අවතාර් මාස ගානක් බ්ලොග් ලෝකෙන් වහන් වෙලා ඉඳලා සුනාමිය ආවා වගේ එකපාරටම කඩා බිඳගෙන ඇවිත් කස්ටියට පොරොන්දුවක් උනාලු.හැමෝටම මාසෙකට රු 10,000ක් හොයාගන්න තත්වයට පත් කරනවා කියලා.හැමෝම කිව්වට හැමෝටම බෑ මේක.මෙන්න මේ දේවල් තියන අයට විතරයි පුළුවන් කැපවීම අනිවා ඕනේ 8 වසරේ වගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නෙට් යන්න පුළුවන් කොම්පියුටරයක් දවසින් පැය තුනක් පමණ(අවම) ජාවා/වෙබ් ඩිසයිනින්/PHP දැනුම අනවශ්‍යයයි ඔන්න ඔය ...
කාලෙකට පස්සේ ලියන දෙවෙනි පෝස්ට් එක.කස්ටියට අවතාර් කොලුවව අමතක වෙලා කියලා හිතුවට බැලින්නම් සෑහෙන දෙනෙක්ට එහෙම එකෙක් හිටියා කියලා මතකයිනේ.ඒ ගැන අවංකෙන්ම සතුටුයි.හැමදාම අවතාර් එක්ක හිටපු සැමා,DDT,තරුවා,නාඩියා,බංඩා ,කෝරලේ ,රූ අක්කා,රාජ් ...................තව කට්ටිය හිටියා ඈ.සේරටම තෑන්ක්ස් කොල්ලට හොඳ පිළිගැනීමක් දුන්නට.දැං ඉතින් ආයෙත් පෝස්ට් නොලියා ඉන්න පුළුවන් ද?වෙලාව ඇති විදිහට අනිවා ලියනවා.ඒ කොහොම වෙතත් අවතාර් කලින් පෝස්ට් එකේ කිව්වනේ කට්ටිය ගොඩ ...
මේ පෝස්ට් එක කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.එකපාරටම අතුරුදහන් වෙලා කාලෙකින් තමා ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ.කේස් එක උනේ පොඩි වැඩ වගයකට අත ගහපු නිසා නොනිමි අහසේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැති වුන එක.ලියනවා කියලා විනාඩි පහකින් කුනුහරපයක් ලියලා දාලා යන්න බෑනේ.බොහොම අමාරුවෙන් හිත හදා ගෙන ආයෙත් පෝස්ට් එකක් ලිව්වා ඔන්න. එහෙම ආයෙත් පෝස්ට් එකක් ලියන්නේ සිංහල බ්ලොග් ලෝකේ ...
ඔබ මේ ගැන දන්නවාද? 1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය. 2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්රය රඳවා ගැනීමට නොහැකිය. 3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණි. ...
මේ සතියේ සිත්තරයක් තෑගි දෙන ප්‍රශ්නය ඔය උඩ තියන පින්තූරේ මිනිස් මුණු කීයක් පේන්න තියනවද???? හොඳ ඇහැක් තියන අය බලලා උත්තරයක් දෙමු!!dont forget to follow us and share this on facebook
100 ගැන ලියනවද නැද්ද කියලා කල්පනා කරලා ඔන්න ඔහේ ලියන්න හිතුනා.අවතාර් නොනිමි අහස පටන් අරන් අවුරුද්දකුත් මාසයකුත් වෙද්දි යන්තම් පෝස්ට් 100ක් ලියා ගත්තා. මේ 100 ඇතුලේ අවතාර් පස්සෙන් එන 159ක පිරිසක් ඉන්නවා.පේජ් විව්ස් 42000 ට වැඩියි.ලියපු පෝස්ට් 99 ට ලැබුනු කමෙන්ට්ස් 1556 යි. නොනිමි අහසට ගොඩවැදුන කමෙන්ට් කරපු කමෙන්ට් නොකලත් තියෙන ඒවා කියවපු ෆලෝ කරපු කස්ටියටම තැන්කියු ඈ........ පලි ...
කලින් ලියවුනු ඒ ලෙවල් සෙමිනා මතක සරුවට පොල් කඩන්න තියන ගහෙන් ඇට්ටි කඩනවද ? මේ කතාව චිත්‍ර සෙමිනා එක ගැන.දැන් අහන්න එපා චිත්‍ර නොකරපු උදවිය චිත්‍ර වලට අහවල් සෙමිනද කියලා.ප්හු ඒවාටත් පාඩම් කරන්න දේවල් එමටයි ඈ.අපේ පන්තියේ චිත්‍ර කරපු කස්ටිය ගැන කිව්වොත් මුල්ම දවස්වල හිටියේ තුන් හතර දෙනයි.පන්තියේ සේරම වගේ හිටියේ සංගීත කාමරේ.ඇයි මුන්දලා හිතන් ඉන්නේ සංගීත තමා ලේසිම ...
අද එකපාරටම සරම ගැන ලියන්න හිතුනේ මොකද කියා අවතාර්ටම හිතාගන්න බැරිය.අවතාර්ගේ ඇඳුම් අතර නම් සරමට හිමි වන්නේ ප්‍රධාන තැනකි.ඒ අනිත් ඇඳුම් සේරටම වඩා සරම අවතාර්ට සුවර් හින්දාය.සරමේ කතාව කොතනින් පටන් ගන්නද කියා කල්පනා කරන විට අවතාර්ගේ සූටි කාලය මතකයට නැගෙයි.මුලින්ම අවතාර් සරම් ඇන්දේ දහම් පාසල් යන්නටය.ඉස්කෝලේ අඳින නිල් කොට කලිසම ඇඳ එයට උඩින් සරම ඇන්දේ එහෙ මෙහෙ දුවන දිවිල්ලට ...
අවතාරයට පොඩි අවුලක් තියනවා කෑම පැත්තෙන්.කරන ගොන් වැඩ වලටද මන්දා ගොන් කිරි නිෂ්පාදන මොනවත් කටේ තියන්න බෑ.වැරදිලා වත් කෑවොත් දිවට දැනුණ රහ යන්නත් කලින් පස්ස දොරෙන් සේරම එලියට දාන්ඩ ඕනේ.ඒ කියන්නේ අවතාර්ගේ බඩ කිරි වර්ජනය කොරනවා. ලියන්න යන සීන් එක අවතාර්ගේ සුන්දර ඕ ලෙවල් කාලේ එකක්.හවුස් මීට් එහෙම තිබුන කාලේ තරඟ තිබුන දවසක්.හවුස් මීට් දවසට මාර්ච් එකට එහෙම කස්ටිය ...
ලැම්බොගිනියක යන්න ගමනක් තියන අවුරුද්දක් නොසිත තව මොහොතක් දෙන්න රජ දෑතට සවියක් සැමට සුබ නව වසරක් වේවා!!!!!!!dont forget to follow us and share this on facebook
බාර් එකක බොමින් සිටි එකෙක් හොඳටම ඩෝප් වූවාට පසු ළඟම මේසයක සිටි එකෙක් වෙත ගොස් කතාවට වැටුනේය. ම...චා..න් මම කීප දවසක්...ම ලාවට දැකලා....තියනවා උඹ මෙහෙ ඉන්න....වා.මම ටිකක්........ලාවට කතා කරලා උඹත් එක්ක ෆිට් උනාට ..........අවුලක් නෑනේ පිස්සුද මචන්............අන්න..........බලපන් කවුරු මොනව කිව්වත් .............බොන එකා ළඟ නෙමෙයිද..........මනුස්සකම තියෙන්නෙ.උඹම ඇහුවා මිසක්........මම මෙතන ඉඳලා ගෙදර යන ටිකට .......එකෙක් ඇවිල්ලා මගෙන් අහයිද.........උඹ ඇහුවා වගේ ෆිට් ...
මඩ කියලා දැක්ක ගමන් කස්ටිය බලන්න ඇති ඒ පාර අවතාරයත් කාට හරි මඩක් ගහලද කියලා නෙහ්.මේ කියන්න යන්නේ අවතාර්ගේ සිත්තර තෑගි ප්‍රශ්නේ ජයග්‍රාහකයෝ ගැන.අවතාර් අහපු ප්‍රශ්නේ මතකයිනේ . අවතාර් ඉදිරිපත් කල ප්‍රශ්නය අවතාර් බලාපොරොත්තු වූ පිළිතුර මම විමලගේ පහේ කාසිය වැටෙන තැන දැක්කා.එයා යනකම් මම ඒක කකුලෙන් පාගගෙන හිටියා සර් . දැන් කවුද එතකොට ජයග්‍රාහකයෝ ?? --------------------------------------------------------------------------------- බලාපොරොත්තු උන ...
ආගම් බේදයක් නැතුව අද අනිත් හැමෝටම වඩා සතුටෙන් ඉන්න පිරිසක් ඇත.ඒ ඕලෙවල් ලියපු ලමයිනුත් ඒ අයගේ අම්මලාත්ය.තම තමන්ගේ පේපර් වල මුල් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න දහනවයකට ලකුණු දැනටමත් ලැබී ඇත.ප්‍රශ්න වලට අත තියාවත් නැති උනත් මේ ප්‍රශ්න 19යේ ලකුණු විබාගේ ලියපු සේරටම ලැබෙන්නේ අද එක උත්තමයෙක් නිසාය.ඒ අත් වැරදීමකින් ප්‍රශ්න ඉස්සරහින් එතුමාගේ මූණ දක්වමින් හෙම්බිරිස්සාව වදින්නම නාගත් සම්පත් අත්තටගේ සර් ...
අවතාර් කලින් සිංහල බොලොක්ක වලට සිත්තර ඇන්දා කියලා කවුරුත් දන්නව ඇතිනේ .දන්නේ නැත්තන් රජාගෙන්, නිශානයගෙන් සිරාගෙන් එහෙම අහලා බලහල්ලකෝ.ආසාවෙන් මතක් කරයි.ඒ දවස් වල සිත්තර ඇන්දේ අහසේ කමෙන්ට් ලිස්ට් එකට.ඊට පස්සේ අවතාර් හිතුවා බ්ලොග් ලෝකේ හැමෝටම චාන්ස් එකක් දෙන්න තමන්ගේ ලස්සනම පෝස්ට් එකකට අවතාර්ට කියලා සිත්තරයක් ඇඳගන්න.(ලස්සන = කුජීතම වෙන්න පුළුවන් ඈ)ඔන්න එහෙනම් අවතාර් වැඩ පටන් ගත්තා.මේ අහන්න යන්නේ කැල්කියුලේටර් ...
දවස් ෙදක තුනක ෙවෙලේ ඉඳන් කොමා ලෙඩ දෙන්න ගත්තා.ගලවලා බැලින්නම් ඇතුලේ කෑලි බෑලි ටිකක් දාන්න වෙලා.කොහෙද මේවා පට්ට ගගහා වැඩ ගත්තට රෙපෙයාර් එකක් දෙන්නවත් ගලවල බලන එකක්යැ.කම්මැලිකමේ උනත් කොමා හදාගන්න ටවුන් එකට ගිහින් එහාට මෙහෙට ඇවිදිද්දි පරණ යාලුවෙක් හමුබුනා අවතාර්ට.ළඟට ගිහින් කතා කරපුවහම මේකා කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා.බැලින්නම් මූට මාව අඳුරගන්න බැරි වෙලා.දැනට කවුරුවත් කියලා නැති මූ ...
අගනුවර සිට කොළඹ හලාවත පාරේ ඉදිරියට ඇදෙන ලේලන්ඩ් බස් රථය මධ්‍යහ්න වෙලාව නිසා දෝ වැඩි මඟීන්ගෙන් පිරී නොතිබුනි.ප්‍රධාන මාර්ගයද මගීන්ගෙන් පිරී නොතුබුන නිසා කාර්යාල වෙලාවේදී මෙන් නොව රියදුරු බස් නැවතුම්පල වල සිටි මඟීන් එකා දෙන්නා අහුලා ගනිමින් මන්දගාමී අයුරින් රථය පදවන්නට විය. කොටුව බස් නැවතුම් පලෙන් බසයට ගොඩවී පිටුපසම සීට් එකෙහි වාඩි වී සිටි අවතාර් එවෙලේ පටන්ම ජංගම දුරකථනයට ...
ඔන්න අවතාර් සෑහෙන දවසකට පස්සේ ආයෙත් නොනිමි අහස පැත්තට ආවා.නොනිමි අහසෙන් ගිහින් අදට හරියටම මාසයයි.ඉස්සරලම කියන්න ඕනේ අවතාර් හිටියේ නැතත් අහස පැත්තට ඇවිල්ලා පෝස්ට් කියවලා කමෙන්ට් එකක් දාලා ගිහිල්ලා තිබුනා ගොඩක් අය.ඊයේ දවසට විතරක් අහසට 34 දෙනෙක් ඇවිල්ලා .සති දෙකක් විතර යනකල්ම සීය පැනලා ලිබුනා දවසට ගොඩවෙන ගාන.මාසයක් තිස්සේ කිසිම පෝස්ට් එකක් දාන්නේ නැතුව මාසෙකට පස්සෙත් ඒ වගේ පිරිසක් ...
සිරාගේ කාමරේ සිරා දවසක් දෙවෙනි මනමාලයට ඇන්දා.එදා වැරදි වෙලාවේ ආපු මුත්‍රා බරෙන් අන්ත අසරණ උන සිරා යටි බඩ තද කර ගෙන යටි තොල හපාගෙන තම මුත්‍රාසය ආරක්ෂා කරගැනීමේ වෑයමින් ෆොටෝවට පෙනී සිටි අයුරු.ඔය අත තියා ගෙන ඉන්නේ ලස්සනට එහෙම නෙවේ ඈ. මී ගොඩයා ට දවසක් කපුවෙක් මංගල යෝජනාවක් ගෙනාවා.එදා උන්දෑ දුන්න වදන් වලින් සංතෘප්ත උනා මී ගොඩයා නිදා ගත්තට ...
මේ ලියන්න යන එකේ ප්‍රධාන චරිතේ අවතාර්ගේ හයේ පන්තියේ ඉඳලම යාළුවා.ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස්වෙලා ටවුන් එකේ ඉස්කෝලේට ගිය මගේ පලවෙනි යාළුවා උනේ ඌ.හය වසර හත වසර ගෙවිලා යද්දි ඔන්න කාටත් වදින ඊතලේ අපේ උන්ටත් වදින්න ගත්තා.පන්තියේ හිටිය කොල්ලෝ ගාණයි කෙල්ලෝ ගාණයි වෙනස් උනේ පොඩි ගාණකින් .මතක විදිහට කෙල්ලෝ දෙන්නෙක් වැඩියෙන් හිටියද කොහෙද.අට වසරේ දී පන්තියේ කොල්ලෝ බොහොමයකට හිටපු කෙල්ලන්ගේ ...
කලු කර ගෙන එන වැස්සට කලින් ගෙදර පිටවෙන්නට හවස ලෙකට තිත තියලා පැන්නා මම මහ පාරට කොටන එකේ හොඳම එකෙන් බස් එක කොට කොට යනකොට හැමදා එන නිදි දෙව්දුව ආවා මගේ දෑස ළඟට බස් එක හෙමිහිට යනවා ඇස් දෙක මගේ පිය වෙනවා ඉබි ගමනින් යන බස් එක තවත් තැනක නවතිනවා ඇරුණු පාසලක් කියලයි මගේ හිත මට කොඳුරන්නේ එකයි තිහේ ...