ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු ...
"මහත්තයව හම්බවෙන්නෙ කවුද ඇවිත්""කවුද මේ වෙලාවෙ?කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගනිමින් ජයදේව ඇසීය. "අනේ මන්දා, ටයිකෝට් දා ගත්ත කට්ටියක්""හොඳයි මම එන්නම් කියන්න""ගෙදරකට එන වෙලාවක්ද මේක, රෑ 12ටත් වෙලා" ඔහු හනික අමුත්තන් ඉදිරියට යාමට සුදුසු ඇඳුමක් හැඳ ගනිමින් සිතීය.සාලයට පැමිණි ඔහුට දැකගත හැකි වූවේ හොඳින් හැඳ පැලඳ ගත් විදේශිකයන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකිකයෙකි."සමාවෙන්න මහාචාර්‍යතුමා මේ වෙලාවෙ කරදර කරන්න වුනාට, මම රාජ්‍ය ...
දෑස මානේ නැඟූ හසරැල්ගොලු වෙලා අද හැංගිලා ..නොපෙනෙනා දුරකට යවා හිතඇයිද නුඹ මෙහි තනි වෙලා ..නිහඞ අරණක කෙළි දෙලෙන් අපිගෙවූ යාමය පහු වෙලා ..ඉදින් යනු මැන නුඹේ ලොව වෙතසොයුරු පෙම නිමලව තියා .. ...
"ඒයි අන්න අරූ එනවා""මේ ඌ මෙතනින් යද්දිම ඔක්කොම එකට කියමු""මෙන්න කුණු සමිතය එනෝ... අපෝ මුගේ ලඟ ගඳ.."සමිත කෝපයෙන් ඔවුන් දෙස බලත්ම ඔවුන් සිනා සෙමින් දිව ගියේය. සමිත කරබාගෙන යලි පන්තිය වෙත පා නැඟීය."එයාගේ තාත්ත පාරෙ කුණු අදින එකලු රස්සාවට කරන්නෙ"අසල සිටි යුවතියන්ගේ කතාවෙන් මදක් ඔහුගේ කන වැකින. කෝපයෙන් ඔවුන් දෙස රවා බැලූ ඔහු පංති කාමරයට ඇතිලු විය.මෙවැනි සිදුවීම් සමිතට අරුමයක් ...
දින කීපයකට කලින් සාමාන්‍ය පෙල විභාග ප්‍රතිඵල ආවා. ඔයාලත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඇතිනේ. කොහොමද අහන්න ලැබුන ප්‍රතිඵල?ටිකක් ගම්පලාතකට වෙන්න ඉන්න මට නම් අහන්න ලැබුන ප්‍රතිඵල වලින් ගොඩක් දුර්වල ප්‍රතිඵල පෙන්වලා තිබුනේ ඉංග්‍රීසි විෂයට. මෙවර විතරක් නෙවෙයි හැම වසරෙම දක්නට ලැබෙන්නෙ මේ ප්‍රතිඵලයම තමයි.මොකක්ද මේකට හේතුව? ඇත්තටම ඉංග්‍රීසි අමාරුද?නමුත් නගරබදට වෙන්නට නම් තත්වය ටිකක් වෙනස්. වෙනත් විෂයන් වලට අඩු ලකුණු ...
ශීලා අතුගෑම නවත්වා කඩුල්ල වෙත නෙත යොමු කලේ මඳක් වෙහෙස නිවෙන තෙක්ය, අසල්වැසි නිවසේ කුමාරි කඩිමුඩියේ පාසැල වෙත දුවයි. ඇය ගුරුවරියකි."අද නම් හොඳටම පරක්කු වුනා අක්කෙ""ඒක තමයි මාත් බැලුවේ, ටිකක් අඩිය ඉක්මන් කලා නම් හරි"කුමාරි සිනාවක් පාමින් ශීලා පසු කලාය. ශීලාගේ නෙත ගියේ ඇය ඇඳ සිටි සාරිය වෙතයි."අලුත් එකක් වගේ"එහි වර්ණය හා කුඩා මල් මෝස්තරය ඇගේ සිත් ගත්තේය."තව ටිකක් තද ...
මා කලින් ඉදිරිපත් කල දැවෙන ජීවිත හා නිවුණ ජීවිත කියන ලිපි දෙක කියවන්න ඇතැයි හිතනවා. එහි ප්‍රධාන චරිතය වූ ජයතිස්ස ඇසුරෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කලේ මානසික පීඩනය (Stress) ජීවිතයට කෙතරම් තදින් බලපානවාද යන්නයි.අප සියලු දෙනාම මේ මානසික පීඩනය කියන්නේ මොකක්ද, එය වලක්වා ගන්නේ කෙසේද කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.මානසික පීඩනය අද කාලේ හැමෝම අත්විදින දෙයක්.කොහොමද මනසට පීඩනයක් ඇති ...
ජයතිස්සට සිද්ද වූ දේ නොදන්නා අය මෙතනින් ( දැවුන ජීවිත ) ගිහින් කියවලා ආවොත් මේ කතාව ගොඩක් රසවත් වේවි.තර්ජනාත්මක ලෙස බලා සිටි නිලධාරී දෙපල කාමරයෙන් පිටත්ව යනු ජයතිස්ස අන්දමන්ද වී බලා සිටියේය. සිදු වූ දෙය සිහි කල්පනාවට ඒමට මද වේලාවක් ගත විය. "මෙච්චර අයිස් ගහන එවුන් කන්තෝරුවෙ ඉඳිද්දි, මටමනෙ ඒ හෙණහුරත් පාත් වුනේ" ලේන්සුව ගෙන වැක්කෙරෙන දහඩිය පිස දමා වතුර ...
ශීලා කෝ මෙතන තිබ්බ කොළපාට ෆ්යිල් එක? අනෙ අම්මප මේ ගෙදර කිසි දෙයක් පිලිවෙලට තියා ගන්න බැහැනෙ!"මොකද අනේ කෑ ගහන්නෙ! මේ හොද්ද ලිපෙන් බාල මම ඇවිත් හොයල දෙන්නම්, ඔයා ලෑස්ති වෙන්නකො" ශීලා කුස්සියේ සිටම කෑ ගැසුවාය. සෑමදාම උදෑසනට ජයතිස්සගේ මේ කලබලය දැන් ඇයට පුරුදුය."මේ තියෙන්නෙ අනේ, ඔයාම ඒක තව ෆයිල් එකක් ඇතුලට දාල වහලා""හරි හරි ඔන්න ඔය ෆයිල් ඔක්කොම බෑග් ...
අධික සීතල පරදමින් නැගෙන දාබිඳු නලලතින් සූරා දැමූ ඔහු වෙහෙස නොබලා යලි ගිරි හිස තරණය කරන්නට විය. තිස් එක් වියැති හැඩි දැඩි සිරුර, ඉදිරියෙන් ඇති හිමාල කඳුවැටියට අභියෝග කරන්නට අපූරුවට සුදුසුකම් කියාපෑවේය. ගතේ සවියට වඩා ඔහුගේ සිතේ වූ සවියට හා අධිශ්ඨානයට නම් හිමාලයත් දෙවෙනි වනු නිසැකය.අඩි හාරසියක් පමණ එක හුස්මට නැග ගත් ඔහු මඳ විවේකයකට නතර වූයේ ඈත කඳු වැටි ...
කලින් ලිපියෙන්......නදීශා..! බණ්ඩාර..! කාන්ති..! මේ කවුද? මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?මේ අය ගැන කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න.කවුද මේ..? මොකද මෙයාලට වෙලා තියෙන්නෙ..?නදීශා - පවුලෙ එකම දරුවා මුරණ්ඩු ලමයෙක් නෙවෙයි. වැඩි කතා බහක් නෑ නිවිච්ච ලමය,තනියම තමා හැදුනේ. වැඩි යාලුවො ආශ්‍රයකුත් නැහැ, තනිව සිනාසේ, ඇයටම පමණක් පෙනෙන පෙම්වතෙක් සිටී, ඇයගේ ලෝකය ඔහුයි...බණ්ඩාර - යකෙකුට මෙන් කේන්ති යයි, නින්ද අඩුය, තනිවම ...
නදීශා"මට නම් තව බලා ඉන්න බෑ බං, මම ගෙදරට ගිහින් මේ ගැන කතා කරනවා"දිගු කල්පනාවක ගිලී සිටි ගයාන් සිය රූමා සමඟ පැවසූවේ ස්ථීර තීරණයකට පැමිණෙමිනි. "ඒකි කියන්නෙ බොරුවක් කියල හිතනවා නම් එහෙම කරන එක හොඳයි, මොකක් හරි ගෙදර අවුලක්ද දන්නෙ නැහැනෙ""ඔව් මම හෙටම යනවා"..........නදීශාගේ නිවස.."මේ ලමය එතකොට අපේ දුවගෙ කැම්පස් එකේම කිව්ව නේද, ඉතින් දැන් කාරණේ කිව්වා නම්"ගයාන් මදක් පැකිලෙමින් ...
ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්‍රමයක්. මෙහිදී බොහෝ වෙලාවට ...
සෙමෙන් සෙමෙන් විවර කල දෙනෙතට අයුබෝවන් කී උදෑසන සෞම්‍ය හිරු එළිය සහන්ට ඇති කලේ ප්‍රමෝදයකි. "හප්පා එලාම් සද්දයක් නැතිව නැගිට්ටහම තියන සනීපෙ"අතපය දිග හැරි සහන් ජනේලය දෙස හැරී යලි ගුලි වූවේ කල්පනාවකට වැටෙමිනි.ඊයේ දින ලියූ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයෙන් උසස් පෙළ විභාගය හමාර විය. ඒ සමඟම අතිශය අවිවේකී වසර දෙකක නිමාවද ලැබුවේ සහන්ගේ සිතට ඉගිලී යන තරමේ නිදහසක් මෝදු කරවමිනි.විභාගය ...
ඔන්න මීට අවුරුදු ගානකට ඉස්සර හද්ද පිටිසර ගමක මනුස්සයෙක් හිටියා මහතුන් කියල. මිනිහා අහිංසකය. රස්සාවකට කියල කලේ බයිසිකලේ හයි කරපු පෙට්ටියක ඔය දිලිසෙන මාල පෙති, කරාඹු, මුදු වගේ සුකුරුත්තන් මොනව හරි එල්ලගෙන ගම වටේ ගිහින් කොල්ලො කුරුට්ටන්ට විකුණන එක. කොල්ලො කුරුට්ටො කිව්වට ඉතින් ගමේ ඉන්න ගැටිස්සියො ටික තමා වැඩියෙන්ම ඔය සුකුරුත්තන් වලට වහ වැටිල හිටියෙ.ඔන්න ඔය සුකුරුත්තන් ගේන්න මාසෙකට විතර ...
ලිවීම නවත්වලා ගත්ත මාස දෙකක පමණ විරාමයට නැවතීමක් තියන්නත් එක්ක ඔබේ ජීවිතේට අලුත් යෝජනාවක් අරගෙන පොඩි ලිපියක් ලියන්නයි යන්නෙ.නව වසරක් උදාවත් එක්ක හැමෝම වගේ තමන්ගෙ ජීවිත අලුත් කර ගන්නවා. අවුරුද්ද සාර්ථක කර ගන්නවා කියන බලාපොරොත්තුව ඔයාල හැමදෙනාම අවුරුද්ද මුලම ඇති කර ගන්න ඇති. එහෙම බලාපොරොත්තුවක් ඇති කර ගන්න එක ඇත්තටම වටින දෙයක්. නමුත් ගොඩක් දෙනෙක් අවුරුද්ද පටන් අරගෙන මාසයක් යන්නත් ...
කන් බිහිරි කරවන තරමේ යෝධ යන්ත්‍රයේ ගෝසාව නිසා ජානක වැඩ සීමාවෙන් පිටත සිට කියූ කිසිවක් සුමාල්ට නෑසින.ඔහු යන්ත්‍රය නවතා ජානක දෙස බැලීය."මචං ගමෙන් කෝල් එකක් ආවා. පොඩි නරක ආරංචියක්"ජානක එය පැවසූ අයුරින් සුමාල්ගේ හද ගැස්ම මදක් වැඩි විය. ඔහුගේ තීව්‍ර බැල්ම දුටු ජානක"කලබල වෙන්න එපා, ඊයේ රෑ කුසුම් නැන්දා එල්ලිලා මැරිලලු"නෑ!! දෙයියනේ! ඒ අහවල් පිස්සුවකටද? සුමාල් ක්ශණිකව ඇතිවූ දහසකුත් සිතුවිලි ...
සරත් කියවමින් සිටි පත්තරය පහත් කර කඩුල්ලෙන් එපිට ගුරුපාර දෙස බැලුවේය. ඒ කුස්සියේ සිටිය ශීලා කඩාගෙන බිඳගෙන ඉස්තෝප්පුවට විත් මෙතරම් උවමනාවෙන් පාර වෙත ඇස් යොමා සිටීමට හේතුව දැකීමට.මඳ වේලාවකින් දුහුවිලි නඟමින් නිවස ඉදිරියෙන් ඇඳී ගිය සිල්ව ලාගේ අලුතින් ගත් කාරය දුටුවිට සරත්ට කාරණය පැහැදිලි විය. ශීලා තවමත් ඇඟිලි වලින්ද ඉස්සෙමින් ඈත ඇදී යන කාරය දෙස බලයි. "සුදු පාට නැතුව රතු ...
පළමු හා දෙවන කොටස් කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 1සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් 2 - කට පරෙස්සම් කර ගැනීමඅද එතැන් සිට ලිපියේ තුන්වන (අවසාන ) කොටස....දුම්පානය හා මත්පැන් භාවිතයදුම්පානයදුම්පානය යනු දැනට වලක්වා ගත හැකි ප‍්‍රධානතම රෝගී හා මරණ සඳහා බලපාන්නාවූ සාධකයකි. ලොව පුරා වසරකට මිනිසුන් හාරලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් අඩු වයසින් දුම්පානයට සම්බන්ධ රෝගී තත්ව වලින් මියයයි. ...
පළමු කොටස කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 1අද එතැන් සිට ලිපියේ දෙවන කොටස....දිවැඩියාව මෙතරම් දරුණු වන්නේ ඇයි?එය වෙනත් රෝගී තත්වයන් සඳහා මග පාදනා ප‍්‍රධානතම හේතු කාරකයකි. මෙමඟින් රුධිරයේ තෙල් (කොලෙස්ටරොල්) ප‍්‍රමාණයද ඉහල නංවයි. එමඟින් රුධිර නහර වල වන්නාවු විපර්යාස සියළු රෝග කරා ම්‍ඟ සලසයි.ඔබ දුම් පානය කරයි නම් ද ඔබට අධික රුධිර පීඩනය ද වේ නම් ...