සඳ නැති රැයතද සුළං රැළි ඇවිත්වැළඳගෙන ඉපැරණි දේවාදාර ගස්-බෂෝ-
වසන්තය!නම නො දන්නාකඳු ගැටයක්...මිහිදුම අතර -බෂෝ-
නොබිඳීය කිසිවෙක් නිහඬ බවආගන්තුකයාසත්කාරකයාසුදු කපුරු මලනොබිඳීය කිසිවෙක් නිහඬ බව-රියෝටා-
ආඩම්බරකාරඅපූරු මේපල් පත්මෙනෙහි කරමින්මරණය-ෂිකෝ-
ඉතිං සුදු සමනලුනි,හමුවේවිද අපි ආයෙත් මෙතැන,නුඹලාගේ මල් පුබුදන සොහොන.-බෂෝ-
බලන විට හිස හරවා මේ දැන් මා පසුකර ගිය මඟියා දෙසදියවී ගිහින් ඔහු මීදුම තුළ-ෂිකි-
කෙටි ය ගිම්හාන රාත්රියඑනමුදු නිසල අඳුර මැදපීදෙයි පියෝනි මලක්-බුසොන්-
දිය දහරට වැටුණු මල..මගේ සුන්දර දිවිය දඑලෙසින් නිමා විය යුතු.තවත් මලකි එයවැටී ගසාගෙන යාමට නියමිත-ඔනිට්සුරා-
දුක්බර ලෝකයක්සුන්දරව පිපී නටන මල් වැටෙන්නට නියමිතහරියට අපි වගේ ම- ඉසාභාෂාව යනු සම්පූර්ණ දැනුම නොවේ. එහෙත් එය මිනිස් චර්යාවේ සෑම සංසිද්ධියක්ම සටහන් කර ගත හැකි දැනුම් පද්ධතියකට පිවිසෙන එක් දොරකි. - Steve Perrinහයිකු යනු ඒ දොරට යතුරකි. ‘කොබයාෂි නොබුයුකි’උපදියි... ඉදිරියෙන් දුෂ්කර ළමා විය සහ යෞවනය... 1763 ජුනි 15 වන දින ජපානයේ ගම්බද ප්රාන්තයක් වන ෂිනානෝ ප්රාන්තයේ (වර්තමානයේ- නගානෝ) එක්තරා ...
දිගම දිග ගිම්හාන දවසකවැල්ලේ රටා මවයිඅපේ අලස පිය සටහන්-ෂිකි-
කෝප වූ මමපිටවීමි නිවසින්යළිත් නැවතුණෙමි උද්යානයෙහිඑහි,නිශ්චල - පැරණි විලෝ ගස-රියෝටා-
ගිනිකෙළි නිමා වියනරඹන්නන් නික්ම ගොසිනි.දැන්අපරිමාණ අඳුර යි.-ෂිකි-
සුළං රහිත නිහඬ දිනයකිබලන්නබරැති තුරුපතසිය කැමැත්තෙන් මබිම වැටෙයි.-බොන්ෂෝ-
කිසිදු හඬක් නැත -සෙලවීමක් නැතවැතිරෙයි අඳුර කුඹුරු සහ වීදි මතසොවට කරුණකි සඳ නැගී ඇත. -ඉමෝසෙනි
මහාධිරාජයා!!නූස්සයි හිස් වැස්ම කිසිවිටෙකතමන් වෙනුවෙන් නම් දරදඬු පඹරාළ-ඩන්සුයි
ගැඹුරු අඳුරු ළිඳනිසල ජලයටපතිත වියකැමීලියා මලක් -බුසොන්
කහ පැහැ සැඳෑ ඉරදිගු කරයි පඹයාගේ සෙවණැල්ලමහ පාර තෙක් ම-ෂෝෂා
අපේ අවසන් සමු ගැන්මබෝට්ටුව සහ වෙරළ අතරින් නැමී හිඳියිවැළපෙන විලෝ ගස-ෂිකෝ-
මේ සෝබර සරත් සමයඇවිද යන විට අඳුරු මඟ දිගඑක් හුදෙකලා කුරුල්ලෙක්-බෂෝ-
තරු පිරි විල් කැටපතමෙන්න වසන්ත වැස්සක්!දිය මත සිඟිති සුළි නගන -සෝරා