බැඳ දමා ඇත ඔබ ‍මගේ හදවත - තෙවන ගීය නොදන්නෙමි හිමියෙනි මම, ඔබ කෙලෙස මේ ලෙස ගයන්නේදැයිසවන් දෙමි නිසසල ව හද රැඳුණු විස්මයෙන්දිදුලවයි මුළු ලොවමඔබැ මීයැසි ආලෝකයදුරට විහිදෙනරිද්මයක් වෙයිජීවන සුස්මේආකාසයෙන් ආකාසයට පැන දිවෙන ස්වර දැහැනපවුරු පදනම් කඩා හෙලමින් දිවයයි දුරින් දුරටමපරම පිවිතුරු ඒ සංගීත ප්‍රවාහයබලා හිඳී විඩාපත් හදවත එක්වනු පිණිස ඔබැ ගීයට අරගල කරයි උපදනු පිණිස එකම එක ස්වරයෙක් හෝ හඬ නැ‍‍ගෙයි - හඬ ඇසෙයිනමුදු මගේ කටහඬ සංගීතයක් නම් ...

‍සයුරු දිය මත පියා සලනා ප්‍රීතිමත් විහඟකු ලෙසින් - දෙවන ගීය ගයන්නට ඔබ නියම කළ සඳඅබිමනින් මා හද බි‍ඳේඔබේ වුවනත දෙස බලන මානුවන් යුග කඳුලින් පිරේවිලින වී දිවි කටුක අමිහිරමියුරු සර ප්‍රසංවාදයකට සයුරු දිය මත පියා සලනාප්‍රීතිමත් විහඟකු ලෙසින්මගේ හද රැඳි බුහුමනේ පියාපත් යුග දිග හැරේදනිමි මම ඔබ මගේ ගැයුමෙන් ඔකඳ වන බව ප්‍රීතියෙන්දනිමි ඔබ දැකුමට පැමිණියේපමණි ගයුවකු විලසින්කිසි කලෙක මට ළඟා වන්නට නොහැකි ඔබගේ පා කමල්දිගහැරෙන මා ගීතයන්ගේපියා තුඬගින් පිසැ ...

ඔබගේ දිව්‍යමය ස්පර්ශය - පළමු ගීය අපරිමිත කොට ඇත ඔබ මා සදා නිම නොවන සේඑයයි ඔබගේ හර්ෂය! මේ දුබල සසල දිවි විත යළි යළිදු සිස් කරමින්, නෑඹුල් ජීවයෙන් ඔබ යළි යළිදු පුරවන්නෙය. මේ සිඟිති බට ලී කඩ රැගෙන ගොස් ඔබ ගිරි ශිඛර මිටියාවත් මතින්, ජීවන සුසුමින් පිඹ හළ අමරණිය මියැසි රාව නංවන්නෙය ඔබගේ දිව්‍යමය ස්පර්ශය ලද මා සිඟිති හදවත උපන් සොම්නස, ඉවුරු සීමා සිඳ බිඳ අවසන ...

Previous Page