"කාලා...කාලා...විනාශ කරලා...ඇයි මේක වහල තියන්නෙ නැත්තෙ...?" තාත්තාගේ කටහඬේ තියෙන්නෙ තරහකට වඩා වේදනාවක්. මම කම්පියුටරෙන් ඇස් දෙක අමාරුවෙන් ගලවගෙන හැරිලා බැලුවා.අයියෝ මේ මොන අපරාදයක්ද...? තාත්තා පණටත් වඩා ආදරෙන් ආරක්ෂා කරපු පොත් දුසිම් ගණනක් මීයො කාල විනාශ කරල. මම දැන් පාවිච්චි කරන කාමරය ඉස්සර අපේ ගෙදර පුස්තකාල කාමරය. ඔව්. තාත්තගෙ පෞද්ගලික පුස්තකාලය. දැන් ඒක මගෙ බුක්තියට සරි වුනත් ලොකු බිත්ති කබඩ් එකක් ...
(හිතේ දුකට ලියැවෙන ඒවා.)මේ දවස්වල රෑ දෙගොඩහරියක් වෙනකම් රිචර්ච් එකක වැඩ නිසා උදේට මැරුවා වගේ නින්ද යනවා. අද උදේ ඇහැරෙනකොට 9.00ට කිට්ටුයි. මලලසේකර..10ට මගේ ලෙක්චර් එකක්. සාමාන්‍යයෙන් මට පැය භාගයක් විතර ස්ලීප් ඉන(ර්)ෂියා (නිදි මරගාතේ) තිබුනත් වෙලාව දැක්ක ගමන් ඒක කොහෙද නැතුව ගියා.ඉක්මනට ලෑස්ති වෙලා යාන්තම් 9.30 ට විතර ගෙදරින් පිටත් වුනා. යනකොට මගදි කෝල් එකක් ආවා. කැම්පස් එකේ යාලුවෙක්ගෙන්. ...
(මේක මගේම වෙනත් බ්ලොග් අඩවියක තියපු සටහනක්.) අපේ අල්ලපු ගෙදර ඉන්නවා සාගර විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න පොඩි කොල්ලෙක්.දවසක් මම ගෙදර ආව විතරයි, මිනිහ කඩාගෙන බිඳගෙන ආව අපේ ගෙදර."අයියෙ, සොලිඩ්-වර්ක්ස් තියෙනවද..?" සොලිඩ්-වර්ක්ස් (SolidWorks) කියන්නෙ ඔය ඉංජිනේරු ඇඳීම් කරන සොෆ්ට්වෙයා එකක්නෙ. ඔටෝකැඩ් (AutoCAD-Computer Aided Design) වගෙ තමයි. හැබැයි මේකෙන් Stress Analysis (බල එහෙම දාල විශ්ලේශනය) කරන්න පුළුවන්. කොටින්ම ආකෘතිය ඇත්තටම implement කළාම (හැදුවම) ...
අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.අවුරුද්දට සාමාන්‍ය පෙළ ගණිතය උගන්නපු ගුරුතුමාගෙ ගෙදර ගියෙමි. මේ එහෙදි අහපු කතාවක්.(ඇත්තම සිද්ධියක්)විද්වත් සුහද කතාවට සහභාගී වී සිටින්නේ සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකයෙක්, එවැනිම සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ වියතුන් යයි කියාගත් ගුරු භවතුන් කිහිපදෙනෙක් හා අපේ ගණිත ගුරුතුමා ය.අප ගණිත ගුරුතුමාද හොඳ කලා රසිකයෙකි. අර්ථ රසයෙන් අනූන ගීත විචාරය කිරීම කතාබහේ මාතෘකාව විය.ආචාර්ය අමරදේවයන් ...
මේ ළඟදී අප හිතවතකු ඉතා දුක් මහන්සියෙන් හම්බකරගත් රුපියල් මිලියන ගණනක මුදලක් මරු කටට යා නොදී වලකා ගත්තේ අනූ නවයෙනි. මෙන්න ඒ ත්‍රාසජනක කතාපුවත..!රු. ලක්ෂ 45ක මිළකට සුපිරි සහසුකම් සපිරි අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ යයි යන ආරංචියට ඔහු එහි ගියේය. පුවත සැබෑවකි. නිවස පිහිටා තිබෙන ස්ථානය අනුව සහ නිවසේ වටිනාකම අනුව බැලූ බැල්මටම එය ගජ වාසියක් බව ඕනෑම කෙනෙකුට ...
වර්ෂ 1933වෙතයි,ආචාර්ය ෆර්ඩිනන්ඩ් පො(ර්)ෂ,මෝටර් රථ ඉංජිනේරු නිර්මාණ ශිල්පී, ජර්මනිය.මහත්මයාණෙනි,ජර්මනියේ ජනතාවගේ පාලකයා ලෙසට මට මගේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් භාවිත කරනවා දැකීමට අවශ්‍යයි.ඔබ ඒ සඳහා වෝල්ක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව අරඹන්න. ඒ සඳහා සියලු පහසුකම් හා ප්‍රතිපාදන මගේ රටවැසියන් වෙනුවෙන් සලසා දෙමි.ස්තුතියි.මීට,ඇඩොල්ෆ් හිට්ලර්.* * * * * * * * * * * * * * * * * * ...
පෙනෙන තෙක් මානයේ ඇත්තේ ගිණියම් වූ වැලි තලාවයි...ඒ ශුෂ්ක කාන්තාරය හැර වෙන පිළිසරණක් නැති පීඩිත වූ ගෝත්‍රික ජන කොඨ්ඨාශයක්....රත් වී කැකෑරෙන ලෙය ඔවුන් දරදඬු මිනිසුන් කිරීමට සමත්වී ඇත. ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් වන ජලය හිඟ කමින් අපිරිසිදු කමින්ද, එයින්ම පැණ නැගුණු රෝග පීඩා, ආසාධන වලින්ද පීඩිත වී සිටින ඔවුන්ට ඇති ජීවත් වීමේ අරගලය මදිවට ඒ මරු කතරම සිය ජීවිත තෝතැන්න ...
"කවුරුහරි ගිහින් වයිට්බොර්ඩ් මාකර් එකක් ගේන්න....ඉක්මනට...!" මම තරහෙන් කෑ ගහල කියන්නෙ මගෙ සහය ආචාර්ය මණ්ඩලයට..."ශිහ්...හිතට ආපු අදහස අමතක වෙන්ට කලින් ලියන්න විදියක් නෑනේ..." ඩිමෝ මල්ලි කෙනෙක් කෝල් එකක් ගන්නව ඔෆිස් එකට...එයා දුවගෙන එනව...පෑන් මිටියකුත් අරගෙන...එහා තියෙන මැත්ස් බිල්ඩින් එකේ අපේ ඔෆිස් එකේ ඉඳල එයාට එන්න ගතවෙන්නෙ මිනිත්තු භාගයක් විතරයි...කොහොමත් එයා අඩි හයක් විතර උසයි...දිග අඩි තියල එනව ඇති...සමහර වෙලාවට කළබලේ ...
50 වැනි සංවේදී සටහන.සෙල්ලම් බඩු පොළොවේ ගහන පොඩි එකා ඇත්තටම මොන වගේ වෙයිද...?මේ ළඟදි තාත්තගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා වුවමනාවකට. වැඩිය දැකල නැති අමුතු දර්ශනයක් දැකල මම පුදුම වුනා. පොඩි ළමයි නැති, තරුණ ළමයි ඉන්න ඒ ගෙදර කැබිනෙට්ටුවෙ (පාර්ලිමේන්තුවෙ තියෙනව වගෙ එකක් තමයි. හරයක් නැති සෝබන බඩු පුරවල.), ඒ කියන්නෙ ෂෝ කේස් එකේ ඔය සම්මාන, සමරු ඵලක, විසිතුරු බඩු එක්කම සෙල්ලම් ...
එවක මම අගනුවර මෘදුකාංග සමාගමක සේවය කළෙමි. මේ සිද්ධිය මා එයට සම්බන්ධවීමට ප්‍රථම සිදුවූවකි. රාත්‍රියක නිදිවරන විට ඇදුනු කතාවකි. මෙය කියු ජ්‍යේෂ්ඨ සඟයා කෙප්ප කෙළින හාදයෙක් නම් නොවේ. වැව් බැඳි රාජ්‍යයේ ප්‍රමුඛපෙලේ ව්‍යාපාරික සමාගමකට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් අප ආයතනය විසින් සම්පාදනය කර ඇත. එහි ප්‍රමුඛ ව්‍යාපාරයක් වනුයේ ස්වේත වර්ණ මලක නම් දරන හෝටලයකි. (එනමින් බස් ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය ගායකයෙකු ...
මේ ළඟදී මගේ නැගෙණිය ඇගේ යෙහෙළියකගේ නිවසට ගොස් සිටියදී හොඳ පෙනුමැ'ති සුනඛ පෝතකයෙක් (බලු තඩියෙක්) ආවේලු. මා මෙන්ම සතුන්ට ඉතා ලැදි මගේ නංගි කාරි බල්ලා සුරතල් කරන්නට ගියේ ලු. එවිට නිවැසි වෛද්‍ය සිසු මිතුරිය ඇය වලකමින්..."ඕකව වැඩිය ගණන් ගන්න එපා...ඌ අඩුජාති බල්ලා...!" කීවේලු..!පුදුමයට පත්වූ ඇය අසා ඇත්තේ එසේ කියන්නේ ඇයි? කියා ය. එහිදී ඇයට විස්තර කර දී ඇත්තේ ඌ ඔවුන්ගේ ...
එදින මා සරසවියට ගියේ පර්යේෂණය පිළිබඳ මහාචාර්යතුමාගෙන් උපදෙස් ගැනීමටය. පසුදාට පර්යේෂණ පත්‍රිකාවක් භාරදීමට නියමිතව තිබූ හෙයින් ගෙදර නොගොස් පිළියන්දල නගරයේ මිතුරකුගේ නවාතැනක එදින රාත්‍රිය ගත කිරීමට තීරණය කළෙමි.කිසිවකුට කරදරයක් නොවන පරිදි, වැඩ අවසන් කළද තවමත් භාවිතයට නොගත් මුළුතැන්ගෙයි මම ලැප්ටොප් පරිගණකය අටවාගෙන වැඩ ආරම්භ කළෙමි.මා අඩ අඳුරේ සිටියේ ගැඹුරු කල්පනාවකය. සංකීර්ණ සෛධාන්තයක් සාධනය කරමිනි.නවාතැනේ නිත්‍ය සාමාජික සොයුරෙක් කාමරයට එබී බලා ...
සති අන්තයේ අගනුවර කොන්ක්‍රීට් වනාන්තරයේ ලැග සිට ඉරිදා රාත්‍රී ගෙදර යාමට ලැබීම තාවකාලිකව වුවත් මහත් අස්වැසිල්ලක් ලෙස දැනේ. අප නිවස පිහිටා තිබෙන්නේ මාතර නගරයෙන් කිලෝමීටර කිහිපයක් දුරිනි. මෙසේ දැඩි ලෙස වෙහෙසට පත්වූ දිනෙක ගෙදර යාමට බසයට ගොඩවැදුනෙමි. එය ලංගම බසයකි. එම මාර්ගයේ ගමන් ගන්නා අවසන් බසය වූ හෙයින්ද, මට අවිවේකී වුවද බහුතරයකට විවෙකී වූ ඉරිදාවක් වූ හෙයින්ද මට කරදරයක් නැතුවම ...
මා මේ සටහන තබන්නේ මේ දිනවල නැගලා යන මාතෘකාවක් ගැනය. එනම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. ඇතැම් විට මෙය පළවූ පසු මටද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වනු ඇත.සරසවියේ ව්‍යාපෘතියකට අවශ්‍ය නිදහස් රෝදයක් (Caster Wheel) මිළදී ගැනීම පිණිස නගරයේ වීදුරු බඩු, හාඩ්වෙයාර් පීරුවෙමි.මා සොයන්නේ විශේෂ ආකාරයේ එකකි. එනම් ඝර්ෂණය ඉතා අඩු, ඉතා නිදහසේ හතර අතටම කරකැවෙන, හුරුබුහිටි එකකි. හේතුව එය යොදාගැනෙන්නේ මා විසින් ...
මා පසුගිය සරසවි ඇදුරන්ගේ වර්ජනය පැවති කාලසීමාවේදී ඒ සඳහා 'බැහැලාම' වැඩ කළ අයෙක් බව ඔබ දනී. ඒ මා රාජ්‍ය විරෝධියෙක් හෝ එන්. ජී.ඕ කාරයෙක් නිසා නොව ජාතික සරසවියක ආචාර්යවරයෙක් ලෙසට මා දිවි දිනූ නිදහස් අධ්‍යාපනය රැකගැනීම වස් මාගේ යුතුකම් කොටස ඉටුකිරීමට බව මගේ අවංක හදවත දනී. මීට මාස 6කට පමණ ඉහතදී FUTA මගින් සංවිධානය කරන ලද ඒ මහා ජාතික සටනේදී ...
කා(ර්)ල් මා(ර්)ක්ස් යනු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකි. මිනිසා ආගමේ වහලෙක් විය යුතු නැති බව ඔහුගේ දැක්ම විය. සම්ප්‍රදායට පටහැණි, ගතානුගතික නොවන නව නිවහල් චින්තන ධාරාවකට යොමුවීමට මිනිසාට ආගම මගින් පනවා ඇති සීමාවන් බාධා පමුණුවන බව ඔහු අවංකව විශ්වාස කළේය. එය සත්‍යයකි. දෙවියන් පිළිබඳ සංකල්පය හා පල්ලියේ බලපෑම බලය සහිත මතවාද සමග ගැටෙමින් සිතීමේ නිම් වළලු ප්‍රසාරණය කළ නොහැකිය. (විශ්වයේ පරම බලවේගය වන ...
මේ ආදරණීය අවවාදය අනාගත වෛද්‍යවරුන්ට සහ ඉංජිනේරුවන්ටයි.....උසස් පෙළ කඩඉම තරණය කර, වෛද්‍ය විද්‍යාලයේ හෝ ඉංජිනේරු පීඨයේ දොරකඩ අභියස සිටින ආදරණීය දරුවනි,ඔබ දැවැන්ත ජයග්‍රහණයක් ලැබ ඇති බව අවිවාදිතයි...එහෙත් මේ ටිකත් මතක තබාගන්න...වෛද්‍ය හෝ ඉංජිනේරු යනු සමාජයට සේවය සලසන දැඩි සමාජ වගකීමකින් යුත් තවත් එක් වෘත්තියක් පමණි. එය ආඩම්බර වීමට හෝ ඔලුව උදුම්මාගැනීම්ට තරම් කාරණයක් නොවේ.තමන් යටතේ සේවය කරන අහිංසකයන්ගේ දුක, කඳුළ, ...
පටු මං මාවත් රාශියක් ඔස්සේ රිය පදවා මම වෙහෙසට පත්වී සිටියෙමි. වැලිගම නගරය පසු කර කිලෝමීටර 3ක් පමණ ඇතුළට මා ගමන් කරන්නට ඇත. පාර පුරා ඉබාගාතේ යන එළු රෑන මට නිතැතින්ම මතකයට ගෙන ආවේ කරුණාරත්න දිවුල්ගනේගේ 'රාමලාන් සඳ බලන්න එන්න පාතිමා' ගීතයයි.දැන් මා පැමිණ සිටින්නේ තුං-මං සන්ධියකටයි. මා මිතුරියගේ මංගල ආරාධනා පත්‍රය ගෙන ආවේ හොඳ වෙලාවටය. මේ කළබළ අස්සේ මට ...
(මෙහි එන එකදු සිදුවීමක් හෝ චරිතයක් මන: කල්පිත නොවේ.)සිදුවීම 1නිද්‍රාශීලීව, ඝන අන්ධකාරයේ වෙළී තිබු ගම්මානය සලිත වී ගියේ හෙණ හඬින් පුපුරා ගිගුම් දුන් වෙඩි හඬෙනි."අර අහිංසකයට වෙඩි තියන්න ඇති අර නරුමයෝ." තාත්තා කීවේ ශෝක භරිත හඬිනි."කවුද ලැම්බට් මුදලාලිටද..?" ඒ අම්මාය. ඇගේ හඬද ඉකි බිඳින ස්වරයකි."ඔව්. අරුන් මුදලාලිගෙන් උන්ගෙ සංවිධානෙ වැඩවලට සල්ලි ඉල්ලුවලු. මට ඊයෙ හවස කිව්ව.""ඒ අහිංසකයට කොයින්ද ඔය දුප්පත් ...
මූනිඡ්ඡාවට හොඳ කියනවාට වඩා ඇත්ත කීම කෙතරම් අගනේදැයි තහවුරු කරන සිදුවීමක් අද සිදුවිය. සෙමෙස්තරයේ අවසන් දේශනයේදී, සිය ආචාර්යවරයා ගැන ඇගයීමක් කිරීමට සිසුනට අවස්ථාවක් හිමිවේ. දේශන මාලාව ගැන සිය අවංක අදහස්, ලිඛිතව නමුත් නිර්ණාමිකව සඳහන් කිරීමට කඩදාසි කැබැල්ලක් ඔවුන්ට ලැබේ.මා අවසන් වරට දේශනය කළේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වෛකල්පිත විෂයයකි. සිසුන් ඉහත කී ඇගයීම් පත්‍රිකා මත සිය අදහස් දක්වා තිබුණි. බහුතරය ...