දෙයියෝ සාක්කි!!! අන්තිම බ්ලොග් පෝස්ට් එක ලියලා මාස 4ක් ම වුනා. ඊට පස්සෙ මුකුත් ලියන්න වෙලාවක් තිබුණෙත් නෑ. කරදර පිට කරදර. මගේ බ්ලොග් එකේ ලක්ෂ්‍ය සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ නිතරම මට මැසේජ් එවන්න ගත්ත ඇයි නිහඬ කියලා. මේ නිහඬ බව බිඳින්න... මොන මොනව හරි කියන්න... කියල හිතාගෙන තමයි අද ආවේ. මේ කතාව මම ලියන්න හිතාගෙන හිටියේ මීට සෑහෙන්න දවසකට කලින්. ඒවයෙන් කමක් ...
කුණුහරුප කිව්වම කස්ටිය බය උණාද මන්ද.පටන් ගත්තු ගමන්ම කුණුහරුප කියන එක හරි නෑ. ඒක නිසා ආරම්භය මේ වගේ සදාරාචාත්මක විදියට ලියන්නම්.අපේ පොඩි අයිය ඉන්නව නේද? මිනිහ ඇවිල්ල හෙනම කළාකරුව. මිනිහගෙ ඔලුවෙ වැඩ කරේම වේදිකා නාට්‍ය, චිත්තරපටි, ටෙලි නාට්‍ය වගේ කළාවට බර දේවල්. මිනිහ ඉස්කොලෙ යන කාලෙ උසස් පෙළට කළ project එකේ නමත් "නූතන සිංහල නාඩගම්" මට මතක විදියට. ඒකෙ සමහර ...
මං කාලෙකට පස්සෙ ගෙදර ගියාම කුස්සියට වැදිලා අම්ම එක්ක කයියක් ගහන එක සාමාන්‍ය පුරුද්දක්. අම්ම ඉතින් උයන ගමන් මං නැති ටික ටිකට ගමේ වෙච්ච දේවල් එකින් එක මතක් කර කර මට කියනවා. මමත් ඉතින් කොළඹ ගත කරන ජීවිතේ ගැන අම්මට කියනවා. ඔන්න ඉතින් තේකක් බිබී අම්මත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක අපේ නංගිත් ආවා කුස්සියට.ටිකක් එහෙට මෙහෙට ඇඹරුණු නංගි ...
කාලෙකට පස්සෙ මං ආස කරන ආදරේ කරන කෙනා මට ආපහු හම්බුණා. මං අවුරුදු 4ක් 5ක් එයා නැතුව හරිම දුකෙන් හිටියෙ. එයා මගේ ළඟට ගන්න මං සෑහෙන්න උත්සාහ කළත් අපේ combined maths සර් එයාව මගෙන් ගත්තා. මට එකදිගට දවසක් උනත් එයා දිහා බලාගෙන ඉන්න පුලුවන්. මම අපේ සර්ගෙන් එයාව ඉල්ලුවා. සර් එයාව දෙන්න පොරොන්දු වුණත් අද දෙන්නම්, හෙට දෙන්නම් කිය කිය ...
රටේ නීතිය ගැන අපි වගේ පොඩි උන්ට කතා කිරීමට සිදුවීම බලවත් ලැජ්ජාවකි. එහෙත් එය එසේ සිදුවන තැනට කටයුතු යෙදී තිබේ. රටේ අධ්‍යාපනය රැක ගැනීමට මහමඟට බැස උගුර ලේ රහ වනතුරු මතු පරපුර වෙනුවෙන් කෑ ගසන සිසුනට නීතිය අකුරටම ක්‍රියාත්මක වේ. ඒ අතර රටේ ජාතික දේපොළ කාබාසිනියා කරමින් හොරකං කරන කාලකන්නි හැතිකරේට වෙනමම නීතියක් බලපැවැත්වෙනු දැකිය හැක. මේ කියන්නට යන්නේ වෙන ...
හායි ගයිස්, ඇක්චුවලි මම මේ ලියන්නෙ අපි ගිය සතියෙ ගියපු පට්ටම පට්ට fun ට්‍රිප් එකක් ගැන. මේක බලන උඹලටත් මේ ජාතියෙම ට්‍රිප් එකක් යන්න ආස හිතෙන එක මට හොඳටම සුවර්.මක්කටැයි තව කතා...මෙන්න කතාව.ට්‍රිප් එක ගියේ අපේ IronOne කොම්පැනි එකේ training ඉන්න අපි 15 දෙනා තමයි. අපි කිව්වෙ මම,මාලක,පැතුම්, වාස්,සංඛ, අකිල,අරුණ,මාධව,විසිත,ශාක්‍ය ,මංජුල හා කෙල්ලොන්ගෙන් හසිනි,බුද්ධි,සඳරේඛා සහ මාධවී තමයි.ට්‍රිප් එක ගියේ උඩවලව, ...
මේ මගේ ආදර කතාවේ අන්තිම epsisode එක. කතාවේ මුල් කොටස් දෙක නොබලපු අය ඒ දෙක බලා පැමිණීම මැනවි!!!පළමු කොටසදෙවන කොටසඔන්න ඉතින් කාලය කෙමෙන් කෙමෙන් ගත වුණා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. මම විභාගෙ ඉහලින්ම pass වෙලා තිබුණා.රත්නපුර දිස්ත්‍රික්කෙන් 7 වැනියා.ඉතිං කොච්චර සතුටුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම එදා උදෙන්ම ලෑස්ති වෙලා ගියා town එකට.මගේ පංතියේ යාලුවෙක් හිටියා ඇඹිලිපිටිය town එකේ ...
මගේ ආදර කතාවේ පළමු කොටසට ලැබුණු ඉහළ ප්‍රතිචාර වලට හැමදෙනාටම බොහොම ස්තුති. ගොඩක් දෙනා කතා කරලා, message කරලා දෙවන කොටස ගැන නිතරම අහපු නිසා ඔන්න ඉක්මනින්ම ඒකත් ලියලා ඉවර කළා. අනේ මන්දා...උඹලටත් ඉතින් අනුන්ගේ ඕපදූප කියවන්න තියෙනවනම් වෙන මුකුත් එපා...හ්ම්ම්..හරි හරි ඔන්න එහෙනම් හැමෝම අහගන්න.A/L විභාගේ ලියලා ගෙදරට වෙලා හිටපු මට දැන් ඉස්සර වගේ සැලකිළි නෑ. වෙනදා පාඩම් කරනකොට ළඟට ...
පහුගිය දවසක මම බ්ලොග් පෝස්ට් එකක් ලිය ලිය ඉන්නකොට මගේ ගෑණු ළමයගෙන් call එකක් ආවා.මං ඉතින් කර කර ඉන්න වැඩේ පැත්තක තියලා දුරකතනය answer කළා."හෙලෝ...." මං කටහඬ අවදි කළා."හෙලෝ....ඔයා වැඩද අයියේ?""ආ...ඔව් අනේ,මං මේ බ්ලොග් පෝස්ට් එකක් ලියනවනේ.""බ්ලොග් පෝස්ට් එකක්? මොකක් ගැනද?""අර ගෙයි යතුර නැති වෙච්ච සීන් එක ගැන..."මං හිනාවෙලා කිව්වා."හ්ම්ම්ම්...!!!" ඇය බොහොම උදාසීන විදියට එහෙම කිව්වා."ඇයි නිකන් හ්ම්ම්ම් ගෑවේ..?" මං ...
අධික කාර්යබහුලත්වය නිසා සෑහෙන කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ. A/L ටියුෂන් ක්ලාසුත් මේ සතියෙ ඉවර වුණු නිසා දැන් ටිකක් විතර නිදහස්.මං මේ කියන්න යන කතාව මතක් වෙනකොටත් මට තනි ඇහැට ඇඬෙනවා. මේ තරම් චාටර් දවසක් නම් මගේ ජීවිතේටවත් තිබුණා කියලා මට මතක නෑ. මොකටද තව වැල් වටාරං... කෙළින්ම බහිමු ඉට්ටෝරියට.මේ මහා ශ්‍රේෂ්ඨ දවස 2012.08.01 හෙවත් මං මේ පෝස්ට් එක ...
සිසිද්ධිය වුණේ මීට අවුරුදු දෙකකට විතර කලින්. මං කැම්පස් ඇවිල්ලා අවුරුද්දකට කිට්‍ටු වෙලා. මං පොඩි කොම්පියුටර් කෑල්ලක් බලන්න කියලා බම්බලපිටියේ යුනිටි ප්ලාසා එක පැත්තට ගිහින් එන ගමන්. ගිනි කාස්ටකේ තැම්බි තැම්බි මොරටුව බස් එකක නැග්ගෙ ආපහු බෝඩිමට එන්න. බස් එක සුපුරුදු පරිදි කොට කොට එන්න පටන් ගත්තා.ගිනි දවල් හින්දා වෙන්න ඇති බස් එකේ සෙනග සෑහෙන්න අඩුයි.මන් බස් එකේ මැද හරියේ ...
වසරක් පාසා පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාලයීය එල්ලේ තරගාවලිය මෙවරද මහ ඉහළින් පැවතියේය. සෑම විශ්වවිද්‍යාලයක්ම පාහේජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වා සිටියහ.පසුගිය වසරේ එල්ලෙ ශූරයන් වූ අපට එය රැක ගැනීමේ භාරදූර වගකීම පැවරී තිබිණ. මෙවර තරඟාවලිය පැවතියේ කොළඹ විශ්වවිද්‍යාලයේ බැවින් එහි වාසිය කොළඹට නො අඩුව ලබුනේය. දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක් තරඟාවලිය නියෝජනය කිරීමට නියමිත විය.මොරටුව, කොළඹ, ජ'පුර, කැළණිය, වයඹ, පේරාදෙණිය, රජරට, යාපනය, රුහුණ, සබරගමුව, නැගෙනහිර ...