පංතිය පුරා එකම ගාලගෝටියකි.. ඒ මේ අත දුවන පිරිමි ළමයින්ද.. අප හිස් උඩින් පියාසර කරන කඩදාසි රොකට් වලින්ද පංතිය පීරී පැවතුනි..ඩෙස් අතරින් රිංගා තරුෂි සහ සමනලී අතරින් මා හිඳ ගතිමි.. තරූෂි සැබැවින්ම කෙලිලොල්ය.. ඇය සමග සිටින විට ජීවිතය එකම විනෝදයකි..නෙතලි... මොකද මහේෂ් අයියා කිව්වෙ... සමනළී මා දෙස නෙත් යොමා බැලුවේ පෙර දින මතකය අලුත් කරමිනි..මුකුත් නෑ.. නිකං මාව මතක් වෙනවලු..ආවු ...
ජීවිතය කියන්නෙ හරියට බන්ධන ගොඩක එකතුවක් වගේ..අපිට ජීවත් වෙන්න ඒ හැම සම්බන්ධයක්ම වැදගත්. ධම්මික සර් ගෙ රසායන විද්‍යා පාඩම දෙසවන්තුල රැවු පිළිරුවු දෙන්නට විය. එය සැබෑවක්ද.. එකිනෙක වටා කැරකැවෙන ජීවිතය තුල අපි බැඳීම් තුල සිරවී ඇත්තෙමු.එය සැබැවින්ම සත්‍යයකි.නිමා කරගෙන යාමට ගොඩ ගැසී ඇති ටියුට් කිහිපය දෙස නැවතත් මා දෙනුවන් යොමා ගතිමි. රසායන ප්‍රතික්‍රියා අතර මා අතරමං වී ඇත.මා සැබැවින්ම සංකීර්ණ ...
ජනෙල් කවුළුව තුලින් හමා එන සීතල සුළං රැළි මා ගත සෙමින් සිපගන්නට විය.ඇඟට හිරව තිබු ඩෙනිම් කලිසම උනා දැමූ මම සැහැල්ලු මා ආසම කහ පැහැති මල් ගවුම හැඳ නැවතත් ජනෙල් කවුළුව මත හිස තියා ගතිමි.මා සිරකාරීයකි. සියළු සැප පහසුකමින් අනූන දෙමාපිය ආදරය මැද හිරවුන ලොවට පෙනෙන්නට පමණනක් දසන් විදහා සිනාසෙන මා සිරකරුවෙකි.. කදුළු දෙනෙතට හුරුය. මා සිත විදින වේදනාව මෙලොව ...
අතුල සර්ගෙ කාර් එකදැකලා අපි පංතියට ආවට පස්සෙයි දැන ගත්තෙ අද සර් ක්ලාස් එක කරන්නෑ කියලා.. මං දැක්කා පිරිමි ළමයි ඔක්කොම සතුටින් කෑගහපු හැටි.. ඒත් මගේ හිත ඇතුලට අමුතු පාළුවක් දැනුනා.. සමනලී මාව තේරුන් ගත්තද කියලා මම දන්නෑ.. එයාගෙ ඇස් වලත් මං ගැන අනුකම්පාවක් තිබුනා කියලයි මට දැනුනෙ..මං ගෙදර යන්න ආස නෑ.. කිසිම නිදහසක් නැති කූඩු වෙච්ච ජීවිතය ඇතුලෙ හැමදාම ...
සීතල වැහි පොද වැටෙන ගුරු පාර මතට කුඩය යටින් ගමන් කරන්න සිදු වූවද වැහි පොද යටින් යන්නට මා සිත පොරබඳින්නට විය. නමුත් අම්මා මා දෙස තවමත් බලා සිටින බව මා දනී. ආශාවෙන් පොරකන සිත තුලට යම් සහනයක් හෝ දෙමින් මඩ වලවල් මැදින් ඉක්මන් ගමනින් යෑමෙන් මිහිරි සුවයක් විදින්නට විය. දනහිස දෙසට නමා ගත් ඩෙනිම නිසා නිරුවත් දෙපා මතට මඩ වතුර ...
සීතලට පොර බඳන මහ රූස්ස ගස් හෝදගෙන ගුරුපාර මතට වැටෙන වැස්ස යටින් අතරමං වෙච්ච හිත ගමනක් යන්න හදන බව නිකමටවත් මට හිතා ගන්න බැරිව හිටියේ.සීතලට ජනේලට ඇතුලෙන් ගලාගෙන එන හිරිපොද වැස්සට මං හැමදාම ආදරේ කරත් කූඩුවක් ඇතුලෙ හිර වෙච්ච මගේ ජීවිතේට කවදාවත් ඒ හීනය හැබෑවක් නෙමෙයි කියලා මං දන්නවා.. උදේ පාන්දරම නැගිට්ටේ අද තියන අතුල සර්ගෙ පංති යන්න ඕනි නිසා..බැරි ...