‘කඳුවැටියත් මුහුදත් අතරින්...‘ - 2012 මැයි 11 වැනිදා -රමණීය දිනක අරුණළු කාමරය පුරා විහිද ඇත. වොලොන්ගොන් නගරාසන්නයේ පෙදෙසක පිහිටි ධනන්ජය අයියාගේ නිවසේ ඔහුගේ කන්තෝරු කාමරයේ කවුළුවෙන් හිරු එළිය කාමරයට ගලයි. සිඩ්නියේ නවාතැනේ දී දැණුනු ශීතලට වඩා තද ශීතලක් වොලොන්ගොන් හිදී මම අත් විඳිමි. ශීත සෘතුව එළඹ නැතත් උණුසුම් රටක සිට පැමිණි මට මෙම ශීතලය තරමක අපහසුවක් ඇති කරයි. මම යළි පොරෝනය තුළ රැඳෙමින්ම ...

‘වොලොන්ගොන්‘ - 2012 මැයි 09 වැනිදා -සාමාන්‍ය ගමනකදී මා ගොඩ වදින දුම්රිය මැදිරියකට වඩා සුවපහසු දුම්රිය මැදිරියේ අසුන්ගත් මම වේදිකාවේ පියස්සට සවි කොට ඇති ඩිජිටල් ඔරලෝසුව දෙස බැලීමි. දුම්රිය පිටව යාමට තව මිනිත්තු කිහිපයක් ඇත. සෙමෙන් ඇවිද එන මගීහු කිසිදු කලබලයක් නොපෙන්වමින් මැදිරි දොරටුවලින් ඇතුළුව බොහෝ හිස් අසුන් සහිත මැදිරියේ තමනට උචිතයැයි හැඟෙන අසුන් සොයමින් ඔබ මොබ සරති. විශාල සුපැහිදිලි දුම්රිය ...

‘ගිහින් එන්න!‘ - 2012 මැයි 09 වැනිදා -නවාතැන් කාමරය නිහඬ ය. රැකියාවට ගිය පැට්‍රික් තවමත් පැමිණ නැත‍........ ෂින් ද පෙනෙන්නට නැත. ෂින්ගේ ඇඳ මත කුඩා ග්‍රොසරි බෑගයක ඇඳුමක් සහ දත් බුරුසුවක්, ෂැම්පු බෝතලයක් වැනි අඩුම කුඩුම කිහිපයක් ඇති බව පෙනේ. කාමරයේ ගත කළ සෑම තත්පරයකම ක්‍රියාත්මක වෙමින් ඔහු වෙත ජපාන සජීවකරණ චිත්‍රපට දායාද කළ ඇපල් පරිගණකය ද හකුලා ඇඳ මත ය. ...

-2012 මැයි 07 වැනිදා - විසි හතර පැය විවෘත සවන් -ඉලවන් වෙළඳ සැළක් රීජන්ට් වීදියේ කෙළවර වර්ණ ආලෝක සංඥා අසළ වේ. මග දිවෙන රථ නතර කරෙන රතු එළිය දැල්වී පදිකයින් වූ අපට කොළ පැහැ මගී සංඥාව ලැබුණු විගස ජුන් සහ මම මාර්ගය අනෙක් පසට පැන ගත්තෙමු. වේලාව රාත්‍රී නවය පසුවෙමින් තිබිණ. ප්‍රධාන නගරය දෙසින් පිටතට දිවෙන රථවලත්, නගරය දෙසට යන ...

චෙස් පොඩ්ඩෝ 2012 මැයි 05 වැනිදාදුම්රිය මැදිරිවල දිනකට කෙතරම් වේලාවක් ගත කරන්නට වෙත්දැයි මට අදහසක් නැත. උතුරු දිගට හෝ බටහිර දෙසට දිවෙන සිඩ්නියේ ප්‍රත්‍යන්ත දුම්රිය මාර්ග ඔස්සේ මට නියමිත පාසැල් වෙත යන්නට පුළුවන. වෙරළාසන්න කූගී පෙදෙස වෙත හා රැන්ඩ්වික් වෙත යන්නට පමණක් දුම්රිය මගක් නොමැති අතර මා එපෙදෙස්වලට යා යුතුව තිබුණේ බස් රථයෙනි.නෝමන්හර්ස්ට්, කූගී, රැන්ඩ්වික්, චැට්ස්වුඩ් සහ බීක්‍රොෆ්ට් යන ප්‍රත්‍යන්ත නගරයන්හි ...

චෙස් ශූරයෝ (2012 අ‌ප්‍රේල් මස 30 වැනිදා) විදුලි දුම්රියේ මැදිරියක ඉහළ මාලයේ කවුළුවක් අසළ ආසනයේ අසුන්ගත් මම සතුටින් වටපිට බැලීමි. මධ්‍යම දුම්රියපළේ වේදිකාංගන කොපමණදැයි මා හරිහැටි දන්නේ නැත. දුම්රිය ගමනට පෙර ගමනාගමන විස්තර ලබාගත හැකි පරිගණක වෙබ් අඩවියෙන් දුම්රියේ වේලාව සොයාගත් මම මෙහි පැමිණියෙමි. නවාතැනේ බිම් මහලෙන් පසුපස වීදියට බැස ඉදිරියට යාර කිහිපයක් ගිය තැන දුම්රිය පළේ උතුරු පිවිසුම කරා දිවෙන උමං ...

මැලේසියානුවෝ (2012 අප්‍රේල් 29 වැනිදා)පැරණි ඉංග්‍රීසි බලකොටුවක සිරිය පළ කරමින් චතුරශ්‍ර ගොඩනැගිල්ල පසෙකින් දිස්වෙයි. සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඇති පැරණි ගොඩනැගිලි අතර මුල් තැනක් හිමිව තිබුණේ චතුරශ්‍ර ගොඩනැගිල්ලට ය. ගුරු පැහැ, මහල් ගොඩනැගිල්ලේ සිරිය තවත් ඉහළ නගින්නේ එහි පෙරබිමෙහි විහිද යන පිටිය නිසාවෙනි. කොළ පැහැ තෘණ පිරි පිටිය කෙළවරට වී, වික්ටෝරියා උද්‍යානය දෙස සිට, චතුරශ්‍ර ගොඩනැගිල්ලෙහි අලංකාරවත් ගෘහ නිර්මාණය විඳින්නට සිතුවිල්ලක් පහළ ...

එසේ මුත් විහඟ... මා විහඟ...  ඔබ පියාපත හකුලන්න - සැඟවෙන්න  කාලය නොවේමැයි... පශ්චාත් උපාධියක් හදාරනු වස් විදේශ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වන්නට වරම් ලැබීම අප රට සමාජයේ ඥාණයට ගරු කරන්නන් අතර ඉහළ වටිනාකමක් ලැබෙන සිදුවීමකි. සිඩ්නි විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට ලද සුදුසුකම කණ වැකුණු බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම සම වයසැති කථිකාචාර්ය මිතුරන්ද සුභ පැතුවේ ලද අවස්ථාව ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන්නැයි සඳහනක් ද තබමිනි.“හොඳටම ඉංග්‍රීසි හදාගන්න, කාටවත් වැරැද්දක් හොයන්න බැරි වෙන්න... ඉන්න කාලෙ පුළුවන් තරම් කියවන්න, ...

‘වසන්තය, ගිම්හානය, සිසිරය, ශීතය හා... යළිත් වසන්තය‘ (2012 අ‌ප්‍රේල් මස 24 වැනිදා) රීජන්ට් වීදියේ කෙළවරින් පැරමටා පාරට හැරුණු මම විශ්වවිද්‍යාලය වෙත පිය එසවීමි. රීජන්ට් වීදියේ නවාතැනේ සිට විශ්වවිද්‍යාලය වෙත ඇවිද යාමට ගතවන්නේ විනාඩි පහළවක - විස්සක කාලයකි. ප්‍රධාන නගරයෙන් පිටව නිව් ටවුන් දෙසට යන බසයක නැගී ඒ වෙත යාමට ගතවන්නේ විනාඩි කිහිපයක් වුව ඒ සඳහා ගෙවිය යුතු මුදල විශාල හෙයින් බස් නැවතුම දෙස නොබලාම මම පෙරට ඇවිද ...

ගනේෂ් (2012 අ‌ප්‍රේල් මස 20 වැනිදා -සිකුරාදා )නිල්වන් අහස් ගැබත්, දිදුලන සූර්යාලෝකයත් සිඩ්නියට පැහැදිලි දිනක් එළඹ ඇති බව කියයි. මධ්‍යම දුම්රිය පළ ඉදිරිපට බුහුටි තණනිල්ල මත වාඩි වූ මම ගනේෂ් ද සමග, මොහොතකට පෙර ‘සබ් වේ‘ අවන්හලින් මිළට ගත්, එළවළු සැන්විචස් රස විඳින්නට පටන් ගත්තෙමි. මහ මග නොකඩවා ඇදෙන රථ පෙළ වර්ණ ආලෝක සංඥාවන්ට කීකරු වූ වහාම මාර්ගය හරහා එන මහ ...

වැස්සත් සමග.... (අවසන් කොටස) (පසුගිය ලියවිල්ලෙන්...)කාන්තාරයක ගමන් කරන්නෙකුට ක්ෂේම භූමියක් මුණගැසීම තරම් තවත් සතුටක් නොවන බව අපි කොතෙකුත් වර කියවා ඇත්තෙමු. එනිසාම දුර පෙනෙන මිරිඟුවට රැවටී දිවිය හානිවන තෙක්ම ඒ පසුපස ගිය මිනිසුන් පිළිබඳ අනුවේදනීය කතා ලෝක සාහිත්‍යය තුළින් ඇසුරු කර ඇත්තෙමු. වනයක අතරමං වූවකුට ද මිනිස් වාසයක් පිළිබඳ දැනෙන සුළු සංඥාවක් වුව ගෙන එන සතුට පෙර කී ක්ෂේම භූමිය හමුවන්නාට දැනෙන සතුටම ...

වැස්සත් සමග... (2 වන කොටස) (පසුගිය ලියවිල්ලෙන්...)රණමුරේ ග්‍රාමයෙන් පිටවන්නට මොහොතකට පෙර...සිහිනයකදී, මහත් බියජනක සිද්ධියක් දැක ඒ නිසාම මහහඬින් මොර දෙන්නට යද්දී ශබ්දයද නොනැඟෙන විට දැනෙන තිගැස්සෙන සුළු භීතිය මා මෙන්ම ඔබද අත් විඳ ඇතැයි සිතමි. විශාල එනසාල් පත් මතට මහ හඬ නංවමින් ඇද වැටෙන වැසි බිඳු, අඳුරු වනාන්තරය තුළ වන භංයකරත්වය ගුණාකාරව වැඩි කර දුන් අතර කිසිදු මග සළකුණක් නොපෙනෙන, බැලු බැලු අතින් එනසාල් ...

වැස්සත් සමග... (2012 අ‌ප්‍රේල් මස 18 වැනිදා බදාදා)ධාරාණිපාත වර්ෂාවක පෙර ළකුණු පල කරමින් සිඩ්නියේ අහස් කුස තදින් කළු පැහැ ගැන්වෙමින් තිබිණි. මුහුදුබඩ පිහිටි නගරය හරහා හමන කටුක සුළඟ තරමක් රළු ස්වභාවයකට හැරෙන්නට විය. රැකියාව නොමැති වූ පසු, වැඩි කතා බහකින් තොරව නිහඬව කල් යැවූ ජුන් කිසිවිටක සවස් කලෙක නිවසින් බැහැර යනු මා දැක නොතිබුණ ද ජැකට්ටුව ද ගනිමින් ඔහු සූදානම් වන්නේ ...

අවුරුදු ( 2012 අ‌ප්‍රේල් මස 15 වැනිදා ඉරිදා )මධ්‍යම දුම්රිය පළෙන් පෙනන්ට් හිල්ස් බලා දිවෙන දුම්රියකට ගොඩ වැදුණේ සිඩ්නි නුවර ශ්‍රී ලාංකිකයින්ගේ අවුරුදු උත්සවයට යන්නට ය. කිසිදු කිරිබතක්, කැවුම් ගෙඩියක් නොදුටු ජීවිතයේ ප්‍රථම සිංහල අවුරුද්ද මෙයයි. සිඩ්නි දුම්රිය ගමන් තරමක් හුරු වී තිබුණ ද පෙනන්ට් හිල්ස් ගමන තරමක දිගු කාලයක් ගන්නා එකකි. මධ්‍යම දුම්රිය පළෙන් පිටවන දුම්රිය, උමං මාර්ගයක් ඔස්සේ ...

ඩාලින් හාබරය දෙසට ඇවිද යාම (2012 අ‌ප්‍රේල් මස 08 වැනිදා ඉරිදා)කලින් තීරණය කරගෙන උන්නාක් මෙන් හිරු උදාවත් සමග කුසීතකම හා පාළුව ඔබ වෙත පැමිණ සිටිනු ඇතැම් උදෑසනවලදී ඔබට දකින්නට ලැබෙනු ඇත. සමාගමයට කෙතරම් අකමැති මොහොතක වුව මෙම මිතුරන් දෙපළ පැමිණි පසු පිටත් කරවීම පහසු කරුණක් නොවන බවත් ඔබටම වැටහී යනු ඇත.නිවැසියන් හා නෑ මිතුරන්ගෙන් දුරස්ථව ගෙවෙන කාලයේ දී හමුවට එන මෙම සමාගමය ලෙන්ගතු මිත්‍ර සමාගමයක් ...

රස්සා... (2012 අ‌ප්‍රේල් මස 05 වැනිදා) දයාබරිත සිනහවක් සහිතව නිතර අප සමග කුළුපගව විසූ ජුන්ගේ සිනහව එක්වරම අතුරුදන් විය. සිඩ්නියේදී, නීත්‍යානුකූලව පැයක සේවයට ඩොලර් 18-20 ක අවමයක් ගෙවිය යුතු වුව ඩොලර් 11කට නගරයේ ප්‍රධාන කොරියානු හෝටලයක සේවය කළ ඔහු හේතු නොදන්වාම සේවයෙන් පහ කර තිබිණි. “අද උදේ වැඩට ගියාම කිව්ව මාව අයින් කළා කියල... හේතුවක් කිව්වෙ නැහැ...“අසරණ මුහුණින් යුතුව ජුන් පැහැදිලි ...

දොස්තරලා සහ සේවකයෝ (2012 අ‌ප්‍රේල් මස 03 වැනිදා අඟහරුවාදා)ඕනෑ ම සේවා ස්ථානයකදී ඔබට හමු වන ආයතන සේවකයා ඉතා සුහද ලෙස ඔබට කෙසේ දැයි විමසීම ඔස්ට්‍රේලියාවේ දී සාමාන්‍ය සිරිතකි. එහෙත් පිළිතුර කුමක්දැයි සෙවීමට මාහට මඳ වේලාවක් ගත වූයේ සී.ටී. ස්කෑන් පරීක්ෂණයට පරීක්ෂණාගාරයට ගිය විට එහි සේවිකාව එසේ විමසූ විට ය. මෙහිවිත් ටික දිනකින් මතුව ආ කොන්දේ වේදනාවක් ගැන අසා මා මෙම පරීක්ෂණයට යොමු ...

ගිනි මහත්තුරු (2012 අප්‍රේල් මස 01 වැනිදා) මසකට ආසන්න කාලයක් ගත වෙමින් පැවතුණ ද තවමත් සිඩ්නි නගරය හා ඔස්ට්‍රේලියාව මා හට ආගන්තුක ය. කාලගුණයේ කිසිදු වෙනසක් නැතත් රාජ්‍ය මට්ටමින් ඔස්ට්‍රේලියානුවෝ අද සරත් කාලය ආරම්භ කළහ. ඒ අනුව අප්‍රේල් පළමුවැනිදා ඇරඹුනේ දිවා කාලය රැක ගැනීම වෙනුවෙන් ඔරලෝසුව පැයක් පසුපසට ගනිමිනි. එම නිසා ඊයේ රාත්‍රියට මධ්‍යම රාත්‍රින් දෙකක් එළඹෙන්නට ඇත! පසුගිය සතිය පුරාම සිරුරට ...

බ්‍රොන්ටි වෙරළට වී බලා සිටියෙමි (2012 මාර්තු මස 25 වැනිදා)රීජන්ට් වීදියට පැමිණ ගෙවුණු දින කිහිපය තුළ කිහිපවරක්ම විවිධ විනෝද ගමන් සඳහා නවාතැන් සගයින් ආරාධනා කළද ඒ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළේ අතමිට යහමින් මුදල් නැති මොහොතක අනවශ්‍ය ගමන් බිමන් වලින් තවතවත් කරදර මතුවේයැයි හැඟුණු නිසාවෙනි. සතිය පුරා යන්ත්‍ර මෙන් වැඩ කරන සිඩ්නි නුවරු සති අන්තයන් විනෝදවීම් සඳහා වෙන් කර තබති. මෙනිසාම විශේෂ හේතුවක් නොවන්නේ නම් ...

බැරිවෙයිද බිත්තර කොත්තුවකුත් ගේන්න ඒත් එක්ක? (2012 මාර්තු 21 වැනිදා) සිඩ්නියට පැමිණ දින කිහිපයක් ගෙවී ගිය තැන විශ්වවිද්‍යාලයේ බැංකු ශාඛාවක් වෙත ගිය මම එහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය සොයා ගතිමි. සිඩ්නියේ අධික වියදම කිසිවකුට ඉහිලුම් නොදෙන්නකි. තිදෙනෙකුගෙන් සමන්විත කාමරයේ මගේ කොටස සඳහා සතියකට ඩොලර් එකසිය විසිපහක මුදලක් ඇනීට ගෙවීමට සිදුව ඇත. ඒ අනුව මම මසකට ඔස්ට්‍රේලියානු ඩොලර් පන්සියයක් ඇනී වෙත ගෙවමි. රුපියල අවප්‍රමාණ වෙද්දීම ලංකාවෙන් පිටව ආ ...

Previous Page