මගේ ලොල් කතා රසිකයෝ කරන චෝදනාවක් තමයි පහුගිය කාලේ ලොල් කතාවක් දාන්න ගත්ත කාලේ වැඩියි කියලා. මුලින්ම පොස්ට් දෙකකට වරක් ලොල් කතාවක් දැම්මා. වැඩේ තියෙන්නේ ලියන්න තියෙන කාරණා වැඩි වුණාම ඒ වගේ පමා වෙනවා. ඉතිං මම හිතුව පරණ පුරුදු විදියට ලොල් කතාවක් දාන්න. දැන් මේ මාතෘකාව දැක්කම ඕනෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ නම් අපේ සහෘද බ්ලොග් කරුවෙක් වන, සිරාගේ ...
මේ ගෙවී යන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසාන සතියයි. හයවන වරටත් පවත්වනු ලැබූ මෙම තරගාවලිය අවසන් වන්නේ සියලුම අංශ වලින් ඉන්දියාව ජය ගනිනිමිනි. මෙය හුදෙක් රසිකයන් පිනවන තරගාවලියක් ලෙසින් පෙනුනද, මෙමගින් ඉන්දියාව ලෝකයට පෙන්වන විවිධ අංග රාශියක් ඇත. ලලිත් මෝදි නමැති ප්‍රධානියාගේ පටන් සුන්දර් රාමන් දක්වා ආ ගමන් මගේදී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මඩි තරවිය. හත්වන වරටත් මෙය පැවැත්විය ...
මේ ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් වර්ෂා ලැබෙන කාලයයි. ලංකා සිතියමේ හරියට නිරිතදිග ලකුණු කලොත් ඒ ප්‍රදේශයට වැටෙන ගම් නගර වලින් එකක් වෙච්ච බෙන්තොට හෝ බෙන්තර කියන මගේ ගමට අවුරුද්දේ බොහෝ කාල වල වැසි යහමින් ලැබෙනවා. සමහර අවුරුදු වල වැඩි දවස් ගණනක් වර්ෂාව ලැබුන බව මට හොඳටම මතකයි. අපි කුඩා කාලේ අද වගේ නෙවේ පුළුවන් හැම වෙලාවකම වැස්සේ සෙල්ලම් කරනවා. ...
මගේ කාර්යාලීය මිතුරෙක් ඉන්නවා ටිකක් අමතක වෙන ලෙඩේ තියෙන. ටිකක් නම් ඉතිං අපි කොයි කාටත් අමතක වෙනවානේ. ඒත් මේ කියන මගේ මිත්‍රයට ගොඩක් අමතක වෙනවා. මුලින්ම මිනිහට අමතක වෙච්ච එකක් දෙකක් මතක් කරන්නම්කෝ. ඒ දවස් වල අපේ නුගේගොඩ තිබ්බ ඔෆිස් එක පෝය දවසට නම් අනිවාර්යෙන්ම වහලා. එහෙම දවස් වලත් වැඩට ඇවිත් නමය, නමයහමාර විතර වෙනකම් බලන් ඉන්නකොට මතක් වෙනවා ...
නිවැරදි පිළිතුරු (1) Black Puma මුලින් ලින්ක් මගින් පින්තුරයක් දාල තිබ්බ Google+ එකේ. මගේ ඉල්ලීමට ඒක ඉවත් කළා. දැන් ඒක දාන්න කියල ඉල්ලා සිටිනවා. මට කෝපි කර ගන්න බැරි වුනා. :( (2) ඉඳුනිල් රාමදාස Indunil Ramadasa http://awidda-paya.blogspot.com/2013/05/blog-post_10.html ට උත්තරේ.. එක සමාන පඩිපෙලාකාර කොටස් 2 යි. එක කොටසක් 3 X 12 , 3 X 8, 3 X 4 ප්‍රමාණයේ කොටස් ...
මේ දවස වල පුද්ගලික ජීවිතයේ වගේම රාජකාරී ජීවිතයේත් ටිකක් කාර්‍ය බහුල වෙලා. ඒ නිසා දිග පොස්ට් එකක් දාන්න තරම් නිස්කලංකයක් නෑ. ඒ මදිවට ඇනෝ මහත්තයෙක් කතතන්දර බ්ලොග් එකෙක් මගෙත් එක්ක ඔට්ටු වෙනවා. එයා කියන්නේ නම් බ්ලොග් එකක් කරන කෙනෙක් වුණත් කෙලින්ම ඇවිත් උත්තර දෙන්න තියෙන කුලෑටි කම නිසා ඇනෝ දානවා කියලා. ඒ මදිවට එයා මගේ පරිඝනක දැනුමත් පරීක්ෂා කරනවා. ...
ඒ 1994 දෙසැම්බර් මස 31 වෙනිදා නොහොත් එම වසරේ අවසන් දිනයි. සාමාන්‍යයෙන් ගමේ සිටි කාලයේ දෙසැම්බර් 31 දින රාත්‍රිය ගත කරන්නට අපි යොදා ගන්නේ බෙන්තොට(තර) වෙරළයි. අපේ කණ්ඩායමට 6-10 අතර පිරිසක් එකතු වේ. රාත්‍රී 9 වනවිට බෙන්තර වෙරළට ගොස් පසුදා උදෑසන 2-3 අතර කාලයේදී නිවසට ලඟා වීම සාමාන්‍ය පුරුද්දයි. එහෙත් 1994 දෙසැම්බර් 31 වනදින සවස පහ වනවිට මා සිටියේ ...
අද ලෝක කම්කරු දිනයයි. මෙහි ඉතිහාසය පිලිබඳ හැම කෙනෙක්ම දන්නවා ඇතැයි විශ්වාස කරමි. රටක සාර්ථකත්වයට හේතු වන්නේ ශ්‍රම බලකායයි. හැම කෙනෙක්ම කරන රැකියාව රටක, ආයතනයක ඉදිරි ගමනට බලපානවා. ඊයේ සවස මා රසවත් මාළුපාන් ගෙඩියක් මිලදී ගන්න Colombo City Hotel නමැති ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපස ඇති හෝටලයේ කෙටි කෑම කවුළුව වෙත් ගොස් සිටි වෙලාවේත් මගේ හිතට මේ අදහස ආව. ලොකු ...
රජදහනි එක්ස්ප්‍රස් යනු තවදුරටත් ශ්‍රී ලංකාවේ හෝ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක සේවාවක් නොවේ. එය තවමත් එහි මුලික අවධිය පසු කරමින් ගියත්, දැන් බොහෝ දෙන මේ සේවාව භාවිතා කරනවා. රාජධහනි යනු ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් අත් හැර දමා තිබණු දුම්රිය මැදිරි කිහිපයක් නවීකරණය කර සුඛෝපභෝගී තත්වයට ගෙනැවිත් යම්කිසි මිලක් ගෙවා සේවාවක් ලබා ගත හැකි අයට සපයන සේවාවක්. ඇත්තටම මෙය ...
"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්ම" කියන තේමා පාටය යටතේ ලොවපුරා විසිරී සිටින දුටු-නොදුටු සයිබර් මිතුරන් එක් තැන් කරවන තවත් සයිබර් සිහින් බක් මහ උළෙලක් පහුගිය 22දෙවෙනි ඉරිදා මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. එතනදී බොහොමයක් දෙනෙක් එක්ක දොඩමළු වෙන්න අවස්තාවක් ලැබුණා. ඒත් තවත් කිහිප දෙනෙක් මග හැරුණා. පහුගිය වසරේදී නම් මගේ බ්ලොග් එක කියවපු අය හිටියේ අතලොස්සක්. ඒ ...
සයිබරයේ සිහින බක් මහ උළෙල පටන් ගන්න තව ඇත්තේ පැයකුත් මිනිත්තු කිහිපයක්. රෙඩ්බුල් කියන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. ඔයාලා දන්නවා ඇති මම පහුගිය ටිකේ රෙඩ්බුල් කැම්පස් ලෝක ක්‍රිකට් තරගාවලියට සහභාගී වුන බව. එතනදී මම රෙඩ්බුල් ප්‍රවර්ධනයට සම්බන්ධ නදීර උඩවත්ත කියන මගේ මිතුරාට කිව්වා අපේ අවුරුදු උත්සවය මේ මාසේ 21 තියෙනවා කියලා. එතනදී එන හැමෝටම රෙඩ්බුල් එකක් දුන්නොත් ...
මගේ පහුගිය සටහන් තුනෙන්ම අවරුදු උත්සව මතකයන් අවධි කළා. අවුරුදු උත්සව වලට දැන් කියන අලුත්ම නම තමයි සූර්‍ය මංගල්‍යය. මේක හඳුන්වලා දුන්නේ හසන්ත මහත්තයා කියන්නේ. මොනවා වුනත් අවුරුදු උත්සව කිව්වම අමතක කරන්නම බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමා ඉර. කථාවට මේ දවස් වල ඉරට හැතම්මයි කියලා කියන්නේ. ඇත්තටම ලංකාවට මේ දවස් වල ඉර මුදුන් වෙන කාලේ. මේ පහලින් තියෙන පින්තුරෙන් ...
එක සටහනකින් හමාර කරන්න බලාපොරොත්තුවෙන් ලියාගෙන ආ පලවෙනි කොටස එක් තැනකදී නවත්වන්න වුණේ, හේතු දෙකක් නිසා. එකක් කොතරම් රසවත් සටහනක් වුනත් ඉතා දිග වුණාම කියවන ඔබ අපහසුතාවට පත් වෙන නිසා. අනිත් කාරනාව තමයි මෙහි ප්‍රධාන චරිත කිහිපයකින් කෙනෙක් වන රිච්මන්ඩ් විජේසේකර මහතාගේ තොරතුරු තරමක් දිග වීම. හොඳයි අපි ඊළඟට කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමරබන්ධු අල්විස් මහතා ගැන. අමරබන්දු අයියා ...
මේ ගැන මම ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටියා බොහොම කාලයක ඉඳන්. ගිය පාර අවුරුදු කාලේ මගේ ලැප් එක වැඩ නැති නිසා, අවුරුදු නිවාඩුවේ හරිහමන් සටහනක් ලියන්න ලැබුණේ නෑ. නමුත් මේ අවුරුද්දේ අවුරුදු දවසෙත් මට වැඩ සෙට් වුණ නිසා ගමේ ඉඳන් මෙහෙ එන්නයි හිතාගෙන ඉන්නේ. ඒ කතා කොයි හැටි වුනත්, ඔබ වඩාත් කාර්‍යබහුල මොහොතක ඔබේ කාලය කා දමන්නේ නැතිව කියන්න ...
මේ අප කුඩා කාලයේ ඇසූ ගීතයක පළමු වදන් කිහිපයයි. ඉන් කියවෙන්නේ, "කෙනෙක් මල පසු ඔහුගේ ශරීරය දිරා පත් වුවත්, ඔහු සිටි කාලයේ කලදෙවල් මත ඔහුගේ නම චිරාත් කාලයක් කථාබහට ලක් වනවා ඇත" යන්නයි. එම කතාවේ කිසි වරදක් අදටද අපට නොපෙනේ. එහෙත් මට ඇති ගැටලුව සිංහල බෞද්ධ අප, අපේ දරුවාට නම් තැබුයේ මේ කියමන වැරදියට වටහාගෙනදැයි යන සැකයයි. පින්තුරය ගත්තේ ...
පැහැරගෙන ගොස් තලා පෙලා විවාහයට බලකරන ලද දොළොස් හැවිරිදි දැරියක් සිංහයන් තිදෙනෙකු විසින් ආරක්ෂා කරන ලද අරුම පුදුම පුවතක් ඉතියෝපියාවෙන් වාර්තා වේ. ඇය පැහැරගත් පිරිස මෙම සිංහයන් විසින් පලවා හැර ඇති බව පොලිස් නිලධාරියෙක් පවසයි. පින්තුරය ගත්තේ : http://booredatwork.com සතියක පමණ කාලයක් ආගිය අතක් ගැන හෝඩුවාවක් නොවූ මේ දැරිය, පිරිමින් හතකගෙන් යුත් කණ්ඩායමක් ගෙන ගොස් ඇති අතර ඉන් එක් ...
එක්තරා ගොළු මනුස්සයකුගෙන් එයාගේ යාලුවෙක්(කථා කරන්න පුළුවන්) දැනට අවුරුදු දහයකට විතර කලින් අහලා තියෙනවා එයා කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා. එතකොට ඒ ගොළු මනුස්සයා හස්ත මුද්‍රාවෙන් කියාලා තියෙනවා මාවන් අතපත්තු කියලා. කොහොමද කිව්වේ ? ඔන්න උත්තරේ හොයන්න ඔයාලට බාරයි. ඔබ දන්නවා නේ මම මේ දවස් වල ඉන්නේ කොහේද කියලා ? ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඔය ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවීදීන් ...
බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාව ඔබට අලුතෙන් හඳුන්වා දීමට අවශ්‍යද ? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ගහට පොත්ත සේ සබඳතාවක් ඇති පුද්ගලයෙක් වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා මුල්ම ටෙස්ට් තරගයේ සිට මේ දක්වා කුමන හෝ අයුරකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සම්බන්ධ වී ඇත. විටෙක කණ්ඩායම් කළමනාකරුවකු වන ඔහු තවත් විටෙක පුහුණු කරුවකු වෙයි. මේ සියල්ලටම වඩා අප අගය කල යුතු දේ වන්නේ ඔහුගේ ...
ඊයේ සන්ද්‍යාවේ ගල්කිස්ස මුහුදු වෙරළේ පැවති අති උත්කර්ෂවත් හඳුන්වාදීමේ සාදයත් සමග ඇරඹෙන ලෝක කැම්පස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා සියළු කටයුතු සුදානම් බව එහි තරගාවලි අධ්‍යක්ෂ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඊයේ ගල්කිස්ස මුහුදු වෙරළට එක්වූ ලෝකයේ රටවල් හයක ශුරතා දිනාගත් කණ්ඩායම් සමග එක්ව පවතී මාධ්‍ය හමුව සහ කාණ්ඩ දෙකකට කණ්ඩායම් ...
බ්ලොග් ලියන අපේ තරියා, ඒ කියන්නේ තරිඳු අබේසිංහ මේ දවස් වල ඇඟ අඩු කර ගන්න පුදුම උත්සාහයක යෙදෙනවා කියලා එයත් එක්ක ෆේස්බුක් එකෙන් එකතු වෙලා ඉන්න කවුරුත් දන්නවා. බද අඩු කර ගන්න නම් කෙනෙකුට අන්න ඒ වගේ උනන්දුවක් ඇති වෙන්න ඕනේ. ඉතින් දවසක් චැට් කර ගමන් තරියා මගෙන් ඇහුවා බඩ අඩු කර ගන්න මොනවද කරන්න ඕනේ කියලා. මම කිව්වා ...