අන්තර්ජාලය තුළින් වෙබ් අඩවි පෙන්වන්නේ නැති වේලාවල් වලදී ඊට හේතුව වශයෙන් පණිවිඩයක් පෙන්වයි...එරර් මෙසේජ් ලෙස හදුන්වන මෙම පණිවිඩ මගින් පමාවීමට හේතු විස්තර කරයි...මේවා පෙන්වනු ලබන්නේ යම්කිසි අංකයක් මගිනි...එම එරර් මෙසෙජ් අංකයෙන්ද යම්කිසි වැටහීමක් ලබා ගත හැකි අතර හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසෙජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රව්සර භාවිතා කිරීම නිසාය..පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසේජස් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සවර්වල ඇති ...
මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම මෘදුකාංගය වන වින්ඩෝස් 8 පසුගියදා මෙරටට හඳුන්වාදෙනු ලැබීය.ඒ අනුව ශ්‍රී ලංකාවේ වින්ඩෝස් 8 හඳුන්වාදීම පසුගියදා කොළඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.මෙහිදී මයික්‍රාසොෆ්ට් ආයතනයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇන්තනී සැල්සීටෝ මහතා ස්‌කයිප් තාක්‍ෂණය හරහා රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී මෙම හඳුන්වාදීම සිදු කෙරිණි.ශ්‍රී ලංකාවට සමගාමීව ලෝකය පුරා රටවල් 43 කදී මෙම හඳුන්වාදීම සිදු කරන ලදී.වින්ඩෝස් 8 නවතම මෘදුකාංගය මගින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ලැබෙන ...
මෙතෙක් කලක් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල IM(Instant Messaging) සේවාව(එනම් ක්‍ෂණික පණිවිඩ සේවාව) ලෙස දියුණුකරමින් පවත්වාගෙන ආ Messenger සේවාව සේවයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටින බව පසුගිය සතියේ(නොවැම්බර් 7, 2012 දින) එම සමාගම ප්‍රකාශයට පත්කලා. පසුගිය වසරේ Skype සමාගම මිලදීගැනීම නිසා වෙනම මැසෙන්ජර් සේවාවක් පවත්වාගෙනයාම අනවශ්‍ය බවට සමාගම තීරණය කර තිබෙනවා.Microsoft සමාගමේ සලකුණක් බඳුවූ Messenger IM සේවය එලිදැක්වූයේ 1999 වසරේදීය. තම සමාගම විසින් ...
මතකනේ මීට කලින් අපි දත්ත සම්පීඩනය හා අසම්පීඩනය පිළිබදව සරලව කතාකලා. ඒ වගේම Data compression මූලික වර්ගීකරණය හා ක්‍රමවේදයන් පිළිබඳවත් සුළු සඳහන් කිරීමක් කලා. ඒ ලිපි කීපයට ලැබුණු ප්‍රතිචාර නිසාම අපි තීරණය කලා මේ ක්‍ෂේත්‍රය ගැන විස්තර පළකිරීම කීපදෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වේවි කියලා.මෙම ලිපියෙහි අරමුණවන්නේ Data compression සඳහා යොදාගන්නා සරලතම ඇල්ගොරිතමයක් වන RLE(Run length encoding) පිළිබඳ උදාහරණ ඇසුරෙන් සාකච්ඡාකිරීමයි.නමින් හැඟවෙන ...
2007 දෙසැම්බර් 13 දින ගූගල් සමාගම විශ්වකෝෂීය සංස්කරණයක් ප්‍රකාශයට පත්කලේය. ඒ Google Knol නමිනි. අන්තර්ජාලයේ අන්තර්ගතය පුළුල්කිරීමේ අරමුණින් තමන් මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පියවර ගත් බවට ගූගල් සමාගම ප්‍රකාශයට පත්කල ද එය සාධාරණිය කිරීමට ඔවුන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදුවූයේ ඒ වනවිට විකිපීඩියාව වැනි ඕනෑම කෙනෙකුට විවෘත විශ්වකෝෂයක් වර්ධනයවෙමින් පැවති බැවිනි. Google සමාගම තමන්ගේම කියා විවෘත විශ්වකෝෂයකට අරඇදීමට සූදානම්වන බවත් එමගින් දැනුවත්ව ...
ගූගල් සමගම විසින් අලුතෙන්ම හඳුන්වා දෙන තොරතුරු ගබඩා කිරීමේ සේවාව Google Drive වේ. මෙහි ෆයිල් ගබඩා කර තබන්නේ ක්ලවුඩ් (cloud) ක්‍රමයටයි. එම තොරතුරු වෙනත් සේවාවක් හා සම්බන්ඳ වන්නේ සින්ක්(sync) ක්‍රමයටය. මෙහිදී 5GB ධාරිතාවයක් නොමිලේ සැපයෙන අතර ඊට වඩා වැඩි ඉඩක් අවශ්‍ය වේ නම් මුදල් ගෙවා ලබා ගත යුතුය. Google Drive සේවයෙන් ප්‍රයෝජන ගැනීමට පෙර මෙයට අදාල මෘදුකාංගය පරිගනකය තුල ස්ථාපිත ...
ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter පසුගියදා තම නිල ලාංඡනය වන ‘ලැරී‘ කුරුල්ලා සංශෝධනයකට ලක්කළේය. 2006 මාර්තු මස ආරම්භවුණු ට්විටර් ලැරී කුරුල්ලා හඳුන්වා දුන්නේ 2010 වසරේ දීය. ට්විටර් ලොවපුරා මිලියන 140ක පමණ පිරිසක් අතර ප්‍රචලිත වූයේ ඒ හුරුබුහුටි කුරුල්ලාත් සමගය. හිටිහැටියේම මෙසේ ට්විටර් කුරුල්ලා වෙනස් කිරීමට හේතුව ලෙස Twitterහි නිර්මාණ අධ්‍යක්‍ෂධූරය දරණ ඩෆ් බෝමන් ප්‍රකාශ කර සිටියේ- ට්විටර් ...
"ඉක්මන් ප්‍රතිචාර" යන තේරුමින් කිව් ආර් කෝඩ් (QR=Quick Response) ලෙස හැඳින්වෙන්නේ දත්ත ගබඩාකරණය සඳහා සැබෑ ලෝකයේදී යොදාගන්නා සම්මතයකි. එය අඩු ඉඩප්‍රමාණයක වැඩි දත්ත ප්‍රමාණයක් රැඳවීමට මෙන්ම එසේ නිරූපණය කළ දත්ත ක්‍ෂණයකින් විද්‍යුත් උපාංගයකින් පහසුවෙන් කියවාගත හැකි ක්‍රමවේදයකි. මෑතකාලීනව එහි ජනප්‍රියත්වය පුළුල් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ජංගමදුරකතන තුලට QR කේත කියවීමේ පහසුකම ඇතුලත් වීමට පටන්ගැනීමය. පුවත්පත් දැන්වීමේ පටන් විලාසිතාව දක්වා ...
පසුගිය මැයි මාසයේ මැද භාගයේ දී ලෝකප්‍රකට මෝටරෝලා මොබිලිටි සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක මුදලකට මිලදී ගැනීමට Google සමාගම කටයුතු කළේය. Google සමාගම් ඉතිහාසයේ වැඩිම වියදමක් දරා කළ ආයෝජනය මෙම ගණුදෙනුව ලෙස සැලකේ.මෝටරෝලා සමාගම ලොව ප්‍රමුඛතම ජංගම උපාංග සමාගමකි. ඇමරිකානු එක්සත් ජනපදය තුළ ආරම්භවූ එයට වසර 80ක් ඉක්මවූ ඉතිහාසයක් ඇත. ලොව ප්‍රථම ජංගම දුරකථනයේ නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේද මෝටරෝලා සමාගමයි. මෑතකාලීනව ...
අන්තර්ජාලයට සම්බන්ධවන පරිගණක අතුරින් ලොවපුරා පරිගණක මිලියන 3කට පමණ ජූලි 9 වන දින පටන් අන්තර්ජාල පහසුකම් ඇහිරී යනු ඇතැයි පසුගිය මාසයේ දී නිවේදනයට පත්කෙරුණා(මෙතනින් කියවන්න). මේ පුවතත් සමග dnschanger ට්‍රොජන් වැඩසටහන් නැවතත් අවධානය යොමුකරගැනීමට සමත්වී තිබෙනවා. මේ dnschanger සම්ප්‍රදායේ මූලාරම්භය හා පරිණාමය පිළිබඳවයි. හැඳින්වීමDNSChanger ලෙස හැඳින්වෙන්නේ ට්‍රොජන් වැඩසටහන් කාණ්ඩයකි. එහි නමින් හැඟවෙන පරිදි Domain Name Server/System පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට උත්සාහදරණ ...
2012 ජූලි 9 වන දින පටන් අන්තර්ජාලය භාවිතයේදී විශාල දුෂ්කරතාවකට මුහුණදීමට ලොවපුරා පරිගණක ලක්‍ෂ 3කට පමණ සිදුවන බව පසුගිය මාසයේ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්විය. වසර කීපයක් ඔස්සේ දිවයන ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය වන මෙහි සිදුවීම් පෙළ මෙසේය.මීට වසර 5කට පමණ පෙර හැකර් කණ්ඩායමක් මුදල් සෙවීමේ අලුත් ක්‍රමයකට අතගැසුවේය. ඒ වෙබ් අඩවි තුල දැන්වීම් පළකර ඒවා වෙත පරිගණක පරිශීලකයන් බලහත්කාරයෙන් ගෙනඒමටය. ...
Bluetooth කියූ පමණින් ලොකු කුඩා සියළු දෙනාගේ සිහියට නැගෙන්නේ ජංගම දුරකථන දත්ත හුවමාරු කිරීම සදහා භාවිතා කරන රැහැන් රහිත මාධ්‍යකි. නමුත් මෙම Bluetooth කියනා නාමය ක්‍රිස්තු වර්ශ 958 දක්වා ඈත අතීතය හා සම්බන්ධ බව ඔබ දන්නවාද? 1994 වර්ශයේදී එරික්සන් සමාගමේ සේවය කල ජැක් හාට්සන් සහ ස්වෙන් මැටිසන් යන පර්යේශකයින් දෙදෙනා විසින් එකවර උපාංග 8 ක් අතර කිසිදු ගැටළුවකින් තොරව වයර්ලස් ...
ලෝකයේ බහුලවම භාවිත වෙබ් බ්‍රවුසර් අතරින් තෙවන ස්ථානයේ රැදී සිටින්නේ Google Chrome ය. Mozilla Firefox ආදර්ශයට ගනිමින් Google සමාගම ආරම්භ කළ Chromium නම් ව්‍යාපෘතියක් තුලින් Chrome උපන්නේය. ඒ Google සමාගමේ නිල වෙබ් බ්‍රව්සරය ලෙස 2008 දීය. මෑතක් වනතුරු hack නොවී තිබුණු එකම ප්‍රධානපෙලේ එකම වෙබ් බ්‍රවුසරය ද Chrome විය. කෙසේවෙතත් ඒ වාර්තාව බිඳහෙලමින් 2012 මුල්භාගයේදී Chrome පිටපිට තෙවතාවක්ම ප්‍රසිද්ධියේ හැක්වුණේය. ...
Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන Windows මෙහෙයුම් පද්ධති පෙළේ නවතම සාමාජිකයා Windows 8ය. වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතියෙන් පසු එන පෙරලිකාරම මෙහෙයුම් පද්ධතිය Windows 8 වනු ඇති බව එම සමාගම විශ්වාසය පළකරනවා. මෙම නව තාලයේ මෙහෙයුම් පද්ධතිය අත්හදා බැලීමේ Alpha version (Developer Preview) ලෙස පසුගියදා නිදහස් කෙරුණා. ඒ 2011 සැප්තැම්බර් 13 වන දින ආරම්භ වූ BUILD2011 සමුළුවේදීය. වින්ඩෝස් 8 හි අලුත් ...
YසංකේතනාමයතේරුමසටහනY2KYear Two Thousand2000 වර්ෂයYAAFYet Another Application FrameworkCrossplatform application නිර්මාණය සඳහා C++ මගින් රචිත open source framework එකකිYACCYet Another Compiler CompilerUNIX මත Compiler නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි මෘදුකාංග යෙදුමකිYAMLYAML Ain't Markup Languageඅර්ථවත් ලෙස දත්ත නිරූපණය සඳහා ආකෘතියකිYaSTYet another Setup ToolLinux මත RPM setup මෙහෙයවීම සඳහා යෙදුමකි ...
ආයුබෝවන්... ඔන්න Skylight එකේ අපි තව අලුත් වැඩකට අතගැහුවා. IT, ICT ඉගෙනගන්න කාටකාටත් තියෙන ප්‍රශ්නයක් තමා කෙටියෙදුම් මතකතියාගන්න එක. අනික කීයක් කියල වචන ද? ඔය හින්දම තමයි අපි කල්පනා කළේ කෙටියෙදුම් ආවරණයවෙන විදිහට ශබ්දකෝෂයක් වගේ දෙයක් Skylight එක හරහා ඉදිරිපත් කරන්ඩමෙන්න Link එක: http://vidyalionsit.blogspot.com/p/it-acronym-sinhala-dictionary.htmlනිකමට වගේ අග ඉඳලම පටන්ගන්ඩයි හිතුනෙ. මෙන්න හාහාපුරා කියල Z අකුරට අදාල කෙටියෙදුම්...Z සංකේතනාමය තේරුම සටහන ZBR ...
පසුගිය 12වන දා ලොව ප්‍රකට Anonymous හැකර් කණ්ඩායමේ නමින් මෙහෙයුම් පද්ධතියක් අන්තර්ජාලයට එක්වුණා. මෙය මුලින්ම SourceForge අඩවියේ පළවුණු අතර සුවිශාල ලෙස ප්‍රචලිත්වයක් අත් කරගත්තා. අධ්‍යාපනික බෙදාහැරීමක් වශයෙන් සලකුණු කොට තිබුණු එහි වැඩිදුරටත් සඳහන් වූයේ වෙබ් අඩවිවල ආරක්‍ෂාව බිඳහෙලිය හැකි යෙදුම් එහි අඩංගු බවයි. නමුත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් එය තම වෙබ් අවකාශයෙන් ඉවත්කිරීමට Sourceforge පරිපාලකයන් කටයුතු කළේ එහි විනිවිදභාවය පැහැදිලි ...
පරිදර්ශක(Panoramic) ඡායාරූප ගැනීම තවදුරටත් සංකීර්ණ කාර්යයක් නොවේ. දැන් එය බෝලයක් විසිකිරීම තරම් සරල කර්යයකි. මේ සදහන් කරන්නට යන නව නිර්මාණයේ ඇති විශේෂත්වය වන්නෙ මෙමගින් ගනු ලබන පින්තූර සාමාන්‍ය Panoramic ඡායරූප ගැනීමක් නොවීමයි. බර්ලින් නුවර Technische Universtität විශ්ව විද්‍යාලයෙහි උපාධිදාරී Jonas Pfeil විසින් මෙම අපූරු කැමරාව නිර්මණය කර තිබේ. බැලුබැල්මට පාපන්දුවක් සේ පෙනෙන මෙම බෝලය මත ස්ථීර ලෙස නාභිගත කරන ලද ...
සම්පීඩනය කිරීම මඟින් බලාපොරොත්තුවන්නේ ගොනුවක් ගබඩාකිරීමේදී අත්පත් කරගන්නා අවකාශයේ ප්‍රමාණය අවම කිරීම ය. File එකක් නිර්මාණයවන්නේ මෘදුකාංගයකට හෝ පරිගණක පරිශීලකයාට තේරුම්ගත හැකි, භාවිත කළ හැකි ආකෘතියකටය. පරිගණනයේ සාමාන්‍ය රීතියක් හැටියට file size එක හැකිතාක් අවම ලෙස තබාගන්නා ලෙසයි බොහෝ මෘදුකාංග ක්‍රියාකරන්නේ. ඒ අනුව යම්යම් file format තරමක්දුරට සම්පීඩිත තත්වයේ පවතිනවා.ගොනුවක දත්ත ආකෘතිගත කර ඇත්තේ අදාල මෘදුකාංගයකට කියවා තේරුම්ගත හැකි ආකාරයකටය.සම්පීඩනය ...
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන් බව ඔබ දන්නවාද.මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor වැඩසටහන විවෘත කරගන්න.මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell ...