ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Project වැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]පොල් කට්ටක්ලණු ...
මේ ලෝකේ උතුම්ම ආදරේ මොකක්ද කියලා ඇහුවොත් කවුරුත් වගේ දෙන උත්තරේ තමයි ඒ අම්මගේ ආදරේ කියන එක.ඒත් තාත්තගේ ආදරේ ගැන කවුරුත් කතාකරනවා අඩුයි.කොටින්ම තාත්තලා පවා ඒ ගැන කතාකරන්නේ නෑ.තාත්තාලාගේ ආදරේ ගොඩක් පේන්නේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්.කොහොමවුනත් මං අද ඔයාලට ලියන්න බලාපොරොත්තුවුනේ තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන කියවෙන ලස්සන චිත්‍රපටියක් ගැන කියන්නයි.සාමන්යෙන් බටහිර චිත්‍රපටිවල මානව සම්බන්දතා ගැන කියවෙන චිත්‍රපටි අඩුයි.ඒකට හේතුවෙන්න ඇත්තේ ඒ ...
අපේ අම්මා .....මට මේ ලෝකේ හම්බවුනු සුන්දරතම මනුස්සයා.අද ගෙවල් දොරවල් අස්පරස් කරද්දී අම්මගේ පරණ සමරු සටහන් පොතක් හමුවුනා.අපේ අම්මා විද්‍යාලංකාර සරසවියේ [දැන් කැළණි සරසවිය] උපාධිධාරිනියක්.ඉතින් විදුබිමෙන් සමුගන්නා දවස්වල බැචාලා තියපු සටහන් තමයි ඒ සමරුපොතේ තියෙන්නේ.ඒ 1971 කාලේ.දැනට අවුරුදු 42 කට විතර ඉස්සර.මට ඉතින් හිතුනා ඒ සටහන් කිහිපයක් ඔයාලටත් බලන්න දාන්න.මේ සමරු සටහන් ලියපු අය දැන් රටේ ලෝකේ විවිධ තැන්වල ඇති.සමහර ...
අද මට නැවතත් "ඔහේ"ලා හමුවිය.ඒ අවුරුදු 8 කට පමණ පසුය.ඒ මම ආයෙත් ගමරට බලා පැමිණි නිසාය."ඔහේ"ලා හමුවන්නටනම් අපේ පැත්තේම එන්නට ඕනෑය.දැන්නම් ගොඩක් අය මේ කියන්නේ කොහේදැයි දන්නවා ඇත.දන්නැති අයට දැනගන්නට කෙටියෙන්ම කිව්වොත් අපේ ගම මාතරය.අද බැංකුවට පැමිණි "ඔහේ"ලා මට කටපුරා "ඔහේ" කීවෝය.මමද කටපුරා "ඔහේ"ලාට "ඔහේ" කිව්වෙමි.ලෝකේ කොහේ ගියත් මටනම් ගම වගේ හරියන්නේ නැත.පහුගිය දොහේ බ්ලොගේ පාලුවට ගියේද ගමරට බලා එන්නට ...
ඔන්න අද මං කියන්න යන්නේ තමන්ගේ සිහින හඹාගිහින් සැබෑ කරගත්ත කොළු ගැටයෙක් ගැන ඇත්තම ඇත්ත කතාවක්.මෙයාගේ නම Francis Ouimet.මෙයා ඇමෙරිකන් ජාතිකයෙක්.ඉතින් මෙයා මෙයාගේ පොඩි කාලෙම ඉදල තිබ්බ සිහිනේ ජයගත්ත හැටි තමයි මං අද ඔයාලට කියල දෙන්නේ.Francis Ouimet 1893 මැයි 8 වෙනිදා ඇමෙරිකාවේදී උපත ලබනවා.ඒ බ්රූක්ලින් වලදී.Francis Ouimet ගෙ අම්මයි තාත්තයි දෙන්නම සංක්‍රමණික ජාතිකයින්.පුංචි Francis ට වයස අවුරුදු 4 ක් වෙද්දී ...
අළුත් අවුරුද්දේ ඉස්සෙල්ලම ලියන්න හිතුනේ මේ වගේ දෙයක් නම් නෙමෙයි.ඒත් අද [අප්‍රියෙල් 15] පටන් ගනී කියලා අනාවැකි පලකරලා තිබ්බ කොරියන් යුද්ධය නිසා මට මේ කතාව මතක වුනා .ඉතින් මං අද මේ කියන්න යන කතාව අදාළ වෙන්නේ දෙවැනි ලෝක යුද්ධ කාලෙට.iwo - jima කියන දූපත වෙනුවෙන් ජපානය සහ ඇමෙරිකාව අතර ඇතිවුණු බිහිසුණු සටනක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.ඒ වගේම මේ ඇත්ත ...
ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබ සහ ඔබේ පවුලේ සැමට එළකිරි සහ ජලය පිරි සතුට සොම්නස සහ ආතල් පිරිජල්බරි ,ගුස්ති ,තොප්පි නැති පොලුවලින් ලණුවලින් තොර සමබර සහ සොමිබර ආතල් කිතල් පොල්තෙල් පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ....!පින්තුරේ ඉස්සුවේ බුකියෙනි. ...
ඔන්න යාළුවනේ බ්ලොගේ ටිකකාලයක් පාලුවට යන්න ගියා.වෙන මොකුත් හේතුවක් නිසා නෙවෙයි මේ දවස්වල මගේ අතේ ඇතිවෙලා තියෙන පොඩි ආබාධ තත්වයක් නිසා.ඒක නිසා වැඩිපුර අකුරු කොටන්න අමාරුයි.දැනුත් ඉතින් ටිකක් අමාරුයි,ඒත් එහෙමෙයි කියලා මේක පාලුවට ඇරලා පුළුවනෑ.ඔන්න ඒක නිසා අද පොඩි දෙයක් ලියන්න හිතුවා.අද ලියන්නේ අපි ඔක්කොම හොදට දන්න ඒත් ඒකෙ තේරුම ගැන කිසිත් නොදන්නා දෙයක් ගැන.කවුරුත් වගේ අහලා තියෙනවනේ ගින් ගැන් ...
ඉතින් යාළුවනේ අද ටිකක් වෙනස් දෙයක් ගැන ලියන්න හිතුනා.අපි කාටත් දායකවෙන්න පුළුවන් දෙයක් ගැන.ඒ නිසා මේක කියවලා අමතක කරලා දාන්නේ නැතුව පොඩ්ඩක් ඒ ගැන ක්‍රියාත්මකත් වෙන්න.ඉතින් ඔයාලට අද උනත් දායකවෙලා සතුටුවෙලා පුළුවන් දෙයක් ගැන තමා මේ කියන්නේ.ඒ ඇස් දන්දීම ගැන.තමන්ගේ මරණින් පස්සේ තමන්ගේ දෙනෙතින් මේ ලෝකේ දකින්න තවත් කෙනෙකුට අවස්ථාව ලබලා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක් නේද?ඉතින් ලංකාවේ වාසය කරන අපි ...
ඔන්න ඉතින් අද ඔයාලට කියලා දෙන්නේ ගණන්කාරයෝ ගැන.සිංහලෙන්ම කිව්වොත් Maths ගැන.ඔන්න මට පේනවා සමහර අයගේ මුහුණු මැලවෙනවා.පොඩි කාලේ ඉස්කෝලේ යනකොට ගොඩක් අයගේ (අ)ප්‍රියතම විෂය වෙන්නේ ගණන් නේ.හැබැයි ඉතින් ඔය අස්සේ ගණන් පිස්සොත් ඉන්නවා.ඔන්න ඔය දෙකොට්ටාෂෙන් මං අයත්වෙන්නේ දෙවැනි ගොඩට.අදටත් මගේ ප්‍රියතම විෂයක් තමා ගණිතය.ගොඩ දෙනෙක් නොදන්නවා වුනාට මේ ගණිතය කියන්නෙත් එක්තරා කලාවක්.හැබැයි ගානට කරන්න ඕන.නැත්නම් ඉතින් පිස්සු තමා.ඉතින් ඔය කාට ...
අර්නස්ටෝ චේ ගුවේරා....අපේ කාලයේ විසු සොදුරුතම විප්ලවවාදියා.කවුරුත් වගේ අහලා ඇති.ඒත් ගොඩ දෙනෙක් ඔහුගේ තරුණ ජීවිත කාලය ගැනනම් අහලා නැතුව ඇති නේද?මං අද කියන්න යන චිත්‍රපටය ගලායන්නේ චේ ගේ තරුනකාලය හරහා.දොස්තර කෙනෙක් වෙන්නට පෙර චේට අවුරුදු 23 පමණ වන කාලයේ සිට ඉදිරියට ගලායන සත්‍ය කතාවක්.මේ චිත්‍රපටියේ කියවෙන්නේ 1952 දි චේ තමාගේ යහළුවෙකු වන අර්බර්ටෝ ග්රෙනාඩො සමග යතුරු පැදියකින් දකුණු ඇමෙරිකාව හරහා ...
පුංචි කාලේ අපි කාටත් පොඩි හරි හීනයක් තිබ්බා නේද මං ලොකු වුනාම මෙහෙම කෙනෙක් වෙනවා කියලා.අම්මලාටත් හීන තියෙන්නැති අපි ගැන.ලොකු වුනාම මගේ දරුවා මේ වගේ කෙනෙක් වෙයි කියලා.දැන් කාලේ අම්මලානම් දරුවෝ ලොකුවුනාම දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න තමයි බලාපොරොත්තුවෙන්නේ.ඒකෙ වරද්දකුත් කියන්න බෑ.මොකද දැන් කාලේ තියෙන ආර්ථිකේ හැටියට එහෙම කෙනෙක් නොවී ජීවිතේ ගොඩනගාගන්න සෑහෙන අමාරුයි.ඒ වගේම තමයි අම්මලා තාත්තලා කැමති ...
කලින් දාපු පොස්ටුව බ්ලොග් රෝල් වල update වෙලා නෑ...මෙතනින් ගිහින් බැලුවනම්..
ආ....කොහොමද සිරා ඩයල් එක නේද?කොහොමවුනත් හෙඩිම වගේ ඉස්සර කිව්වේ ලේසියෙන්ම අන්දන්න පුළුවන් උන්ට තමා.ඒත් ඉතින් චීනු කියන්නේ ලොකුම ජනගහනයට හිමිකම් කියන රටනේ.ඒ වගේම ලෝකේ වැඩියෙන්ම භාවිතා වෙන්නෙත් චීන මැන්ඩරින් භාෂාව තමා.ඉංග්‍රීසිත් ඒකට දෙවනිවෙලා තියෙනවා.තව ටික දොහකින් ලෝකේ ලොකුම ආර්ථිකෙට හිමිකම් කියන්නෙත් චීනා තමයි බොලව්.කොහොමවුනත් චීනේ කියන්නේ ඉස්සර ඉඳලම දඩාර සයිස් නිර්මාණ කරපු පොරවල් තමා.හොදම උදාහරණය චීන මහා ප්‍රාකාරය.අපේ රටෙත් මෑත ...
පින්තුරය ගත්තේ - http://wallybastiansz.com/ඔන්න අද ලියන්න යන්නේ රජෙක් ගැන.නිකම්ම නෙමෙයි බයිලා රජෙක් ගැන.ඒ තමයි ලංකාවේ බයිලා රජු ලෙස විරුධාවලි ලත් වොලී බැස්ටියන් ගැන.එහෙනම් වටේ යන්නැතුව කෙලින්ම කතාවට වැටෙමුකෝ නේද...1914 ජුනි 9 වෙනිදා ගාල්ලේ පියදිගමදී තමයි වොලී බැස්ටියන් උපත ලබා තිබෙන්නේ.වොලී බැස්ටියන් නමින් ප්‍රසිද්දවුනත් ඔගස්ටස් මර්තෙනිස් බැස්ටියන් නමින් තමයි බවුතීස්මය ලබලා තියෙන්නේ.පවුලේ සහ ලග නෑදෑයන් ආදරයට "ඔලී" යනුවෙන් ඇමතීම තමයි පසුකාලේයේදී ...
ඔන්න ඉතින් කියන්න දෙයක් නැහැනේ.කවුරුත් දන්නා කෙනෙක් ගැන තමයි අද ලියන්න යන්නේ.කෙටියෙන්ම කිව්වොත් සුපිරි වැඩ්ඩේක් ගැන තමයි ලියන්න යන්නේ.ඒ තමයි Bruce lee.ඉතින් ගොඩ දෙනෙක් මෙයාව දන්නවා වුනාට වැඩිවිස්තර නම් දන්නේ නැතුව ඇති නේද?ඔන්න එහෙනම් බලන්නකෝ....1940 නොවැම්බර් 27 වෙනි දින උපත ලබන මෙයාගේ මුල් නම වෙන්නේ Lee Jun-fan කියන නමයි.චීන නක්ෂත්‍රයට අනුව ලී ඉපදිලා තියෙන්නේ මකරාගේ වර්ෂයේ සහ එම දිනයේ මකරාගේ ...
බ්ලොග් එක පටන් අරගෙන සෑහෙන කාලයක් ගතවුනත් මගේ ප්‍රියතම දෙයක් ගැන කිසිවක් ලියන්න බැරිවුණා.පින්තුරේ දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන්නේ.ඒ තමයි කෝච්චි.ඉතින් මං මේ ගැන නොලිව්වට අපේ බ්ලොග් අවකාශේ යාළුවෝ කිහිප දෙනෙක්ම මේ ගැනම බ්ලොග් ලියන අය ඉන්නවනේ,කොහොමවුනත් මාත් පුලුපුලුවන් හැටියට දන්නා හොයාගත්තදෙයක් කොටලා දාන්න හිතුවා.අද කියන්න යන්නේ "යාල් දේවිය" ගැන.ඇත්තටම නම ඇහෙනකොට කෝච්චියකට වඩා දෙයක් හිතට එනවා නේද?මං මේ වෙනකොට ...
ඔන්න නෝනාවරුනි මහත්වරුනි මා අද ඔබලාට ඉදිරිපත්කරන්නේ පින්තුර ටිකක් සහ ගැටළු ටිකකි.කොටින්ම කිවහොත් පහල පින්තුරවල සිටින අය නම් කිරීමයි ඔබට කරන්න තියෙන්නේ.ඔබගේ පහන් සංවේගය උදෙසා ඉඟිවැකිද සපයා ඇත.බලමු කවුද හරියට කියන්නේ කියලා....1 . අප්‍රිකානු ජාතිකයෙකි.කළු මිනිසුන් වෙනුවෙන් සටන් කල කෙනෙකි.පාපන්දු ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ අයෙකි. 2 .1926 දී උපතලබා ඇත.විප්ලවවාදියෙකි.තවමත් ජීවතුන් අතර සිටී.3. කුඩාකාලෙයෙදී කථන අපහසුතාවයෙන් පෙලුනෙකි.ජර්මන් ජාතිකයෙකි.නොබෙල් ත්‍යාග ලාභියෙකි.4. ...
http://www3.canisius.eduඅපි ජීවත් වෙන මේ ලෝකේ අපිත් එක්ක ජීවත්වෙන අපේ පාළුව කාන්සිය මකාගන්න ඉන්න යාළුවෝ ගැන අපි නොදන්නා තොරතුරු ටිකක් තමයි අද මං ලියන්න හිතුවේ.බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා,පැස්බරාට අශ්වයාට වඩා වේගයෙන් දුවන්න පුළුවන්.ඒ වගේම තමයි පිරිමි පැස්බරුන්ට සිංහයෙක් වගේ ශබ්ද කරන්නත් පුළුවන්ලුපියාඹන්න පුළුවන් එකම ක්ෂීරපායී සත්වයා තමයි වවුලා.අලින්ට වතුරේ ඉව සැතපුම් 3 ක් දුරට පවා දැනෙනවලු.කිඹුලෙක්ට අහුවුනොත් උගේ කට ...
www.enhancedhealing.comමම ටිකක් කොහොමත් සංගීතෙට ඇල්මක් දක්වන කෙනෙක් බව ඔගේ බ්ලොග් එක කියවන ඔයාලට තේරිලා ඇති.ඉතින් අදත් ඔන්න මං ලියන්න යන්නේ සින්දු ගැනම තමයි.හැබැයි විශේෂ සින්දු ටිකක් ගැන.ඔයාලටත් ජීවිතේ කවදාහරි දවසක ප්‍රශ්න ගොඩක එරිලා ඉන්නකොට අහන්න ලැබෙන සිංදුවකින් මනසට සුවයක් ලැබිලා තියෙනවද?බොහෝ දෙනෙක්නම් ඒ අත්දැකීම විදලා ඇති නේද?නූතන විද්‍යාවටත් අනුව පිළිගන්න දෙයක් තමයි සංගීතය කියන්නේ මනස සුවපත් කිරීමේ හොදම ඔසුව බව.ඒ ...