කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ.දැන් ඉස්සර වගේ වෙලාව නෑ අප්පා.මොකද ජොබ් එකට ගිහින් ඇවිත් පාඩම් කරන්න ඕනෙ නිසා ඔය දෙක බැලන්ස් එකේ නොකලොත් අනාගතේ හබක් වෙන නිසා ආතල් කුඩු කරන් මං පාඩම් කරනෝ.පස්සේ බැරියැ ආතල් ගන්න.ඒත් අමාරුවෙන් අටෝගත්ත බ්ලෝග අතාරින්න හිත දෙන්නේ නෑ.වෙලාවක් ආව ගමන් මේක ලියනවා ඒ වගේම වෙලාවක් ආව ගමන් අනිත් බ්ලොග් ටිකත් කියවනවා.සමහර බ්ලොග් වලට කමෙන්ට් නොකලත් මං ...
0785****** මං එක හුස්මට නම්බර් එක ඩයල් කලේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන සහ ලොකු කුතුහලෙකින් අමිලයා නම්බරේ දෙද්දීම කිව්ව දේවල් එක්ක කුතුහලේ වැඩි උනා සහ නම්බරේ සම්බන්ධ සිද්ධිය පිලිබඳ පැහැදීමක් ඇති උනා මං සාමාන්‍යයෙන් නොකරන වැඩක් උනත් අද මං ඒක කලේ හිත පුරා කරණං ගැහුව කුතුහලේම නිසා.අමිල දන්නා එවුන් කීපදෙනෙක්ම කතාකරලා තිබ්බාටි ටි ටි .......ටී.............ක් ටී ...........ක් රින්ග්ස් යද්දී නම් ...
මං කලින් පොස්ට් එකේ ඇහුව සැටලයිට් ප්‍රශ්නෙට මුලින්ම හරි උත්තරේ දුන්නේ ඩුඩ් අයියා ඊට පස්සේ උනත් හරි උත්තරේ දුන්නේ මානවක අයියයි නලීන් අයියයි විතරයි,මාතලන් අයියත් වෙන චන්ද්‍රිකා සිග්නල් වගයක් අල්ලන්න ඇන්ටනාව අල්ලන්න ඕනේ පැත්ත කිව්වා.ඇනෝ කෙනෙක් මුලින්ම උත්තරේ දුන්නා ඒ ඇනොගේ හොර වැඩ නිසා ඒක උත්තරේ පිළිගන්නේ නෑ.මොකද ඒ ඇනෝ මගෙන් උත්තරේ අහගෙන තමා ඇවිත් මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ ;)උත්තරධ්‍රැවයේ ...
කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා ගන්නවා.පහුගිය සතිය පුරාම වැඩ කලේ සීදුව පැත්තේ ...
විශේෂ සටහන.......!!මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N බණ්ඩාර මහතාගේ කැමරාවෙන් .මං සහතික වෙනවා මේක ෆොටෝෂොප් වලින් එඩිට් කරපු එකක් නොවන වගට.මොකද මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම ෆොටෝ එක පෙන්නුවා ඒ වෙලාව අතර මේ වගේ එකක් එඩිට් කරන්න වෙලාවක් ...
ගොඩාක් වෙලාවට බස් එකට නැගපු ගමන් සිට් එකක් හොයන් වාඩි වෙන්නේ මාලඹේටම යන්න තියෙන නිසාත් ඒ යන අතරේ බුකිය පැත්තටත් බ්ලොග් ලෝකේ පැත්තටත් ගොඩ වෙන්න පුළුවන් නිසයි.බස් ඒක කියන්නේ හරි අමුතු තැනක් එතැනදී අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.සමහර ඒවා දැක්කම කලකිරෙනවා.එකමයි බස් එකට නැග්ග ගමන් මං වාඩි වෙලා ෆෝන් එක ඇතුලට මුණ ඔබා ගන්නේ.මං පහුගිය අගහරුවාදත් සුපුරුදු පරිදි ...
අපේ තාත්තගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ බිස්නස් ඒ කියන්නේ සිල්ලර කඩයක්.අපේ කඩේට දැන් වයස 25ක් විතර වෙනවා.ඒකට මටත් වඩා වයසයි.අපේ ගමේ ඉදන් ටවුන් එක කිට්ටුවට යනකන් සමුපේ ඇරෙන්න තිබ්බ එකම කඩේ ඒක.ඉතින් ඒ කාලේ ඒ කියන්නේ අසු ගණන් වල අන්තිම කාලේ සහ අනූ ගණන් වල මුල් කාලේ කිලෝමීටර් තුන හතර විතර දුර ඉදන් අපේ කඩේට සෙනග ඇවිත් තියෙනවා.අනිත් එක ඒ ...
උසස් පෙළ කාලේ කියලා වෙනසක් උනේ නෑ අපි ඒ කලෙත් මොන්ටිසෝරි පොඩි උන් වගේ පන්තියේ ඉන්ටවල් එක දුන්න ගමන් කෙළගෙන කඩේට දුවනවා කන්න.ඒක එහෙම කලේ එකක් මුලින්ම ගියාම ඕනේ විදිහට කාලා එන්න පුළුවන් අනිත් එක තමා කාලා ඉක්මනට ඇවිත් පන්තියේ ඉන්න එකෙක්ව බයිට් කරන් ෆුල් සොමියක් දාගෙන ඉන්න පුළුවන් එක.අපේ සැට් එක වැඩියම ආස කලේ පන්තියේ ඔය ජෝගි නටන එකට ...
ඇත්තටම ඌ සිරා කොල්ලෙක් හිත හොද එකා.මං ඌව හය වසරේ ඉදන් දන්නවා.ඌ හැමදාම ගෙදර ඉදන් තඩි බත් එකක් ගෙනාවා හොස්ටල් එකට කට්ටියම එකට ඇහැ ගහන ඉන්නේ.ඒක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.මං ඌ ගැන මේ පොස්ට් එක ලියනවා ලියනවා කියලා හිත හිත හිටියත් මට ලියන්න උනෙම නෑ ඒත් අද ඌව මතක් උන වෙලාවේ හිතාගත්තා අනිවා ලියනවා කියලා.ඌට කෙල්ලෙක් සෙට් වෙලා බුකියේ ...
"ඒ හමුවීම හරි අහඹු එකක්.ඒ හදුනාගැනීම වෙද්දීත් පිරිමි දරුවා හිතන් හිටියේ ඒ දෙන්නා අලුතින්ම අදුනාගත්තා කියලයි ඒත් ඒ ගෑණුදැරිවි මේ ඉලන්දාරියා ගැන කලින් ඉදන්ම දන්නවා.එකටත් හේතුව පොඩි කාලේ ඌ කරපු අලුගුත්තේරු වැඩක්.මේ හදුනා ගැනීම මිතුදමක් බවට පෙරලුනා.ඒක ගොඩාක් හිතවත් යාලුවෝ කියන නම දෙන්න පුළුවන් තරම් දුර ගියත්.....කවදාවත් ඒ දරුවෝ දෙන්නම හිතුවේ නෑ වෙන එව්වා මෙව්වා.කාලේ වේගෙන් වේගෙන් දුවලා යද්දී දෙන්නාට ...
මං නැවැත්තුවේ දන්සලේ උදේ වරුව ගැන කියලා නේ.ඊට පස්සේ පෙළගැහිලා තිබ්බේ මහා සාංඝිගත දක්ෂිණාව ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක ඒත් දවල් දානෙත් උදේ කෑමත් අතර වෙලා ගොඩාක් තිබ්බ නිසා කට්ටිය ඔක්කොම සෙට් වෙලා පොඩි ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා එහෙමයි කියලා කුස්සිවල වැඩ නැවතුනේ නෑ කට්ටියක් දානෙට බරටම වැඩ අනිත් අය පිංකමට සහභාගී උන අයට දවල්ට කන්න දෙන්න වැඩ.ඔය වැඩ වෙන අතරේ ...
දෙයියනේ කියලා යන්තම් දවසක් සෙට් උනා පොස්ට් එකක් දවසක්.මේ පොස්ට් එක ටයිප් කරන්න දවස් කියක් නම් ට්‍රයි කලාද.අද නම් මේක දාල මිස මෙතනින් නොනැගිටිමි.අලුත් ජොබ් එකට ගියා.තැන නම් හොදයි,අලුතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.අපි කාලා තියෙන කට්ට එක්ක බලද්දී ඔෆිසියේ කට්ට කියපු ඒවා මහා දේවල් නෙමේ.ඒත් වැඩ නම් ගොඩාක් තියෙනවා.එක නිසා බෝඩිමට එද්දී හවස් වෙනවා.ඇවිත් කාල සැපට දොයියනවා ආයේ උදේ ...
බ්ලොග් එක පුරා හිටිය කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් එලෝලා දාල බ්ලොග් එක ආයේ මගේ අතට ගත්තා.ඒත් ගණිකාවෝ ටික ඔක්කොම බෝඩිමේ නවත්තගත්තා.මොකද උන් එළවනවට එරෙහිව බෝඩිමේ එවුන් මට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවා.උන් කියනවා නිකන් හම්බ උන සම්පත් නිරපරාදේ නාස්ති කරන එක ජාතික අපරාධයක්ලු.ඉතින් ජාතිය සුරැකීමේ පනත යටතේ මුන් මට විරුද්ධව දෝෂාභියෝග ගෙනාවා.ඉතින් මං ගණිකාවෝ ටික විතරක් තියාගෙන අනිත් ...
බ්ලොග් එක හොදටෝම පාලුවට ගිහින් කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,ගණිකාවෝ සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් මේකේ ඇවිත් පැල් බැදගෙන,උන් හිතලා තියෙන්නේ මේක පාළු මන්දිරයක් කියලා.මොනා කරන්නද තවත් මාසයක් යනකන් එක දිගට මේක එහෙම්මම තමා.පහුගිය දවස ටිකේ කට්ටියගේ බ්ලොග් පැත්තේ එන්නත් බැරි උනා,මේ මාසේ ඉවර වෙනකන් බ්ලොග් කියවන්න වෙන්නේ නෑ.විභාහගේ නිසා අම්බානෙට හිර වෙලා ඉන්නේ.හිර වෙලා කිව්වට ඉතින් හිර වෙලාම නෑ එත් දැන්ම ...
ඉවසයිද මන්දා මා දුන් රිදුම් වෙන්විලා ඈ දා වෙනතක් බලන් උන්නාට මා රහසේ තුරුලක හෙමින් මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින් ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැති උනා සත්තයි හෙමින් ගොළු වෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ දරාගන්න බෑනේ මතකේ විලාපේ ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත් ...
"ප්‍රියලාල් මං ඔයාට ආදරෙයි.....!"සසිකලා ඇවිත් මෙහෙම කියද්දී මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.සසිකලා කියන්නේ අපේ IT ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල.පන්තියේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ.ඕනෑම කොල්ලෙක් කැමති එයා තමන්ගේ කරගන්න.මට කොහොදෝ පිනකට ඒ වාසනාව පෑදුනා.ඔව් පන්තියේ හැමෝම හිතන් ඉන්නේ මට වාසනාව පෑදුනා කියලා.ඒත් එයා ඇවිත් ඒ දිලිසෙන ඇස් දෙකෙන් මගෙ බොර පාට උන ඇස් දිහා බලන් ආදරෙයි කිව්වම මට ...
කට්ටිය මේක බලලා කියලා තියෙන වැඩේ කරන්න.කලින් දැකලා ඇති ඒත් කමක් නෑ ආයේ බලන්නඅද ලෙක්චර් එක මැද්දේ සර් මේක දාල බලන්න කිව්වා,බැලුවම මං මැජික් එක නම් දැක්කා.මේක අපි දැන් ආතල් එකට මැජික් වගේ බල බල හිටියට මේක කොහේදෝ කැම්පස් එකක කරපු රිසර්ච් එකක් ලු.කොහොම හරි පරීක්ෂණය වෙන්නේ මේක දිහා තත්පර 15ක් බලන් ඉන්න එකනිරීක්ෂණය වෙන්නේ අපේ ඇහැට පෙන මැජික් ...
අපේ පොඩි එකා මට වඩා අවුරුදු පහක් බාලයි.වෙලාවකට ඒකා මහා වාතයක් ඒත් වෙලාවකට හිතෙනවා එහෙම නෑ කියලත්.නංගි මා එක්ක ෆිට් නිසා මං නංගි එක්ක ඕනේ එකක් කියනවා ඒත් මල්ලි එක්ක කියන්න පුළුවන් දේවල් අඩුයි.ඌට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ ඒත් අනේ මන්දා ඌ හරි අමුතුයි තේරුම් ගන්න අමාරුයි.පොඩි කාලේ ඌට බැන්නොත් සමහර වෙලාවට අඩාගෙන දුවනවා ඒත් සමහර වෙලාවට කැති ...
මචං ඉන්දියා, උඹලාඊයේ දින්නත් පරාදයි බං බලපන් උඹලා පැරදෙද්දී ලෝකේ කොච්චර උන් සන්තෝස උනාද? පකිස්තාන්කාරයෝ එක්ක අපිත් උඩ පැන්නා කෝලි.... උඹ ඇඩුවට අපිට දුක හිතුනේ නෑ මචං ක්‍රිකට් වලට කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ මහත්මා ගති නැත්නම් හිතන්න එපා අනිත් උන් ඔක්කොම තමුන්ට වඩා පහත් කියලා කොච්චර දින්නත් උඹලා පරදින දවසක් එනවා අන්න එදාට උඹලාට ගොඩා......ක් රිදෙයිඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ...
දැන් ටික කාලෙකට කලින් සිරා සින්දුවක් ඇහුවා.ඒක පොඩි බජව්වක කියන එකක් ,මං ඇහුවේ රේකොඩින් එකක්.ඒත් ඒක කොලිටි නැති උනාට beatඑකයි පද ටිකයි පට්ටෙට සෙට් උනා.ඕක ඉතින් ඒක නිසම බෝඩිමේ වැඩිපුරම ඇහෙන සින්දුවක් වෙලත් තිබ්බා කාලයක්.අපේ උන් සෙට් එකටත් සින්දුව හොදට සෙට් වෙලා තිබ්බේ ඉතින් ඒක නිසා මං කොච්චර පට්ට ගැහුවත් එකෙක් වත් කිසිම කුණු කතාවක් කිව්වේ නෑ.ඊයේ මට මේ සින්දුව ...