කාලය: 2033 ස්ථානය: බොදුබලතොට, ලංකාවේ අග නගරය (පෙර නම: හම්බන්තොට) 2033 මැතිවරණ වසරකි. දුරුතු මස ජනපතිවරණය කෙළවර වන්නේ බොදු බල සේනා සන්ධානයේ පොදු අපේක්ෂක ශ්‍රීමත් උදිත ලොකුබණ්ඩාර මැතිතුමා ශ්‍රී ලංකා බෞද්ධ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මහා සම්මත ජනරජයේ අටවන විධායක ජනාධිපතිවරයා කරමිනි. ඊට දේශයේ බෞද්ධ ජන ප්‍රතිශතය නැංවීම, ඉස්ලාමීකරණය අවම කිරීම, (දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කර ගන්ට බැරි වූ) හලාල් ...
(45) සමාන්තර විශ්වයෙන් එළියට! || Out of the parallel universe!
The Butterfly Revolution සමනළ විප්ලවය
අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන් පළා ගොස් මගේ වැඩක් බලාගන්ට ඇති නම් කෙතරම් සහනයක්දැයි මේ දිනයන්හි මට නොයෙක් වර කල්පනා වේ. ඒ තරමටම අන්තර්ජාලය – බ්ලොග්, ඊ-මේල්, ෆේස්බුක් සියල්ල – වර්ගවාදී වෛරයෙන් පිරී ඇත්තේය. මානවයන් අතර භේද නැති කරන්ට ඉවහල් වනු ඇතැයි අප කලෙක විශ්වාස කළ අන්තර්ජාලයම ඒ භේද වපුරන තෝතැන්නක් බවට පත්ව තියේ. මම ඒ කුණු ගොඩෙහි රැඳී සිටින්ට අකැමැත්තෙමි. නිදහස් මතධරයන් ...
මේ පළ වන්නේ සිව්වැනි පාඨක විකල්පාවසානයයි. මෙය නවකතාවේ හෝ කලින් විකල්පාවසානයන්හි නොදැක්වුණු නව මානයකට කතාව ගෙනයයි. සමහර විට රචිකාව (ඔව්, මෙය ලියන්නේ තරුණියකි!) මීට වඩා අත්දැකීම් බහුල වී නම් එය වඩා රසවත් වන්නට ඉඩ තිබුණේය සිතෙයි. සමහර පාඨකයින්ගේ විරෝධය මත වුවද මේ විකල්පාවසාන පළ කරන්නේ හේතුවක් ඇතිවය. අවසාන විකල්පාවසාන දෙකම ලියා ඇත්තේ බ්ලොග්කලාවේ මින් පෙර වචනයක් හෝ නොලියූ පාඨකයින් දෙදෙනෙකි. ...
(44-3) සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති || The third alternate ending
The Butterfly Revolution සමනළ විප්ලවය
හිට්ස් ගැන කතා නොකරන්ට කලින් සිතා සිටියෙමි. එහෙත් පාඨකයින් දෙදෙනකු ලියූ විකල්ප අවසාන දෙකකට සාමාන්‍යයෙන් කතාංගයකට ලැබෙන හිට්ස් ප්‍රමාණයට සැලකිය යුතු තරමකින් වැඩි හිට්ස් ගණනක් ලැබුණු කාරණය හෙළි නොකළොත් ඒ කුහකකමක් වන්නේය. දෙවැන්නට එසේ උස් පිළිගැනීමක් ලැබෙන්නේ නත්තලට පසුව බොහෝ දෙනකු රැකියාවට නොයන වාතාවරණයක බව අමතක නොකළ යුතුය. මෙන්න පළමුවැන්න: නැංගුරම් ලන තැනට පෙනෙන සේ ඔබ ඉන්න || An alternate ending මෙන්න ...
(44-2) මේ මගේ අවසාන භවයයි. මෙයින් මතු ඉපැදීමක් නොවන්නේය. || Another alternate ending
The Butterfly Revolution සමනළ විප්ලවය
මේ තවත් පාඨකයකු ලියා එවූ විකල්පාවසානයකි. සුළු සංශෝධන කිහිපයක් සමඟ පළ කරමි. ඔහුද නිර්නාමිකව සිටින්ට කැමැත්තක් දක්වයි. මම ඊට එරෙහි නොවෙමි. තවත් පාඨකයකු තම නිර්මාණය කෙමෙන්ට් එකක සේ පළ කොට ඇත. මම එය මීළඟ පෝස්ට් එකට ගනිමි. කරුණාකර ඔබ තෝරාගත් නමින් පළ කරන්නද, නිර්නාමිකව පළ කරන්නද දන්වන්න. - ලේඛක _____________________________________________________________ කාලය: අවශ්‍ය නැත, පින්වත ස්ථානය: අවශ්‍ය නැත, පින්වත **********(රතු හාමුදුරුවන් ...
(44-1) නැංගුරම් ලන තැනට පෙනෙන සේ ඔබ ඉන්න || An alternate ending (by a reader)
The Butterfly Revolution සමනළ විප්ලවය
පහත පළවන්නේ කතාව හැකිනම් ඉදිරියට ගෙන යන්නැයි මා කළ අභියෝගය පිළිගෙන ඊට විකල්ප අවසානයක් (Alternate ending) සපයන පාඨකයකුගේ නිර්මාණයකි. සංස්කරණයකින් තොරව පළවේ. (තැනින් තැන පොඩියක් සංස්කරණය විනි නම් යහපත්ය සිතෙයි. එහෙත් කාලය පිළිබඳ සදාතනික ගැටළුව ඊට එරෙහි වෙයි.) මෙහි රචකයා නිර්නාමිකව සිටින්ට කැමැත්ත පළ කොට ඇත. ඔහුගේ ශෛලිය ඔහු පාවා දෙන බව දනිමි. එහෙත් මම එය ගැටළුවක් කර නොගනිමි. මීට ...
කාලය: දෙසැම්බර් 21, 2012 ස්ථානය: කිතුල්ගල තානායම, සබරගමුව පළාත **********(ලේඛකයා කියන කතාව)********** ‘සමනළ විප්ලවය’ට පසුවදනක් ලියන්නේද නැද්ද යන්න ගැන මම බොහෝ දුර කල්පනා කළෙමි. පාඨකයින් හා බෙදා ගත හැකි කරුණු රාශියක් ඇතද, එසේ කිරීම ඔවුන්ගේ රස වින්දනයට බාධාවකැයි මට හිතුණේය. එසේ හෙයින් පසුවදනක් ලිවීමේ අදහස වරෙක අත හැර දැමීමි. ‘අවසානයි’ කියා ලියූ තැනින් සියල්ල අවසන් කරන්ට මම ඉටා ගතිමි. එහෙත් ...
(43) ලසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? || Who killed Lasantha Wickrematunge?
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: 2010 අග හරිය, සමාන්තර විශ්වය. (ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් දින කිහිපයකට පසුව) ස්ථානය: කොළඹ, ලංකාව **********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )********** ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට තියේ. මේ මොහොතෙහි රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය එයයි. වර්තමාන ආණ්ඩුව අතිශය අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියි. මේ තනි සිද්ධිය 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත් වූ තැන් පටන් ඇය මුහුණ දුන් දරුණුතම අර්බූද ...
(42) ආදරයේ ප්රාග් ඓතිහාසික අතීතය || Pre-historic days of love
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: 1950, සමාන්තර විශ්වය ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව **********{වෝල්ටර් සමරසිංහ (චරිත්ගේ මවගේ පියා) කියන කතාව}********** යම් යෙහෙකින් මා උඩ දැමූ කාසිය Tail උඩට සිටිනායුරින් වැටුණේ නම් චරිත් කාලිංග බණ්ඩාර මෙලොවට බිහි නොවිය හැකිව තිබුණේය. ඔහු මෙලොවට බිහි වූයේ එය Head වැටුණු නිසාය. පුදුමයකට මෙන් කාසිය උඩ දමන ක්ෂණයෙහිම කහ පැහැති සමනළයෙක් මගේ කාමරයේ තටු සලමින් පියාඹන්ට පටන් ගත්තේය. සමහරවිට ...
කාලය: 2010, සමාන්තර විශ්වය [ මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන්/ අමාත්‍ය වික්ටර් බණ්ඩාර දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවෙන් මුදාගෙන ඒමෙන් මාස කිහිපයකට පසුව] ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව **********(ඇඹිලිපිටියේ පියදාස කියන කතාව)********** විසි දෙවැනිදා වැඩේ දා ගන්ට මා මුලින් අකැමැති වූයේ කටයුත්තේ බැරෑරුම්කම දැන නොවේ. එයට ඊට වඩා ප්‍රාථමික හේතුවක් විය. මනෝජ් පුතාගේ ඉස්කෝලයේ වාර්ෂික විවිධ ප්‍රසංගය යෙදී තිබුණේද හරියටම ...
(40) පාළු අඳුරු නිල් අහස මමයි || The forsaken days of white dreams
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: 2005, සමාන්තර විශ්වය (චරිත්-දිනූෂා ආදර අන්දරය ඇරැඹී මාස තුනහමාරකට පසුව) ස්ථානය: කොළඹ, ලංකාව **********(චරිත් කාලිංග බණ්ඩාර කියන කතාව )********** ආවොත් යා යුතුමය. නොගියොත් නැවත ඊමක් නැත. නාවොත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. දිනූෂා මගේ ජීවිතයෙන් පියඹා ගියාය. වැහි ලිහිණියක සේය. ඇය කවදා හෝ මා හැර යනු ඇතැයි මට අපැහැදිළි අදහසක් විය. එහෙත් එය මෙතෙක් ඉක්මණින් වෙතැයි මම නොසිතුවෙමි. ...
. . දීර්ඝ හැඳින්වීමක් අනවශ්‍යයි. ඔබ හොඳින් දන්නා හඳුනන චරිත කිහිපයක් මුණ ගැසෙනු ඇතැයි සිතමි.
(39) දඹර අමිල හිමි කොටින්ගේ අත් අඩංගුවේ || Dambara Amila thero abducted by tigers
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: 2009, සමාන්තර විශ්වය [උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාය කියා වසරකට පමණ පසුව හා මේ කැබිනට් මීටිමෙන්/ඇඹිලිපිටියේ පියදාසට දුරකථන ඇමැතුමක් ලැබීමෙන් මාස කිහිපයකට පසුව] ස්ථානය: ඉරණමඩු, උතුරු පළාත **********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** නඩේසන් හා පුලිදේවන්ද අප පස් දෙනා සමඟ, ඉරණමඩු වැව අසළ ඔවුන්ගේ කුඩා ‘ගුවන් තොටුපළෙහි’ පර්යන්ත ගොඩනැඟිල්ලට ඇවිද ආවෝය. පර්යන්ත ගොඩනැඟිල්ල කීවාට එය තනි තට්ටුවේ පුංචි ගෙයකි. ඉස්තෝප්පුවේ ...
(38) මාලක ගැන රෙහාන් විජේරත්න කියන කතාව || Rehan Wijeratne on his friend Malaka
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: 2010, සමාන්තර විශ්වය [චරිත් තිසර හා පිරිස මාලකට හා රෙහාන්ට නෙලූ කාලයට සමාන්තරවයි ] ස්ථානය: දකුණු හා බස්නාහිර පළාත්, ලංකාව **********(රෙහාන් විජේරත්න කියන කතාව )********** මාලක බඳු මෝඩ මූසලයකු මගේ කිට්ටු මිතුරකු වූයේ යැයි මටම අදහා ගත නොහැකිය. අප දෙදෙනාගේ පසුබිම ඒ තරමටම එකිනෙකින් වෙනස්ය. ඔහුගේ පියා, මර්වින් අංකල්, වලව්වට ප්රවේණි දාසකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමූපාකාර මැනේජර් කමේ සිට ...
(37) මං මුළා වූ සමනළියකගෙනි පාර අසා ඇත්තේ || It was just like that
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: 2003 මුල හරිය, සමාන්තර විශ්වය. [චරිත්ට මහින්ද අංකල් හමුව මාස කිහිපයකට පසුව හා ත්සුනාමිය එන්ට අවුරුදු එක හමාරකට විතර කලින්] ස්ථාන: කොළඹ, කටුනායක හා සිංගප්පුරුව **********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව )********** මම උණුහුමට ආලෝක පුංජයක් වෙත ඇදී, ඉන්ම දැවෙන මෙරුවකු සේ තිරව, ප්‍රේමයෙන් වෙලී සිටියෙමි. සාමාන්‍ය මිනිසකුට බැලූ බැල්මට පෙනිය යුතු බොහෝ දේවල් මට නොපෙනුණේ එනිසා විය හැකිය. බොහෝ ...
(36) ‘මහින්ද-ධර්ම-පූජා’ මැඩම් අතින් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට || Madam launches ‘Mahinda-Dharma-Pooja’ program
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: 2013 – නොවැම්බර්, සමාන්තර විශ්වය [මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට පත් වූවාට මාස කිහිපයකට පසුව] ස්ථානය: කොළඹ දිස්ත්‍රික්කය, ලංකාව **********(‘සාසනයා’ කියන කතාව )********** මැඩම් හා මා අතර කැපියුලෙට්-මොන්ටේගු ජාතියේ පට්ට විරසකයක් ඇති බව ඔහේලාට තව දුරටත් රහසක් වන්ට බැරිය. මේකිට ඇහැක් නම් දැනටමත් මා රෝස්ට් කර, රෙඩ් වයින් දමා, Bœuf bourguignon එකක් හදා ඩිනර් එකට අරගෙනය. හරිය? ...
(35) චරිත් මැරෙන්ට තැත් කළේ ඇයි? || What was behind Charith’s suicide attempt?
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: 2007, සමාන්තර විශ්වය [ජනරාල් සරත් ෆොන්සේකා මිය ගොස් වසරකට පමණ පසුව] ස්ථානය: ක්වාලා ලම්පූර්, මැලේසියාව **********(Zhou Dewei කියන කතාව. පහසුව පිණිස දෙබස් හැර සිංහලට පරිවර්තනය කොට ඇත.)********** මැදියම. මා නිදන්ට යන්ට සූදානම් වූවා පමණෙකි. නොදන්නා අංකයකින් ජංගම ඇමැතුමක් ලැබුණේය. ප්‍රතිචාර නොදක්වන්ටත් කල්පනා කොට, ජංගමය අතට ගතිමි. මේ මගේ silent admirer කෙනකු විය නොහැක්කේද? “Dewei, This is Azlan…” පිරිමි කට ...
(34) රෝහණ විජේවීර ඝාතනය දුටුවෙමි || I saw the killing of Rohana Wijeweera
The Butterfly Revolution සමනළ විප්ලවය
කාලය: නොවැම්බර් 12-13, 1989, සමාන්තර විශ්වය (දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි ට වසර එක හමාරකට පමණ පසුව) ස්ථානය: කොළඹ, ලංකාව **********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)********** රාත්‍රි දහය පසුව මිනිත්තු තිස් පහකි. මම රන්ජන් විජේරත්න ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමන්ට දුරකථන කරමි. මට ඔහු අල්ලා ගන්ට ලැබෙන්නේ තරමක පරිශ්‍රමයකින් පසුවය. වෙන කෙනකුට නම් මෙවැනි අවස්ථාවක ඔහු කතා නොකැර හරිනු ඇත්තේය සිතමි. එහෙත් මා වෙනස්ය. ...
විරාමය: නිරුවත් නිරූපිකාවක් ගැන සංවේදී ජපන් චිත්‍රපයටක් – නිරුවත – NUDE (18+)
The Butterfly Revolution සමනළ විප්ලවයමම දැවැන්ත ප්‍රේක්ෂක සමූහ වෙනුවෙන් තනන හොලිවුඩ් හෝ බොලිවුඩ් සිතුවම්පටයන්ට වඩා කුඩා දේශීය ප්‍රේක්ෂක සමූහ වෙනුවෙන් තනන සිතුවම්පට අගය කරමි. මේවා සැබෑ තත්ත්වයන්ට වඩාත් සමීපය. ඒවායින් බොහෝ දුරට නිරූපනය වන්නේ අදාළ සමාජයේ සැබෑ මුහුණුවරයි. ජපානයේ නිරුවත් නිරූපිකාවක් හා කාම චිත්‍රපට රංගන ශිල්පිනියක වටා ගෙතුනු NUDE වත්මන් නාගරික ජපන් සමාජයේ සැබෑ නිරූපනයකැයි මම අදහමි. (යුවතියක් වටා ගෙතුනු බව පෙනුනනද සැබැවින්ම කෘතිය ...
Yes Minister/Yes Prime Minister තරම් ‘සමනළ විප්ලවය’ ලිවීමේදී මා ආභාෂය ලද වෙනත් කෘතියක් නැති තරම්ය. විශේෂයෙන්ම දේශපාලකයින්ගේ පාර්ශ්වයෙන් සිද්ධීන් විස්තර කිරීමේදී මා යොදාගත්තේ එහි යොදා ගන්නා ශෛලියමයි. Yes Minister/Yes Prime Minister තුළින් තෝරා ගත් හොඳම පරිච්ඡේදය මෙහි ඵල කරනුයේ කෘතවේදීවය. කතාවේ ප්‍රධාන චරිත නොදැන්ම මෙහි රස වින්දනයට බාධාවක් විය හැකිය සිතෙන මුත් දීර්ඝ විස්තරයකට නොයමි. ප්‍රධාන චරිත තුන පිළිබඳව පහත ...