අභ්‍යවකාශයට පීසා ගෙන යාම  | Pizza Hut Delivery to International Space Station පීසා හට් තම නවතම වෙළද ප්‍රචාරණ මාධ්‍ය ලෙස අභ්‍යවකාශ ක්ෂේත්‍රය යොදා ගනිමින් සිටී. එහි නවතම අදියර ලෙස අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සලාමි (Salami) පීසා යැවීමට කටයුතු කර ඇත. පීසා හට් මේ සදහා රුසියානු රජයට ඩොලර් මිලියනයක ගෙවීමක් කර තිබේ.ඇමරිකානු නාසා ආයතනය අභව්‍යවකාශ වැඩසටහන් වෙළද ප්‍රචාරණය සදහා යොදා ගැනීම අනුමත නොකලත්, රුසියානුවන් මෙහි වරදක් දැක නැත. කලින් යැවිමට සැලසුම් කර තිබුනේ ...

හිට්ලර් වීරයෙක්ද? Is Hitler a hero? හිට්ලර් සමහර අයට වීරයෙක් වගේ පේන්නේ ඇයි? නිකම්ම නිකං සොල්දාදුවෙකුගේ ඉදලා රටේ නායකයා වුන නිසාද? එහෙම නැත්නං "පිරිසිදු ආර්ය" සංකල්පය තමන්ගේ ඔළුවේ වැඩ කරන නිසාද?පළවෙනි කාරණේ ගැන කියනවනම් හිට්ලර්ට කවදාවත් කිසිම මැතිවරණයකදි බහුතර බලය ගන්න ලැබුනේ නෑ., අස්ථාවර පාර්ලිමේන්තුවක කේවල් කිරීමෙන් අන්තිමේදි තමයි බලය ලබා ගත්තේ. පොඩි තැනේ ඉඳන් ඉහලට ආපු එක ගැන කියන්න තියෙන්නේ , මීට සමානව පොඩි තැනේ ...

බොදු බල සේනා තමිල්නාඩු වර්ශන් - Bodhu bala sena Tamilnadu version අන්තවාදියෝ නම් කොහෙත් එකය. සතු‍ටු වෙන්නේම නැත. මස් රාත්තලම ඉල්ලයි. තමිල්නාඩු ගෝත්‍රිකයෝ අධ්‍යාපන කටයුත්තකට ගොස් සිටි හිමිනමකට පහර දෙන දර්ශන වීඩියොවේ පෙන්වයි. අපේ ගෝත්‍රිකයන්ට නම් මේක තමන්ගේ ප්‍රතිබිම්බය දර්පණයකින් දකිනවා සේ දැනෙනු ඇත. ...

මාලිංග මට නං තාම එළ බුවෙක් | Malinga still the same මාලිංග හොරකම් කරලා නෑ, මිනීමරලා නෑ, බාලාපරාධ ඔය මුකුත් නෑ.හැබැයි මේ දවස් වල බුකියේ කතා වෙන්නේ ඒ ගානට දාල. බලන් ගියාම මූට වඩා නොසංඩාලයෙක් තවත් නෑ. මාලිංග තමන්ගේ හැකියාවෙන් සාධාරණව සල්ලි හම්බ කරපු කෙනෙක්.ඕක සමහරුන්ට දරා ගන්න බෑ. අරූ කලින් හිටියේ මෙහෙමයි, දැන් බලහන්කෝ වාහන මෙච්චරයි, කරේ මාල අච්චරයි. ඔය සේරම IPL ගහල. ඇහේ ක‍ටු අනිනවා වගේ. මහජන මුදල් ගසා ...

කළු සුදු චරිත සහ රන් පතල් හිමියා පතල් කර්මාන්තය දුෂ්කරව තිබුණු කාලෙක ( එක්දාස් අටසිය බර ගණන් වල? ) රන් පතල් වලින් දියුණු වුන මිනිහෙක් ගෙන් මාධ්‍යවේදියෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා." ඔබ මේ දුෂ්කර පතල් කර්මාන්තයෙන් ලාබ ලැබුවේ කොහොමද? "උත්තරේ සරලයි "මම පතලේ සේවකයන්ට සහ ගොඩ දාන රන්පස් වලට සැලකුවේ එකම විදිහට. මේ රන්පස් වල ශුද්ධ රත්තරන් තියෙන්නේ ටිකයි, අනිත් සේරම කුණු. අර වැඩි කුණු ටික අයින් කරලා ...

අඹ ගහ යට: බාලචන්ද්‍රන්ව මැරූ බ්ලොග් ලියන්නෝ: රජයේ හමුදාව විසින් බාලචන්ද්‍රන් අල්ලාගෙන පසුව වෙඩි තබා මැරූ බව කියන කතාව බොරුවක් බව උපකල්පනය කර ලියමි..... හමුදාවට බාලචන්ද්‍රන් දරුවා අ... ...

ටෝනි ග්‍රෙග් ගැන නොදත් කතාවක් - Tony Greig's grovel statement ටෝනි ග්‍රේග් කියන්න්නේ ලංකාවට අමුතු චරිතයක් නෙවෙයිනේ. සමහර ලංකාවේ අයට වඩා මෙයා ලංකාව ගැන දන්නවා. ටෝනි මැරිච්ච දවස ලංකාවේ ජාතික ශෝක දිනයක් විදිහට ප්‍රකාශ කලොත් මං නං ඒ ගැන පුදුම වෙන්නේ නෑ. වටේ තැලුවා ඇති දැන් අද කතාව. මේ කතාව අර හිරේ ගිය තුමා වගේ ටෝනි ග්‍රේගුත් කට වරද්ද ගත්ත අවස්ථාවක්.1976 එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ටෙස්ට් තරඟාවලියේදි ...

බැප්ටිස් අංකල් - Celebrating hundred years of journey කිව යුතුම යමක් තිබේ.කලකට පෙර දිනක යම් සහතිකයක් ලබා ගැනීමට පාසලට ගියෙමි.යලි ඒමට දිනයක් මට නොමැති වූ හෙයින් එය එදිනම ලබා ගැනීමට අවශ්‍යව තිබිනි.සියලූ කරුණූ පැවසුවද කාර්යාලයෙන් පැවසුවේ කිසිසේත්ම දිනයක් තුල එම සහතිකය ලබා දිය නොහැකි බවයි.කුමක් කරන්න දෑයි සිතමින් සිටි මොහොතේ යමෙක් පැමිණ "හලෝ,මොකද අද මේ පැත්තේ "යැයි ඇසුවේ සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙනය.පාසැල් කාලයේදී ගෙන ආ යූතු යමක් අමතක ...

බැංකු කතා - Favoratism in State Banks කට්ටිය හෝ ගාලා බැංකූ කතා ලියන හින්දා මටත් හිතුන මට වෙච්ච අත්දැකිමක් ගැන ලියන්න. මේක උනේ ලංකාවේ ප්‍රසිද්ධ නගරෙක රාජ්‍ය බැංකුවකදී. මේ බැංකුවේ මගේ නමින් තාත්තා ස්ථාවර තැන්පතුවක් (සිංගලෙන් Fix deposit කියල කියන්නේ) දාලා තිබුනා. මේක කල් පිරෙන්නේ ලබන ඔක්තෝබර් මාසෙදී. ඒත් අවශ්‍යතාවකට ගිය ජූලි මාසෙදි මුදල ආපහු ගන්න ඕන වෙච්ච නිසා අදාල බැංකුවට ගියා. ගිහිල්ලා එතන ඉන්න ස්ථාවර තැන්පතු ...

මොස්කව් කුමන්ත්‍රණය - Moscow Coup අඳින් හරියටම වසර විසි එකකට පෙර උදෑසන සෝවියට් සමූහාණ්ඩුව පුරා ජනතාව තම ගුවන් විදුලි යන්ත්‍ර වලින් ප්‍රතිසංස්කරණවාදි ජනාධිපති මිකයිල් ගොර්බචෝෆ් පිළිබඳ විශේෂ නිවේදනයකට සවන් දුන්හ."සෞඛ්‍යමය හේතු මත සෝවියට් සමුහාණ්ඩුවේ ජනාධිපති මිකයිල් ගොර්බචෝෆ් හට තව දුරටත් ජනාධිපති ධූරයේ රාජකාරී කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. මේ නිසා සෝවියට් සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ 7 ඡේදයේ 127 වගන්තියට අනුව උප ජනාධිපති 'ග්‍රනායි යනායෙව්' මෙතැන් පටන් ...

බාබරෝසා මෙහෙයුම - Nazi Germany's invasion of the Soviet union දිනය- 1941 ජූනි 22වේලාව- අලුයම 3.30ස්ථානය- රුසියානු දේශ සීමාවකළු කබා වලින් සැරසී තමන් දෙස දුරදක්න වලින් නෙත් අයා ගෙන සිටින ජර්මානුවන් දෙස විඩාබර බැල්මක් හෙලූ ලුතිනන් රෝසන්බර්ග් නැවතත් තම කූඩාරම තුලට වැදුණි. එහි තිබූ රේඩියෝ යන්ත්‍රය මගින් පසුගිය දින කිහිපයේම මූලස්ථානය වෙත ජර්මානුවන්ගේ ක්‍රියාකලාපය ගැන දැනුම් දුන්නද රේඩියෝ යන්ත්‍රය එහා කෙලවරේ සිටි නිලධාරියාගෙන් අසන්නට ලැබුනේ එකම ප්‍රතිචාරයක් පමණි."ජර්මානුවන්ගේ කිසිම ප්‍රකෝප ...

අපි නොදන්න මාකටිං -marketing strategies තමන්ගේ නිශ්පාදන විකුණගන්න සමාගම් නොයෙකුත් උපක්‍රම යොදනවනේ .ඔය වගේ උපක්‍රම අත්හදා බලන කඩයක් අපේ ගෙවල් ලඟ තියෙනවා.කාලයක් තිස්සේ මේ කඩෙන් යෝගට් දහයක් ගත්තොත් එක යෝගට් එකක් නොමිලේ ලැබෙනවා.වටේ තියෙන අනිත් කඩවල් වලින් ඕක දෙන්නේ නෑ.ඒ නිසා යෝගට් කිව්වොත් අහවල් මුදලාලිගේ කඩේ කියලා තමයි මිනිස්සු අතර ප්‍රසිද්ධ වුනේ.මිනිස්සුත් ඉතින් නිකං දෙන එක ගන්න යෝගට් දහයම ගන්නවා.දහයට අඩුවෙන් කවුරු හරි ගත්තොත් බොහොම ...

සාර භූමි මම කැමතිම ලේඛකයා කවුද කියල ඇහුවොත් ඒකට උත්තරේ වෙන්නේ ඇමරිකානු ජාතික පර්ල් එස් බක්.මැය ලියල තියෙන පොත් වලින් වඩාත්ම ජන්ප්‍රිය වුනේ සාර භූමි (The Good Earth) කියන නවකතාව.මේ කතාව පසුබිම් වෙන්නේ "වං ලුං" නමැති පිටිසර ගමක දුප්පත් චීන ගොවියෙක් උත්සහය නිසා ඉඩම හිමි ධනවතෙක් වුන කතාව.මේ කතාව ධනවතුන්ට වෛර කරනවට වඩා තමන්ගේ මහන්සියෙන් මිනිස්සුන්ට දියුණු වෙන හැටි මඟ පෙන්නනවා. සාර ...

ඇරඹුම   (නැකත හරි..) අපි සාමාන්‍යයෙන් විවිධ අවස්ථා වලදි එක එක චරිත රඟපානවා.දෙමව්පියන් ඉස්සරහ,මිත්‍රයන් ඉස්සරහ එක විදිහක්.ලොක්කා ඉස්සරහ තව චරිතයක්.ඒත් මං ඇතුලේ හැංගිලා තියෙන අදුරු, මෝඩ, ආඩම්බර, නිරහංකාර උද්දච්ච,බෝධිසත්ව, පීචං අදහස් මෙය පුරාවට දිග හැරේවි ...

Previous Page