පහුගිය දොහේ අහපු දැකපු ඒවා දැකලා ඇඟේ මයිල් කෙලින් උනා ආයිබෝවන්ඩ! පිස්සු බම්ප් උනා! ලස්සනට තියෙන්න තිබිච්ච සරසවි ආදරයක් හුටස් පටස් වෙලා මෙඩිකල් ෆැකල්ටියේ හිටපු පිරිමි ළමයා එයා පණ වගේ ආදරය කරපු ගෑනු ළමයටත් වස දීලා ඒ මනුස්සයත් මැරිලා! සත් කෝරළය පැත්තේ පිරිමි ළමයා හදවත ඉල්ලන ආදරය ලැබුනේ නෑ කියලා ඒ කෙලිට පිහියකින් කොටලා මරා දාල ඒ කොල්ලත් සිය ...

එමමයි! අපේ මැයි! නැගිට ඉදිව් නිල් කොඩි තොග ගෙන අතට... කෑමට බත් පාර්සල දෙයි හෙට දවාල ට... හවසට නිකං ගල් බොමු තනි උගුරක ට... හිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී... රතු කොළ පාට කොඩි කඳුලින් තෙත් වේ වී... හවසට පාරේ බැරියර් ලඟ තග දා වී... ගෙවපං ලයිට් බිල් දැං මගෙ බඩ යා වී... කියපං කට වහං හිටියා හොඳට ඇතී... 'දිනවව් අපේඅතිගරු මිහිඳු ජනපතී... ...

සයිබරේ අවුරුදු සයිබර් සිහින උළෙල අහවර උනාය! ඒ 21ය! මේ දවස් ටිකේ බුකියේ ටැග් ගැහුණු ෆොටෝ කෑලි ටික.. බ්ලොග් ලියවිලි ටිකවත් ඉස්පාසුවක් ඇතිව බලා කියා ගන්න බැරි උනේය! “වසන්තය” ඇවිත්ය. ;) පිලි ගන්නට ගජරාමෙට වැඩ තිබ්බේය!මොනවා නොකිව්වත් 21 වැඩේ ගැනනම් ටිකක්වත් කොටන්නට ඕනෑය! උදේ පාන්දරම ලක ලැස්ති වී මංතුමා මාරගම බලා යන ගමන පටන් ගතිමි. තව පොඩ්ඩෙන් අවුරුදු කුමාරයාටයි කුමාරිටයි දාන්න ...

පේමේ මාමාට රෙවුනේය! මේක ඉස්සර කාලේ සිද්ධ වෙච්ච දෙයක්ය. අපෙ ගමේ පේමේ මාමා කියා ඩයල් එකක් සිටියේය. මිනිහා කලේ ඉලෙක්ට්‍රික් වැඩසටහන්ය! ඒ කිව්වේ ගෙවල් දොරවල් වයරින් කරනවා වගේ වැඩය! ඒ පැත්තටම සිටියේ ඒකා පමණකි! ඒ නිසා හොඳ මාකට් එකක් තිබුනේය! සල්ලි බාගේ අතේ නිතර ගැවසුනේය!පොඩි පරහක් තිබුණි!පේමේ මාමා කෝපි කඩේ අබිලින්ගේ වැරදුනු ෂොට් එකක ප්‍රතිපලයකි! ඒ මහා කුජිතකර්මයේ ප්‍රතිපලයක් ලෙස පරම්පරා කුට්ටම ...

ඇවිල්ලලු අවුරුදු!!!! colombogazette.com'එරබදු මල් කෙට්ටු කෙට්ටු කොහා බදී පත්තු පත්තු' බඩගින්නේ තටමන ගමන් ඇඟිලි තුඩු අස්සෙන් හිරිකිත හීන මිරිකන අපිටත් ඇවිල්ලලු අවුරුදු...!!ස්ත්‍රීලිංග ගානට පාටි දාන තඩි බඩගෙඩි කාරයන්ට සැන්ඩි දාන්නමූදෙ ලුණු වතුරත් මදි වෙද්දි.., බතට පොල් ගන්න... බැදුමට තෙල් ගන්න... ණය වෙනවා අපේ උන් හතර අතේ...!!අඩේ ජයලලිතා වරෙන් 'උණු කිරිබත් කටක් කමු... කළු කෝපි උගුරක් බොමු...' අපි නොදකින ආශ්චර්යමත් අනාගතේටවත් බලාපොරොත්තු වෙමු; ...

තෙල් ඉහිරෙන්ඩ හිනා වෙන්ට 21යි නැකත!!! https://www.facebook.com/JehansVideosකොහෝ කොහෝ....කොහේ ඉඳන් කොහෝ කියනවදෝ ඇසූ පසු මම කොහේ සිට කොහෝ කීවත් උඹට *කද කියලා අහන කාලේ මේකය!!! ඒ කියන්නේ අවුරුද්දය! මටනම් මේ ටික පට්ට ෆන් වන්නේ කොකිස් සමග අච්චාරු කෑමට පුළුවන් වෙන නිසාය! ටෙස්ට් කර බලා ගුණදොස් පවසනු යෙහෙකි! බඩේ රුජාවට වග කියනු නොලැබේ!14 උදේ පාන්දර කිරිබත් එහෙම කා බි 15 තෙල් ගා නෑදෑ සනුහරේ බලාකියාගෙන එන්න නාඩියා ...

මගේ ආදරේ පටන් ගත්ත හැටි! නෝනාවරුනි මහත්වරුනි, ඔබ මෙට්ටේ කොහු කමින්..කෝට්ටේ පුළුං කමින් බලා සිටි ඒ අසිරිමත් මොහොත පැමිණිලා! මඩ පුවත් රචකයන් දත් කමින්..පැන්සල් උල් කරමින්... කි බෝඩ් කරේ තියා ගනිමින් බලා සිටි කාලය පැමිණිලා!නාඩියාගේ අතිවිශේෂ ස්වයං හෙළිදරව්ව! මගේ ආදරේ පටන් ගත්ත හැටි! ;)බොහෝ දෙනා දන්නවාද ඇත! නොදන්නවාද ඇත! නාඩියාට ප්‍රේමවන්තියක් ඇත!!! ඈ අනිකුන්ට වඩා විශේෂය! ඇස් ඉස් මස් නහර වලින් සෑදී නොතිබ්බාට වැඩිය ...

කැම්පස් සහ පැම්පස් ගොඩ කාලයක් තිස්සේ කොටන්නම් කියලා හිතාගෙන හිටියට එක එක හේතු නිසා කොටන්න බැරි වෙච්ච එව්වා මෙව්වා ටිකක් ඔන්න අද නාඩියා කොටනවා! මේ නාඩිය කියවන්න ඉස්සරලා කස්ටියම දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවලා පැත්තකින් තියන්න! නිල්,කොළ,රතු,කහ එක එක පාට කන්නාඩි දාගෙන මේ නාඩිය කියවන්න බෑ!ඒත් එක්කම නාඩියා හෙවත් මංතුමා ගැන තියෙන මතක, ප්‍රතිරුප(තියනවනම්), ඇදුනුම්කම්, ආලවන්තකම් ;) ඔක්කොම ටිකකට පැත්තකින් තියන්න. මොකෝ ...

මලේ පිපුණු මලක්... Needy Readers; නාඩියාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන අපූරු පින්තුරේ දැකලා පුරුදු අපේ අයටනම් අමුතු වචනයක් නෙවෙයි! 2012 අවුරුද්දේ පටන් අරගෙන, ලංකාවේ අවශ්‍යතා ඇති පාසල්, පුස්තකාල, සංස්කෘතික මධ්‍යස්ථාන වලට කියවන්න පොත් බෙදා දෙන අපේ පුංචි වෑයම!2013 අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත් වල ආදරණිය නංගිලා මල්ලිලාගේ අතට කියවන්න පොතක් දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ අවුරුද්දේ අපි මුලින්ම පොත් බෙදා දෙන්න හිතුවේ ...

කටුව : කවියක් කතා කරයි - අංක 01 කවියක් කියන්නේ රටාවකට ඇමිනිච්ච අකුරු ගොඩකට...ඒ අකුරු ඇමිණිලා හැදිච්ච වචන හරඹය එක්කෙනෙක්ට “කවියක්” වෙද්දී තවත් කෙනෙක්ට ඒක විකාරයක් වෙන්න පුළුවන්...“කවිය නැති වෙලා...” කියලා සමහරු කෑ ගහද්දි නාඩියා මේ හදන්නේ මං තුමා හිතන විදිහට කවියට අලුත් පණක් දීපු “බ්ලොග් කවිකාරයෝ” ලියපු කවි මරන්න!මරන්න කිව්වේ ඒ අකුරු අස්සේ හැංගිලා ගුලිවෙලා තියෙන අපූරු රහස් අපිට තේරෙන විදිහට එලියට ඇදලා දාන්න!බලමු...ගල් වදින්නත් පුළුවන්..මල් ...

කටුව මේක දිග කතාවක්...පුළුවන් තරම් කෙටි කරලා වචන වලට ගලපලා හරි අමාරුවෙන් ගැට ගැහුවා....බ්ලොග් කවි වලට default දාන "පට්ටයි මචං" කමෙන්ට් වලින් ඈත් වෙලා කවිය (නැත්නම් ඒ වගේ එක) ගැන ඇත්තටම හිතෙන දේ..මල් වගේම ගලුත් මේ පැත්තට විසි කරනවානම් මං ආසයි!තවත් දෙයක්.. "බ්ලොග් කවිකාරයෝ" ගැට ගහන වචන වල හැංගිච්ච තේරුම කතා කරන වැඩක් පටන් ගත්තොත් නරකද? ...

එන්න....අපි එකතු වෙමු..... හසන්ගි.... ඇය මට හම්බ උනේ Microsoft Student Champs කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට...පරිගණකත් එක්ක හැප්පෙන අතරේ ඇගේ හිත මිතුරු සිනහව මගේ මතකයේ රැඳුනා....මුණු පොතේ හදිස්සියේ දැක්ක පොස්ට් එකකින් මාව ගැස්සුනා..අපිත් එක්ක හිනාවුණු..කතා කරපු හසන්ගිට අපේ උදව් ඕනේ වෙලා....කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා. එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ...

ආදරේ නාමයෙන් සීනිබෝල සුකුරුත්තම් විකුණන තොරොම්බල්කාරයන්පාරේ කොහෙවත් නෑ....ආදර කෝච්චි....ආදර ඩිස්කවුන්ට් කොහෙවත් හොයන්ඩ නෑ....පීසා එකක් එක්ක ආදර ටෙඩියෙක් ගන්න කොහේවත් තැනක් නෑ....ආදරේ උණුසුමට box එකක් ඇතුලේ කවුරුවත් ඉන්නේ නෑ....ඉන්ටසිටියක කොනේ මුල්ලේ තුරුළු උන ජෝඩුවක් බේතකට ගන්න නෑ....කොල්ලගේ පර්ස් එක හිදෙනකම් රවුම් යන ගැහැනියන් මෙහේ නෑ.....ආදරේ ලාබෙට උණු උණුවේ විකිනෙණා පෙට්ටි කඩයක් වත් නෑ....ආදරේ නාමයෙන් ජපන් කොඩි ඉල්ලනා නරුමයන් මේ ලෝකේ ...

කැලේ පැන්නෙමි! මේ දවස් වල නාඩි තුමා බරටම වැඩය! Exam කියා එකක් තියනවාය! ඩේටාබේස් කෑලි...ලින්ක් ලිස්ට්...ලිනක්ස් කර්නල්...ජාවා අනම් මනම් ඔලුව වටේ කැරකෙනවාය... නිවී හැනහිල්ලේ නාඩියක් කොටා බාන්නවත් වෙලාවක් කලාවක් නැති තරම්ය!එහෙම එකක් කියා පරිගණකගත වීමටම බැරිය! අනිවා කර්නල් එක අවුල් ගොස් මෙමරි ඩම්ප් වීමට ඇති සම්භාවිතාව ඉතා වැඩිය! 9 කාමරේ දිවි ගෙවන බයිගෙදර මනියාට එසේ වී ඇත.ඌ දැන් හීනෙනුත් කපල් සිම් ...

ගල් වැලි මඩ ඉවත් කර ඇත! දිනය ඊයේය! ඊයේ කිව්වේ 27 ය! දවස මල් හතය! අන්තර්ජංජාලය වැනසූ බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් ගම්පහ මල් වත්ත වැනසුවේ ඊයේය!බැලු බැලු අත මඩය! මංතුමා මඩ නොගසමි! සිදුවූ දෑ කියමි! ;)ඔන්න ඉතිං නාඩියාත් ගෙට්ටුවට යන්න කියලා උදේ පාන්දරම ගෙදරින් පිටත් උනා කියමුකෝ...සිංහ ජෝඩුවත් මටත් කලින් එන්න පිටත් උනාලු! හැබැයි ඉතිං මං එනකම් ඒ ඩබල ගම්පහට ඇවිත් හිටියේ නෑ කියලයි ආරංචිය! අනේ අනිච්චං ...

පිස්සෙක් ! ! ! කඩමාල්ලක් ඇඟේ දවටාගෙන කොණ්ඩය රැවුල වවාගෙන පොලිතින් කොළ, පත්තර ඇඟේ ඔතාගෙන පාරේ තොටේ ඉන්න මිනිස්සු ඔබ දැකලා ඇති...සමහර විට ඒ මිනිස්සුන්ට බැනලා ඇති! නැත්නම් පව් අසරණයෝ කියලා රුපියල් කාසියක් නැත්නම් කොලයක් ඒ දිහාට විසික් කරන්න ඇති..ඒත්..... ඒ අයත් අපේම සහෝදරයෝ කියලා අපි හිතුවද????නාඩියා අද කොටන්නේ නාඩි හිතට තදින් වැදිච්ච දෙයක්! පාරේ තොටේ නිතරම යන එන මිනිහා වෙච්චි නාඩියා ට ...

රිසානා සහ මලාලා රත් වෙච්ච වැලි කතර රතු වෙච්ච ලේ වලින් තෙත් කරපු රිසානා.... ඔළු කට්ට සිදුරු කල ගිනියම් උණ්ඩයට බිලි වෙච්ච මලාලා... උස්සගෙන වැලපුනත්....නිහඩතා පැවතුනත්.... උන් අපේ ඔළු වලට දුන්නු දේ මොකද්දැයි.... කෑ ගහන එකෙක්වත් ඇස් ඇරලා බැලුවාද??? රිසානා යනු හුදෙක් ලාංකීය ගල්ෆ් ශ්‍රමිකයෙක් නොවේ! දහස් සංඛ්‍යාත වූ වැලි කතරේ දුක් විඳින අපේ අසරණ මව්වරුන්ගේ, සහෝදරියන්ගේ ශෝක ගීතය ගයන්නාවූ රෑ කොකිලාවියකි...මලලා ...

සියාතු මාමා කොළඹ ගියාය සියාතු මාමාගේ ලොකු පුතා ආමිකාරයෙකි!ඉස්සර රණවිරුවෙකි!පොඩි එකා දැන්නම් අවුරුද්දකටත් වැඩි දවසක ඉඳන් ගෙට වෙලාය! ඌ මහා විභාගේ ඉහලින්ම පාස් උනත් තාම උන්ගේ අර Z අකුරේ අවුල්ද මොකද්දෝ එක හින්දා එලියට පහලියට බහින්නේ නැත!ඉස්සරහට ඌ ආඩම්බරකාර කැම්පස් ශිෂ්‍යයෙක් වෙන්ඩ බලාගෙන ඉන්නවාලු!(ඒ කියන්නේ වෙන්ඩ ජෙප්පෙකි!) මේ දොහේ ඌ පල්ලෙහා ගාමන්ට් එකේ සුපවයිසර්කමක් කරනවාය....පොඩි කෙලි නම් 10 විභාගේ ලිව්වේ මේ සැරේ! ගණනුයි ...

Previous Page