ඔන්න ඉතින් ඉඳලා ඉඳලා පොඩි අලුත් වැඩකට අත ගැහුවා. ජාතික රූපවාහිනියෙන් රෙකෝඩ් කරගත්ත Sound Track වගයක් තිබ්බා Highlander. ඉතින් ඔය ටික එකින් එක වීඩියෝ වලට සෙට් කරලා Dual Audio Clips විදියට පුලුවන් පුලුවන් වෙලාවට දෙන්නම් මම. මුලින්ම දෙන්න හිටියේ Tin Tin. ඒත් ඉතින් ලංකාවේ හයිස්පීඩ් ඉන්ටර්නෙට් වලට පිංසිද්ද වෙන්න ඒක අප්ලෝඩ් කරගන්න විදියක් නෑ. ඒක එක Episode එකක් 500MB තියෙනවා. ...
ඇසසියන් ක්‍රීඩ් කතා මාලාවේ අවසන් කතාව තමයි මේක. කලින් කතා බැලුවේ නැත්නම් මෙතනින් පලවෙනි කතාවන් මෙතනින් දෙවෙනි කතාවත් බලන්න පුලුවන්. දෙවෙනි කොටස ඉවර උනේ අර ලියුමේ හොර කොපියක් හදපු තැනින්නේ. එතන ඉඳන් ඉතිරි කතාව තමා මේකේ තියන්නේ. කතාවේ අවසානෙදි ගේම් එකට හොඳ ආරම්භයකුත් දීල තියනවා. ඔයාලම බලන්නකෝ. මීඩියාෆයර් දාල තියන්නේ සිංහල උපසිරසිත් එක්කම. ඉතින් ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා ආරාධනා කරනවා. ...
මේකේ පලවෙනි කොටස බලන්න ඇතිනේ. බැලුවේ නැති අය ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න. මතකනේ, මිලානෝ වල ආදිපාද තුමා ඝාතනය කලා. ඒත් එක්කම කුමන්ත්‍රණය ගැන හෝඩුවාවක් ජොවානිට හම්බුනා. එතනින් තමා කතාව ඉවර උනේ. ඉතින් එතන ඉඳන් කතාව සිංහල උපසිරසිත් එක්ක ඔන්න අද ගෙනත් තියෙනවා. කතාව පුලුවන් තරම් අඩු සයිස් කොපියක් අප්ලෝඩ් කරන්න උත්සාහ ගත්තා මම. ඩවුන්ලෝඩ් කරන්නත් ලේසියිනේ එතකොට.Secret Circle ...
පහෙලාස්වන සියවසේ ඉතාලිය, පුනරුදය සිදුවූ වකවානුව මිනිස්සු පුනර්ජීවය ලැබූ කාලයක්. කොහොම උනත් කලයුතු නිවැරදි දේ පිළිබඳ දැක්මෙහි වර්ධනයක් වෙමින් තිබුනා. ඒ අතරේ එක්සත් ඉතාලිය විනාශ කිරීමටත්, බලවත් මෙඩිචි රාජවංශය පරාජය කිරීමටත් එක් දූෂිත පවුලක කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබුනා. ඒත් පුරාණ ඇදහීම් අනුගමනය කරමින් තවමත් යුක්තිය වෙනුවෙන් සටන් කළ පිරිසක් ඉතිරිව හිටියා. ජොවානි ඔඩිටෝරි, අපේ කතාව පටන් ගන්නේ අන්න එතනින්...ගේම් එක ගහපු ...
හුඟක් කාලෙකට පස්සේ නේද? මොනා කරන්නද.. අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න එපැයි. හරි ඒක කමක් නෑ. ඔන්න හත්වන කොටසටත් උපසිරසි දැම්මා ඉවරයක් ලැබුන ගමන්ම. කලින් කතා බලපු නැති කවුරුහරි ඉන්නවානම් පලමු කතාව මෙතනිනුත්, දෙවන කතාව මෙතනිනුත්, තුන්වන කතාව මෙතනිනුත් හතරවෙනි කතාව මෙතනිනුත් පස්වෙනි කතාව මෙතනිනුත් හයවෙනි කතාව මෙතනිනුත් බලන්න පුලුවන්.කලින් කතාව මතක්කරනවා නම් නික්ගේ අයියා ජේක් ආවා, නික් මැරුණට ...
කමෙන්ට් වලදී කරලා තිබුන ඉල්ලීමක් නිසා ඔන්න Fringe සීසන් තුනකට 150MB ලින්ක්ස් අරන් ආවා. මේ ගැන කලින් මම විස්තරයක් ලිව්වනේ. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න නම් Internet Download Manager පිහිටුවා තියන්න ඕනෙ. Online බලන්නත් පුලුවන්. Season 2 එකේ තියන 11 වෙනි කතාව ඇත්තටම Season 1 එකේ 21 වෙනි කතාව වෙන්න ඕනෙ. ඒක Season 1 ...
කලින් කතා බලපු නැති අයට පලමු කතාව මෙතනිනුත්, දෙවන කතාව මෙතනිනුත්, තුන්වන කතාව මෙතනිනුත් හතරවෙනි කතාව මෙතනිනුත් පස්වෙනි කතාව මෙතනිනුත් බලන්න පුලුවන්.ඉතින් මතකද කතාව? නික් මැරුණනේ. නික්ගේ මළගෙදර ගැන තමයි අද කතාව. නික් වෙනුවෙන් නික්ගේ මළගෙදර පවත්වන එක ඇඩම්ලගෙ ගෙදරින් ඒ කියන්නේ බෝට් හවුස් එකෙන් බාරගන්නවා. ඒත් නික්ගේ අයියා ජේක් තමන්ගේ මල්ලිගේ මළගෙදරට එන එකත් එක්ක හැමදේම කණපිට හැරෙනවා. ඔය ...
කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ මේ සතියේ අවුරුදු වැඩත් එක්ක උපසිරසියක් දාගන්න වෙලාවක් තිබුනේ නෑ. ඉතින් එහෙමයි කියලා බ්ලොග් එක බලන්න ආපු ඔයාල හිස් අතින් යවන්නත් බැරි නිසා මම තවත් එක සුපිරි කතා මාලාවක Direct Download Links ටිකත් අරන් තමා ආවේ. වෙනද වගෙම තමා. ක්ලික් කරපු ගමන් බෑවෙනවා. ඇඩ් උඩ ක්ලික් කරකර ඉන්නයි, විනාඩි ගනන් බලන් ඉන්නයි අනං මනං මුකුත් නෑ. ...
සබ්ටයිටල් ෆයිල් එකක් කියන්නේ මොකක්ද?සබ්ටයිටල් ෆයිල් එකක් කියන්නේ ඊට අදාල යම්කිසි වීඩියෝ පටයක් එක්ක සමකාලීනව ධාවනය වීමට සකසන ලද කාල දත්ත සහ උපසිරැසි දත්ත අඩංගු ගොනුවක්. මේ උපසිරැසි ගොනු වල srt, ass, ssa, sub, txt, ttxt, aqt, dat, asc වගේ extension එකක් බොහෝ විට දකින්න ලැබෙනවා. මේවායිනුත් බොහෝ විට භාවිතා වෙන්නේ srt කියන extension එක තමයි. ඒකට හේතුව Sub Rip ගොනු ...
කලින් කතා බලපු නැති අයට පලමු කතාව මෙතනිනුත්, දෙවන කතාව මෙතනිනුත්, තුන්වන කතාව මෙතනිනුත් හතරවෙනි කතාව මෙතනිනුත් බලන්න පුලුවන්. කලින් කතාවෙදි කැසී හෙදර් බාන්ස්ව හොයාගෙන ගියපු හැටිත්, හෙදර්ට කරල තිබුන මායාව ඉවත් කරන්න ෆේයි උදව් කරපු හැටිත් කට්ටියටම මතක ඇතිනේ. අන්තිමටම හෙදර් මැරුණා. කතාවේ අන්තිම ටික හොඳට බැලුවා නම් හෙදර්ට ආවේශ වෙලා හිටපු අමනුෂ්‍යයා මෙලීසාට ආවේශ වෙන හැටි බලන්න ...
පහුගිය දවස් ටිකේ ගොඩ ගැහිලා තිබුන වැඩත් එක්ක උපසිරසිය ටිකක් ප්‍රමාද උනා. ගිය සති දෙකේ සයිට් කට ආපු හැමෝම ඒ ගැන සමාවෙන්න ඕනෙ. මොනා උනත් ඒ ඒ වැඩේට වැදගත්කම අනුව මුල් තැන දෙන්න එපැයි. හරි, කලින් කතා බලපු නැති අයට පලමු කතාව මෙතනිනුත්, දෙවන කතාව මෙතනිනුත්, තුන්වන කතාව මෙතනිනුත් බලන්න පුලුවන්. අන්තිමට උනේ මොකද කියලා මතක ඇතිනේ.බෝට් යාඩ් එකේදි කැසීට ...
මගේ පලවෙනි උපසිරසි යෙදුම. එහෙම කිව්වට මේක පලවෙනි එකමත් නෙවෙයි. මීට කලින් මම Harry Potter 4 වෙනි කොටසට සිංහල උපසිරසි දැම්මා. ඒකත් පස්සෙ වෙලාවක පෝස්ට් එකක් දාන්න බැරියැ.අද මේ පෝස්ට් එකෙන් ඔයාලට දෙන්නෙ Fringe තුන්වන කතා මාලාවේ පලවෙනි කතාංගය. මේ කතා මාලාව ලෝකයේ ඉතා ජනප්‍රිය වෙච්ච ඉහල Ratings ලබාගත්ත සුපිරි විද්‍යා ප්‍රබන්ධයක් කිව්වොත් නිවැරදියි. ජාතික රූපවාහිනියේ විකාශය වුන කවුරුත් ආසාවෙන් ...
අද මේ උදේ පාන්දර හදිස්සියට දෙන්න හදන්නේ අපේ කතා මාලාවේ තුන්වන කොටස. ඊයෙ රෑ එලිවෙනකම් පරිවර්තනය කරලා ඔන්න දැන් ටිකකට කලින් තමා ඉවර උනේ. කලින් කොටස් බලපු නැති කවුරුවත් ඉන්නවා නම් පලවෙනි කොටස මෙන්න මෙතනිනුත් දෙවන කොටස මෙන්න මෙතනිනුත් අරන් බලන්න පුලුවන්. ෆේයිගේ අම්මා හෙන්රිව මරලා දාපු හැටිත්, ෆේයි තමන් අතින් වෙන්න ගියපු වැරැද්දෙන් නූලෙන් බේරුන හැටිත්, අවසානයේ සියලුමම දෙනා ...
කලින් කොටස මතක ඇතිනේ. බැලුවෙ නැත්නම් මෙන්න මෙතනින් අරගෙන බලන්න. කැසී බ්ලේක්ගේ අම්මගේ මරණයෙන් පස්සෙ ඇය තමන්ගෙ ආච්චි අම්මගේ ගෙදර පදිංචියට එනවා. අලුත් ඉස්කෝලෙදි ඩයනා, ඇඩම්, ෆේයි වගේ අලුත් යාලුවො හම්බෙනවා වගේම තමනුත් තමන්ගෙ යාලුවොත් අනෙක් අයගෙන් වෙනස් කියලත් කැසී දැනගන්නවා. ඒ වෙනස තමයි ඇය මායා කවයකට අයිති බව. ඇගේ තාත්තාගේ මරණයට හේතුවත් මේ අතරෙ ටිකෙන් ටික එලි වෙනවා. ඉතින් ...
දෛවයෙන් පලා යන්න ලේසි නැහැ. කැසී බ්ලේක්, පොඩි කාලෙදිම අනතුරක් නිසා ඇගේ තාත්ත නැති වෙලා. අවාසනාවන්ත විදියට එක්තරා දවසක ඇයට ඇගේ අම්මත් නැති වෙනවා. ඇය ඇගේ අත්තම්ම ලඟට යන්න තීරණය කරනවා. හැමදෙයක්ම වෙනස් වෙන්නෙ එතනින්.TV Series බලන ඕනෙම කෙනෙක් Vampier Diaries නම් අනිවාර්යයෙන්ම බලලා ඇති. මොකද ඒක ඒ තරම්ම ලස්සන කතාවක්. Secret Circle කියන්නේ ඒ අයගෙ ඊලඟ නිර්මාණය. Vampier Diaries ...