“මිනිසකු තවත් මිනිසෙකු ඉදිරියේවැඳවැටිය යුතුද?” නමින් මෙහි පලවූ ලිපිය ගැන වත් පොතෙහි වූ සංවාදයකට රිටිගල ජයසේන සහෘදයා විසින් දීර්ග ප්‍රථිචාරයක් දක්වා තිබුනි. බ්ලොග් කියවනනන් වෙනුවෙන් එය මෙහි පලකරමි. ************************************************* කැමති ඔනෑම් කෙනෙක් තමන් කැමති ඔනෑම කෙනකුට වැන්දාට කමක් නැත. මෙය තරමක් පසුගාමි ගෝත්‍රික චාරිත්‍රයක් (නූතන ලෝකය විසින් අතහැර දැමූ) නිසා ප්‍රසිද්ධියේ නොකරනවානම් වඩා හොඳය. ඒ වගේම මා කාගෙන්වත් වැඳුම් බලාපොරොත්තු ...
අතීතයේ එක්තරා යුගයක මිනිසා තම අවශ්‍යතාවයන් හා ආරක්ෂාව සලසාගැනීමට ගෝත්‍ර වශයෙන් සංවිධානය වී සිටියහ. ලෝකය පුරාම විසිර සිටි මෙම ගෝත්‍රිකයින් ලංකාවේද විසූ බව යක්ෂ,නාග,රාක්ෂ, දේව ආදීන් ගැන ලියැවී ඇති ෙඑතිහාසික මූලාශ්‍ර වලින් තහවරැ වේ. භූමිය, භවභෝග,සතුන්,ස්ත්‍රීන් අත්පත්කර ගැනීම සඳහා මෙම ගෝත්‍ර අතර වරින් වර සටන්ද සිදුවිය. මෙම සටන් වලදී යටත්වූවන් ශ්‍රමයේ වූ වැදගත්කම සලකා බොහෝ විට මරා දැමුනේ නැත. ජයග්‍රහී ...
“දෙසැම්බර් 21 දාට ලෝකෙ විනාස වෙනව කියන බොරැ කථාව කොහොම හැදුනද මන්ද”අල්ලපු ගෙදර සරත් වැට අසලට වී කල්පනා කරමින් සිටිනවා දුටු මම කීවෙමි. “ඔය බොරැව දැන්වත් නවත්තල දාපං” සරත් මාගේ කථාවට අප්‍රසාදය පල කලේය. “බොරැව කිව්වෙ ලෝකෙ විනාස වෙනව කියන කථාවද” මම ඇසුවේ ඔහුගේ අප්‍රසාදය තේරැම් ගැනීමට අපහසු වූ නිසයි. “නැහැ. ලෝක විනාසෙ වෙන්නෙ නෑ කියන කථාව” සරත් කේන්තියෙන් කීවේය. ...
“ඔන්න ලොකු මහත්තය මේ සැරේනම් පුංචි මහත්තයට හරියටම හරියන මනමාලියක් හොයාගත්ත” කපු මහත්තය ගෙදරට ගොඩ උනේ ලෝකෙ තියෙන අමාරැම දේ කරගෙන ආව වගේයි. “වාඩි වෙලා ඉන්නකො කපු මහත්තය” කපු මහත්තයගෙ තරම දන්න හින්දම පෙරේර මහත්තය කලබල නැතුව කිව්ව. ඉටි රෑපයක් වගේ ලස්සන පුංචි නෝන” කපු මහත්තයගෙ කථා සද්දෙට පෙරේර නෝනත් එලියට ආවිත් ලඟ තිබුනු පුටුවක ඉඳගත්ත. “ආංඬුවෙ ලොකු රස්සාවක් කරන්නෙ.රට ...
ඔන්න එකමත් එක රටක් තිබුන. මේ රටට කිව්වෙ ධර්මද්වීපය කියල. මේ රටේ තිබුන පරන පෙට්ටමක්. හැමෝම කිව්වෙ මේ පෙට්ටගමේ ධර්මය තියෙනව කියල. මේ රටට ධර්මද්වීපය කිව්වෙත් මේ නිසා. හැබැයි කවුරැවත් මේ පෙට්ටගම ඇරල බලලනම් තිබුනෙ නෑ. මේ පෙට්ටගම කරගහගෙන යන කට්ටියකුත් රටේ හිටිය. මේ අය කිව්වෙ මේ පෙට්ටගම අවුරැදු 2500 කාලයක් තිස්සෙ එයාල කරගහගෙන ආව කියල. ඉතිං මේ අය පෙට්ටගමට ...
රාජපක්ෂ ආංඬුවට නීතියෙ ඉතිරිව ඇති අන්තිම යට ඇඳුමත් ගලවනතුරැ නින්ද යන පාටක් පෙනෙන්නට නැත. අවිනිසුරැවරියද අවනතවන බවක් පෙන්වන්නේ නැත. දේශාභියෝගය හරහා ඇයව ඉවත්කිරීම පහසු කටයුත්තක් නොවන බවද පෙනේ. ආංඬුවේ අපේක්ෂාව වන්නේ ඉල්ලා අස්වන තැනට ඇයව පෙළඹවීමයි. අවසානය කුමක් වුවද ඇය වෙවැනි සටනකට පිවිසුනේ ඇයි දැයි මදක් සිතා බැලීම වටී. ඒ ඇයට බොහෝ දෙනෙකුමෙන් ඉතා පහසුවෙන් අවනත වී බොහෝ දේ ලබා ...
උගන්ඩා ජනාධිපතිතුමාව හම්බවෙන්න අපේ ජනාධිපතිතුමා බලගෙන හිටියෙ ඉවසිල්ලක් නැතුව. ලොක්කෙක් උනාම ඒක දැනෙන්නෙ පොඩ්ඩො ලඟ ඉන්නකොටනේ. ඒත් මෙහේ ඉන්න එවුන් නම් දැන් සේරම පොඩි වෙලා. නැත්නම් පොඩි කරගෙන. දෙකටම නැමිලම තමයි ඉන්නෙ. ඒක නිසා ජනාධිපතිතුමාටත් දැන් මෙහේ ඉන්න එවුන් ලඟදි කිසි ගතියක් දැනෙන්නෙ නෑ. දැන් ජනාධිපත්තුමාගෙ ට්‍රයි එක පිටරට එවුන් දෙකට නමා ගන්න. ඒත් ඉතිං ඇමරිකන් කාරයො එංගලන්ත කාරයො දෙකට ...
ජනාධිපතිතුමා අයවැය හදන්න පොතකුයි, පෑනකුයි අරගෙන මේසෙ ලඟින් ඉඳගත්ත. මුලින්ම ජනාධිපති වෙච්ච මම බෙදාගන්න එපායැ කියල හිතාපු ජනාධිපතිතුමා ලොකුම පංගුව තමන්ටම බෙදා ගත්ත. ඊලඟට නැවතිල්ලෙ තවත් ටිකක් කල්පනා කරේ ඇතිවෙයිද කියල ෂුවර් නැතුව. ආර්්‍යාව, දරැවො තුන්දෙනා ගැනත් නොහිත පුළුවනෑ. අත්තෙ ඉන්න එකා කන්න ඕන අත්තෙ තියෙන දෙයක්ම තමයි. මෙහෙම හිතාපු ජනාධිපතිතුමා මදිඋනොත් විසර්ජන පනත් ගේන්න කරදර වෙන්නෙ මොකටද කියල හිතල ...
සුරතල් නංගියෙ ශිරානි නැන්දා - නීතිය හොඳ හැටි කර නම්මා පොඩි අප රැක ගන්නට හදනා හින්දා - නැන්දට මම වැන්දා අයියා කීවා මට හරි නෑ - මහිනද මාම වැඩිය හොඳයි නිතරම අප ගැන සං-වේදී හින්දා - මාමට මම වැන්ඳා නංගී එය හිතුවොත් වැරදී - එතකොට නංගිට පවු සිදු වෙයි අප හට නීතිය කඩවෙනු බල බල - නැන්දා දුක් වින්දා මාම ...
“මේ තමයි ලෝකෙ අටවන පදුමය හැටියට සැලකුන සීගිරිය” රජයේ නිළධාරියකු අධ්‍යාපන චාරිකාවකට පැමින සිටි ශිෂ්‍යයින් පිරිසකට සීගිරිය ගැන කරැනු පහදයි. “මීට අවරැදු 2000 විතර ඉස්සර කාශ්‍යප රජතුමා තමයි සීගිරිය මුලින්ම තමන්ගෙ රාජ්‍යය කරගෙන සීගිරි ගල උඩ තමන්ගෙ මාලිගාව හදාගත්තෙ” නිළධාරියා ඉතා උවමනාවෙන් කාශ්‍යයප රජතුමා,මුගලන් කුමරැ, ඔවුන් අතර ඇතිවූ යුද්ධය,සීගිරි අප්සරාවන්, ඒ හා බැඳුනු නොයෙක් මතවාදයන් ගැන ලමයින්ට දීර්ගව විස්තර කරයි. ...
මහින්ද මහත්තය තරැණ කාලෙ හරි සෙල්ලක්කාරය. මංත්‍රීකම හම්බඋනෙත් තරැණ කාලෙම උනාට ඔය ගාය නම් නැතිවෙලා තිබුනෙ නෑ.(බොරැනම් ගමේ අයගෙන් අහල බලන්නකො) ඒ කාලෙ කරපු නොයෙක් නොයෙක් ජාතියෙ සෙල්ලම් තිබුනට එතුමා වැඩියම කැමති දඩකෙලියටලු. මේ හන්දම තමා එතුමට පස්සෙ කාලෙක කොටි දඩයම් කරන්න හිතුනෙත්. මේ කථාවත් එතුම දඩයමේ ගිය දවසක වෙච්ච සිද්ධියක්. හැබැයි එදානම් දඩකෙලියට ඒ තරම් සුභ දවසක් වෙලා තිබුනෙ ...
දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය කියන යකා එලවන්න විමල් ඇමතිතුමා මහ තොයිලයක් නටනව නෙවැ මේ දවස්වල. මේ ගැන අපේ පත්තර මිත්‍රයෙක් පොඩි ඉන්ටර්වීව් එකක් කරන්න ඇමතිතුමාගෙ ගෙදරට ගිහිල්ල. ඒත් ඒ වෙලාවෙ ඇමතිතුමා එලියට ගිහින්. ඉතිං අපේ මිත්‍රයත් ඇමතිතුමා එනකන් ආර්යාව එක්ක පොඩි කදයක් දාගෙන ඉඳල. මුලින් තියෙන්නෙ ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාව. දෙවනුව ආර්්‍යාව එක්ක දාපු කදේ. ආ.. තව දෙයක්. ඔය පත්තර ...
ජෝන් කොතලාවලයි බංඩාරනායකයි හෙලුවෙන් නාන්න ගිහින් අනාගත්තු හැටි ගැන හුඟදෙනෙක් අහල ඇතිනෙ. ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ඒක මතක්කරල දීලම අලුත් වර්ෂන් එක කියන්නන්. ජෝනුයි බංඩයි ඔය කොහේදෝ කරක් ගහන අතරෙ පොකුනක හොඳ ලස්සනට වතුර පිරිල තියෙනව දැකල හිතුලු නාගන්න. ඒත් දෙන්නටම නාන ඇඳුම් තිබිල නෑ. වටා පිටාවෙ පේන්න කවුරැවත් හිටියෙත් නැති එකේ මොන ඇඳුම්ද කියල හිතල දෙන්නම ඇඳුම් ...
අනුරාධපුර සමාධි ප්‍රථිමාව හා නෙළුම් පොකුණ මේ අනුරාධපුර ශිෂ්ඨාචාරයතුල බිහිවුනු විශිෂ්ඨ නිර්මාන. තාක්ෂනය, යෙදවුම් පිලිබදව නිෂ්චිත කරැනු හෙලිදරව් නොවුනත් ඉන්දියානු මහා සම්පුදායට වඩා අනන්‍යයතාවයක් පෙන්නුම් කරන දේශීය නිර්මාන බවට විද්වතුන් අදහස් දක්වා තිබේ. රම්බඩගල්ල සමාධි ප්‍රථිමාව හා නෙළුම් පොකුණ රඟහල මෙහි පලමුවැන්න දැනට ඉදිවෙමින් පවතින ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රථිමාවයි. දෙවැන්න මෑතකදී ඉදිවූ ලංකාවේ විශාලතම රඟහලයි. මේ සමාධි ප්‍රථිමාවේ ඉදිකිරීම් ...
රැකියාව අතහැර දමා අප්ප කඩයක් දමා ගැනීම හොඳයැයි මට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඉවසීම නැතිවූ මොහොතක මම මේ පිලිබඳව මිතුරෙකු හා පැවසීමි. “ආප්ප කඩයක් දාන්න උනත් දැනගෙන ඉන්න ඕන. උඹ මොනවද ආප්ප හැදීම ගැනයි, වෙළදාම ගැනයි දන්නෙ”ප්‍රමිතිය, පාරිභෝගික ආඥා පනත ආදී ඔහු පැවසූ බරපතල වචන ඇසූ මම නොදන්න දේ කිරීමට ගොස් වරිගය නසා නොගන්නට තීරනය කලෙමි. *********************************************** දින කීපයකම ...
“මට පොඩි උදව්වක් කරපං මචං” ආගිය කථා විමසීමෙන් පසු ඔහු මගෙන් ඉල්ලා සිටියේ වට පිට විමසිල්ලෙන් බලා හඬ මදක් බාල කර ගනිමිනි. “මොකක්ද බං. පුළුවන් දෙයක්නම් උඹ වගේ කෙනෙකුට නොකර ඉන්නෙ නැති බව දන්නවනේ” අපේ ගමේම ,පිලිගත් පවුලක අයකු වූ ඔහු ගැන මම කුඩාකල සිටම දැනසිටියෙමි. හොඳින් ඉගෙනගෙන යහපත් රැකියාවක නිරත වූ ඔහු තවමත් අවිවාහක වුවද ගමේ රටේ ආගමික ...
ඉඩක් ලැබුනු විට කොහේ හෝ දුර ඈතක කරක් ගැසීම මගේ පුරැද්දකි. ලඟදී දිනෙක හම්බන්තොට ප්‍රදේශයේ කල සංචාරයකදී ඈත ගොවි ගම්මානයකට යෑමේ අවස්ථාව මට ලැබුනි. එහිදී මට මැදිවියේ පසුවන ගොවියකු මුන ගැසුනි. වාස දේස කථා බහෙන් දැන ගත හැකි වූයේ ඔහු විශ්‍රමික බවයි. "ඇයි විශ්‍රම ගත්ත කියන්නෙ. ලෙඩක් දුකක් එහෙම තියෙනවද?” “දෙයියනේ කියල තවම ලෙඩක් දුකක්නම් නෑ මහත්තයො. ඒත් තියෙන ...
කෙනෙකුගේ කථා බහ අනුව ඔහු කුමනාකාර පුද්ගලයෙකුදැයි කීමේ අපූරැ හැකියාවක් ඇති මගේ මිත්‍රයෙකු සිටී. ඊයේ උදෑසන බස් නැවතුමේදී මේ මිතුයා මට හමුවිය. බස් නැවතුමේ සිටි තවත් මගීන් කීප දෙනෙකුගේ කථා බහත්,ඔවුන් පිලිඳව මාගේ මිත්‍රයාගේ අදහසත් මෙසේය. 1 මගියා “මංජුල තිලකරත්නට පහර දීල තියෙන්නෙ දරැවයි නෝනයි ඉස්කෝලෙට ඇරලවල එද්දි නේ” පලමු මගියා සිද්ධිය සිද්දිය අසින් දැක්කාක් මෙන් විස්තර කරයි. “මිනිහ මාධ්‍යයවේදියෙක්” ...
මගේ කවි රෝස පෙති තරම්සුමුදු නොවන්නට පුළුවන්ය.පෙම් හසුනක් තරම්පේ්රමනීයනොවන්නට පුළුවන්ය.පොප් ගීතයක් තරම් සරලනොවන්නටද පුළුවන්ය.නමුත් තේරුම් නොහැකිසංකීර්ණ වන්නටද නුපුළුවන්ය.මේ කවි උපන්නේ කෙලෙසමට පෙම් නොකල නුඹමා යුතුකම් ඉටු නොකරන මාපියන්පව්කාරයෙකියි මට ගරහන සමාජයමේ කවි මට දුන්නේ පරීත්‍යාග ලෙසනමුත් ඒවා මට අයිති නැත.පේ‍්‍රමය අහිමිව කාබන් වගුරන පෑනකොපි කොල වල ඝනීභූත කලපේ්රමය කවියක්ය.යුතුකම් ඉටු නොකරන මගේ හදවතබරකරන මාපිය සෙනෙහස මටදරා ගත නොහැකි කවියක්ය.කුරිරු සමාජයෙන් ...
අපේ අල්ලපු ගෙදර ඉතා හුරැබුහුටි කොලු පැංචෙකු සිටී. මා නිවසේ සිටින සෑම විටම සෙල්ලමට ඈඳා ගැනීමට ඔහු උත්සාහ ගනී. ඊයේ සවස මට ඔහුගෙන් බේරී ගත නොහැකි වුයේ තවත් තවත් සගයන් කීප දෙනෙකුද ඔහු හා එකතුව සිටි නිසයි.“හරි පුතා. අද මොනවද ඔයාල කරන සෙල්ලම. හැංගිමුත්තන් කරනවද? එහෙම නැත්නම් ඔට්ටු සෙල්ලම් කරනවද?”“අපෝ අංකල්, ඒව පරන සෙල්ලන් නෙ. අපි අද කරන්නෙ අලුත් සෙල්ලමක් ...