‘ආ මංත්‍රීතුමා බෑරක්ද මේ’අපේ මාම, කඩේ ලඟින් යමින් හිටපු මංත්රීතුමාදැකල එහෙම ඇහුවෙ පාර ලඟට එන ගමන්.‘නාගන්න යනව මුදලාලි’මංත්‍රීතුමා අතේ තිබුනු බාල්දියබිමින් තියල පේර ගහයට තිබුන ලෑලි බංකුවෙ හරිබරි ගැහිල ඉඳගත්ත. ‘මොකද මංත්‍රීතුමා පහුගිය ටිකේ දකින්නහිටියෙ නැත්තෙ’‘පහුගිය ටිකේම පාර්ලිමේන්තුවෙරැස්වීම්. අද තමයි ටිකක් විවේකයක් ලැබුනෙ’මංත්රීතුමාකියන්නෙ කරේ තියෙන තුවායෙන් කෙස්ගස් දෙක තුනක් පමනක් ඉතිරි වෙච්ච තමන්ගෙ තට්ට හිසපිහදා ගනිම්න්. ‘ඒක නෙවේ මංත්‍රීතුමා. බලන්නකො ...
හුඟ දවසකින් බ්ලොග් එකට ගොඩවෙන්නබැරිඋනානෙ.මේ බ්ලොග් ලියන එකත් හරියට දීගකනව වගේවැඩක්. එක දිගට කරගෙන යන ඒකත් ලේසි නෑ. නතරකරල දාන්නත් බෑ. (සාර්ථක බ්ලොග් කරැවන්සාර්ථක පවුල් ජීවිත ගතකරන්නන් බවත් අසාර්ථක බ්ලොග් කරැවන් අසාර්ථක පවුල් ජීවිතගතකරන්න් බවත් මෙයින් තහවුරැ වෙනවාද?)මම අද ලියන්න ආවෙ වෙනින් කථාවක්. ඒත්දීගකෑම ගැන මතක් උන එකේ දීගකෑම ගැනම ලියනව කියල හිතුව. අනික පොඩ්ඩිගෙ ‘පිබිදීමෙන්’ පස්සෙමාතලන්ල,පොඩිමෑන්ල එක දිගටම පිබිදුනානෙ. ...
අද පෝය දවසනේ. කොයි අතකට හැරැනත් ඇහෙන්නෙපේන්නෙ සසර කලකිරෙන දේවල්. ඉතිං බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩුනු ආයුබෝවන්ඩත්හිතුව බොදුනු කථාවක් ලියන්න.මේක මේ ආයුබෝවන්ඩගෙ සීයගෙ තුන්මහේ දානෙදවසෙ වෙච්ච දෙයක්.මේකට සම්බන්ද වෙන විරාජ් මලය කියන්නෙකලින් කියපු “ජේ.ආර්., රජීව් හක්කේ තබා සෙම ඇරියහැටි” කථාවෙ අපේ පොඩි මාමගෙ පුතා. කෙසෙල් කොලයක් ඉරෙන්න හුජ්ජ කරන්න බැරි වයසෙහිටියට හරි පන්ඩිතය.හාමුදුරැවරැ ගෙදරට වඩම්මවගෙන දානයක්දෙනව කියන්නෙ හරි ජරමර වැඩක්නෙ. මුලින්ම ...
මේ ඡායාරෑපය ඒ තරම් පැහැදිලි නෑ. තවත්එක් සැමරැමක් සොයමින් කැමරා මානාගෙන දඟලන්නන් අතරට එක්වීමට ඇතිවූ ලැජ්ජාව නිසා හොඳඡායාරෑපයක් ගත නොහැකි විය.ඔය පත්තර වලින් වහල තියෙන්නෙ මියගියමනුස්සය. මැද පෙරලිලා තියෙන්නෙ ඒ මනුස්සය ආපු බයිසිකලේ. ඔය පැත්තක තියෙන්නෙ හප්පපුට්රක් එක.කඩුවෙල හංදිය මැද්දෙදි අද දවල් අපවිසින් ආබාධිතයෙකුට සලකපු හැටි තමයි ඔය.‘අපි’ කියල කිව්වෙවේගයෙන් යන්න හදන අපි හැමෝටම වට පිට හුඟක් දේවල් නොපෙනෙන නිසායි.ට්‍රක් ...
රෑ දොළහට දැකපු හොල්මනේ ඉතුරැ ටිකදාන්නත් තියෙනව. ඒත් දේශප්‍රේමය දෝරෙ ගලන වෙලාවෙ අපේ පොඩි මාමගෙ දේශද්‍රෝහී කථාවක්ගැන මතක් උන නිසා මේක ඉස්සල්ල දාන්න හිතුන.ඔය මත්වෙන්න බොන පාන වර්ගවල පැනි රස,තිත්ත රස, ඇඹුල් රස, ලුනු රස වගේ එක එක රස තියෙනව ෙන. අපේ පොඩි මාම හැමදාම හවසට බොන්නෙ මේ පැනි රස අරක්කු.ඉතිං මාම බිව්වහම නිකන් ඉන්නවටත් වඩා හොඳයි. වලි, බලිමුකුත් නෑ. ...
ඩෙස්මන්ඩ් මොරිස්ද කොහේදෝ කියල තිබුනා හවසට හවසට පිරිමි පිරිමි සෙට්වෙන පුරැද්ද දඩයම් යුගයෙ න්යස්ඨාවශේෂයක්ලු. පිරිමි පිරිමි එකතුවෙලා දැන් සත්තු දඩයම් කරන්න බැරි නිසා බෝතලයන් හරි දඩයම් කරනවලු. ඔන්න චමියත් දඩයමකට සෙට් උනා. මූඩි ගැලඋනා. වීදුරැ සද්ද උනා. අඩිය මතුඋනා. ඔන්න එතකොට තමයි ගෙදරක් තියෙනව කියල මතක් උනේ. වජිර කියල මගේ යාලුවෙකුයි මායි පදුරක් අස්සෙ තිබුන පුෂ් බයිසිකල් කට්ටත් එලියට අරගෙන ...
පසුගිය අවුරැද්දෙ පැන නැගුණු බරපතලම ජාතික ගැටලුව වූයේ මොනවද තියෙන්නෙ යන ප්රශ්නයයි. ඔව්, කිසියම් ප්‍රශ්නයක් නැෂනල් ඉෂූ එකක් වන විට ඒ කාලය තුළ පැන නගින අනෙකුත් ඕනෑම හත්ඉලව්වක් නොන් ඉෂූ එකකි. උදාහරයක් වශයෙන් කිව්වොත්න් බෝග විනාශය, භූමිකම්පාව, ඊනියා ත්‍රස්තවාදය හා රාජ්‍ය බලය අතර ඇතිවන ගැටුම් වලින් පසු හැම තැනම වාගේ සිදු කෙරන ම්නී මැරැම් , කුල ගෝත්‍රයෙන් පිට විවාහ වීමේ ...
ඔය සුරාවයි නුරාවයි දෙකම එක ලඟින් යන දේවල්.දෙකෙන්ම මත් වෙනව වගේම ඇබ්බැහි උනොත් බේරිලා හමාරයි. ඒ වගේම හුඟ දෙනෙකුට සුරාව ලඟට නුරාවත් ඕන වෙනව.අර ඔමාර් ඛයියාම් කියන කවියත් ඔය ගැන ලියල තියෙනවනේ.ඊයේ ගෙවී ගොසිනිහෙට උදාවී නැතසුරාවද නුරාවද සමග හිඳනොම තැවී ගෙවමු අපි ජීවිතය.මේ කියන්න යන්නෙ සුරාවයි නුරාවයි හින්ද වෙච්ච ඇබැද්දියක්.රෝයි කියන්නෙ අපේ ඔපීසියෙ සුඏ වැඩ කරන වයස 55 විතර වෙන ...
මම මුලින් මේ බ්ලොග් එකට නම දන්න හිටියෙ පච ගහ යට කියල. පස්සෙ හිතුන අඹ ගස් ලඟ පච ගස් තියන්න හොඳ නෑ කියල. අපි හිච්චි එවුන් කාලෙ අපේ සීය සතියකට දෙකකට වතාවක් දුසිමක් විතර වන පුත්තුන්ගෙ , දුවරැන්ගෙ ගෙවල් දොරවල් බලාකියා ගෙන දරැවන්ගෙ ආදර සත්කාර විඳල, දුසින් තුනක් විතර වෙන මුනපුරැ, මිනිපිරියන් හුරතල් කරල හිච්චි දුවලගෙ ගෙදර එන්නෙ ගාලු හංදියෙමාර්කට්ටුවෙන් ...
ආයුබෝවන්ඩ කියන්නෙ ලස්සන පරණ වචනයක්. දැන් ඕක මොඩිෆයි කරල ආයුබෝවන් කියලනේ කියන්නෙ. අපේ සීය උදේක අමුත්තෙක් මුණගැහුනම අහන්නෙ “ ආයුබෝවන්ඩ. බෑරක්ද මේ” කියල. ඉතිං මට හිතුන මගේ බ්ලොග් එකට ආයුබෝවන්ඩ කියල නම දාන්න.මේ වෙලාවෙ මම ගැන මොනව හරි කිව්වනම් හොඳ තමයි. ඒත් ඔය ගොල්ලො හිතනවද මම මං ගැන කිව්ව කියල ඔයාලට මාව අඳුනගන්න පුලුවන් කියල. පහුගිය දවස්වල බ්ලොග් අඩව්යක ...