මෑතකදී ගූගල් සමාගමේ ගූගල් අර්ත් සේවාව හා ටයිම් සඟරාව අලුත් වැඩකට අතගැසුවා. ඒ ගූගල් සමාගම සතුව ඇති ලක්ශ ගණනක් චන්ද්‍රිකා ඡායාරූප අනුසාරයෙන් සෘජු හෝ වක්‍ර මිනිස් ක්‍රියාකාරකම් නිසා භූමියේ සිදුවී ඇති සුවිශාල වෙනස්කම් time-laps photography ආධාරයෙන් සජීවීකරණය කොට පෙන්වීමයි. නිරන්තරයෙන් භූමියේ ඡායාරූප ගන්නා ලෑන්ඩ්-සැට් වැනි චන්ද්‍රිකා, වසර ගණනක් එකම භූමිභාගයක ගන්නා ලද ඡායාරූප හඳුනාගෙන ඒවා කාලානුරූපව පෙලට තබා ටයිම් ලැප්ස් ...
අධිවේගී හයිපර්සොනික් ප්‍රහාරක යානයක් නිපදවීමේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සිහිනය සැබෑවීමේ පෙරමග ලකුණු පෙන්වමින් X-51A වේව්-රයිඩර් ලෙස නම්කොට ඇති නියමුරහිත පර්යේෂණ ගුවන් යානය නොබෝදා පැසිෆික් සාගරයට ඉහලින් සිදුකරණ ලද පරීක්ෂණ පියාසැරියකදී ශබ්දයේ වේගය මෙන් 5ගුණයක් එනම් පැයට කිලෝමීටර් 6000ක සුපිරි වේගයක් ලඟාකර ගත්තා.ඔහායෝ ප්‍රාන්තයේ ව්‍රයිට් පැටර්සන් ගුවන් හමුදා මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන ගුවන් හමුදා පර්යේෂණාගාරය මගින් නිර්මාණය කල X-51A යානය ...
බොස්ටන් ත්‍රස්තවාදීන් ගැන කලින් සොයාගන්න බැරිවුනාට අපිට දොස් කියන්න එපා! : අමෙරිකානු ජාතික රහස් ඔත්තුසේවා සමූහයේ අධ්‍යක්ශක ජේම්ස් ක්ලැපර්...
Exploring Science And Technology
ජේම්ස් ක්ලැපර් ජනපති ඔබාමා සමග සී.අයි.ඒ මූලස්ථානයේදී - 2011 (Photo Credit : CIA)බොස්ටන් බෝම්බයෙන් පසු නැවතත් FBI, CIA, NSA, DIA වැනි අමෙරිකානු ඔත්තුසේවාවන් වෙත අමෙරිකානු ජනතාවගෙන් මෙන්ම කොන්ග්‍රස් මණ්ඩළයෙන්ද දැඩි පීඩනයක් එල්ලවෙමින් තිබේ.කලක් රහස් ඔත්තුසේවා පිලිබඳව සෙනෙට් මණ්ඩල සභාවේ (select committee on intelligence) නියෝජිතයෙකු වූන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් අමෙරිකානු ඔත්තුසේවා වලට පොදුවේ චෝදනා කරමින් කියාසිටියේ "අපි රැඩිකල් මුස්ලිම් වරුන් ...
මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව බුද්ධ දේශණාවට සමපාත වෙමින් පවතී!
Exploring Science And Technology
ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ශක වරයායි. එමෙන්ම ඔහු Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායකයායි.මෙම ව්‍යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, ...
පසුගිය අප්‍රියෙල් 18 දින උදය කාළයේ ෂෝන් හයින්රික්ස්, සිය සිය සගයින් කිහිපදෙනෙකු කැටුව ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළට සැතපුම් 10ක් පමණ ඈතින් කුඩා බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටියා. සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු, පරිසරවේදියෙකු හා වෘත්තීය චිත්‍රපට හා ඡායාරූප ශිල්පියෙකුද වන හයින්රික්ස් ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ මිරිස්සට ඈත මුහුදේ දක්නට ලැබෙන දුර්ලභ නිල් තල්මසුන්ගේ ඡායාරූප ලබාගැනීම සඳහායි.සිද්ධිය විස්තරකරන ෂෝන්...සෙමින් යාත්‍රාකරමින් සිටි අපට ඈත ක්ශිතිජයේ මුහුද ...
ටෝර්ච් මීඩියා නැමති සමාගමක් මගින් නිර්මාණය කොට ඇති නවතම ටෝර්ච් බ්‍රව්සරය ගූගල් ක්‍රෝමියම් මුදෘකාංග රාමුව උපයෝගීකරගෙන නිර්මාණය කොට ඇති , පරිගණකයේ ප්‍රොසෙසරයට එතරම් බරක් නොදෙන කුඩා බ්‍රව්සරයකි. ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය ආකාරයටම නිර්මාණය කොට ඇති මෙය ඒආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා පමණක් නොව ඔබගේ ගූගල් ගිණුමට සම්බන්ධවී ඔබගේ ක්‍රෝම් බ්‍රවුසරයේ බුක්මාර්ක්ස් හා සෙටින්ග්ස් සියල්ලම යාවත්කාලීන කරගත හැකි ලෙස නිපදවා ඇත.ටෝර්ච් බ්‍රව්සරය ගූගල් ක්‍රෝම් ...
බොස්ටන් Pressure Cooker බෝම්බය - දළ සටහනක් (අනුග්‍රහය USAToday / Popular Science)
Exploring Science And Technology
ප්‍රෙෂර් කුකරයක් භාවිතයෙන් බෝම්බයක් තනාගන්නා ආකාරය පිලිබඳව විස්තර හා රූපසටහන් අල්ඛයිඩාවේ නිළ ඉංග්‍රීසි ප්‍රකාශණයක් වන "ඉන්ස්පයර්" සඟරාවේ විස්තර හා රූපසටහන් බගින් දක්වා ඇති නමුදු, බොහෝ දෙනා විශ්වාස කරන පරිදි හෝ සමහර පුවත්පත් මගින් වාර්තාකරන ආකාරයට ප්‍රෙෂර් කුකර් බෝම්බය අල්ඛයිඩා නිර්මාණයක් නම් නොවේ.ප්‍රෙෂර් කුකරයකින් බෝම්බයක් තනා ගන්නා ආකාරය මුල්වරට විස්තර කොට තිබුනේ "Anarchist's Cookbook" නම්වූ විවිධ පුපුරණ ද්‍රව්‍ය හා ඒවායින් බෝම්බ ...
බොස්ටන් මැරතන් ප්‍රහාරය : බෝම්බයේ නිර්මාණය ගැන තොරතුරු කියන දුමාරය....
Exploring Science And Technology
බොස්ටන් මැරතන් ප්‍රහාරය සිදුවී දැන් දින තුනකි. තවමත් ප්‍රහාරය සිදුකලේ කවුරුන්ද, මොන අරමුණක් සඳහාද යන්න පිලිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති බවත් කිසිවෙකුත් අත්-අඩංගුවට ගෙන නැති බවටත් එෆ්.බී.අයි ආයතනයේ නිළ ප්‍රකාශය බව නිරන්තරව යාවත්කාලීන වන CNN.com ප්‍රවෘත්ති සේවාවේ වෙබ් අඩවිය සනාත කරයි. අද (18, බ්‍රහස්පතින්දා) දිවයින පුවත්පතෙහි පලකොට ඇති "බොස්‌ටන් බෝම්බය අල්කයිඩා වැඩක් බව සනාථයි" යන කීර්ති වර්ණකුළසූරියගේ වාර්තාව සාවද්‍යය.බෝම්බ පිපුරුම අසල ...
North Korean Air Defense Systemsඋතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ශිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැළකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර දහස්ගණන් සෙබළුන් දිවා රෑ මෙම රේඩාර් තිර නිරීක්ශණය කරමින් සිටී. එමෙන්ම උතුරු කොරියාව සතුව 15000කට අධික උරහිස මත තබාගෙන විදින ගුවන් යානා නාශක මිසයිල පද්ධති සංඛ්‍යාවක් ඇත.අමෙරිකානු වාර්තා අනුව සියලුම ...
අමෙරිකාව උතුරු කොරියාවට පහරදීමට සූදානම්වේ! ස්ටෙල්ත් ප්‍රහාරක යානා, ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා දැනටමත් දකුණු කොරියානු කඳවුරුවල!
Exploring Science And Technology
F-22 Raptor in Osan Airbase, South Koreaයම් හෙයකින් උතුරු කොරියාවේ නායකත්වය ඔවුන් දැනට තර්ජනය කරමින් සිටිනා ආකාරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කල හොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකානු ත්‍රිවිධ හමුදාව නිහඬව සූදානම් වෙමින් සිටින බව වාර්තාවේ.දැනටමත් අමෙරිකාවේ නවතම F-22 රැප්ටර් ප්‍රහාරක යානා දකුණු කොරියාවේ ඕසාන් ගුවන් කඳවුරේ ස්ථානගත කොට ඇති අතර ජපානයේ අමෙරිකානු ගුවන් කඳවුරක් වන කැඩීනා ගුවන් කඳවුරෙහිද මේවන විටත් ...
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!
Exploring Science And Technology
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් ...
5වැනි පරම්පරාවේ යානාවක් ලෙස දැනට සේවයට එක්වී ඇති F-22 රැප්ටර් යානය හා ඉදිරිවසරවලදී සේවයට එක්වීමට නියමිත F-35 ලයිට්නින්ග් II යානය සඳහා ප්‍රතිස්ථාපනයන් (replacement) ලෙස නවතම 6වැනි පරම්පරාවේ යානාවක් නිපැදවීමේ කටයුතු පෙන්ටගනය විසින් ආරම්භකොට ඇත. මේ වසරේ මාර්තු මස එලිදැක්වුනු එක්සත් ජනපද ගුවන්යානා ලේඛනය (aircraft inventory) හා 30 අවුරුදු අරමුදල් සැලැස්ම [Annual Aviation Inventory and Funding Plan : 2013-2042] ප්‍රකාරව අමෙරිකා ...
දැනට සේවයේ යෙදවිය හැකි අභ්‍යවකාශ රොකට්ටු අතරින් බලසම්පන්නම රොකට්ටුව වන්නේ ෆෝල්කන් X හෙවී රොකට් (Falcon X Heavy Rocket) ලෙස නම්කොට ඇති රොකට්ටුවයි. මීට වඩා බලසම්පන්න රොකට්ටු නිමැවී ඇත්නම් ඒ නීල් ආම්ස්ට්‍රෝං ඇතුලු පිරිස සඳමතට ගෙන ගිය සැටර්න් 5 රොකට්ටුව හා රුසියානුවන්ගේ එනර්ජියා රොකට්ටුවයි. සැටර්න් 5 රොකට්ටුවක් අවසන් වරට අභ්‍යවකාශගත වුනේ 1977දී අවසන් සඳගමන සඳහායි. ඉන් පසු සැටර්න් 5 රොකට්ටුවක් නිශ්පාදනය ...
1947සිට අදවන තෙක් පිටසක්වල යානා ගණනාවක් කඩාවැටුනු බවත්, එම යානාවලින් තාක්ශණය බටහිර රටවල්, විශේෂයෙන්ම අමෙරිකාවට ලැබුණු බවත් එමගින් අමෙරිකාවේ තාක්ශණික නිම්වළලු පුළුල් පුලුල්වුනු බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු අමෙරිකාව ලෝක් තාක්ශණ බලවතා වීමට මෙම තාක්ශණය ඉවහල් වුනු බවත් පැවසෙනවා.එහෙත් මෙම කල්පිතයේ ගැටලු කිහිපයක් සංශයවාදීන් (skeptics) විසින් පෙන්වා දෙනවා...මෙයින් බොහෝ දෙනෙකු පිලිගන්නා ගැටළුව නම්...වසර 60කට අධික කාලයක් මෙම යානාවලින් උකහාත් තාක්ශණයෙන් ...
ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතානන් 1974දී අන්තර්ජාලය පිලිබඳව අනාවැකියක් පලකල ආකාරය!!!
Exploring Science And Technology
කාළය - 1974ස්ථානය - යුනික්ස් (UNIX) වර්ගයේ මෙහෙයුම් පද්ධති මගින් දිවෙන දැවැන්ත පරිගණක මධ්‍යස්ථානයකි.පුද්ගලයින් - ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන්, ඔස්ට්‍රේලියානු පුවත්වාර්තාකාරුවෙකු හා එම වාර්තාකරුගේ 5හැවිරිදි පුත්‍රයා.ABC-TV ඔස්ට්‍රේලියානු රූපවාහිනී සේවය මගින් 1973-1974 වසරවල විකාශණය කල විද්‍යා සඟරාමය වැඩසටහනක් වූ "Perspectives" වැඩසටහන වෙනුවෙන්, විශිෂ්ඨ විද්‍යාප්‍රබන්ධ රචකයෙකු හා අනාගත වක්තෘකෙනෙකු ලෙස එවකටත් ප්‍රකටව සිටි ආතර්.සී.ක්ලාර්ක් මහතා සමග පරිගණක තාක්ශණයේ අනාගත දියුණුව පිලිබඳ සිදුකල ...
ලොව පුරා තත්පර 60කදී පරිගණක 710 විකිණෙන අතර ඉන් 555ක්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් අඩංගු පරිගණක වේ.පරිගණක 220ක් වෛරස් ආසාදනයකට බඳුන්වේCD තැටි මිලියන 2.6 පිරවිය හැකි ටෙරාබයිට 1820ක (1 terabyte = 1024 gigabytes) දත්ත ලොව පරිගණක දත්ත මහමෙරට අලුතින් එකතුවේ.වින්ඩෝස් 7 මෘදුකාංගය අඩංගු CD තැටි 450ක් සෑම තත්පර 60ක් තුල විකිණේ.වෙබ් අඩවි 12ක් හැකරුන්ගේ ග්‍රහණයට නතුවෙන අතර තවත් හැකින් ප්‍රයත්න 416ක් විනාඩියක් ...
2010 වසරේ අගභාගයේදී ඩොලර් මිලියන 100ක වියදමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ වුනු මෙම සූර්යතාප බලාගාරයේ ධාරිතාවය මෙගාවොට් 100කි. මෙගාවොට් 100ක ධාරිතාවයට වඩා විශාල ධාරිතාවයෙන් යුතු සූර්යබල ව්‍යාපෘති කිහිපයක් ලොව ඇත. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි "ගුජරාට් සූර්ය උද්‍යානය - Gujarat Solar Park Project" නම් සූර්ය බල ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 600ක් උත්පාදනය කෙරෙතත් එම ව්‍යාපෘතියේ ජනක ඒකක ගුජරාට් ප්‍රාන්තයේ විවිධ නගරවල ...
ජපානයේ මිට්සුබිෂි සමාගම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති 2013 ජිනීවා මෝටර් ශෝ ප්‍රදර්ශණයේදී නවතම ඩීසල් හයිබ්‍රිඩ් පිකප් රථයක් ලොවට හඳුන්වාදුන්නා. නුදුරු අනාගතයේදී මිට්සුබිෂි සමාගමේ ජනප්‍රිය L200 පිකප් රථ මාදිලියේ නවතම ප්‍රතිමූර්තිය ලෙස ඉදිරිපත් කිරීමට නියමිත මෙම රථය ලොව පුරා පිකප් රථ ලෝලීන් කුල්මත් කිරීමට සමත්වී තිබෙනවා. අතිනවීන, ආකාර්ශණීය පෙනුමකින් නිමැවී ඇති මෙම රථයේ නිර්මාණය මෙන්ම රථය තුල අඩංගු කොට ඇති තාක්ශණයත් ...
සැම්සුන්ග් ගැලැක්සි S4, සැම්සුන්ග් සමාගමේ නවතම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝනය ලබන බ්‍රහස්පතින්දා එනම් 14/03/2013 දින අමෙරිකාවේදී හා යුරෝපයේදී එලි දැක්වීමට නියමිතය. විචාරකයින් පවසන අන්දමට ඇපල් අයිෆෝන් 5 ස්මාර්ට්ෆෝනයට ඉතා හොඳ තරඟයක් දිය හැකි මෙය දැවැන්ත අභියෝගයක් බව ඇපල් සමාගම පවා වටහාගෙන සිටින බව ඇපල් සමාගම අඇපල් අයිෆෝනයේ නවතම උපාංග හා ඇප්ස් විස්තර කෙරෙන දැන්වීම් මාලාවක් මේ සතියේදී මෙරිකාව පුරා රූපවාහිනී චැනලවල ප්‍රචාරය ...
"ඇපල් සමාගමේ නිර්මාණශීලිත්වය හා නවෝත්පාදන හැකියාවන් අඩුවෙමින් යනවා!!.." ඇපල් සමාගමේ සම-ප්‍රාරම්භක ස්ටීව් වොස්නියැක්
Exploring Science And Technology
සිටීව් ජෝබ්ස් හා ස්ටීව් වොස්නියැක් ඇපල් සමාගම ආරම්භ කල මුල් කාළයේ සිය මුල්ම නිශ්පාදනය වූ Apple I පුද්ගලික පරිගණකයේ මව් පුවරුව සමග. මෙම මව් පුවරුව නිර්මාණය කලේ ස්ටීව් වොස්නියැක් විසිනුයි.ඔබ සමහරවිට ස්ටීව් වොස්නියැක් ගැන අසා නැතුව ඇති. ස්ටීව් ජෝබ්ස් තරමට ප්‍රසිද්ධ නැතත්, ස්ටීව් වොස්නියැක් පරිගණක පිලිබඳ උනන්දුවක් දක්වන, පරිගණක ඉතිහාසය, විශේෂයෙන්ම පුද්ගලික පරිගණක (Personal Computer) ඉතිහාසය පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ට අමුත්තෙකු ...