අසීමාන්තිකව ඵල දැරූ රූස්ස සියඹලා ගස් ගොමුව අතරින් වැටී ඇති තාර යෙදූ පාරේ අප රැගත් රිය පවනට බඳු වේගයෙන් ඉදිරියට ඇදෙයි. රථයේ වේගයට සාපේක්ෂව සිතේ වේගය ද වේගවත් වෙයි. කිසිදා නොදුටු අපේම ඇත්තන් සොයා අපි පියනඟමු. ඔවුන්ගේ ඇවතුම්, පැවතුම්, හැසිරීම්, ජීවන රටා කෙසේ වේදෝ යි යන්න දැකබලා ගැනීමේ නොනිමි ආසාව සිතේ පොර බදියි. පොලොන්නරුව, මඩකළපුව මාර්ගයේ දී රිය දිඹුලාගල දෙසට ...
බලන්න මේ සේයා රූවල ඉන්න කෙනා දන්නව නේද?. එහෙනම් මේ සේයා රූ පෙළ දැකල තියනවද බලන්න.
මේ ලිපිය මා වෙත යොමු කළේ ඇවිද්ද පය බ්ලොග් අඩවිය ලියන සුදීක සහෘදයා යි. මාතෘකාව දුටු විට කියන්න යන්නේ කුමක් ගැනදැයි පැහැදිලි ඇතැයි සිතමි. ඇත්තටම මෙය පිහිටා තිබෙන්නේ කොළඹ නගර සභා සීමාවේ නම් නොවේ. එහෙත් එයට ඉතා ආසන්න තැනක ය. දිනක් නලීන් තමන්ගේ ගමේ සොබා සෞන්දර්යය විස්තර කොට, එය විනාශ වේ දෝයි බියෙන් එය කුමන පළාතක දැයි හෙළි නොකළා මට ...
සාහිත්‍ය කන්ඩ ද ඕයි? යනුවෙන් කෙනකු ප්‍රශ්න කළහොත්; නෑ කන්ඩ නැති උන් සංවිධාන කරන්ඩ! යැයි තවත් කෙනකු පිළිතුරු සපයන්නට පුළුවන.ජීවිතය සමඟ පොරබදන කෘපණ මිනිස් - සමාජ කොට්ඨාසයන්හි නිදහස හා විමුක්තිය උදෙසා කලාවත් - සාහිත්‍යයත් භාවිත කළ හැකි ය. එය පන්ති සමාජය පිළිබඳ දැනුවත් කිරීම ඔස්සේ ආරම්භ වී, වඩාත් යහපත් සමාජ පරිවර්තනයක් උදෙසා මිනිස් සමාජය පෙළ ගැස්වීම තෙක් ගමන් කරයි.අති සරල ...
පසුගිය දා පැවති බෙන්තොට වෙරළ සැනකෙළිය දා කැමරා ඇස ගිය තැන්.. බලන්න කොහොමද කියලාඡායාරූප නිශ්ශංක විජේරත්න
2013 මාර්තු 21 දා ජීවිතයෙන් සමු ගත් චිනුවා අචබේ වෙනුවෙන් තැබුණු සටහනකිඅඳුරු අපි‍්‍රකාවහොඳට ම හෙම්බත් යගුස්තියක් ඇල්ලූකාලයක් මතක නැත.අන්තිම මල්ලවයා දනික්ම ගිය පසු;මොන ගුස්ති දඔකොන්ක්වෝ....!?දෙවියන් වෙනුවට යක්ෂයා කඩා වැදී ඇත. පී‍්‍රතිය වෙනුවට ශෝකයත්; ආලෝකය වෙනුවට අඳුරත් පැතිර ඇත. අනාගත ඉලක්ක, සිහින පරමාර්ථ චණ්ඩ මාරුතයක ගැටී විනාශ වෙයි. අපි‍්‍රකාවට කුමක් සිදුවන්නේ දැ’යි මහා බ්‍රහ්මයාවත් නො දනී.ලෝකයේ සම්පත් බහුලම භූගෝලීය කලාපය එය ...
ගිරිතලේ යන්න කවුද එන්නේ ඒ අය මෙතැන බලන්නඉතිහාසය විසින් කාන්තාවට හිමිකර දී ඇති තැන වර්තමානයේ දී ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නයට පිළිතුරු ගණනාවක්ම සපයන්න පුළුවන්. එහෙත් ආසන්නතම පිළිතුර වෙන්නේ තවදුරටත් පිරිමියාට යටවී සිටීමට ඇති අකැමැත්තයි.කොයි ආකාරයෙන් නිර්වචන සැපයූවත් ඕනෑම විවාහක කාන්තාවක් සිය සැමියාට හැම පැත්තකින්ම ‘යටවීම‘ හංගන්නට බැරි සත්‍යයක්. එහෙත් එම තත්ත්වයේ බැමි කඩා බිඳ දමන්නට වත්මන් කාන්තාව උත්සුක ...
ගිරිතලේ යන්න කවුද එන්නේ ඒ අය මෙතැන බලන්නඉතිහාසය විසින් කාන්තාවට හිමිකර දී ඇති තැන වර්තමානයේ දී ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නයට පිළිතුරු ගණනාවක්ම සපයන්න පුළුවන්. එහෙත් ආසන්නතම පිළිතුර වෙන්නේ තවදුරටත් පිරිමියාට යටවී සිටීමට ඇති අකැමැත්තයි.කොයි ආකාරයෙන් නිර්වචන සැපයූවත් ඕනෑම විවාහක කාන්තාවක් සිය සැමියාට හැම පැත්තකින්ම ‘යටවීම‘ හංගන්නට බැරි සත්‍යයක්. එහෙත් එම තත්ත්වයේ බැමි කඩා බිඳ දමන්නට වත්මන් කාන්තාව උත්සුක ...
යමු ගිරිතලේ වන ජීවී කෞතුකාගාරය බලන්න යන මාතෘකාව යටතේ මේ අඩවියෙන් එළි දැක් වූ පෝස්ටුවෙන් පස්සේ අපේ හිතවතුන් කීප දෙනෙක්ම ගිරිතලේ යන්න කැමැත්ත ප්‍රකාශ කොට තිබුණා. අපේ ගාමිණී අයියත් කියනවා එන්න කියලා ඒ පැත්තේ. ඉතින් ඒ සුන්දර අද්දැකීම විඳගන්නට එහි යන්න අප තීරණය කළා. ඉතින් මිතුරනේ අපත් සමග යන්න කැමති අය නොපමාව මේ මේලයට ඔබේ අදහස කඩිනමින් දාන්න. ඒ වගේම ...
මේ, හරිම අහම්බෙන් යැවුණු ගමනක්. ගමන ගිය දවසෙ උදේ වෙනකල්ම මේ තැන ගැන අහලාවත් තිබුණෙ නෑ. කලින් සූදානම් කරගෙන හිටපු සැලසුමක් වෙනස්වුණා. ඉන්පස්සෙ අපි ලාස් වේගාස් ආවෙ කිසිම පෙර සූදානමක් ඇතුව නෙමෙයි. මේ සූදු පුරයෙ අපි මොනවා කරන්නද. සම්පූර්ණ දවසක්ම අපිට ඉතිරි වෙලා තිබුණු නිසා යන්න තැනක් හෙව්වා. එතකොට තමයි Valley of Fire ගැන දැනගත්තෙ. මේ නෙවාඩා ප්‍රාන්තය. ග්‍රෑන්ඩ් කැන්යන් ...
බොහොම දවසකට පස්සේ අපේ ශ්‍යාමා කෙල්ලගෙන් ඇමතුමක්...අයියේ නියම තැනක් ගැන ලිපියක් ලිව්වා බ්ලොග් එකට දාන්න දෙන්න ද?. එතන ලොක්කත් ඔයා හොඳට දන්න කෙනෙක්..කවුද අප්පේ ඒ.....ලිපිය නම් ගිරිතලේ ජාතික වන ජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය ගැන යි ලිව්වේ. එතැන ප්‍රධානියා ගාමිණි විජිත් සමරකෝන් කියලා ඔයාගේ යාළුවෙක්.අපේ අප්පෝ මේ අපේ ගාමිණි ගේ විජිතය බ්ලොග් එක ලියන ගාමිණී අයියනේ...එවන්න එවන්න ඒ ලිපිය...මම දෙවරක් ...
“බේවිස්ගෙ ගහ නගර සභාවෙන් කපල දාලා”බේවිස් මනතුංගමා කොළඹ සිටි දිනෙක, අනුරාධ ජයසේන මහනුවර සිට මට ඒ දුක්මුසු පුවත සැල කළේ ය. ළබැඳි මිතුරකුගේ වියෝවක් ඇසූ කලෙක මෙන් මසිත ඉන් සසල විය.අප ගත කරන්නේ තුත්තිරි ගසක්වත් කපා දැමිය යුතු යුගයක නොවේ. වනාන්තරයක් මැද ඇති ගසක් වුව බිම හෙළීම සාහසික බව මගේ අදහසයි. නගරයක ඇති ගහ කොළ නිවසකට මල් බඳුන් වැනි ය. ...
සන්සුන් දවසක ඇරඹුමත් එක්ක අනෙක් බ්ලොග් කියවමින් සිටියෙමි. ස්ත්‍රීවාදය අද දැමූ ලිපිය ළග මොහොතක් නතර වන්නට වීමි. වරක් නොව දෙවරක් ම කියවා දැමුවෙමි.මේ ලිපිය කෙළින්ම මගේ වෘත්තීය දිවියට අදාළ ය. එසේම මෙම බ්ලොග් කරු ලොවට යමක් කියන්නට වෙර දරන්නෙකි. එනමුදු මට වැටහෙන්නේ ඔහු කියනා දේ අවශේෂයාට නොතේරෙන බවකි. එසේ වන්නේ කිව යුත්ත ඔහු වැල් වටාරම් සමග කියනා බැවින් විය හැකි ...
අපි අලිමංකඩක් දිගේ බැද්දේගම දෙසට ගාටමින් සිටියෙමු. එරමිණියා ගාල්, පතොක් පඳුරු, හිඟුරු බූටෑ හා තවත් ඝන යටි රෝපණයෙන් බිම් කඩවල වැසී තිබිණි. වීර, පලු, කෝන්, කළුවර වැනි වෘක්ෂයෝ; අවුරුදු සිය ගණනක් වූ ස්වකීය පෞරාණිකත්වය විදහා පෑමට මෙන් ඇඹරී, ගැට ගැසී රථ – පරළු වී උන්හ. දින ගණනකට පෙර ඇද වැටුණු මහ වැස්සෙන්; ගස්වැල් අමුතු ප්‍රාණයක් ලද්දා සේ විය. ඇතැම් තැනෙක ...
අලි අලිමංකඩක් දිගේ බැද්දේගම දෙසට ගාටමින් සිටියෙමු. එරමිණියා ගාල්, පතොක් පඳුරු, හිඟුරු බූටෑ හා තවත් ඝන යටි රෝපණයෙන් බිම් කඩවල වැසී තිබිණි. වීර, පලු, කෝන්, කළුවර වැනි වෘක්ෂයෝ; අවුරුදු සිය ගණනක් වූ ස්වකීය පෞරාණිකත්වය විදහා පෑමට මෙන් ඇඹරී, ගැට ගැසී රථ – පරළු වී උන්හ. දින ගණනකට පෙර ඇද වැටුණු මහ වැස්සෙන්; ගස්වැල් අමුතු ප්‍රාණයක් ලද්දා සේ විය. ඇතැම් තැනෙක ...
නිහාල් නෙල්සන් නම් ගායන ශිල්පියාගේ 112 වැනි ගීත සමුච්චය එළි දැක්වීම නිමිත්තෙන් පන්ඩුක සමරසේකර දිනමිණ වෙනුවෙන් නිහාල් නෙල්සන් මහතා සමග කරන ලද පිළිසඳරක් ඇසුරිනිපුරා දශක 5ක් තිස්සේ රසික මන දොල සංසිඳවාලූ නිහාල් නෙල්සන් සිය 112 වැනි ගීත සමුච්චය ලෙස “වසර 50යි නිහාල් ඇවිත්”සංගීත තැටිය මෙම 15 (හෙට) වැනිදා එළිදක්වයි. එයට සමගාමීව “වසර 50යි නිහාල් ඇවිත්” නමින් සංගීත ප්‍රසංගයක් ද එදින ...
මෙම ලිපිය මා අතට පත්කරන්නේ මා මිත්‍ර මුස්ලිම් ජාතිකයෙකි. ඔහු මැනවින් සිංහල දෙමළ හා ඉංගිලිසි (කකාගෙන් මා උගත් වචනයකි) භාෂා හසුරුවයි. ඔහු විසින් පුවත් පතට ලියන ලද මේ ලිපිය මා අතට පත් කළේ සමකය වටේ අඩවියට ගැලපේදැයි අසමිනි. මෙතැන් සිට කියවන්න ෆවුස් මොහොමඩ් සිංහලෙන් ලියූ දෑ. මෙය අප කවුරුත් කියවා අදහසක් ගත යුතු ලිපියකි.ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න ...
මෙම ලිපිය ප්‍රවිණ ගත් කතුවර කපිල කුමාර කාලිංගයන් විසින් බද්දර මල්ල අතිරේකයට ලියන ලද්දකි.ඇගේ නම Tsitsi Dangarembga ය. මට එය උසුරුවන්නට අපහසු ය. ඉංග්‍රීසි අක්ෂර අනුව නම් ට්සිට්සි ඔන්ගරෙම්බ්ගා ය. අප්‍රිකානු ලෝකය තුළ පමණක් නොව, ඉංග්‍රීසි පාඨකයන් අතර ද ඇගේ නම පතළ ය.වයස 24 දි Nervous Conditions නමැති නවකතාව පළ කළ ට්සිට්සි ඔන්ගරෙම්බ්ගා, සිම්බාබ්වේ දේශයෙන් පහළ වූ පළමු කළු ජාතික ...
අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ යන මාතෘකාව යටතේ මා කාන්තා දිනය වෙනුවෙන් මෙයට පෙර දා සමකය වටේ බ්ලොග් අඩවියට ලිපියක් එක් කළේ බ්ලොග් ලෝකයේ ම සිදු වූ එක්තරා සිද්ධියක් මුල් කොට ගෙන ය.එහෙත් එම ලිපිය නොසිතූ ඉසව්වක් කරා ඇදගන යන්නට ප්‍රතිචාර සමත්ව තිබේ.එම ලිපිය අරබයා ස්ත්‍රීවාදය, ප්‍රමුදි, මාතලන්, හිරු, දුලන්ත, පුංචි කුමාරිහාමි ඇති කළ සංවාදාත්මක ...
මේ සටහන තැබෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.මෙලොව කාන්තාවන් නොසිටියේ නම් පිරිමින්ගේ තත්ත්වය කෙබඳු වේවිද යන්න සිතාගන්නටද අපහසු බව සම්මානනීය ලේඛක මාක් ට්වේන් වරෙක පැවසුවේය. තවත් සම්මානනීය ලේඛිකාවක වූ වර්ජිනියා වුල්ෆ් පැවසුවේ ඉතිහාසයේ බොහෝ තැන්වල නිර්නාමික අය, නම් සඳහන් නොවන අය සිටිත් නම් ඒ කාන්තාවන් කියාය. “දැරියකට අධ්‍යාපනය ලබා දෙන්න. ඇය නිසි ආකාරයෙන් ලෝකයට හඳුන්වා දෙන්න. ඇය කිසිවකුට බරක් නොවී ...