් වටහ ගනින් මල්ලියේ -සාගා- ...
එන්න Jayamal Sagara Kularathna ගිම්හානෙ පැමිණියත් වෙනදා විදියටම මගේ හිත පාලුයි සිතාගන්නට බැරිව වෙනදා පුරුද්දට මග බලා හිටියත් නුඹ තාම ඇවිත් නෑ ගිම්හානෙ අවාට එලබෙන ශීතයටවත් ඇවිත් යන්නට එන්න සීතලට ගුලිවෙන්න මට නුඹව ඕනෙ වෙයි -සාගා- ...
ජේස්වරී Jayamal Sagara Kularathna කූඩය ඉනේ බැඳ හිමිදිරි පාන්දර තේ දලු නෙලන්නට යනවා වත්ත වෙත හැලුනාට චුරු චුරුව ඉදින්නට බෑ ගෙදර කැපෙයි දවසේ පඩිය නොගියොතින් අද වැඩ්ට ණය තුරුස් නොබේරා පැත්තෙ එන්නට එපා ලැයිමෙ කෙලවර කඩේ මුදලාලි කියනවා මීනා ලොකු දූට ඉස්කෝලෙ අදින්නට තියනවා අද හෙටම සුදු ගවුම මහන්නට ජේස්වරී උඹ නිකන් මොකට දුක් විදිනවද මගෙ කාමරේ පැත්තෙ ඇවිද පලයන් යන්න ඉඩ තියන වෙලාවට ...
වෙනස Jayamal Sagara Kularathna කබරගල අලියාගල කඳු පාමුල ඇත්තේ වෙල්යායකි ගම ඇරඹුම දිස්වන්නේ මහවැලි කොමලියගෙ ගමනට ඉඩ ඇත්තේ බලන් සකි බලංතොට ගම දැන් තත්වේ ඉස්සර තිබුනු වැල් පාලම දැන් නැත්තේ යකඩින් සැදුව පාලම ගමනට ඇත්තේ වැලි ගොඩ දාන මිනිසුන් ගඟ මැද නැත්තේ උණ පාරුව තොටුපොල ලග ඇයි නැත්තේ පීදෙන කුඹුරු අද වෙල් ඉපනැල්ල වෙලා හරකුන් තණ බුදී රිසිසේ දිගා වෙලා කමතක් දකින එක අද ...
මිනිසුනේ… Jayamal Sagara Kularathna තණ අග රැදුනු පිනි බිඳක් නොතරම් අස්ථිරයි මේ ජීවිතේ එහෙව් දිවියක කුමට දහසක් පැතුම් පොදිබැද මිනිසුනේ හැල්මෙ දුවනා තරඟෙ මදකට නතරකොට හිද බලන්නේ අප්රමාදී වීම විතරයි රැකවරණයකට තියෙන්නේ -සාගා- ...
අම්මා Jayamal Sagara Kularathna මහමෙරක් තරමට නිමක් නැති සෙනෙහස සමුදුරක් තරමට උතුරන කරුණාව දුකේදී සැපේදී ඇතිදා මෙන්ම නැතිදා සැමදා ලගින් උන් කෙනෙකු ඇතිනම් මෙලොවේ වීය ඇය නමින් අම්මා……… -සාගා- ...
මගෙ පැලට ඔබ එන්න Jayamal Sagara Kularathna රතු රෝස පඳුරේ තාම මල් පිපෙනවා පිපෙන මල් දැකගන්න මගෙ පැලට ඔබ එන්න උදෑසන ගෙවත්තට වළිකුකුලො ඇදෙනවා රඟන උන් දැකගන්න මගෙ පැලට ඔබ එන්න කබරගල කඳු වැටිය මීදුමෙන් වැසෙනවා ඒ සිරිය දැකගන්න මගෙ පැලට ඔබ එන්න වත්ත මායිම දෙසින් මහවැලිය ඇදෙනවා ගං දියේ පීනන්න මගෙ පැලට ඔබ එන්න කඳු මුදුනෙ පන්සලේ සමිදු වැඩ ඉන්නවා මල් පුදන්නට යන්න මගෙ පැලට ඔබ ...
මල්වර වූ දියණියට Jayamal Sagara Kularathna මගතොටේදී ඇවිද යද්දි ගියෝතින් නුඹ බිම බලන් ඇහැක් වෙයි මට සේම අම්මට ඇවිද යන්නට උඩ බලන් ඒත් දෝනියෙ නොසැලකිල්ලෙන් නුඹ ගියෝතින් උඩ බලන් සිදුවන්නෙ බිම බලන් යන්නට දුක් සුසුම් පොදි හිර කරන් -සාගා- ...
සිංහබාහු තාම නෑ Jayamal Sagara Kularathna ගල් ලෙනක් නොවුනාට මේ විසල් මන්දිරය ගල් ලෙනක් මට ඇයි තාම නැත්තේ කෝ මේ සිංහබාහු හිරු නැගී එද්දිම සිංහයා පිටවෙනව ඇයි තාම නැත්තේ කෝ මේ සිංහබාහු එයි කියා සිතුවත් හිතෙත් ඇත සැකයක් සිංහයා නිදන්නේ අනෙක් පැත්තට හැරිල -සාගා- ...
එපා Jayamal Sagara Kularathna වෙන්න නම් එපා නුඹ තවත් මනමේ කුමරියක් අතීතයෙදී මට මුන ගැසුන නිසා මනමේ කුමරියක් අසිපතෙන් ගෙල නොසිඳුනත් ඊට වැඩියෙන් රිදුම් දෙයි සිය දහස් වරයක් ඒ නිසා එපා වෙන්නට තවත් මනමේ කුමරියක්… -සාගා- ...
හමුවීම Jayamal Sagara Kularathna කලා වැව පේන දුර ගම්මානෙ අපි උන්න කාලයක් තිබුන මට සුන්දරව ගතවෙච්ච හිටියෙ හරහට තත්වෙ පෙමට ගොඩ නැගුන අපෙ වැඩි කලක් නෑ ගියේ සිහින බොඳ වන්න මගෙ කරකාර බැන්දුවා නොතාරිස් මාම නුඹ මොටෝ රථයෙන් ආව සිදාදියෙ ගැටයාට දින සති මාස ලෙස කාලය පියැඹුවා වියපත්ව වැහැරි ගිය මම අසරණ උනා නගරයේ මඩමට ආවා බැරිම තැන පිහිටෙන් ගමේ හිටි අපෙ මුල් ගුරුතුමට ...
කිරි වෙහෙර ලග මල් විකුණන අම්මා Jayamal Sagara Kularathna අදත් ආව උදෑසනම කිරි වෙහෙරේ පාර ලගට මල් කූඩය විකුනන්නට වදින්න යන බැතිමතුන්ට පහුගිය දින කිහිපයේම ඇද හැලෙනා වරුසාවට වැව පෝසත් වෙලා නිසා නෙලුම් හිගයි විකුනන්නට ගහෙන් වැටිල මියැදුනාම අප්පච්චී ලොකු කෙලීගෙ පහලොස් වසරකට කලින් මම අවා වෙහෙර ලගට පූරුවෙ කල පාපයකට දුක් කරදර පැමිණුනාට වෙහෙර දකින දකින වරෙක හිත සුවපත් වේ නොදැනිම බණ පද එක දෙක ඇහෙනව පීකරයෙන් දාල ...
තාත්තාගෙන් පුතාට….. Jayamal Sagara Kularathna එදා වගෙ මතකයි උඹ මෙලොව දුටු දවස රජෙකුටත් වැඩි සතුට දැනුනා මයෙ පුතේ උඹේ හුරතල් කමට එලි උනා මුලු ගෙදර රෑ දවල් ගත උනේ අපිටත් නොදැනීම උඹෙ මුහුණ දකින විට තුටු කඳුලු බර උනා උඹ රජෙක් කරන්නට මයෙ පුතේ මම හිතුව කුලී වැඩ කරන මට දෑතෙ කරගැට හුරුයි මම විදපු දුක් ගැහැට උඹට නම් නුපුරුදුයි පහේ පංතියෙ ඉහල ලකුණු උඹ ...
යථාර්තය Jayamal Sagara Kularathna ආදරයට වඩා බලගතු වෙලා පොරොන්දම දැන ගත්තෙ මම නුඹෙන් විටෙක පුදුමත් හිතෙනව මේ ඉන්නෙ ඔයාමද ඉර හඳ තියාගෙන දුවන්නේ ඇයි ඔයා කනමැදිරි එලි පස්සේ දහසක් හේතු ඇති දැන් කියන්නට යන නිසා මම දන්න එක දෙයක් කියන්නම් සෙනෙහසින් රැයේ ගනදුර පහව යයි හිරු එද්දි මටත් ඒ ලොව දහම පොදුයි අන් සැමට මෙන්…… -සාගා- ...
හැර ගිය නුඹට… Jayamal Sagara Kularathna හිතුවේ නෑ මම සිහිනෙකින් වත් අතැර යන බව නුඹ ලඳේ මගේ හිත බය කරන්නට මින් පෙරත් කෙරුවා මේ ලෙසේ ඉවසා ඉන්නට බැරිම වෙන්නැති ලොවට සැඟවූ පෙම අපේ කිසිම වරදක් නුඹේ නම් නෑ ඒ සියල්ලම මගෙ අතේ වේගයෙන් ගිය අතීතය දෙස හැරී බලනා වෙලාවේ මතක අතරේ තවම දුවනව තනිව දුක්වන සිත මගේ වර්තමානෙන් අනාගතයට පදවා ගිය නෞකාව මේ රුවල බිඳිලා සුනුවිසුනු ...
Untitled Post Jayamal Sagara Kularathna බස් රියේ දුම්රියේ තෙරපෙන සෙනග මැද ගෑවුනොත් පිරිමියෙක් ඔරවන නංගිලා ඇදි තම තිසරපට විසිකරයි කොහෙවත් ඉන්න සුද්දෙකුට…
පින Jayamal Sagara Kularathna සුපිරි වෙළදසලෙක එක් පසක ඇති ඇතුල්වීමේ ගේට්ටුව දෙපස එක් කොනක මවක් ලොතරැයි අත තබාගෙන විකුණමින් තම සිඟිති පුතු සමග අනෙක් කොන පියෙක් සිඟිති දියණියක් සමගින් හුරතල් කරමින් සෙල්ෆියක් ගන්නා අයුරු දුටුවෙමි මීට දින කිහිපයකට පෙර එහෙත් දුටුවේ හැබැහින්ම පව් පින් අතර වෙනස….. -සාගා- ...
Untitled Post Jayamal Sagara Kularathna දන්සලට ඇති සෙනග පංසලට ඇයි නැත්තෙ සසර ගිනි රුදුරුයි කුසගින්නට වඩා දැනුනොත් යම් දිනක දන්සලේ ඇති සෙනග පංසලේ හැමදාම
???? Jayamal Sagara Kularathna පැරීසියට උඩින් නැගෙන හිරු මඩලෙන් වහන් වෙලා මුවා වෙලා ගියොත් හොදයි මම ඔබ වෙත බොහෝ දුරයි හිම වැටෙනා කාලය තුල එපා සීත නොදැනෙන්නට උණුසුම ඔබ ලග රැදෙන්න එපා ඇයව දමා යන්න බක් මාසේ නැකත් දාට කිරිබත් මේසය හදන්න අවුරුදු කුමරිය වීලා ඔබෙ නිවසට සිරිය දෙන්න ෂේන් ගගේ රල රුදුරුද අයිෆල් කුලුනට නැංගද මේවා ගැන දැනගන්නට අපිටත් දවසක් ඒවිද නොආවාට අහිතක් ...