"මේ ඔයා නිදි ද..??"ශිරන්ති රාජපක්ෂ මැතිණිය ජනාධිපතිතුමාගෙන් ඇසුවා ය.එතුමාගෙන් පිළිතුරක් නොමැති තැන හැරී බැලූ ඇයට දකින්නට ලැබුනේ යහනේ අනිත් පසට හැරී කොට්ටයක් ද තුරුළු කරගෙන සුවසේ නිදන ජනාධිපතිතුමා ය. "මේ මනුස්සයෝ නැගිටිනවා.."ඔලුවට නැඟ ආ කේන්තිය වාවාගත නොහැකි වූ තැන ශිරන්ති රාජපක්ෂ මැතිණිය ජනාධිපති තුමාගේ දෙවුරින් අල්ලා හොලවන්නට පටන් ගත්තා ය."ඇයි ඇයි..මොකද වුනේ..? හොරු ඇවිල්ලද..?"ජනාධිපතිතුමා නිදිගැට කඩන්නට පටන් ගත්තේ ය.රාජපක්ෂ මැතිණිය ...
"අපේ කාලේ නම් මෙහෙම නෑ.අද කාලේ එවුන් ට මගුල් විසේ ඉහට ගහල"මේ දවස්වල අපේ වැඩිහිටි පරම්පරාවේ අය නිතරම කියන දෙයක් තමා මේ.ඇත්තටම ඒ කාලේ පරම්පරාව මාර හොඳයි ද..? අපේ කාලේ පරම්පරාව මාර නරකයි ද..?ඒ කාලේ හිටියේ ශුද්ධවන්තයෝ ද..??ටිකක් හිතල බලමු.ඇත්තටම අද කාලේ කොල්ලෙක් ට කෙල්ලෙක් ගේ අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න පුලුවන්ද..?මොන පිස්සු ද වටේ පිටේ ඉන්න වැඩිහිටියෝ උන් දෙන්න ...
~වර්තමානය~" උඹ මගේ හොඳම යාලුවා වෙලත් ඇයි..ඇයි බං මට මෙහෙම කලේ..??මම හිතුවේ ඒකි මහා පාරේ දෙනෝ දාහක් සෙනඟ මැද මට කෑගහයි කියල.නෑ..ඒ කටහඬේ තිබුනේ තරහක් නෙවේ මහා දුකක්.අපි ගොඩක් විශ්වාස කරන කෙනෙක් අපිට ද්‍රෝහී වෙලා කියල දැන ගත්තම අපිට ඇති වෙන හැඟීම මොකක්ද..??අන්න ඒ දේ ඒකිගේ කටහඬේ විතරක් නෙවේ මූණෙත් අඩුවක් නැතිවම තැවරිලා."මං..මං.."මම මොනා කියන්නද..?? කොහොමත් මම වැරදිකාරයෙක්.නිදහසට කරුණු කියන්න ...
ඒ මාර ප්‍රශ්නයක්..ගෑල් ළමයෙක් ඉපදුන දා ඉඳං ම පරිස්සම් කරන්නේ මොකෝ..??ඒකි පිරිමි ළමයෙක් ට වඩා දුර්වල නිසා ද..??නැත්නම් පිරිමි ළමයිට තරම් උන් ට මොලේ නැද්ද..??ඇත්තටම මොකෝ..??නෑ ඕයි..ඒ මොන බොරු කතා දඒ මොකක්වත් නිසා නෙවේ.උන් ට තියෙනවලු නේද අර කන්‍යා පටලේ ද මොකක්ද එකක්..??ඒකලු උන්ට තියෙන වටිනාම දේ.අර ආත්මීය නවකතා වලත් තියෙන්නේ"මම මගේ වටිනාම දේ එයාට දුන්න" කියල.බැරි වෙලා හරි ඕක ...
පූර්විකාවවිශ්වවිද්‍යාලයේ සංගමයක් මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවද ඇතුළුව තවත් රටවල් 8 කගේ සහභාගිත්වයෙන් හැඩ ගැන්වුන සංස්කෘතික උළෙලක් පසුගිය දා පැවැත්විණි.විශේෂත්වය වූවේ "මිහිඳු මෙත් සෙවනේ" වාසය කරන ආබාධිත රණවිරු සොයුරන් පිරිසක් ද මෙයට ආරාධනා ලැබ සිටීමයි.මා සිතනා අන්දමට ඔවුන් ගෙන් බහුතරය එනම් 80% පමණ අවුරුදු 30 ට අඩු හිරිමල් යෞවනයන් ය.ඔවුන්ගෙන් ඇතැමෙකුට දෑස් පෙනීම අහිමි ය.සමහරුන් ගේ දෙපා සිදී ගොසිනි.දෑත් ...
පුංචි කාලේ කියන්නේ හැමෝගෙම ආදරේ මැද්දේ කාලේ ගෙවන බොහොම සුන්දර වකවානුවක් නේ.ඒ කාලේ වෙච්ච හැමදේම මතක නැතුවට ලස්සන ළමා කාලයක් මටත් තිබුන කියල මතකයි.ඔය කාලේ මතක් වෙනකොට කිසිම ආයාසයක් නැතුව මතක් වෙන දෙයක් තමා "ලස්සන වසිලිස්සා" කියන්නේ.නම කිව්වම එයා කවුද කියල අමුතුවෙන් හඳුන්වලා දෙන්න වෙන එකක් නෑ කියල මම හිතනවා.ඒ පොතේ පිටු අස්සේ තියෙන්නේ මගෙ සුට්ටි කාලේ.හවසට තාත්තගේ ඔඩොක්කුවට පැනල ...
ජිවිතේ අපි හැමෝටම ලස්සන හීන තියනවා.... තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් අය වෙනුවෙන් කරන දේවල් විතරමයි...ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි..අන්තර්ජාලය කියනකොට අපිට ඉස්සර වෙලාම මතක් වෙන තැනක් වෙන්නේ මුණු පොත.... සයිබරයේ යාළුවො ගොඩක් ...
හරිම ලස්සන දවසක්.එහෙන් කුකුල්ලු කුක් කුක් ගානවා.ගස් වැල් මඳ සුළඟට සෙලවෙනවා.කුරුල්ලෝ කෑම සොයා පියඹනවා.මේ වගේ දේවල් අහන්න දකින්න අපි කොච්චර වාසනාවන්තද..." අක්කේ අන්න කට්ටිය ආව" නංගි මාව කෙනිත්තුවා.ටික වෙලාවකට පස්සේ අම්ම අතට දුන්න බුලත් හෙප්පුවත් අරගෙන බිම බලාගෙන හෙමින් හෙමින් මම ගියා එයා ලඟට.එයා වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිට්ටා.බිම බලාගෙන හිටිය නිසා මුලින්ම දැක්කේ එයා දාගෙන හිටිය සපත්තු දෙක.මූණ පෙන්න තරම් ...
එක්සෑම් ළඟ නිසා මේ ටිකේ පාඩම් කරන්න කැම්පස් ගිහින් එනකොට රෑ 8 පහුවෙනවා.ඊයෙත් එහෙමයි.ආව ගමන තාත්තට කෝල් එකක් ගත්තේ හැමදාම එයත් එක්ක විනාඩියක් හරි කතා කලේ නැත්නම් දවස අසම්පූර්ණයි වගේ දැනෙන නිසා."අපි අද දානේ ගෙදරක ගියා පුතේ""කොහෙද අප්පා..?? හොඳට කන්න ඇති නේද දෙන්නා..??" මම හයියෙන් හිනා වුනා."රුමේෂ් ගේ දානේ.ඔයාට මතක් වුනේ නැද්ද..??"අර හිනාව මගේ උගුරේ එහෙමම හිර වුනා.වචනෙකින් දෙකකින් කෝල් ...
(කලකට පසු ගෙදර ආ විට වැස්සෙන් පණ ලබා ලියලා ඇති වැට දිගේ තැනින් තැන පිපී ඇති නියඟලා මල් දුටු විට ඔබව සිහියට නැඟුනි)නියඟලා පිපිලා,අකල් වැස්සෙන් පන ලබාතිබුනාටත් වඩා රතුවටආයෙමත් නියඟලා පිපිලා..අර තරම් දරුණු නියගයකට හසුවපාට පිච්චී,පෙති හැලී ඇද වැටුණු,සිප ගන්නට පොළොවක් ද අහිමි වූ..ඒත්..හරිම පුදුමයිතිබුනාටත් වඩා රතුවට,නියඟලා පිපීහිනැහෙයි..පිච්ච මල් වාගේ සුවඳ නැති බව නම් හැබැයි,ඒ වුනත්නියඟලා මල දබුදු පුදට අකැප ...
ලොකු දුව පාසල් ඇරී ගෙදර ආවා ය.වෙනදා මෙන් නොව අද නම් ඇගේ හැසිරීම නම් ටිකක් අමුතු බව මට නිකමට වගේ සිතුනි.ආ වෙලේ පටන් එහාට මෙහාට ඇවිදිනවා ය.එක එක තැන් වලට වී බරටම කල්පනා කරනවා ය.කන්නාඩිය ඉස්සරහට වී ශරීරය දෙස බලාගත් වනම බලා සිටිනවා ය.උදෑසන "අඹ සෙවණේ" යොවුන් දියණිවරුන් සිටින මව් වරුන්ට දුන් උපදෙස් සිහිපත් කරගත් මම ඇය අසලට ගොස් ආදරයෙන් ...
මට මතකයි අදට හරියටම අවුරුද්දකුයි මාස පහකුයි දවස දෙකකට කලින්,ඒ කියන්නේ 2011 ජුනි 22 වෙනිදා මම මූණු පොතේ මේ විදිහට සටහනක් ටයිප් කළා."J'pura..my sweet dream..I got my letter today...:))"එදා තමයි අවුරුදු දෙකක මහන්සිය ඵල දරලා මම තේරෙන කාලේ ඉඳං දැක්ක හීනේ හැබෑ වුනා කියන සුබ පණිවිඩේ ගත්ත ලියුම ආවේ.සරසවි වරම් ලබා ගැනීම බහුතරයක් පාසල් සිසුන්ගේ හීනයක්............අපේ රටේ සරසවි අතරින් ජ'පුර ...
මලාලා යුසෆියා නම් පුංචි කෙල්ල අපේ කාලයේ වීරවරියකි.අයුක්තියට,අසාධාරණයට එරෙහිව නැගී සිටීමට වයසවත් ගැහැණුකමවත් බාධාවක් නොවන බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ ඇය කොතරම් දේවල් සිදුවුවද බොරුවට නිදාගෙන සිටින අපේ රටේ බහුතරයකට මහඟු ආදර්ශයක් මෙන්ම පවත්නා ලෝකය වඩා යහපත් ස්ථානයක් ස්ථානයක් කිරීමට සුළුවෙන් හෝ සිහින දකින පිරිසකට මහඟු උත්තේජනයක් ද සැපයූවා ය.පාකිස්තානයේ තලේබාන්වරුන්ට එරෙහිව හඬ නැගීමේ වරදට වෙඩි කන්නට වූ මලාලාගේ ජීවිතය ...
පුතාලා වැඩිපුරම ආදරේ අම්මාට යැයි ද දෝණිලා වැඩිපුර ආදරේ තාත්තලාට යැයි ද කියා ඉස්සර කාලේ ඉඳන්ම එක එක්කෙනා කියන්නෝ ය.ඒ කතාවේ ඇත්තකුත් ඇතැයි කියා මට ද සිතෙන්නේ ය.මොකද කියන්නේ නම් මම ද අම්මාට ද පණ ඇර ආදරය කලත් ඊට වඩා අඩු තරමින් දශම බාගයක,කාලක හෝ ආදරයක් තාත්තා කෙරෙහි මගේ සිත තුල පවතිනවා යැයි මටම සිතෙන නිසා ය.අපේ ගෙදරට මුලින්ම දුරකතනයක් ...
සෙත් වේවා..!!ඉතින් අයියේ,අයියාගේ සැප දුක් කෙසේද..?? අයියා කොහේ හිටියත් මෙහේ වෙන ඒවා පෙනෙනවා නම් මෙහේ හිටියාට වඩා සතුටින් ඉන්නවා ඇතැයි අපිට සිතෙන්නේ ය.අපිට මේ දවස්වල අයියාව නිතර දෙවේලේ මතක් වෙනවා ය.තකහනියේ ලිපියක් ලියන්නට හිතුනේ එබැවින් ය.අයියා අර කොහේවත් නැති මාවිල් ආරුවක් වසා දමා ඉල්ලන් කෑවේ බොරුවට ය.තව ටිකක් දවස් ඉවසන් හිටියානම් සිංහල අයගේ ද සහාය ඇතුවම අයියාට ඊලම ද මොකක්ද ...
අපි ජීවත් වෙන්නේ හිත නිවෙන දේවල් වලට වඩා හිත තැවෙන,දූෂණය වෙන දේවල් අහන දකින ලෝකෙක.ඔයා,මම අපි වැඩි දෙනෙක් වැඩිහරියක් දුවන්නේ නිස්සාර දේවල් පස්සේ.ඒවා පස්සේ දුවලා ඇදගෙන වැටිලා හිත හොඳටම රිදුන වෙලාවලට අපි කියනවා "මේ හැමදෙයක් ම මායාවක්" කියලා.ඒ වුනාට හිත ටිකක් හරි ගිය ගමන් ආයෙම අර නිස්සාර දේවල් පස්සෙම දුවනවා.ආයේ හිත රිදුනම අර විදිහට හිතනවා.අපිට යමක් ඉෂ්ට කරගන්න බාරයක් වෙන්න ...
හිරිහැරයක් ය මේ හදවත,"සැළලිහිණියා" ගයන "ස්වාධීන" ගායනාවෙනස් අයුරින් දැනෙන,දකින අසන දෑ ගැනනිරතුරුවම නොහොඹිනා තර්ක ගෙනෙනාදේශද්‍රෝහී හදවතකි මෙය.ඉතින්,පපු කුහරයට අත දමා,උල් නියවලින් ග්‍රහණය කර,නහර වැල් වලින් වෙන්කර,ශරීරයෙන් පිටතට ගත්තෙමිමළඉලව් හදවත..තවම ලබ් ඩබ් හඬින් ගැහෙන නිසාඅනතුරුව,මාගම්පුර වරායේකරදියෙහි ගිල්වා හුස්ම හිර කොට,ලක්විජය බලාගාරයේ ගල අඟුරු දුමට අල්ලා කර කොට,නෙළුම් පොකුණේ රුව තිබූපත්තර කොළයකින් ඔතා,දක්ෂිණ අධිවේගී මාර්ගය අසලවලක් කපා වල දැම්මෙමි.දැන් "දේශප්‍රේමී " පුරවැසියෙක් ...
ගෑනු ළමයි, පොඩි දේත් මහා ලොකුවට හිතට ගන්න.පොඩි දේටත් ඇස් වල කඳුළු පුරවගන්න (පිරිමි ළමයි කියන හැටියට නම් හැම එකටම ටැප් එක ඇර ගන්න) හැකරැල්ලෙක් වගේ පොඩි සතෙක් කකුල් දෙක ළඟ දැක්කොත් මහා හයියෙන් කෑ ගහන,පොඩි සද්දයකටත් ලොකුවට බය වෙන ජාතියක්.සමහරු නම් කෙල්ලොන්ගේ හරි ඇඩ් එක කියල කියන්නෙත් එක නේ.එහෙව් කෙල්ලෝ තුවක්කු අතේ තියාගෙන අනිත්ගෑනු ළමයි ලස්සනට හදාගන්න උත්සහ කරන ...
" සූරියකන්ද ගම,විමලාවතී නම,අවුරුදු හතළිහයි,ගොවිතැන රැකියාවයි,පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේආගිය අතක් නෑ..මගේ කොළු පැටියා..හොයලා දෙන්න පොලිසියේ හාමුදුරුවනේ..කපලා කෙස් කොටට හිස පීරා වමටඇඳලා ගියේ පාසල් ඇඳුමයි උදයේ..වැඳලා කියමි පොලිසියේ හාමුදුරුවනේ.සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..දන්නා කියන හතුරෙක් නම් නෑ අපටසන්නාසියෙක් අල්ලාගෙන ගියාවදවැඳලා කියමි පොලීසියේ හාමුදුරුවනේසොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..තොරතුරු අසන්නට ගිය මුත් පාසලටගස් ගල් වෙලා ගුරුවරු ගොළු වී හිටියාඅහලා බලන්නේ ...
බැලුම්ගලක් මුදුනට නැ0ගම වටේ පිටේ හැමදේම පේනවා. ස්වාභාවිකත්වයෙන් පරිපූර්ණ අපේ රටේ බැලුම්ගල් ගොඩක් තිබුනට දැන් ඕවට නැගල වටේ පිටේ වෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න අවදානමක් තියෙනවනම් අනිත් අයවත් දැනුවත් කරන්න තරම් වෙලාවක් අපිට නෑ.එහෙම තිබුනත් අපි ඒක කරන්නෙත් නෑ.අන්තිමට වෙන්නේ මේ සමාජයේ අනිත් අය විතරක් නෙවේ අපි අපිත් වල්මත් වෙන එක.ඒ වුනාට දැන් අපිට එහෙම බැලුම්ගලක් තියෙනවා.තියෙන්නේ රේඩියෝ අවකාශයේ.සතියේ දවස්වල ...