සිරාගේ රට කථා මාලාවේ අද දෙවන දවසයි. සිංගප්පූරුවේ රැකියාවක් සදහා අයදුම් කිරීමට ප්‍රථම එයට අදාළ නීති රාමුව පිළිබද අවබෝධයක් ගත යුතුමය. ඒ සදහා මට හැකි අයුරින් අත්වැලක් වීමට සිතා ගතිමි. අද ලියවිල්ල ඒ කාරිය සපුරනු ඇත. රට කථා පළමු කොටසට මෙතැනින් යන්න.සිංගප්පූරුව රැකියාවක් ලබා දීමේදී අධ්‍යාපන සුදුසුකම් ඉතා දැඩිව සලකා බලන රටකි. උපාධියක් නැතිනම් තමාගේ ක්ෂේත්‍රයට අදාළව ඩිප්ලෝමාවක් හෝ ලබා ...
මාස දෙකකට වැඩියෙන් ගත වූ කාල සමයකින් පසු සයිබරයේ මගේ පුංචි අවකාශය තුල සිට නැවතත් ඔබ හමුවීමට ලැබීම සැබවින්ම සතුටට කරුණකි. සිරාගේ කාමරය නිසොල්මන් වී ගෙවී ගිය කාල සමය තරම් මගේ ජීවිතයට අත්දැකීම් එකතු කල තවත් කාල සමයක් නැත්තේමය. එහි දුක මෙන්ම සතුටද එකසේ තිබේ. මාර්තු මස දෙවැනි දින උපන් බිමෙන් සමුගෙන නොදන්නා රටකට ගියේ දන්නා කියන වයසේ සිට හිතේ ...
මේ පෝස්ටුවේ සිට රට කථා කියන්නට මම කලින් සිතා සිටියෙමි. සිරාගේ කාමරයට පැමිණි බොහෝ අයගේ ඉල්ලීම වූයේද එයයි. එනමුදු හදිසියේ මා ලද විද්යුත් ලිපියක් ඒ සියල්ල කණපිට පෙරලූයෙන් කලින් සැලසුම් නොකලද මෙවන් ලිපියක් අද සිරාගේ කාමරයේ හදිසියේම පලවෙයි. ඔබ බ්ලොග් ලියන්නේ ඇයි ? මේ ගැටළුවට විවිධ අය විවිධ පිළිතුරු දිය හැකි වුවත් සිරාගේ අවංක පිළිතුර නම් මා බ්ලොග් ලියන්නේ සිරා ...
මාස දෙකකට කලියෙන් සිරා අවසන් බ්ලොග් සටහන නිමා කලේ “ සිරාගේ කාමරයට කෙටි විරාමයක් තබමි. එනමුදු නුදුරු දිනයක නැවතත් කාමරයට යන එන ඔබ වෙනුවෙන් නිසැකවම ලියමි. යනුවෙනි. අවිනිශ්චිත අනාගතයක් පිළිබද සුභවාදීව සිතමින් සිරා මවුබිමෙන් සමුගැනීම එයට හේතුවයි. නැවතත් කාමරයට පැමිණ මා කියවන උන් වෙනුවෙන් යමක් අකුරු කරන දිනය නිසැකවම දක්වන්නට ඒ අවස්ථාවේදී මා අපොහොසත් විය. මාස දෙකක විරාමයකින් පසු යළිත් ...
පාසල් ප්‍රධාන ශාලාව මීයට පිම්බාක් මෙනි. අ.පො.ස සා/පෙ කඩුල්ල පනින්නට සූජානම් ව සිටින කොලු නඩේ වෙනදා නැති උනන්දුවකින් විභාගයට පෙර පැවැත්වෙන අවසාන දේශන කීපයට සවන් දෙමින් සිටී. දේශන පවත්වන අයවලුන් පාසලට පිටස්තරින් පැමිණි ඇත්තන් නිසාදෝ හැම කෙනෙකුම ඉතා උවමනාවෙන් ඔවුන්ට කන් යොමා ඇති සෙයකි. හැම එකාම වරින් වර හිස් සටහන් කොළ වල කුමක් හෝ සටහන් කරයි.අපි එහෙනං බලමු පුතාලා කොහොමද ...
අල්ලට සිගාවත් රස නැති කැවිලි කකාවල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකාකල්ගිය රෙදි වැරලි ඇද දැලිකුණෙන් වකාඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකාවේවැල් කෝටු නාරං සියඹලා අතුකිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතුමෙවැනි ඉපල් මගෙ දැසට නොපෑ යුතුපමා නොවී එමි අකුරට මෙයින් මතුතිබු තැනක සොර සතුරන් ගත නොහෙනාඑසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනාකෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනාඋගත මනා ශිල්පයමයි මතු රැකෙනාමේවා අපි ...
අසංක, ඉගෙන ගන්නෙ නැත්නම් ඉගෙන ගන්න ළමයෙකුටවත් ඉගෙන ගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා... 5 වසර සිංහල පොත අතට ගෙන පන්ති භාර ලලිතා ටීචර් කෑ ගසයි. කට කැඩෙනකන් කිව්වත් මේකා ඉගෙන ගන්නෙ නැති හැටියක් ...ඒ මදිවාට හැමදාම පැමිණිලි...අදින්නෙත් හරිම අපිරිසුදු විදියට... සිරා කොලුවා සිස්සත්තෙට ඉදගත්ත 92 වසරේ ඇසුනු කථා බහක් තමයි ඒ...5 A ...ඒ තමයි අපේ පන්තිය...අපේ කාලෙ පන්තියෙ අගට අරලිය,වැටමාර, ...
ජීවිතය යනු කුමක්ද ? එයට පැහැදිලි නිර්වචනයක් දිය හැකිද ? ඇතැම්හු ජීවිතය යනු සාංසාරික ගමන් මගේ තාවකාලික නැවතුම් පලක් ලෙස හදුන්වයි. තවත් සමහරෙක් එය මායා රගමඩලක් ලෙසත් මෙලොව ජනිත වූ ජීවීන් එහි රැගුම් පාන්නන් ලෙසත් අර්ථ නිරූපනය කරයි.තත්වය එසේ වුවත් ජීවිතය යනු ජීවිතයයි. එය ජීවත් කරවන්න..යන සරළ අදහසේ සිටිමින් අතීතය දෙස නැවතත් ආපසු හැරී බලන කල අප කෙතරම් නම් මිතුරන් ...
1 කොටස 2 කොටසසීයාට පින් දෙමින් සිරාගේ කාමරේ දිගහැරෙන, පැරණි පුවත් පත් චමත්කාරය ඔබට ගෙන එන තෙවැනි දිනය අදයි. සීයාගේ පුවත් පත් එකතුවේ තිබූ වෙළද දැන්වීම් වලින් සිරා කොලුවා වන මා විසින් අද තෝරා ගත්තේ කාන්තා පාර්ශවයට වැඩිපුර ඇගෑලුම් කමක් ඇති මාතෘකාවකි. Beauty Culture ලෙස ලෝකයා හැදින්වුවද කුපාඩි කොල්ලෝ බියුටි කචල් ලෙස හදුන්වන මේ විෂය වූ කලී වර්තමානයේ ඉතාමත්ම පුලුල් ...
සත්ගුණවත් සිරා කොලුවාට පිය පාර්ශවයෙන් නැන්දා වන චරිත 4 කි. මේ අය අතරින් අඹේපුස්සේ ජොශපින් නැන්දාගේ ගෙදර යන්න සිරා හිච්චි එකා කාලෙ ඉදලාම හරිම මනාපය. ඒ ජොශපින් නැන්දගෙ දරු කැළත් එක්ක තිබ්බ පයුරුපාසානම ඉතා දැඩි එකක් හින්දා. මගේ පියා පවුලෙ බාලයාට කලින් කෙනා හින්දා තාත්තගෙ සහෝදරියන් සෑහෙන්න වැඩිමහල් වගේම ඒ අයගෙ දරුවොත් අපට වඩා සෑහෙන තරමට වැඩිමල්. අඹේපුස්සෙ නැන්දා පුත්‍රයො ...
ඒ 1990 වසරේ ජූනි මාසයට පෙර දිනයකි. ලංකාවේ ප්‍රධාන පුවත්පතක පල වී තිබූ දැන්වීමකි. ඔබ උපන්නේ 1965 ජූලි මස 27 වන දින නම් මාලදිවයින් නිදහස් දින උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන රාජ්‍ය දුත කණ්ඩායමට එක්විමට ඔබටත් අවස්ථාවක්...වහාම අයදුම්පතක් යොමු කරන්න, යනුවෙන් අමාත්‍යාංශයක නමක් හා ලිපිනයක් ඊට යටින් විය.මේ කියන කාලයේ අද පෝස්ටුවේ කථානායකයා වන ඉන්ද්‍රනාම 25 හැවිරිදි වියේ පසු වූ ...
ජනවාරි 27 වන දින පැවැත්වුනු ගම්පහ ගෙට්ටුව දැන් අතීතයට එකතු වී හමාරය. ඒ ගැන තව තවත් එකම දේ ලිවීමෙන් පලක් නොවන බැව් මගේ අදහසයි. මේ වට විට ඇති තරම් බ්ලොග් අවකාශයේ ඒ ගැන ලියවී තිබේ. ගම්පහ ගෙට්ටුව ගැන කෙටියෙන් යමක් කියනවා නම් එය ජීවිතයට අලුත් අත්දැකීමක් එක් කල අමතක නොවන දිනයකි. බ්ලොග් කරුවන් මෙන්ම බ්ලොග් කියවන අයද කාන්තා පිරිමි, උස් ...
ඒ සිරා කොලුවා පාසලෙන් නික්මෙන්නට ඔන්න මෙන්නව තිබූ සමයයි. සෑම හමුවීමකම වෙන්වීමක් ඇත යන බුදුන්ගේ ධර්මය පසක් කරමින් වසර ගණනාවක බෑන්ඩ් ජීවිතයෙන් මෙන්ම පාසලෙන්ද සමුගන්නට පෙර සහභාගි වීමට නියමිත අවසාන වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලයි. බෑන්ඩ් කෙරුවාව කල උන් මේ කියන සමයේ ඇති අවිවේකී බව හොදාකාරව දනී. උදෑසන සිට අදුර වැටෙන තැන දක්වා ගිණි අව්වේ පිච්චෙමින් පහුණුවීම් කිරීම බෑන්ඩ් උණ තියෙන ...
එදා පත්තර ගැන ඔන්න අදත් අපි කථා කරන්නයි මේ සූජානම...පළමු ලිපිය කියවන්න අතපසු උනානම් මෙතැනින් ගොහින් එය කියවාගෙන ඒම ඔබට පහසුවක් වේවි. මුල් ලිපියෙන් අප ඡායාරූප වාර්තාවක් වෙත අවධානය යොමු කලත්, පැරණි පුවත්පතක බොහොම රසවත් අංගය තමයි වෙළද දැන්වීම්...වෙළද දැන්වීම් කලාව වර්තමානයේ ඉතාමත් තරගකාරී ව්‍යාපාරික ස්වරූපයක් ගත්තත්, අතීතයේදී මේවා පුවත්පත් ආයතන මගින්ම තමයි බොහෝදුරට සැකසීම කරලා තියෙන්නෙ... සිරා කොලුවා මේ ...
සැලූන් ඩි ටෝනි යනු බාබර් සැලූනයකි. එය පිහිටා තිබුනේ ගම්පහ -ජා-ඇල බස් නැවතුම පිටුපසට වන්නටය. මෙහි සේවය කලෝ එක බඩවැල කඩාගෙන ආ අයියා සහ මල්ලි වූහ. අයියා ලෝකු ටෝනි වන විට මල්ලී පොඩි ටෝනි විය. පෙම්වතිය සමග කයියකට සැටමෝල් වෙන්නට, අඩ්ඩක් ගසා හිත සනසා ගන්නට, බල්ලොත් බත් නොකන මූණත් තහඩුව හෙයාර් ඉට්ටයිල් එකක් මාර්ගයෙන් නිසි මගට ගන්නට , අතරැදි දුම්වැටියෙන් ...
ට්‍රීං ට්‍රීං හඩින් අවසන් කාලජේදයේ නිමාව සටහන් කරමින් 1996 මාර්තු මස දිනක පාසලේ විදුලි සීනුව නාද විය. මිටින් හල කුරුල්ලන් මෙන් වෙනදා නැති තරමේ උනන්දුවකින් පාසලේ කොල්ලන් නිවෙස් බලා දිව්වේ පුදුම තදියමකිනි. නමුත් දෛවයේ සරදමකටදෝ සිරා කොලුවාට නිවෙස්බලා යාමට නොහැකිය. සිරාගේ මෑණියන් තොරතුරු සොයා අනුමත කල පාසලට යාබද ඉංග්‍රීසි අතිරේක පන්තියේ ආරම්භය එදිනට නියමිතව තිබීම එයට හේතුවයි. තත්වය එසේ වුවත් ...
ගම්පහ යනු බස්නාහිර පළාත තුල පිහිටා ඇති සිව්වන ස්ථානයට විශාලම නගරයයි. එය ගම්පහ දිස්ත්‍රික්කයේ අග නගරයද වෙයි. අතීතයේදී ගම්පහ යන නාමය වෙනුවට භාවිතා වී ඇත්තේ හෙනරත්ගොඩ යන නමයි. කොළඹ රැකියාවෙහි නියුතු රජයේ සේවකයන් වැඩි ප්‍රමාණයක් ගම්පහ පදිංචි කරුවන් වීම හෙයින්දෝ එය උගතුන්ගේ නගරය ලෙසද හදුන්වයි. ගම්පහ යන නම සෑදී ඇත්තේ එහි නමින් කියවෙන පරිදිම ගම්මාන 5 ක එකතුවකිනි. බහුතර අදහස ...
ලෝක විනාශ කථා තඹයකට මායිම් නොකර 2013 වසර නිරුපද්‍රිතව උදා වූයේය. රතු කහ වැසි , උල්කාපාත, බඩුමිළ, දෝෂාභියෝග අස්සෙන් නව වසර හිනැහෙන්නේය. ගිය වසරේ කල නොහැකි බොහෝ දෑ උදා වූ වසරේ හෝ කරන්නෙමියි බොහෝ පිරිස අධිටන් කරන්නේ නව වසරක් උදාවීමේදී සිතට දැනෙන චිත්තප්‍රීතිය නිසාවෙන් විය යුතුය. ගිය වසරේ කල නොහැකි වූ දෑ මේ වසරේ හෝ ඉටුකරගෙන දන්න කියන වයසේ සිට ...
සිරාගේ ඇන්ටික් රසඤතාවය ගැන කාමරයට ගොඩ වදින බොහෝ ඇත්තන් මේ වන විටත් යම් තරමකට දනී. සිරා කොලුවාගේ පවුලෙන් මේ ආශාව ඇති එකම ජීවී පරාණයද මමය. අනෙකුත් සමවයසේ නැදෑ දරුවන්ගෙන් සිරා කැපී පෙනෙන්නේද මේ ඇන්ටික් පෙරේතකම නිසාය.මේ ලියමන ලියන අවස්ථාව වන විට මගේ මිත්තනියන් දෙදෙනා මෙන්ම සීයාවරුන් දෙදෙනාද දිව්‍ය ලෝකයට ගොස් හමාර වී ඇති මුත් ඔවුන්ගේ ගුණ සුවද මුසු වූ විවිධ ...
පළමු කොටසට මෙතැනින්සිරාගේ මැරතන් කෙරුවාව ඇරඹුන ආකාරය කලින් පෝස්ටුව කියැවු අය දනිති. නොකියවූ අය කියවලාම ආවොත් හොදා.පළමු වාරයෙන් පස්සෙ දෙවැනි වතාවෙ තරගයට සහභාගි වෙද්දි සිරා කොලුවා යම් තරමකට අත්දැකීම් සහිත තත්වයකට පත්වෙලා හිටියෙ. තරගයේ මාර්ගය වැටී ඇති අන්දම, වේගය වැඩිකල යුතු තැන්, අනිත් තරගකරුවන්ගෙන් මිදිලා ඉස්සරහට යන ආකාරය ගැන ගැන දළ අවබෝධයක් ඒ වෙද්දි ඇතිවෙලා තිබුනා. තරගය පැවැත්වෙන්න සතියකට පමණ ...