මේ ගුරු ජීවිතයේ එක දවසක්. එදා උගන්නන්න තිබුනේ 6 වසරේ ඉංග්‍රීසි පොතේ විවිධ ආගම් වලට සම්බන්ධ කෑම වර්ග ගැන පාඩමක්. මේ පාඩම ඉතින් කලින් අවුරුදු වල පන්ති ගණනාවකට උගන්නලා මට කටපාඩම් වෙලා තිබුනේ. ඒකෙ තිබුනා පාස්කු උත්සවයට හැමෝම Easter eggs සහ Easter bunnies ලා හදනවා කියලා. පින්තූරත් දාල තිබුනා. ඒකාලේ මම කලින් උගන්නපු කොළඹ ශාන්ත ...විද්‍යාලයෙන් අස්වෙලා කොළඹට ටිකක් ඈතින් ...
මට හිතුනා ලන්ඩනය ගැන වැඩිය කතාබහ නොවෙන විස්තර ටිකක් කියන්න.ලන්ඩන් ගෙවල්...ලංකාවේ නම් කාටහරි ගෙයක් ඕනේ වුනොත් ඉඩමක් අරගන ඒකෙ තමන් කැමති විදිහකට ගේ හදාගන්න පුළුවන්. එත් මෙහෙ එහෙම බැහැ. හැම ගෙයක්ම නගර සැලසුමකට අනුව හදල තියෙන්නේ. කොටින්ම ගෙයක් හදන්න පුළුවන් හැම තැනකම ගෙවල් හදල ඉවරයි. ඉතින් අපිට පුළුවන් හොඳ පලාතක් බලල කැමති ගෙයක් අරගන්න විතරයි. මෙහෙ හැම ගෙයක්ම එක වගේ. ...
ලඟදි පුංචි කුමාරිහාමි ලියල තිබුන "ලූර්දු යමු" පෝස්ට් එක දැකල මේක ලියන්න හිතුනා. හුඟක් අය ලූර්දු ගැන ටිකක් හරි අහල තියන පාටයි. ඒ පිටිපස්සේ තියෙන්නේ ලස්සන කතාවක්. ඒ 1858 අවුරුද්දේ. ප්‍රංශයේ ලූර්දු නගරය අසල ගමක්.මේ ගමේ ඉන්නවා බර්නදෙත් කියල අවුරුදු 14 ක දැරියක්. දවසක් මේ බර්නදෙත් එයාගේ සහෝදරියත් තව යහළුවෙකුත් එක්ක ඇවිදින්න යනවා. පොඩි දිය පාරක් ලඟින් මේගොල්ලෝ කන්දක් දිගේ ...
මේක නම් කලින් කතාව වගේ නෙමෙයි තනිකරම මගේ ඇට්ටර කම නිසා වෙච්ච දෙයක්.මේ කාලේ මට අවුරුදු 8ක් විතර ඇති. ඔන්න එදා ගේ පොලිෂ් කරනවද මොකද්ද කියලා අම්මා අයියවයි මාවයි ගෙදරින් එලියට දාලා ඇතුලට එන්න තහනම් කරලා තිබුන. මමත් ඉතින් මිදුලේ කොනක ඉඳගන තනියම සෙල්ලමක් කර කර හිටියා. අයියා ඊට ටිකක් එහායින් ගල් කැට වගයක් අහුලගන මොනාද කරනවා. ටික වෙලාවකින් එයාට ...
උණුසුම් සුභපැතුම් මගේ ආදරණීය සාසාට MBA ජයග්‍රහණය වෙනුවෙන්. ලස්සන ගතිගුණ වලින් පිරුණු ඔයාගේ ජීවිතයට උගත්කම තවත් ආභරණයක්ම වෙන්න කියලත්, ඉදිරි හැමදේකටම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා කියලත් පතනවා.තව පොඩ්ඩෙන් මාතෘකාව දාපු කතාවත් අමතක වෙනවා. පහුගිය දවස්වල බ්ලොග් ලොවේ වැඩියෙන් කතාබහට ලක් වුණා බස් වල යන කාන්තාවන්ට වෙන අතවර ගැන. ඒ ලිපි කියවනකොට මට මතක් වුණා මම මුහුණ දුන්න ඒවගේ සිද්ධි දෙකක් මගේ ...
මේක මම ගොඩක්ම ආස කරන poem එකක්. කියවල බලන්න බොන කට්ටිය වෙනුවෙන් විශේෂයෙන්. “I didn’t drink, Mom” I went to a party, Mom, I remembered what you said. You told me not to drink, Mom, so I drank Coke instead.I felt really proud inside, Mom, The way you said I would. I didn’t drink and drive, Mom, Even though the ...
මේක මම ගොඩක්ම ආස කරන poem එකක්. කියවල බලන්න බොන කට්ටිය වෙනුවෙන් විශේෂයෙන්. “I didn’t drink, Mom” I went to a party, Mom, I remembered what you said. You told me not to drink, Mom, so I drank Coke instead.I felt really proud inside, Mom, The way you said I would. I didn’t drink and drive, Mom, Even though the ...
ඔන්න එක දවසක් සාසයි මමයි (සාසා කියන්නේ මගේ මහත්තයාගේ සිංහල නම කියාගන්න බැරි සුද්දෝ එයාට දාපු නම) සුපුරුදු විදිහට ගාලු පාරෙන් එහා පැත්තේ තියන සාසාලගේ මහගෙදර යන්න පිටත් වුණා. හැම සෙනසුරාදාම රෑට ළමයි හැමෝම එහෙට එකතු වෙනවා. ඉතින් අපි දෙන්න එලියට බැහැල ඒ කාලේ අපේ වෙහිකල් එක හෙවත් පුස් බයිසිකලේට නගින්න හදනකොට මගේ කකුලේ මොකද්ද සිනිදුවට දැවටෙනවා දැනුනා. බැලින්නම් පූස් ...
එදා වැහි දවසක්. අයියත් ගෙදර. අම්මයි නංගි බබයි කාමරේ ඇඳ උඩට වෙලා මොනවද කියව කියව හිටියා. ටික වෙලාවක් ගියා. අම්මා නංගිට මෙහෙම කිව්වා. "අයියගෙන් මොකද සද්දයක් නැත්තේ. මොනවා කරනවද දන්නේ නැහැ. අපි හිමීට ගිහින් බලමු.""හා.. හා.." නංගියත් කැමති වුණා. දෙන්නම හිමීට අඩි තියල ආවා කාමරෙන් එලියට. මෙන්න අයියා ඉන්නවා සාලේ.කැබිනට් එක ළඟ! බිමට ගෝනියක් එලලා, ඒ ළඟ පුටුවක් තියලා!අයියා පුටුව ...
මේ කියන්න යන චුටි අයියා හිටියේ කඳුකරයේ සීත පළාතක, අම්මයි තාත්තයි ආච්චියි එක්ක. අයියගේ වයස අවුරුදු 4යි. හිටි හැටියේම අයියට තේරුණා දැන් ටික දවසක ඉඳන් අම්ම වෙනස් වෙලා කියල. ඉස්සර වගේ එයාව වඩාගන්න සෙල්ලම් කරන්න එන්නැහැ. ඇයි මේ? 'අම්මා ලඟදි නංගියෙක්ව ගේන්නනේ ඉන්නේ... ඒකයි.' ඔන්න ටික දවසකට පස්සේ කොළඹ ඉන්න මාමල ඇවිල්ලා අම්මව එක්කගන ගියා. නංගිව ගේන්න යනවා කියල තමයි ...
මට ඉස්සර පෙන්නන්නම බැරි දෙයක් තමයි පල්ලියේ ගීතිකා කියන්න මහා හයියෙන් මියුසික් දාන එක. පල්ලියේ විතරක් නෙමෙයි කාලෙකට කලින් මම උගන්නපු පාසලෙත් පූජාවක් තියනකොට කන් අඩි පැලෙන ඩ්‍රම් බීට්, ඕගන් එකෙන් අමුතු අමුතු සද්ද, හරියට ඩිස්කෝ එකක් වගේ. කොහෙන් ආව අකමැත්තක්ද මන්දා. මම කැමති church ඕගන් එක විතරක් හිමීට ගහල ලස්සනට ගීතිකා කියනවට. ඒ ගැන ගීතිකා කණ්ඩායමේත් ඉන්න මගේ මහත්තය ...
ගොඩක් මිනිස්සු වැරදි කරන්න පෙළඹෙන්නේ යම් දෙයක් නැතිවුනාම. සල්ලි නැති මිනිහ හොරකමට යොමුවෙනවා. ආදරය අහිමි වුනාම පලිගන්න පෙළඹෙනවා. හිතේ සතුට නැති වුන කෙනා බීමට ඇබ්බැහි වෙනවා. එත් තමන්ට තිබුන හැමදෙයක්ම නැති වුනාට පස්සෙත් කිසිම වැරද්දක් නොකර ඉන්න පුලුවන්නම්? එහෙම කෙනෙක් හිටියා. ඒ ජෝබ්. එයා ඉන්නේ බයිබලයේ පරණ ගිවිසුමේ. මම ආසම කතාවක්. ජෝබ් ලොකු සල්ලිකාරයෙක්.ලොකු ගෙදරක්, වතු පිටි, අතට පයට වැඩකාරයෝ, ...
එකමත් එක රටක රජ කෙනෙක් හිටියා. මේ රජතුමාගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි ' ගැහැණියෙකුට සතුටින් ඉන්න ඇත්තටම මොනවද ඕනේ?' දන්න දන්න අයගෙන් ඇහුවා. සල්ලි, රත්තරන්, ආදරය වගේ උත්තර ලැබුනා ඒත් රජතුමා ඒ උත්තර වලින් සෑහීමකට පත් වුනේ නැහැ. ඉතින් රජතුමා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න බාර දුන්නා තමන්ට හිටිය විශ්වාසවන්තම නයිට් වරයට. දවස් තුනකින් හරි උත්තරේ හොයාගන ආවේ නැත්තම් ...
ජේසුස් වහන්සේට ආදරය කරන්නේ කිතුනුවන් විතරද? නැහැ ඉස්ලාම් අයත් ජේසුට ආදරෙයි. ම්හ් ? ඒ කතාවට කලින් මේ කතාව අහල ඉමු. මේක උනේ මම චුටි ටීචර් වෙලා හිටිය කාලේ. උගන්නන විෂයට අමතරව මම 6 වසර පන්ති භාර ගුරුතුමිය. පාඩමෙන් පස්සේ වෙලාව ටිකක් ඉතුරු වුනොත් හරි ආපු නැති ටීචර් කෙනෙක් වෙනුවෙට මගේ පන්තියට ගිය වෙලාවට හරි මම කරන්නේ මුළු පන්තියම එකතු කරගන ...
මෙහෙ අපි යන පල්ලියේ ෆාදර්ලා කීප දෙනෙක් ඉන්නවා. එකකෙනෙක් ඉන්දියානු පියතුමෙක්. දන්නවනේ ඉන්දියන් අය ඉංග්‍රීසි කතාකරන විදිහ. අමුතුම accent එකකින්, ආර් අකුරු එහෙම ඕනේ නැති තැන් වලදීත් හයියෙන් ශබ්ද කරනවනේ. ඉතින් මේ කියන ෆාදර් ත් ඉංග්‍රීසි කතා කරේ අපි අහල තියන කිසිම ඉන්දියානුවෙක් කතා කරේ නැති තරම් අමුතුම විදිහකට. කොච්චර අමුතුද කියනවානම් දේශනාවේදී කියන සමහර වචන මොනවද කියල තේරෙන්නේ වාක්‍යම ...
මේ මගේ මුල්ම බ්ලොග් සටහන. නත්තල ගෙවිලා තවම වැඩි දවසක් ගිහින් නැති නිසා ජේසු උපත ගැනයි මුලින්ම ලියන්න හිතුවේ. ජේසු උපත සිදුවුන හැටි ගැන ලස්සන විස්තරයක් තියනවා Poem of The Man God කියන පොතේ. මේ පොත ලිව්ව කතුවරිය කියනවා ඇයට ජේසුස් වහන්සේගේ මුළු ජීවිත කතාවම දර්ශනය වුනා කියල අවුරුදු කීපයක් පුරාවට. ඒ විස්තර වෙළුම් පහක ලියල තියනවා.ජේසු තුමන් සහ අනිත් ...