ඔබගේ බිත්ති වලට කතා කල හැකිනම් ඒවා කුමක් පවසයි ද...? - මම එකම කන්නාඩිය අවුරුදු 13 ක් ම එල්ලගෙන ඉන්නවා...- මාව දම් පාට ඩයිනසෝරයන්, බේස් බෝල කණ්ඩායම් වල පින්තුර වලින් සහ ෆූට් බෝල හෙල්මට් වලින් සරසලා තියනවා...- මම සාක්ෂි දරනවා නත්තල් කෑම මේස 33 කට සහ එක විවාහ යෝජනාවකට...- මට තියනවා ළමයින් තුන් දෙනෙක් ළමා කාලේ කරපු පුංචි පුංචි ...
අපි හොඳට කටට සැරට කන්න පුරුදු ජාතියක්. දකුණු පළාතට යනකොට දුම් දමන මිරිස් මාළු හොදි වගේම රට මැදට වෙන්න රක්ත වර්ණ වෙල් මාළු හොදි එදිනෙදා ජීවිතේ නොවරදින කෑම. මේ උදේට හවසට කිරිබත්, පොල් රොටි කන්න ගන්න කට්ට සම්බෝලේට අමතරව. ඇයි පොල් සම්බෝල. පොඩි දරුවෙකුට හරි එහෙමත් නැත්නම් ලෙඩක් හැදුන කෙනෙකුට තමා මේ වට්ටෝරුව ටිකක් වෙනස් වෙන්නේ. කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙක් වෙච්ච ...
මේ දවස් වල ගොඩක් අය කැම්පස් කැන්ටිමේ කෑම ගැනනේ කතා කරන්නේ. ඉතින් මටත් හිතුන කැන්ටිමක නොඋනත් කැම්පස් එකක, මීට අවුරුදු බර ගානකට කලින් කාපු හැටි ගැන අහපු කතාවක් ලියන්න.කතාව මට ඇහුන හැටියට, මතක විදිහට තමයි මේ:අපි කැම්පස් ගිය මුල දවස් වල හැම දාම රැග් එක වරදින්නේ නෑ. උදේ ලෙක්චර් එකට යනකාන් ලොකු එවුන්ගේ කරදරේ. යන්තන් හුස්ම ටිකක් ගන්න පුළුවන් වෙන්නේ ...
හැමදාමත් වැඩ ඉවර වෙනකොට රෑ 8 විතර වෙනවා. එක අතකින් මේ වැඩේ හොඳයි. මොකද මේ වෙලාව වෙනකොට බස් වල වැඩිය සෙනග නැහැ. පාරවල් වලත් ට්‍රැෆික් අඩුයි. ඉක්මනට ගෙදර යන්න පුළුවන්. මේ වෙලාවට නුවර කොළඹ දුවන AC බස් එකක් දවසේ ට්‍රිප් එක ඉවර වෙලා අපහු ගෙදර යනවා. මම හැමදාම මේ බස් එකේ යන්න පුරුදු වෙලා හිටියේ. වෙනද වගේ අදත් බස් එකට ...
දයල් බතී ලියා තිබු විවෘත ආපන ශාලාව ගැන කැම්පස් කතාව කියවීමෙන් පසුව මේ සටහන කිරීමට සිත් විය.ඉස්කෝලේ යන කාලේ කැන්ටින් දෙකකිනුත්, ඊට පස්සේ මොරටුවේ වලෙන්, ගොඩෙන් මෙන්ම ගුලෙනුත්, ජපුරේ කැන්ටින් එකකිනුත්, පේරාදෙණියේ අක්බාර් ශාලාවේ කැන්ටිමෙන් මෙන්ම චමත්කාර වටපිටාවකින් යුතු වුස් (WUS) කැන්ටිම මෙන්ම කොළඹ ආර්ට් ෆැකල්ටි කැන්ටිමෙන් සහ මෙඩිකල් ෆැකල්ටි කැන්ටිමෙන්ද සැහෙන වාර ගණනක් ගොස් කා ඇතත් මගේ කැම්පස් ජීවිතයෙන් ...
සියත FM එකේ සතියේ දවස් වල රෑ 10 ට මම කැමතිම ගී 10 කියල ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ටිකක් හරි ඇසූ පිරු තැන් ඇති කෙනෙක් ආව දවසකට, බොහොම චමත්කාරජනක පැයක් ගෙවාගන්න පුළුවන්. පහුගිය දවසක මේකට ආව තරුණ සංගීත අද්යක්ෂක වරයෙක්. වැඩ කාරයෝ ප්‍රසිද්ධ වෙන්නේ නැති නිසා මට මෙයාගේ නම නම් මතක නැහැ දැන්. මේ තරුණ සංගීත අද්යක්ෂක වරයා අංක එකට තෝරපු ...
මොහාන් සමරනායක යනු බොහෝ අසු පිරු ඇත්තෙකි. වියත් කථිකයෙකි. අප නොදන්නා බොහෝ දේ ගැන දැනුම බෙදා දෙන්නෙකි. මේ ඔහු පැවසු කතාවකි:Mexicans are a fucked nation... මෙක්සිකන් ජාතිය මහා මුස්පේන්තු කාලකන්නි ජාතියක්.They never stopped being fucked. කවදාකවත් ඔවුන් ඒ කාලකන්නි භාවයෙන් මග හැරෙන්නේ නැහැ.මේ උගත් වියක්ත පුද්ගලයා සභාවක් ඉදිරියේ ඉංගිරිසියෙන් වුවත් F වචනය පාවිච්චි කිරීම මට අදහාගත නොහැකි විය. ඔහුගේ දේශනයේ ...
බස් ගාස්තු වැඩි වෙච්ච එක මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. මිනිස්සු බස් වල යන්න පොර කනවා. කොහේ වත් බස් වල යන සෙනඟ අඩු උනා කියල වාර්තා වෙන්නේ නැහැ - ප්‍රවාහන ඇමති පාර්ලිමේන්තුවේදී (මාර්තු 7 දා) ---------------------------------බස් ගාස්තු වැඩි නිසා හාමුදුරුවන්ට නොමිලේ බස් වල යන්න ඉඩ දෙන්න - විපක්ෂය පාර්ලිමේන්තුවේදී (මාර්තු 7 දා)ඔබතුමාලගේ ආණ්ඩුව තියන කාලේ හාමුදුරුවන්ට නොමිලේ යන්න දෙන්න තිබ්බනේ; එදා කරන්නේ ...
1995 වසරේ දෙසැම්බර් මාසයේ දිනක කොලොම්බියවේදී මහා ගුවන් අනතුරක් සිදුවිය. අනතුරින් 150 කට අධික ගුවන්යානයේ ගමන් ගත් පිරිසක් ජීවිතක්ෂයට පත්වුහ. කාලි යනු කොලොම්බියාවේ නගරයකි. මේ නගරය හතර අතින්ම කඳු පන්ති වලින් වට වී ඇත්තකි. ගුවන්යානයේ ගමනාන්තය වුයේ කාලි නගරයයි. අති නවීන බෝයින් වර්ගයේ ගුවන් යානය පදවුයේ ඉතා පළපුරුදු, එමෙන්ම සැහෙන වතාවක් කාලි නගරයට මෙම ගුවන්යනයේම පියාසර කර ඇති නියමුවන් දෙදෙනෙකි.කඳු ...
රාජපක්සට එරෙහිව ඇමෙරිකාව, බිරිතාන්ය සහ ඔස්ට්‍රේලියාව (Rajapaksa vs US, UK and Australia)
Paara Dige
මුලින්ම කියන්න ඕනේ මේක පොඩි ප්‍රමෝෂන් අතේ වැඩක් කියලා...සෙනසුරාදා ඉරිදට සතියේ දවස් වලටත් වැඩිය වැඩ. කඩේට යන්න, රෙදි හෝදන්න, කෑමක් බීමක් හදාගන්න, යාලු මිත්තරයෝ හම්බුවෙන්න යන්න, ගෙදර පොඩි පොඩි වැඩ කරන්න කීයක් දේවල්ද. මේ අස්සේ පොඩි විවේකෙකට කියල යන්තම් ටිකක් රුපවාහිනියේ යන්නේ මොනවද කියල බලන්නත් අමතක කරන්නේ නැහැ.මම වැඩිය කැමති සඟරාමය වැඩසටහන් බලන්න. ටෙලියක් නම් (කන්දේ ගෙදර බැලුවට පස්සේ) බලපු ...
චාර්ලි මගේ යාලුවෙක්. ගෙවල් රත්නපුරේ. හැබැයි චාර්ලි වැඩ කරේ කොළඹ. හැම සතියෙම චාර්ලි රත්නපුරේ ඉඳල කොළඹ ඇවිල්ල සිකුරාදා හවසට ගෙදර යන්න පුරුදු වෙලා හිටිය.හැමදාම බස් වල රස්තියාදු වෙන්න බැරි නිසා චාර්ලි ගත්ත කාර් එකක්. රතු පාට පුංචි බටු කාර් එකක්. දොරවල් දෙකක් තියන මේ කාර් එකේ නැගිලා චාර්ලි හැම සඳුදා ම කොළඹ ඇවිත් සිකුරාදාට ගෙදර යනවා.වාහනේ පුංචි උනාට ගමන අස්ප ...
උදේට බස් එකෙන් බැස්ස ගමන් දකින්න තියෙන්නේ දම් පාට මල් රේණු වලින් වැහුන පාර. College House එක ළඟ ඉඳල Campus Ground එක පහු කරගෙන Open එකට යනකම්ම එහෙම තමා. කෙලින්ම ගියේ කැන්ටිමට. පාන් බාගයයි පරිප්පුයි; බැදපු හාල්මැස්සෝ එකක් ගන්නත් සල්ලි තියනවා වගේ.අද මොකද මේ එකෙක් වත් වැඩිය සද්දයක් නැත්තේ? වෙනදට නම් කැන්ටිමේ හරි ගෝසාව. එත් අද වැඩිය සෙනගත් නැහැ, සද්දෙත් ...