And the Mountains Echoed- Khaled Hosseini And the Mountains Echoed- Khaled Hosseini Khaled Hosseini...The greatest storyteller of our time? At least to me, he is. To weave magic into words, so that you are transported to the dusty Afghan plains in an instant, to hold you in a page-turning grip, he is a magician. No book has ever touched me like Hosseini's second book, A Thousand ...

මාවතක් ඇත මාවතක් ඇත, අඳුනන සිකැමෝ ගස් ම ගැවසුණ උදයේම ට්‍රෑම් සීනුව රහසක් කියා ඇහැරන පියසි පොරවන් මීදුම සැඟවී යන්න තතනන කෝපිහල් දුර, හිනැහී හාදු සේ උණුසුම දෙන මාවතක් ඇත අඳුනන පුංචි දරුවන් දිව යන පත් හළා සිකැමෝ ගස් සිසිරයට යළි සැරසෙන මෝසමේ මුල් වැස්සෙන් මතක එක දෙක සේදෙන ...

රහසක්! නිල් ක්ලෙමාටිස් මලකට රහසක් තිබේ කීමට මඟහැර සිහින් මීදුම කොඳුරමි- ආදරෙයි මම!

තද දම් පැහැය ඈතක රිදී නිල් පෑ මෑතක වහින්නට ළඟ අහසක අළු කොබෙයි ඉගිලෙන හැඩ!

after the rain වැහි නතර වූ කල නිදිබරිත නෙතු හැර ලා පැහැති මල් පොඩි හෙමින් එක එක පූදින... තණපතක කෙළවර නතර වූ වැහි බිඳුවෙන් බලා රුව රහසෙන් මඳක් විළියෙන් හිනැහෙන

සොරු! බර්ච් ගස් පෙළකට නම් තබන්නට හැක මට වසා දෑසම වුව දනිමි මම උන් එකිනෙක කඳුළු උපදින තුරුසිනාසුණු'යුරු සෙවනත මතක නැති කෙරුමට ඉඩ නොදෙන මහා සොරු පෙළ!

එළඹ ඇති මුත් කාලය අතැර යන්නට තුරු හිස සරත් කල මුදු සීතල වගක් නැති මල් තව ඇත තවත් එකමෙක දවසක සෙනෙහසක මුදු උණුසුම!

බැස නොගිය සඳක කව රන් පෑ දිලෙන අහසකඅරුණලු නැඟෙයි හෙමිහිට විනිවිද පෙනෙන සඳවත බිඳුවක් තවත් නතරව "රැයේ කෙලවර හීනෙකනිදිගත් මලක පෙති අගතබා ආවෙමි පැතුමක් සෙනෙහස බිඳක් කැටි කොටහිරු ඉරි ඇඳෙන පින්නකඑක එක පෙතිද දිගහැරපිබිදෙන මලේ රුව ළඟ නැවතිනි බිඳක් හදවත" ...

රැයේ පුස්ඹයි මෙය නම් නොදත් මල් පිස එන නුඹ නොමැති දිගු දවසක් නිමා වූ බව පවසන කදෝකිමි එළියක, සඳ පෙඟුණු විල් තලයක නිවී දිලි තරුවක මැකී උපදියි නුඹ නෙත

හෙවනැලි හදවත් හැඩති පත් ඇති නම් නැති ගසක, හෙවනක බිඳුවක් නතර වී ඉමි ලෝකය තවම ගිනිගෙන අතු ඉති අතර තැන තැන අහසක කැබලි දිලිසෙන හෙවනැලි රටා ඇහිඳිමි දෙපතුල ළඟම නැවතුන

summer rain වසත් කල එක දවසක තුරුද ගිනිගත් හවසක හිතක වත් නොතිබුණු ලෙස වැටුණු වැස්සයි නුඹ, මට වැහි දුමාරය අතරම දකිමි දුර සඳ කැටයම අඳුර ඉහිරෙන රෑ මැද නම නොදත් මල් සුපිපෙන පත් අගින් බේරී එන වැහි බිඳක මුදු සිහිලස උරා බොන තණ පත් අග ලියමි කවියක මුල් පද ...

තවම තවම ඉඳහිට දවසක අමතකව ගිය තුරු මුදුනක දුහුල් මල් පිපෙනා බව දනී වැහිබර ගගනතphoto- Hiranya Malwatta

පුංචිම දොස්තර පුංචිම දොස්තර ප්ලාස්ටික් නලාවෙන් ලෙඩ බලන, බලා මා හද ගැස්ම විසල් කර නිල් දෑස "you've no heartbeat!" මොරගාන හපාගෙන පුංචි තොල සුව වීම පිණිස මට බෙහෙත් තුණ්ඩු ද ලියන පුංචිම දොස්තර හදවතක් නොමැති මම ඔබේ සිනා ඔසුවකින් පණ ලබන ...

පියැඹුම කඩදාසි අහස් යානෙක කෙතරම්ද යා හැකි දුර දෙබෑ කර මුළු අහසම යන්ට හීනෙක ඉවුරට වාසුළි රළක රැවුමට හැකිද යන්නට නොබියව සුසුම් රැල්ලක පවනින් මුදුනකට සඳ පලුවක

සමුගැන්ම හැරයන්නටයි කාලය හදේ මුල් ඇදි තණ බිම යළිත් මේ ලී වැට මත සවස් වරු නොගෙවෙනු ඇත නික්මෙන්නටයි කාලය විලෝ පෙළ නිල අතහැර තවත් නම් නුඹලා හට රහස් පවසන දින නැත දුර යන්නටයි කාලය සොඳුරු බිම පියමං කර හඬන්නට ඉඩ නැති ලොව හඬනු හැරි මට රිසි ලෙස ඉතින් සමුගනිමුද? කතා නොකරම හිඳිමුද? මගේ සුසුම් එක් කර විලෝ අත්තක බඳිමුද? ...

කොළොම්තොට අහසට සිහින් මීදුම එක්කර නුඹට මා සිහිවෙන හැටි බලා ඉන්නෙමි දුර සිට මේ එදා මීදුමමය එදා හාදුත් නළලත අප අතර පමණයි සත් සයුරු තරමට දුර

පුංචි පුංචිට මේ දවස්වල හරියට වැඩ. තියෙන වැඩ ටික කරගන්න වෙලාවක් නැහැ! ඉදුණු අඹ කන්න ලේන්නු එනවද කියලා ඇහැ ගහගෙන ඉන්න ඕන. රං කුඹලා උළුවස්සේ ගේ හදලා ඉවරද කියලා සැරෙන් සැරේ බලන්න ඕන. කෑම කාමරේ බිත්තියේ අඳින්න ගත්තු චිත්රේ ඇඳලා ඉවර කරන්න ඕන."මොන්ටිසෝරි යන්න ගියාම දවසම ඉවරයි!" පුංචිට කේන්තිත් එක්ක."මම හරි බිසී!" පුංචි අහගෙන ඉන්න ඕන කෙනෙකුට කියනවා. අහගෙන ඉන්න නම් ...

ඇබ්බැහිවීම් -අවසාන කොටස ඇබ්බැහිවීම් පළමු කොටසඇබ්බැහිවීම් දෙවන කොටස ඉතා අසීරුවෙන් ගත කළ මාස තුනක පමණ කාලයෙන් පසු සරසවි නැවත විවෘත කෙරිණි. කඩි ගුලක් ඇවිස්සුනා සේ කලබලකාරී සරසවිය තුළ නිරංගව යලිදු ඇස ගැටෙන තෙක් මට ඉස්පාසුවක් නොවිණි. "මේ ඉන්නේ..මේ ඉන්නේ..අම්මා තාත්තා දැක්කා වගෙයි නුරාධා.. අම්මපා!" යැයි කෑ ගසමින් නිරංග මා දුටු විට එක පිම්මේ මා අසලට දිව ආවේය. ඔහුගේ උද්යෝගය දැක මමද සිනාසුණෙමි."හරි... දැන් ...

ඇබ්බැහිවීම් -2 ඇබ්බැහිවීම්- පළමු කොටස නිරංගගේ කතාව කියන නැකත එළැඹුණේ නවකවධ කාලයද ගතවී මට මුළු සිදුවීම ම අමතක වූ පසුයි. ඒ දිනවල දේශන අතරමැද කාලය කැන්ටින් මේස අරක්ගෙන දොඩවමින්, සටහන් සම්පුර්ණ කරමින් ගත කිරීමට මාත්, මගේ මිතුරු කැළත් පුරුදු ව සිටියෙමු. නිරන්තරයෙන් කහට තේත් රසකැවිලිත් අළෙවි වූ නිසා මීට තහංචියක් කැන්ටින් හිමිකරුවන්ගෙන්ද එල්ල වුයේ නැත. එවැනි දිනක කණ්ඩායමේ ඇනවුම දෙන්නට කැන්ටිමේ ...

ඇබ්බැහිවීම් සාදයකදී, උත්සවයකදී ලාංකිකයන් මුණගැසුණු විට අපේ කතා බහ නිරායාසයෙන්ම ලංකාව වෙත යොමු වේ. සමහරු නොරට සිට ලංකාවේ දේශපාලනය ගැන කෙස් පලති. තවත් සමහරු මෙහි සිට ලංකාවේ පන්සල්වල වැඳුම් පිදුම් කරති. පාසැල් මිතුරියන් මුණගැසුනු විට අපි පාසැල් කාලයේ කළ නොකළ දඟ වැඩ ගැන කතාකරමු. සරසවි සගයන් හමුවූ තැන මැවෙන්නේ සරසවි රසකතා රැසකි.“ඔයාට ඒ කාලේ කැම්පස් එකේදී කොල්ලෙක් හිටියා නේද නංගි? ...

Previous Page