පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වෙද්දී ශෝකයට පත් බොහෝ සිංහලයින්ගේ නෙතගින් සට සට ගා කඳුළු කැට රූරා වැටෙද්දී, සැබෑ හෙළයෙක් වන මාගේ නෙතගින් සතුටු කඳුළක් ගලා යාම අපේ ගෙදර ඇත්තන්ට නම් අරුමයක් වුණේ නෑ. එයට හේතුවනම්, බොහෝ අය නොදන්නවා වුණාට T20 තරගාවලියේ ජය හිමි වූයේ හෙළයින්ට බව මා දැනගෙන සිටපු නිසයි. මේ මොන අප්‍රබංශයක්ද කියල ...
කොස්සක් මත නැගී අහසින් ගමන් කරන බටකොල ආච්චීව ඔබට මතකද? ශ්‍රී රාවණ රජතුමාගේ ලොකු අම්මා වන බට්ඨිකාලි යක්ෂණිය හෙවත් බටකොල ආච්චී විසින් ලොවට මුල් වට හඳුන්වා දුන් ඉන්ධන රහිත ප්‍රවාහන තාක්ෂණයක් හෙළයින් සතුව තිබුණ බව ඉපැරණි හෙළ පුස්කොළපොතක දැක්වෙයි.ඊට අනුව මායා කොසු හතක් තෝන් ලණු වලින් හෙළ බස් එකකට ("හෙළ බස" කියල තාමත් අප අතර පවතින්නේ එම වහරයි) ගැට ගසා ...
රාචි ත් රාවණ කතක්දරයක් ලියාගෙන යනව. ඒක කියවගෙන යද්දී, මට පොඩි කාලෙදි අපේ ආච්චි අම්ම කියල දුන්න රසබර ඉතිහාස කතා කීපයක් මතකයට ආවා. ඒවයින් සමහර කතන්දර වැටහුණේ ලොකු ඉස්කෝලෙනුත් අයින් වුණාටත් පසෙයි. ඔබ සමහර විට ඒවා දැනගන්න කැමති ඇති කියල හිතෙන නිසා ඒවයින් එකක් අද කියන්නම්.ඒ කාලෙ රාවණ රජ්ජුරුවන්ට අක්කර 1000 විතර ලොකු පොල් වත්තක් තිබුණ. ඒක තිබුණෙ පිළියන්දල, "පොල්ගස් ...
සිංහල බෞද්ධයින් යනු නියම සිංහලයින් කියලයි බොහෝ අය මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ. නමුත් සිංහල කතෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා නියම සිංහලයින් බව ඔබ දැනගෙන සිටියාද? මේ බව කියන්නේ අන් කවරෙක්වත් නොව, ශ්‍රී රාවණ රජතුමාව අප හෙළුවන් අතර ජනප්‍රිය කළ කලාසූරී අරිසෙන් අහුබුදු හෙළුවානන්ය. අහුබුදුවන්ගේ වචන වලින් හෙළුවන් යනු හෙළයින්ට කියන හෙළ වචනයයි. උදා: 2009 බක් 12 සිළුමිණේ අරිසෙන් අහුබුදුවන් මෙහෙම ...
ලෝකප්‍රකට Avatar චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ වීමත් සමගම තරුණ පරපුර අතරත් "අවතාර" ගැන විශාල කතා බහක් ඇති වුණා. එනිසා "අවතාර" යනු මොනවාදැයි මා ගවේශණය කිරීමට පටන් ගත් අතර මුලින්ම විමසා බැලූයේ, සෑම දෙයක්ම පාහේ සටහන්ව ඇති වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ මේ සම්බන්ධයෙන් සටහන්ව තිබෙන්නේ කුමක්ද යන්නයි. මාව පුදුමයට පත් කරමින් අවතාර ගැන විස්තර එහි සටහන්ව තිබුණා.සාමාන්‍යයෙන් "අවතාර" ලෙස අප හඳුන්වන්නේ අමනුෂ්‍යයින් ...
පරිනාමවාදීන්ගේ පොදු පිළිගැනීම අනුව නූතන මානවයා වශයෙන් හැඳින්වෙන Homo Sapiens මුල් වරට ලෝකයට බිහි වී ඇත්තේ මීට වර්ෂ 250,000 කට පෙරය. ඔවුන්ගේ උප මානව වර්ග වන Homo Sapiens Idaitu මීට වර්ෂ 160,000 - 150,000 අතර ඉතියෝපියාවේදී ජීවත් වී ඇත. Homo Sapiens Sapiens වශයෙන් හැඳින්වෙන අපව මීට වර්ෂ 200,000 කට පෙරදී ලෝකය පුරාමද ආරම්භ වී ඇත. Homo Sapiens ලාට පෙර ආරම්භ ...
මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.මෙම පොතේ 83 වැනි පිටුවෙන් ෆොටෝකොපි ගසා පහත දක්වා ඇති පින්තූරයේ දැක්වෙන ...
මෙම විශේෂ ලිපිය ලිවීමට සිත් වූයේ පසුගිය දින ගණනාවක සිට වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ කොමෙන්ටු වලින් Anonymous One orig (ඇනෝ) සහ rachi (රාචි) ප්‍රධාන කොටගත් පරපුරවල් දෙක අතර සිදුවෙන මහා වාග් සංග්‍රාමය කියවීමෙනුයි. රාවණ ඉතිහාසය ගවේශණයේ ස්වර්ණමය යුගය මෙය බව පසක් කරමින්, මේ දෙපාර්ශවය අතර සිදුවෙන බස් සටන නිසා බ්ලොග් අවකාශයේ රාවණාවාද නිම් වළලු පුළුල් වෙමින් පවතියි.ඇනෝ යනු සෑම ක්ෂේත්රයක් පිළිබඳවම ...
අප ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කාලයේදී අති මහත් හෙළ විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුවක් තිබූ බව මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ලිපි වලින් පෙන්වා දෙද්දී සමහර රාවණා විරෝධීන් ඊට සිනා සුණහ. ඊට හේතුව වන්නේ අප දැක්වූ මූලාශ්‍ර මදි බව කීමයි. නමුත් රාවණාගවේශක ඉතිහාස ලිපියක මූලාශ්‍ර දැක්වීමේ සම්ප්රදාය අනුව යමින්, පද නිරුක්ති, හෙළ විද්වතෙක්ගේ ප්‍රකාශයක්, අතීත පුස්කොළපොත්, සෙල් ලිපි උදෘත, අපගේ මා හැඟි ...
හෙළයින් වන අප ලෝකයේ ප්‍රෞඩතම ඉතිහාසයට හිමිකම් කියන ජාතිය වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ටසම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන්ට පෙර අපි ශිෂ්ටාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය, කිසිවෙකුගෙන් අනුකරණය කිරීමෙන් නොවේ. එපමණක් නොව අන්‍ය ජාතීන් සතු නොවනා ...
අප වෙත ලැබුණු ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් රැගත් ලිපියේ පළමු කොටස ඊයේ පළ කලා ඔබට මතක ඇති. පහත දැක්වෙන්නේ එහි දෙවැනි කොටසයි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අටුවාවන් (අපි ලියපු අදහස්) අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.දැන් අප පිවිසෙන්නේ රාවණ පිළිබඳව වර්තමානයේ පහලවී ඇත් එක්තරා මතවාදයකට ...
ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් රැගත් ලිපියක් අප වෙත ලැබුණි. පහත දක්වා ඇත්තේ ඉන් කොටසකි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අටුවාවන් අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.රාවණාගේ මරණය සිදුවිය හැකිද? නැතිනම් එය එක්තරා ප්රයෝගයක්දැයි අපගෙන් විමසූ බොහෝදෙනකු සිටියහ. එයට හේතුව ලෙස ඔවුන් අපගෙන් ප්‍රශ්න කරන ලද්දේ "අජෛය" ...
රාවණාගවේශක හෙළයින් වන අපට අතිශය වැදගත් පුවතක් ෆේස්බුකියේ දක්නට ලැබුණි. පහත දැක්වෙන්නේ එයයි. එයට අප විසින් තවත් වැදගත් තොරතුරු එක් කළ අතර, ඒවා අළු පාටින් උදෘත කර ඇත.හෙළ ජාතික ඉතිහාසය විකුණගෙන කැමට මාන බලමින් සිටින පිටරැටියන් පිරිසක් හා එක්ව කරගෙන යන්නා වූ උමා ඔය ව්‍යාපෘතිය වහා අත් හිටවනු ..! ඔබත් ජාතික ඉතිහාසයට ආදරේ නම් ගෞරව කරන්නේනම් මෙම ලිපිය අන්තර් ජාලය ...
ශ්‍රී රාවණ රජතුමාගේ නමින් පවත්වාගෙන යන අරක්කු තැබෑරුමක් ගැන ඔබ අසා තිබුණාද? නම හෙළි කිරීමට අකමැති අප වාර්තාකරුවෙක් දක්වන පරිදි එය පිහිටා ඇත්තේ ඇල්ල හන්දියේය. එහි නම RWANA LIQUOR RESTAURANT හෙවත් "රාවණ අරක්කු භෝජනාගාරය" නම් වෙයි. වර්ගපූර්ණිකාව බ්ලොග් එක පරිශීලනය කරන රාවණගවේශකයින්ටත් මෙය ඉතාමත් වැදගත් තොරතුරක් බැවින්, අපගේ වාර්තාකරුවාගෙන් ලැබුණ තොරතුරු අනුව එම තැබෑරුමේ හිමිකරු වන පී.එම්.පී. මෛත්‍රීරත්න මහතාව දුරකථනයෙන් ...
මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්රශ්නය. ඉතා සූක්ෂම විදිහට ජනපති මහින්ද රාජපක්ෂ යොදාගනිමින්, ශ්‍රී ලංකාව කෙරෙහි කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, දේශපාලනය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, ජන සේනා වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ ...
නුදුරේදීම ඉන්දියාව අප රටට මිසයිල වලින් පහර දීමට සූදානම් බවත්, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දඹර අමිල උන්නාන්සේ ගාව ශ්‍රී රාවණ රජතුමාගේ මිසයිලයක් ඇති බවත් මූලාශ්‍ර සහිතවම හෙළි කළෙමු. මේ ගැන දිවයින පුවත්පතත් වාර්තා කර ඇති බැවින් අප පැවසූ කාරණා ගැන ඔබට සැකයක් තිබීමට නොහැකිය.එහිදී දඹර අමිල උන්නාන්සේ පැවසූ එක්තා කාරණාවක් ගැන "කැන්ඩියන්" (කැන්ඩියන් යනු හෙළ වචනයකි; කැන්=කැන්ගරුවන්ගේ, ඩි=ඩිම්බ සාදන, යන්=යන්ත්‍රාලය, ...
ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කර ඇති බවත්, නුදුරේදීම ඒවායින් ශ්‍රී ලංකාවට පහර දීමට සූදානම් වන බවත් ඊයේ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියෙන් අනාවරණය කළෙමු. අප කොතෙකුත් මූලාශ්‍ර සහිතව පුවත් වාර්තා කළත්, හෙළයේ අවාසනාවකටදෝ ශ්‍රී රාවණ රජතුමාට විරුද්ධ උදවිය අප කියන දේ තඹේකටවත් මායිම් කරන්නේ නැත.නමුත් නුදුරේදී හෙළදිවට එල්ල වන තර්ජනය ගැන කල් තියාම දැනගත් පූජ්‍ය ...
සිංහලයා පුවත් හි "ශ්‍රී ලංකාවේ මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කරලා..?" මැයෙන් පළ වූ ලිපිය ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් රාවණ වෙබ්වේදය අනුව පළ කිරීමත් සමග ඒ ගැන රාවන පාක්ෂිකයින්ගේ අවධානය යොමු විය. පහත දැක්වෙන්නේ එම ලිපියයි.ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව ...
ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ...
ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ...