කතාවෙ කලින් කොටස් මෙතනින් බලන්න.මම මොහාන් මහත්තයගෙ පොතත් අරගෙන අවිල්ලා මම ඉඳපු මේසෙන් වාඩි වුනා.සුමාලි අක්කත් යන්න ගිහින්.තරුශි මගේ ආරාධනාව පිලිගනීවිද?පොත අතට ගත්තට හිතේ ප්රශ්න ගොඩයි.කොහොම හරි විනාඩි 5කට විතර පස්සෙ කවුරු හරි මගේ ඉස්සරහින් අවිල්ල වාඩිවෙනව මට ඇහුන නිසා මම පොතෙන් මූන පොඩ්ඩක් මෑත් කරල බැලුවා.හුටා බැලින්නම් කව්ද සීයා කෙනෙක්.මැදැයි මම කෙල්ල වාඩි වෙනකං හිටියා.කෝකටත් කියලා මම සැටලයිට් එක ...
කෙල්ල කට පුරා හිනවකුත් දාගෙන අපි දෙන්න ඉඳපු මේසේ ලඟට අවා. ඒත් එක්කම මෙච්චර වෙලා මට ඇනේ වෙලා හිටපු සුමාලි අක්කත් එයා දිහා බලලා "අනේ තරු!! ඔයත් library එකට ආවද" කියල එයත් එක්ක කතා කරා.'තරු' එතකොට එයාගෙ නම තරූද? එතකොට මෙයා සුමාලි අක්කගෙ යාලුවෙක්.මෙච්චර වෙලා මාව කන්න අපු යක්සනියක් වගේ පෙනුන සුමාලි අක්කව දැන් මට පේන්නෙ සුර දූතිකාවක් වගේ.'දුමීශ් ' ...
කලින් කොටස මෙතනින් බලන්නකෝ.කෙල්ල අත මගේ අත උඩින් එහට අරන් මගේ දිහා අහිංසක බැල්මක් දැම්මා.එයා වචනෙන් නොකියපු ගොඩක් දේවල් ඒ බැල්මෙ තිබුනා.මාත් මගේ දත් ටික පෙන්නලා අහිංසක හිනාවක් දැම්මා.ඔන්න ඔහොමයි එය මට මුලින්ම හමු උනේ.ඒ සිද්දිය ඒ වෙලේ එච්චර මගේ හිතට දැනුනේ නෑ.ඔන්චිල්ලාවෙන් බැහැපු මම එයාටයි පුංචි නංගිටයි බහින්න උදව් කරා.අන්තිමට එයා "අයියෙ අපි යනවා "කියල ගියා.මාත් ටිකක් වෙලා ඉඳලා ...
ඒ පොසොන් මාසයයි.අපේ ගමට සැනකෙලි එන මාසයයි.ඒ කාලෙට අපේ කොල්ලො සෙට් එකටම වෙන වැඩක් නම් නැති තරම්ය.කස්ටියම ගමේ පිට්ටනියට වී කාලෙ කා දමති.සැනකෙලි ගමට ආවම ඉතින් ඒකත් එක්ක සර්කස් එකක් මාරක ලිදේ බයිසිකල් එතකොට කතුරු ඔන්චිල්ලාව කියන දේවල් අනිවාර්යයෙන්ම තිබෙයි.කොහොමත් අපේ ගමට සැනකෙලිය එන්නෙ අවුරුද්දකට එක වතාවක් නිසා ඒක ජයටම කරයි.කොහොමත් සතියක් හමාරක් සැනකෙලි පවත්වයි.මුල් සතියේ සෙනඟ විශාල වශයෙන් ආවත් ...
ඔන්න තවත් අලුත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනා.හරියටම කිව්වොත් මේ මගේ 5වෙනි බ්ලොගිය.පටන්ගන්නවා, මාසයක් විතර මොරාල් එක තියනකම් කරනවා ඒට පස්සෙ නිකම්ම අතාරිනවා.මේක හරියන්නෙ නැති නිසා මම වෙනද වගේ නැතුව පොඩි නම් කෑල්ලකුත් දාගෙන ඔන්න අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා.අයේ බොරු මක්කටැයි මොක ලිව්වෙ නැතත් මං සඳරුවගෙ බ්ලොග් එකයි ලියන්න අයියගෙ බ්ලොග් එකයි නම් අනිවා බලනවා.අනිත් එව්වත් බලනව ඉතින්.මේ පාරනම් ...