වැස්ස අහසේ පදාසයක්ම වැහිලා තිබුණු අළුපාට වළාකුළු එක අකුණු පාරකින් දෙබෑ වුණා. වැහි බින්දු එක දෙක ඇලේට වැටිලා ජනේලේ වීදුරුව බදාගත්තා. ඒ එක වැහි බින්දුවක් රූටලා යන පාර දිගේ මම වීදුරුවේ මේ පැත්තෙන් ඇඟිලි තුඩින් ඉරක් ඇන්දා. "මම දැන් යන්න ඕන" මම හෙමින් කිව්වා. "වැස්සේම?" ඔයා ඇහුවා.'යන්න එපා' නොකිව්ව එක ගැන හීනි දුකකුත්, හීනි සතුටකුත් අකුණක් වගේ මගේ හිතේ ඇඳිලා මැකිලා ...

අහිමි සඳ “ඊට පස්සේ කුමාරයයි, කුමාරියි සතුටින් ජීවත් උනා…” සීරුවෙන් කතන්දර පොත වහපු ඇය තම සිඟිත්තා දිහා බැලුවා… යටිතොල මඳක් විකාගෙන නිඳියන සිඟිත්තා ඇයට සිහිකළේ ඔහුව… දරුවාගේ පොරෝනාව සැකසූ ඇය ඔහුගේ නළලට අතතබා උණගතිය වැඩිවීමක් නැති බව සැක හැර දැනගත්තා… හිස් වූ යුගල ඇඳට වන් ඇය තමාගේ පොරෝනාව සකසාගෙන සෙමින් දෑස පියා ගත්තේ ඉන් අනතුරුවයි… “අදත් පරක්කුයි…” ඔහු කෙදිරුවේ ඇගේ සවනත ...

ගිටාරය රාහුලන් මුල්ම දවසේ දේශන ශාලාවට ආවේත් ගිටාරයක් පිටේ එල්ලගෙන. පරක්කු වෙලා, කොන්ඩේත් අවුල්කරගෙන. "කොහේද මහත්තයා යන්නේ? බෑන්ඩ් ගහන්න යන ගමන් පාර වැරදිලාද?" රත්නායක සර් ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩම මොහොතකට නතර කරලා ඇහුවේ සවුත්තුවට වගේ. අනිත් ළමයි හිනාවෙද්දි, මේ අමුතු පිරිමි ළමයාත් ඒ හිනාවට හවුල් වුණා. හිනාවෙන්ම ගිහින් එක ළඟ හිස් පුටු දෙකක් තිබුණ තැනකින් වාඩිවෙලා එක පුටුවකින් ගිටාරය තිබ්බා."පිස්සෙක්ද ...

ගිටාරය ඒ ගිම්හානයේ අන්තිම කාලේ දවසක්… එලියේ මහා රස්නෙත් අමතක කරලා මම දුවමින් හිටියේ ටවුමේ සංගීත බඩු කඩේට… විශ්‍රාම ගිය සොල්දාදුවෙක් වෙච්චි ගාර්ඩි මාමා තමන්ගේ පැන්ශන් පඩියෙන් එකතු කරපු සල්ලිත්, වැන්දඹුවක් වුනු අපේ අම්මා මාසගානක් තිස්සේ වීදුරු බෝතලේකට එකතුකරපු සල්ලිත්, ඒ දෙන්නගේ සීමාවක් නැති ආදරයත් එක්ක මගේ අතේ කිටි කිටියේ මිරිකිලා තිබුණා… රෑ පාසැල ඉවරවෙලා යමින් ගමන් මාස ගානක් තිස්සේ ...

සුපැතුම්! for aiming for the moon... and reaching it!මෙයයි කාලය, සිහින ඉටුවන පැතුම් අතැඟිලි අගම සුපිපෙන සිනහවක මුදු රැළිති දිලිසෙන සඳත් තනියට ලංව හිනැහෙන මෙයයි කාලය, සුසුම් වියැකෙන සුභ නිමිති පෙරමඟම දිස් වෙන තරු කිණිති මැද නිතර යන එනදුරත් ළඟ සේ දැනී නොදැනෙන සත් සයුරු දුර මැකෙන දිනකදි නිම් වළලු පියමනින දිනකදි මඳ සුළඟ මඟ කියන දිනකදි නෙතු ළඟම හසරැල් මැවෙනු ...

හිරු මිදෙන හිම සිසිලක..සඳ දැවෙන ගිනි ගිරඟින…තරු ගිලෙන කලු අහසක…දින ළඟලු ලොව වැනසෙන… නුඹේ කඳුලක සිසිලස...මගේ සුසුමක උණුසුම...කැටිව සරලව මුල සිට...නැවත ලොව ඇරඹෙනු ඇත... අලුත් ඉර හඳ තරු යට…ඔබද මම යළි ඉපදෙන…නුඹට මට, අපි හිමිවෙන…දින ළඟලු එය සිදුවෙන… ~තේජාන්~ ...

පියඹමි රන් කෙඳිති දුර විසිරෙන හිරු එළිය පිපි අරුණක විදා අත්තල ගගනත නුඹ සොයා දුර පියඹමි ඉසිඹුලා ගන වන මැද වාලුකා තල පසුකර මීදුමේ පිණි මඟ හැරමඟ සොයා ඉගිලී එමි මකා හෝරා එක එක කාලයේ නැමි දිගහැර දහස් ගව් දුර මිටිකොට අසුරු සැණෙකින් පියඹමි සඳළුතල සක්මන් කරසොයා කුටියේ කවුළුව නුඹ නිදන මුදු හීනෙක සුවඳ තවරා සැඟවෙමි  ...

යාන්තමට නපුරු… දඟකාර ඇස් නුඹේ…ආඩම්බර හිනාව... ඉඳහිට ඇඳෙනා මුවගේ…දිඟු කැරළි කොණ්ඩයට... ලෙලෙන මඳ සුළගේ…ආලය කරමි සැමදා මගේ…හුස්ම වැටෙනා තුරාවට…හුස්ම වැටෙනා තුරාවට… අත්හල ආදරයෙන්... පැටළුණු අතැගිලි අපගේ…කතාකරන ඔබ නෙත්... මඟහැරි මා නෙත් නිබදේ…ගියාට මා තනිකර... සුසුමක්වත් නොතබා රහසේ…සමාව නොමදෙමි මගේ…හුස්ම වැටෙනා තුරාවට…හුස්ම වැටෙනා තුරාවට… රඟදුන් යුරු තෙමෙමින්... සවසක පොද වැස්සේ…සිත රිදවන් ඔරවා බැලු නුඹ... පුංචි ළදැරියක සේ...මාවෙත දිව ආ සැනෙකින්... අමතක ...

බිතු සිතුවම් රූ මෙන් "අපි දනගාන කාලේ ඉඳන් යාළුවො!" මගේ කාර්යාල සගයෙක් ඔහුගේ මිතුරෙක් ගැන මට කිව්වා. ඒ කතාවෙන් මොහොතක් මම යාළුවො ගැන හිතුවා. ඇත්තටම යාළුවො කියන්නේ කවුද? අපි පොදුවේ "යාළුවො" කිව්වට යාළුකම් එකින් එක කොයිතරම් වෙනස් ද? දනගාන කාලේ ඉඳන් ඉන්න යාළුවො ඉන්න පුළුවන්. ඒත් සමහරවිට ඒ ගොල්ලෝ අපේ පෞද්ගලිකම දේවල් දන්නේ නැති වෙන්න පුළුවන්. අද ඊයේ බස් එකේදී, කෝච්චියේදී හම්බ වුන ...

හදවත් සැත්කම “මේ…මේ… ෂ්… ඔව් ඔයාට තමයි කතාකලේ… කියන්නම් මම කතාවක්… අහන් ඉන්නවද ඉවර වෙනකල්…? “ “හැබැයි ඔයා එක උදව්වක් කරන්න ඕනේ ඔන්න… කතාව කියද්දි මට හුස්ම ගන්න අමතක උනොත් ඔයා මට මතක් කරන්න ඕනේ හොඳද..? මොකද මම හදවත් රෝගියෙක්… නෑ රෝගියෙක්ම නෙමෙයි… හදවත් සැත්කමකට මූණ දුන්න කෙනෙක් කියමුකෝ… ඉතින් මට අවවාද කරලා තියෙන්නේ හුස්ම නොගෙන ඉන්න හොඳ නෑ කියලා… හදවත් ...

විඳිනෙමි නුඹව අවැසියි නුඹව දකින්නට හඳුනාගන්නට කටහඬ දැනගන්නට නුඹ ඈතින් එනවිට මනුඹේ සුසුවඳ සිඹින්නට නුඹ නික්මුණු පසු, කුටිය තුළ නුඹ මුදුව පාතබන යුරු හඟින්නට අවැසියි හුරුවන්නට නුඹ දෙතොල් එක් කරන යුරු යන්තමින් මුදාහරින යුරු සිපගැන්මකට මා ළං වූ විට කැමතියි විඳින්නට ඒ සතුට ඔබ මුමුණන විට "තව වරක්" යැයි ~හිමන්දී~ translation of "I want to see you" - a poem by Rumi ...

අමතක කරමුද..? ආදරණීය හදවත...!සමාවෙයන් මට...තියෙන කරදර මදිවට...කරනවට තව කරදර... අමතක කරමුද..?ඉතින් අපි ඇයව...දෙදෙනාම එකතුව...වැඩිකලක් නෑරම...හැකිනම් මේ අද රෑම..? ආදර හාදු ගොන්නම...බලාගන්නම් ඒ ටික මම...ගුලිවුණු උණුසුම එතකොට ඔබට...එදා මැයි ගහ යට පොද වැස්සට... ඇහැකිනම් නම් ඔබට...කතා කරන ඇස්දෙකත්..!මට පුළුවනි ඇගෙ හිනාව..පිරුණු තොල් පෙති එක්කම... කමිස අතේ තැවරී එන හවසට...ලෝලා විලවුන් සුවඳත්…හැකිනම් ඔබට මට හැකියිදිග කැරලි කොණ්ඩය... අදට ඒ ඇති නේද..?අමතක කරමු ඔය ...

"මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්" "අව්වේ තියෙන රැස් මාලා අඩුවේවා ගව්වෙන් ගව්ව දිව මාලිග ඉදිවෙවා" යසෝදරාවතේ කවියකින් මේ මට මතක කොටසක්. මේක ලියලා තිබුණ කොළ කෑල්ලත් මට මතකයි. හතරට නවපු දුර්වර්ණ වුනු කොලයක්. තිබුණේ මිතුරෙක්ගේ පසුම්බියේ. මොකක් නමුත් හේතුවකට මිතුරා නිතර මේ කොළ කෑල්ල එලියට අරගෙන කියෙව්වා. සමහරවිට ඔහුගේ පරණ පෙම්වතියකගෙන් ලැබුණු තිළිණයක් වෙන්න ඇති කියලයි මට ඒ දවස්වල හිතුනේ. යසෝදරාවත පිටිපස්සේ කතාවත් මට ...

දවසක සොඳුරු සවසකසිහිනෙන් නොපැතු පැතුමකහුදකලා කවි පදයකහදිසියෙන් නුඹ හමුවුන මොහොතක් නුඹට තුරුළුව සුසුමක සුවය විඳගමි දෙතොලග නොනිමි රසයකිනවතමි, නැවත සිපගමි මතකය නොමල දිනයකිමැරුවෙමි, නැවත ඉපදිනිදුකද ඉඳහිටෙක සතුටකිසැනසෙමි ලැබුණු ටික ඇති දිවයමි ඈත දුරකටසැඟවෙමි අඳුරු හිමයකගනිනෙමි ඇඟිලි එකිනෙකඑනතුරු මා සොයාගෙන ~තේජාන්~ ...

කළුම අඳුරුම අහසක අතුරමි තරුම සහසක් වියැකුණු සිනා එක එක යළිදු පූදින්න පැතුමක් තුරුද නිසලම හවසක මුමුණමි සුළං රහසක් තැවුල් සිත පිරි දවසක ඇසෙන්නට සෙත් කවියක් ~හිමන්දී~ ...

ඇහැළ මතක ඇහැළ ගහක් ළඟ පාතක තිබිලාවත් නෙමෙයි මම ඒවාට ආදරේ කරන්න පටන් ගත්තේ. "ගේ ඉස්සරහ ඇහැළ පැලයක් හිටවමු!" කියලා ඉස්සර තාත්තාට කියනවාත් මතකයි. ඒත් ගෙවල් ඉස්සරහ හිටවන්න අසුභ ගස් ජාති තියෙනවලු. ඇහැළ එයින් එකක්ලු. ඇත්තටම අපි ඇහැළ ගස් දකින්නේ පොදු තැන්වල විතරයි නේ. ඉතින් ගේ ඉස්සරහට ඇහැළ ගහක් ලැබුනේ නැහැ. මම හිතාගත්තා කවදා හරි මටම කියලා ගෙදරක් තියෙන දවසක මම මිදුලේ ...

සරත් සමයක අඳුරු සවසකඋයන් තෙර වූ මහළු තුරුහිසරැඳුනු මේපල් පතක් රහසෙමගිලිහුනා මෘදු සුළං පහරට සිහින් ස්වරයෙන් පාවෙලා විත්වියලි තුරුපත පොළව සිපගත්අයුරු දැක කම්පිතව තණපත්වරද කාගෙද සොයන්නට ගත් සොඳුරු බැඳුමක අගය නොමදත්කුරිරු මඳනල වරදකරු වෙත්කියද්දී එක හඬින් තණපත්කුහුඹුවෙකු විය එය නොපිලිගත් තුරුපතයි තම සිහින බිඳගත්අතහැරිය තුර නොරැඳි තවකල්වරද එබැවින් එයම නොමවෙදඅසා තවකෙකු වුනා උදහස් නොවෙයි මඳනල නොවෙයි තුරුපතවරදනම් තුරු හිසයි ...

වසා උන්නත් නෙත ඇසේ මුදු මිමිණුම ළඟ ගිතාරයේ තත් මැද ඇඟිලි තුඩු දැවටෙන හඬකැරළි කෙහෙරැල්ලක විනිවිදින නිල් දෑසක දෙතොල මුදු පහසක අතරමං වෙමි මොහොතකඅන්තිමම තනුවට අවසාන මුදු වැයුමට මැකී යන ස්වරයට පෙම් බඳිමි හැමදා මම~හිමන්දී~ ...

Previous Page