ජිවිතේ පලවෙනි වතාවට මාසයක් විතර උණ හැදුනේ මේ මාසේ.මේකට හේතුව ඉතින් බෙහෙත් බොන්න කැමති නැති කම. අවුරුදු 17 න් පස්සේ බෙහෙත් ගත්ත කාලයක් මතක නැ.හෙම්බිරිස්සාවක් හැදුනොත් C විටමින් ගහනවා, නැත්තන් කසාය ටිකක් බිලා හොද කර ගන්නවා. උණ හැදුනොත් පැනඩෝල් දෙකක් බිලා නිදාගන්නවා. කැස්සට සමහන්. එත් ඉතින් මේ හැදුනු උණේ නම් තාම හොද නැ, මොනවා වෙයිද දන් නැ. එක්කෝ මැරියකෝ ඒක ...
මේ දවස් වල රඹුටන් කාලා හොද ලෙඩක් හැදිලා තියෙන්නේ, දැන් හොදටම කැස්ස මට. ඒ මොකද මේ සැරේ වගේ රඹුටන් කාපු කාලයක් තිබ්බේ නැ ජීවිතේට. මේ පාර කාපු තරමක් කැවේ මල්වානේ ඒවා. අර ලොකු මස් රඹුටන් කියන්නේ :D. රඹුටන් කැවා වගේ නෙමේ දැන් කැස්ස හොදටම. අඩුවෙන්නෙත් නැ. හැබෙයි එකක් හිතා ගත්තා ආයේ කනවනම් කන්නේ ගානකට. ...
දවස් දෙකකට විතර පස්සෙ ගෙදර ආවේ අද, ආපු ගමන්ම ඉද ගත්තේ කොම්පුටර් එක ඉස්සරහ. on කරපු ගමන්ම චෙක් කලේ mails. කනාවට වගේ දැක්කා කාලිංග අයියාගෙන් මේල් එකක් තිබ්බා වගේ, ක්ලික් කරලා බලද්දී තිබ්බේ මෙහෙම දෙයක්, දැන් ඉතින් මමත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සාඩම්බර බ්ලොග් කරුවෙක්.මාස ගානක් බලන් ඉදල මාවත් සින්ඩියට ඇතුලත් කරපු එක ගැන කාලිංග අයියට බොහෝම ස්තුතියි. ...
හරියටම සතියකට විතර කලින් (ජුනි 13) ඩයලොග්ලා පටන් ගත්තනේ කියලා පොඩි වැඩක්, ඉතින් මේක පටන් ගත්ත ගමන්ම මමත් මේකට කෙලින්ම රේගිස්ටර් වුනා. මම දැනගෙන හිටියේ නැ ඩයලොග්ලා රෙගිස්ටෙර් වෙන හැමෝටම සල්ලි දෙනවා කියලා, ඒක දැනගෙනම තමයි මාත් රේගිස්ටර් වුනේ. #111# ගහලා වැඩේට රේගිස්ටර් වුනා, කිවා වගේම සල්ලිත් ෆෝන් එකට අවා. රු.100 ක් ලැබුනා මට. සන්තොසේ බැ. දැන් ඉතින් මම මේ ...
සතියකට විතර කලින් මට අයියා කෙනෙක් කිවා මල්ලි පොඩි වැඩක් තියෙනවා කරමුද කියල?, මාත් ඉතින් ඕන රෙද්දකට කියල හා කිවා. මේක සල්ලි හම්බ කරන්න පුළුවන් වැඩක්ලු ගෙදර ඉදන්, මම ඇහුවා e money කේස් එකක් වත්ද කියලා, මිනිහ අප්පෝ නැ කිවා. පොර ඊට පස්සේ මට කතාව කියනවා මෙහෙම, මල්ලි මේක ලංකාවේ කම්පැනි එකක් මේක කරන්නේ මාර්කටින්, Best Life තමා කම්පැනි එකේ ...
අපරාදේ! ශත වර්ෂයකට එක් වරක් පමණක් දැකිය හැකි සිකුරු සංක්‍රන්තියක් අද සිදුවුණා. හරියටම ලංකාවේ වේලාවෙන් උදේ 10.20 ට පමණ දැක ගත හැකි බවට ආරංචියක් ලැබුනත් උදේ පාන්දරම පටන් ගත්ත වැස්සත් එක්කම මුළු අහසම කළු වලාකුළු වලින් වැහිලා තිබුනේ. ඒ වෙලාවේ මොන සිකුරද? සර සර ගාලා වහිනවා. වැහිනවනම් කමක් නැ තව, පිනි බානවා. මමනම් බලන්නමයි හිටියේ සිද්දිය, කොහෙද ඉතින් මේ වැස්සත් ...
මම දැන් කන කොත්තුවක් නැ. කියන්න හදන්නේ ලංකාවේ ප්‍රමුඛ බ්ලොග් සින්ඩිකේටරයක් වන Kuttu.org මගේ බ්ලොග් එකත් මේ දැන් ඇතුලත් කරා කියල මේල් එක ආව නිසා, මමත් දැන් බ්ලොග් කරුවෙක් වෙලා ඉවරයි. මම හිතන විදිහට මේක තමා ලංකාවේ ලොකුම බ්ලොග් සින්ඩිකේටරය. ඇත්තටම මට නම් දැන් පුදුම සතුටක් දැනෙන්නේ. ඇත්තටම ගොඩක් ස්තුති කරනවා Indi Samarajiva ඇතුළු සියලුම දෙනාට මගේ පලවෙනි බ්ලොග් එක ...
අද කියන්න යන්නේ බව්සරයක් ගැන නම් නෙවෙයි. වෙබ් බ්‍රවුසර් එකක් ගැන කියන්න යන්නේ, මේක මට හම්බුන හොදම බ්‍රවුසර් එකක්. මේක ටිකක් Chrome වගේ, එත් මේකේ වැඩ ගොඩයි. බ්‍රවුසර් එකේ නමRockMelt. Facebook, Twitter, YouTube, Tumblr, Gmail, පාවිච්චි කරන අයටනම් මරු. ඒ මොකද මේකේ වෙන ටැබ් එකක් පාවිච්චි කරන ගමන් twitter අප්ඩේට් කරන්න පුළුවන්, ඇවිල්ල තියන මේල් එකක් බලන්න පුළුවන්, ඉතින් මේවා ...
චොක්ලට්, මගේ ප්‍රියතම කැම අතර සිටින්නේ අංක එකටය. ඒ තරමටම මම චොක්ලට් කෑමට ඇබ්බැහි වී ඇති නිසාය. සාමානයෙන් සතියකට චොක්ලට් 3 නකට වඩා කනවා. ලොකු ගානක කියලා චොක්ලට් එකක් කළා තියෙන්නේ රු 750ක එකක්, එකත් කළා තියෙන්නේ කෙල්ල Birthday එකට දුන්න නිසා.නැත්තම් මමම කයි. ගෙදර අයනම් කියන්නේ දත් ටිකනම් ලගදීම වැටෙනවා කියලා හෑබැයි තාම හොදට තියෙන නිසා අවුලක් නෑ. මම ...
මම පාවිච්චි කරන්නේ SLT බ්‍රෝඩ්බෑන්ඩ්, දැන් ඉතින් ADSL ස්‌පීඩ් වැඩි උනානේ, කිසිම අවුලක් නැ මටනම්. මම අලුත් පැකේජ් එක පාවිච්චි කරන්නේ ගිය පෙබරවාරි ඉදන්, ස්‌පීඩ් එක නම් සුපිරි ඒත් පාවිච්චියට දෙන්නෙ 25GBයි. ස්‌පීඩ් එක 8Mbps. පලවෙනි මාසේ 25GBම පාවිච්චි කලා, ඒකට ගියේ දවස් 5ක් විතර, මේ පැකේජ් ඒකේ තියෙන එකම අවාසිය තමා 25GB පැන්නම Slow කරන එක. පෙබරවාරි, මාර්තු මාස ...
මිතුරනි! මේ මගේ පළවෙනි බ්ලොග් එකයි.පලවෙනි පොස්‌ට් එකම සිංහලෙන් ලිවේ, මගේ මව් භාෂාව සිංහල හින්දයි, ඉදිරියට අලුත් දෙවල් කරන්න බලාපොරොත්තු වෙන්නම්.ඉරේෂ්PS: මොනයම් හෝ අදහසක් තිබෙනවානම් Comment කරන්න. ...