තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත‍්‍රණයේ සභාපතිතුමනි,එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමනි,සම්භාවනීය අමුත්තනි,මහත්ම මහත්මියනි, රියෝ දි ජැනයිරෝ හී සිටීමත් මෙම සුවිශේෂී අවස්ථාවේ දී මාගේ අදහස් බෙදා ගැනීමට ලැබීමත් ඇත්ත වශයෙන් ම මට මහත් සතුටකි. රාජ්‍ය නායකයින්, ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන්, නිලධාරීන් බොහෝ පිරිසක් මෙන් ම සිවිල් සමාජ සාමාජිකයින් දහස් ගණනක් මෙහි සිටීම මෙම අවස්ථාවට අප සියලු දෙනා විසින් ලබා ...

ශ්‍රී ලංකාව අතීතයේ දී පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලැබුවේ බත බුලතින් පිරී තිබූ නිසාවෙන් ය. එහෙත් අද පවතින ජීවන රටාවත් සමග ජනතාව පුරුදු වී සිටින්නේ තමන්ට අවශ්‍ය දේවල් වගා කොට තම පරිභෝජන අවශ්‍යතා පිරිමසා ගැනීමට නො ව ලේසියටත් පහසුවටත් කියා වෙළෙඳ පොළෙන් මිල දී ගැනීමටය.  එළවළු පැලයක් වාගා කිරීමට අවශ්‍ය බිමක් හෝ ඒ සඳහා වේලාවක් නැතැයි කියා අද මැසිවිලි නගන්නෝ ...

මේ සතා මැරිල හම්බුනා දවසක්.ඒ මං නිකමට ගිහින් මල් පාත්තියෙ බලනකොට,මට බලන්න හිතුනෙ සාමාන්‍යයෙන් එකතැන ගොඩ වෙලාවක් නොඉන්න දෙමලිච්චො සෑහෙන වෙලාවක් හිටි නිසා.සත මැරුණට තුවාලයක් පෙණුනෙ නෑ,ඉතින් අපිට මේක හරි අබිරහසක් වුනා,මං සතාව වැලලුවා,ඊට පස්සෙත් එක කුරුල්ලෙක් ඇවිහ් හොයල ගියා ඌ ඉන්නවද කියල කීපපාරක්ම.ඊළඟ දවසෙ මම නෑවෙ එළියෙන්,නාලා පොඩ්ඩක් බලනකොට සතෙක් වැටිලා දඟලමින් හිටියා,එතකොටයි මට වෙලා තියන දේ ...

හරිත බ්ලොග් කියවනය කියන්නේ තවත් එක් බ්ලොග් සින්ඩිකේටරයක් විතරක් නෙමෙයි. මෙහි තියෙන විශේෂත්වය තමයි පරිසරය පිළිබදවත් එය ආරක්ෂා කරගැනීම පිලිබදවත් සිංහල භාෂාවෙන් ලිපි පලවන බ්ලොග් අඩවි පමණක් ඇතුලත් වීම.  ලංකාව තුළ පරිසරය ගැන ලියවෙන බ්ලොග් අඩවි බිහිවන්නේ අල්ප වශයෙන්. එසේ ලියවෙන බ්ලොග් අඩවි ඒකරාශී කිරීමත් ඔවුන්ට අතහිත දීමත් තමයි හරිත බ්ලොග් කියවනයේ අරමුණ. හරිත බ්ලොග් කියවනයේ එක් පසකින් ජාතික ...

‘හරිත ආර්ථිකයක්, ඔබත් එහි කොටස්කරුවෙක්’ යන තේමාව යටතේ 2012 ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය ඊයේ ජුනි (05) පෙරවරුවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විනි. මේ අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඞී. ...

‘හරිත ආර්ථිකය; ඔබත් එහි කොටස්කරුවෙක්’ යන්න මෙවර ලෝක පරිසර දින තේමාවයි. හරිත ආර්ථික සංකල්පය සමාජගත කිරීමේදී රටේ අනාගත පුරවැසියන් හා තීරකයන් වන පාසල් දරුවා ජාතික දැනුමකට දැනුම්වත් කිරීම, ආකල්ප හැඩ ගැස්වීම හා අදාළ කුසලතා ඔප් නැංවීම ඵලදායි ආයෝජනයක් වේ. එය අද දවසේ කළ යුතු ප්‍රමුඛතම කාර්යයක් ද වන අතර පාසල් දරුවන් හරහා හරිත ආර්ථික සංකල්පය පුළුල් සමාජයට ගෙන යාමක් ද වෙයි. ...

අද වන විට ලොව පුරා සමාගම්, සිය ව්‍යාපාරික ආයතන පරිසර හිතකාමී ලෙස සකස් කිරීමට පියවර ගෙන ඇත. දිනෙන් දින සිදුවන සමාජ විපරියාසයන් අනුව ආයතනවල අනවශ්‍ය අපද්‍රව්‍ය අවම කිරීමත්, එය සේවකයින්ට වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත ස්ථානයක් බවට පත්කරලීමත් මෙහි අරමුණයි.මෙකී අරමුණ වෙනුවෙන් පෙරදැරිව කටයුතු කිරීමට ග්ලෝබල් පාර්ක් සමාගම මේ වන විට පියවර ගෙන තිබේ. ඒ මෙරට තුළ හරිත ගබඩා සංකල්පය දියත් කරමිනි. මේ ...

නවීන තාක්ෂණික දියුණුවත් සමඟ ස්වභාවිකබලශක්ති ප්‍රභවයන් වේගයෙන් ක්ෂයවෙමින් පවතිනමෙවැනි කාල වකවානුවක් තුළ පරිසරය සුරක්ෂිතකරගනිමින් ගල් අඟුරු හා ඛනිජ තෙල් අර්බුදයට විකල්පයක් ලෙස ලෝකයේ දියුණු රටවල් ගමනාගමනමාධ්‍යයක් ලෙස පාපැදි භාවිතයට නැඹුරු වී සිටී. වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය තුළ හොඳ ශරීර සෞඛ්‍ය බවක් පවත්වා ගැනීමට අවශ්‍ය වන ව්‍යායාමයමෙමගින් ලැබෙන නිසා අපේ රටේ සමාජය තුළ ජනප්‍රියප්‍රවාහන මාධ්‍යයක් ලෙස  ...

 මැයි 31 ලෝක දුම්වැටි විරෝධී දිනයයි. මේ දිනය සියල්ලන්ටම එක සේ වැදගත් වෙන්නේ පවුලේ දුම්පානය කරන්නකු සිටී නම් එය ඔහුටත්, ඔහුගේ පවුලේ සියලු දෙනාටත් බෙහෙවින්ම හානිකර නිසයි. තමන් දුම් පානය නොකළත් දුම් පානය කරන්නා නිසා අවට සිටින්නන් ද රෝගී වේ.  මෙය කෙතරම් අවාසනාවන්ත ලෙස ලෝක ප්‍රජාවට බලපා තිබෙනවාද? වසරකට මිලියන 5.4 ක් මරණයට පත්වන්නේ දුම්කොළ නිසයි.2015 වන විට මිනිසුන් මිලියන 6.5 ක් ද, 2030 ...

ගහ කොළ, ඇළ දොළ, ගංගා, දියඇලි වලින් සමන්විත පරිසරය මිනිසාගේ පැවැත්මට ඍජුව බලපාන සාධකයක්. එහෙත් ශීඝ්‍ර ජනගහණ වර්ධනය හමුවේ භූමි ප්‍රමාණය සීමාසහිත වීමත්, මිනිසාගේ නොමනා ක්‍රියාකාරකම් මෙන් ම කාර්මික දියුණුවත් නිසාවෙන් එම සුවදායි ජීවත්වීමට හිතකර පරිසරය විනාශ වී යාමේ තර්ජනයට ලක්වී තිබීමත් රහසක් නොවේ. අපේ රටේ පමණක් නොව ලොවේ සෙසු රටවලට ද බලපාන මේ ප්‍රශ්නය නිසාවෙන් 1972 ස්ටොක් හෝම් නුවර ...

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකල පරීක්ෂණ වලට අනුව ප්ලාස්ටික් මනුෂ්‍ය ශරීරයේ හෝමෝන වලට අහිතකර ලෙස බලපාන බව සොයා ගෙන ඇත. ඉවත දමන ප්ලාස්ටික් වල අඩංගු රසායනයන් බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කල නොහැක. එනිසා ඉවතලන ප්ලාස්ටික්වල දැමිය යුතුයි. නැතිනම් පුච්චා දැමිය යුතුයි. වර්තමානයේ ඇසට දමන සුවි කාච වල සිට නිවාස සදහා යොදාගන්න ප්ලයිවුඩ් දොරවල් ජනෙල් දක්වා ප්ලාස්ටික් භාවිතයට ගනු දක්නට ලැබේ. ඉස්සර වාහන බරින් අඩුය. ...

 නගරයේ සුපිරි වෙළදසැල්වලින් ඉහළ මිලකට අලෙවිවන අත්කඩදාසි නිර්මාණය ගැන ඔබ මොහොතකට සිතා බැලුවාද? මේ විසිතුරු අත්කඩදාසි සැකසෙන්නේ ඉවත්කරන කඩදාසිවලින් බව ඔබ දැන සිටියාද? ඉවත්කරන කඩදාසි සරල රසායනික ප්‍රතික්‍රියාවකට බදුන්කරලා අත්කඩදාසි නිපදවාගන්නට පුළුවන්. තාක්ෂණය සරල වීම, අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි වීම සහ මූලික වශයෙන් විශාල වියදමක් දැරීමට අවශ්‍ය නොවීම නිසා අත්කඩදාසි නිෂ්පාදනය ‍බොහොම ලාභදායක ...

මිනිසා සහ පරිසරය අතර ඇත්තේ අපුර්වතම වූ බැදීමකි. එකී බැදීම නිරුපනය කරන්නා වූ විශිෂ්ට ගනයේ සිතුවම් පෙළකි මේ...   මෙම සිතුවම් ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පියෙකුගේ තෙලි තුඩෙන් සිත්තම් වී ඇත. සිතුවම් විශාල කර බැලීමට එය මත ක්ලික් කරන්න. මෙවැනි සිතුවම්, ජායාරුප ඔබ සතුව ඇත්නම් අපිට එවන්න. එය ඔබේ නමින් පළ කිරීමට අප සුදානම්. අපේ ලිපිනය tgnpromo@gmail.com ...

දසත විසිරි පැතිරී ඇත්තේ කඳු වළල්ලකි. කඳු වළල්ලේ පිහිටි රුක්‌ ගොමු අතුරින් හිරු කුමරිය එබිකම් කරමින් සිටින්නීය. මාර්ගය ඉතා දුෂ්කරය. කඳු හෙල් වැටි අතරින් අප ගමන් ගත් යතුරුපැදිය හෙමින් සීරුවෙ වනගොමුවට ඇතුල් විය. යතුරු පැදි නතර කොට තැබූ මාත් ගාලු උරුමය පදනමේ තරංග ලියනාරච්චිත්, නන්දසිරි අයියාත් තේ කඳු පල්ලම් අතරින් පල්ලම් බැස්‌සේ ඇල්පිටියේ පිටුවල පිහිටි අති සුන්දර "අඬන ඇල්ලේ සුන්දරත්වය ...

හිරු ගිනියම්ය. වැගිරෙන දාහයට මද පවන තරමක සිසිලක්ය. මම කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට රාජ්‍ය ලේඛනාගාර ගොඩනැගිල්ල අසලින් නිදහස් චතුරස‍්‍රය හරහා රූපවාහිනී සංස්ථාව අසලින් බෞද්ධාලෝක මාවතට වැටෙන සොඳුරු මාවතේ පියනගමි. මගේ නෙතු මානයෙන් මෙපිට මැවෙන පරිසරය සැබැවින්ම සොඳුරුය. හාත්පස හරිත වර්ණ ගහකොළින් අලංකෘත වී ඇත. ඒ තුරු වදුලූ යටින් වැටී ඇති අලංකාර ගල් ඇතිරූ මාවත තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කරන්නට ලේ,  ...

මොකක්ද මේ වැඩසටහන?  වාහන වලින් පිටවෙන පිටාර දුම පරීක්ෂා කරලා ඒවා නියම කර ඇති සීමාවන් තුල තිබෙනවාද යන්න පරීක්ෂා කිරිම තමයි මේ මගින් කෙරෙන්නේ. වාහන වායු විමෝචනයට අවශ්‍ය ලියකියවිලි හා වෙනත් අවශ්‍යතාවාහනයේ ලියාපදිංචි සහතිකය රැගෙන යා යුතුයි. එන්ජින් අංකය හා චැසි අංකය පහසුවෙන් කියවිය හැකි පරිදි පිරිසිදු කොට තිබිය යුතුයි. පරීක්ෂණයට ඉදිරිපත් කරන  අවස්ථාවේ වාහනයේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තිබිය යුතු ...

2012 - ජාතික හරිත සම්මාන ප්‍රදානෝත්සවය ලබන අගෝස්තු මස දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා පවසයි. තිරසර සංවර්ධනයත් පරිසරික සුරක්ෂිතතාවත් සමතුලිත ව පවත්වාගෙන යාමත් තම සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා කටයුතු කරන ව්‍යාපාරික ප්‍රජාව ඇගයීමට ලක් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ලෙස මෙම සම්මාන උළෙල මධ්‍යම පරිසර අධිකාරිය ...

ඔබට බලශක්තිය සුරැකිය හැකි ආකාර ආලෝකය41% විදුලි පංකාව13.6% රූපවාහිනිය23.6% ශීතකරණය12.1% දිනකට පැය හතරක් අතිරේකව භාවිතා වන තාපදීප්ත වෙනුවට සුසංහිත ප්‍රතිදීප්ත පහන් (CFL)  යෙදුවහොත් ඔබේ විදුලි බිල සැලකිය යුතු තරම් අඩු වේ. ඔබගේ මුළුතැන්ගෙයට, විසිත්ත කාමරයට හෝ රාත්‍රීයේදී එළිමහන් තාප දීප්ත ආරක්ෂක විදුලි පහන් වෙනුවට සුසංහිත ප්‍රතිදීප්ත විදුලි පහන් යොදන්න. ආලෝකය අවශ්‍ය විට පමණක් ඒවා ...

Previous Page