මම තනිකම... පාලුව.. අලුතින් පුරුදු වෙන කෙනෙක් නෙමෙයි... ගොඩක් අය වගෙම මමත් ඒකෙ පතුලටම වැටිච්ච... පස්සෙ ඒ පතුලටම වෙලා ඒක රස වින්ද කෙනෙක්.... ඒ පතුලෙ ගොඩක් භයානව වගෙම ගොඩක්ම ගැඹුරු තැන් ස්පර්ශ කරපු කෙනෙක්..... ඉතින්.. මට ආයෙ ඒකෙ අමුත්තක් නම් නෑ.... මොකද මම ඒකට හැඩගැහිල... හුරු වෙලා තිබුන.. කාලයක් මම මගෙ ෆෝන් එකට 50 කාඩ් එකක් දාපුවම මාස එක ...
හොඳයි... මම අද ඉන්න IT Institute එකේ තත්වය ගැන මම කලින් කියපු පෝස්ට් එක බලලම එන්නකො -->එදා සහ අද --1ඔන්න ඒ දවස් වල නම් මට මෙතන වෙච්ච සිද්ධිත් එක්ක තිබුනෙ ලොකූ කනගාටුවක්..... ඒත් දැන් නම් මට පුංචි සතුටක් තියෙනව... මම හිතන්නෙ අර මගෙ සහෝදරය අපිට VB.NET උගන්නන්න ආපු දවසෙ එයා විඳපු සතුට අද මමත් විඳිනව බොහොම නිහතමානීව.. මම මෙතන්ට ...
අද මම ලියන්නෙ යන්නෙ අලුත්ම තත්වය මගෙ ගැන....ඒත් ඒකට කලින් පොඩ්ඩක් වටේ කැරකිලා එන්න ඕන මාතෘකාව ගැන හොඳ අදහසක් එන්න... :) ඒ නිසා පුංචි වටයක් ගිහින් එමු.... ඔයාලට මතක නම් නැතුව ඇති..ඒත් සමහර අයට නම් මතක ඇති.. කාලයක් මම ඉගෙනගත්තු IT Institute එකේ මට තිබුන තත්වය ගැන... මම එතන ශිෂ්‍යයෙක් විදියට එන්න පුලුවන් ඉහළම තැන වෙච්ච ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරෙත් ...
මට මතකයි...මගෙ චූටි කාලෙ මතකයක්.... මයෙ හිතෙ මම පහ වසරෙ හෝ හය වසරේ ඉද්දි..... මම යනව... අපෙ අම්මයි තාත්තයි...මමයි.. අයියයි... රඹුක්කන.... අපෙ තාත්තගෙ ලොකු අයිය... මට නම් මහප්පලගෙ ගෙදර...... අපි එහෙ යනකොට... හුගක් වෙලාවට.. යටගම ස්ටේෂන් එකෙන් බහිනව.... අපි එනකම් කීය වෙනකම් හරි ලොකු මහප්ප ස්ටේෂන් එකේ කොණකට වෙලා ඇන තියාගෙන බලන් ඉන්නව අපි එනවයි කිවුවොත්..... එහෙම යටගම ස්ටේෂන් ...
...:|වාර්ෂික සුහද හමුව 2013|:...ඔන්න තවත් නව වසරක්..... සයිබර් අවකාශයේ අකුරු කරන බ්ලොග් කරුවන්ට කාරිණියන්ට.... ආයෙමත්.... හමු වෙලා එකිනෙකා අඳුනගන්න... කතා කරන්න.... පිංතූර ගන්න.. ලැබෙන තවත් සුවිශේෂී අවස්ථාවක්.... :)අෆෝයි.... ලයින් එක ලොකු වැඩි උනා වගේ නේද?:ඩීමේකයි සිද්ධිය... මේක අපේ බ්ලොග්කරුවන්ගෙ ගෙට් එක...1. දිනය - 2013.01.272. ස්ථානය - ගම්පහ මල් වත්ත (හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය) 3. ගෙට්ටුව ආරම්භ වෙන්නෙ - උදෑසන 9.00ට4. උද්‍යානයට ...
අද.....ලියන්න....... ලොකූ මාතෘකාවක් අරගන්නෙ නෑ මම.... ඒත් අපේ ජීවිත වලට ගොඩක් සමීප පුංචි කතා දෙකක් මතක් උනා ලියල දාන්න....පළවෙනි එක - "ගෑණු අඬනව මිනිස්සු බොනව"ඔය කියන කාරණා දෙක බෝම දරුණු විදියට... වෙන් කරන්න බැරි තරම් තදින් බැඳිල තියෙන දෙකක් කියලයි මට නම් හිතෙන්නෙ.. ඔය දෙකේ දෙපැත්තෙම වැඩි සාධාරණත්වයක් දකින්නෙ නෑ... හෙහේ... මොකද මිනිස්සු බොන එකේ ගතයුත්තක් ගෑණු දකින්නෙ නෑ වගෙම.. ...
වයස 14+ කෙල්ලන් & 18+ කොල්ලන්ට පමණයි --> 2 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
මතක වස්තුවපළවෙනි කොටස කියවපු නැති අය ඒ කොටසත් කියවල මේක කියෙවුව නම් තමයි හොඳ... මෙන්න ---> 1 කොටස....................................ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත, ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි ...
18ට අඩු ආදරවන්තියන්ට සහ 18ට අඩු ආදරවන්තියන් ඉන්න 18ට වැඩි ආදරවන්තයන්ට ==> 1 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
මතක වස්තුව
පිංතූරෙ ගත්තෙ --> මෙතනින්කෙල්ලො නරක නෑ හැමෝම... නරක අයත් ඉන්නව....මම මේ කියන්නෙ එහෙම නරක අය ගැන නෙමෙයි.. ඒත් පසුකාලීනව නරක වෙන්නෙ මෙහෙම කෙල්ලො තමයි කියන්නත් මගෙ අත්දැකීම් තියෙනව.....හොඳ අයත් ඉන්නව... මේ එයාල ගැන...එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති.. එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර ...
"සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..මා හද බිය වී..සැළී සැළී යයි..." අම්මියෝ... නිකම් පපුවට ඉඳිකටු වලින් අනිනව වගෙ...හැම වෙලේම හැම දෙයක්ම ගැන හිතින් මවා ගන්න මට ඒකත් මැවිල පේනව.. උඩ ගිහින් පොළවට වැටෙන අළු බිඳිති දිහා බලාගෙන තනිකම - යතාර්ථය වගෙ දේවල් ගැන පැය ගාණක රසවත් දීර්ඝ මනෝභාවයන් මවන මට.. ඒකත් මැවිල පේනව...පුරුදු වෙන ...
මම 12 වසරෙ ඉන්න කාලෙ මම ප්‍රධාන විෂයන් තුනටම අමතර පංති ගියා. ඒත් ඒ අවුරුද්ද ඇතුලත කවමදාවත් උදේ වරුවෙ ඉස්කෝලෙ නොයා පංති එන්න වෙන විදියට උදේ වරුවෙ අමතර පංති දාල නෑ කිසිම අමතර පංති ගුරුවරයෙක්. උසස්පෙළ පළමු වසර තුළ උදෑසන පාසල් කාලය අවහිර වන පරිදි පෙ.ව.8 සිට ප.ව.2 දක්වා පංති දැමීම කිසිදු අමතර පංති ගුරුවරයෙකු විසින් සිදු නොකරන දෙයක්!!! ...
නෙළන්න බැරි මල බුදුන්ට පූජා වේවා කියා කියම් මිස වෙන කුමක් කියම් ද මම;ප්‍රේමයට ලොබ බැඳ පෙම් සුව නොලද කල "ආදරයත් හරියට මිරිඟුවක්" වගේ කියනු මිසකුමක් කියමි ද මම;බැඳුනු පෙම් බිඳුණු කලවිරහවත් වින්දනීයැයිකියනු මිස වෙන කුමක් කියමි ද මම..?මේකත් හරියට මිදි තිත්තයි කිවුව වගේ කතාවක්...අපි අපේම හිත් රවටගන්න මොහොතවල් කීපයක්...ඒත්...අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ...
අද නම් මගෙ පෝස්ට් එක සිංදුවක්... හැමදාම ලියන එක අද අහන්න.. අගය කර කර රස විඳින්න මෑත කාලයේ බිහි වෙච්ච ලස්සන සිංදුවක් බ්ලොගේට දාන්න හිතුන... අර අපි කියනව මගෙ "මම අහන විදියෙ සිංදු" මේ කාලෙ බිහිවෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණ වලින්... ඒ මම ආස සිංදු... මේ තියෙන්නෙත් ඒ වගෙ එකක්... මේක කියන්නෙ මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ අසංක ප්‍රියමන්ත මහත්මා කිවුවම.. ...
පොඩි වෙනසක්.... බරටම දැනෙයි ද නම් මන්ද..... සුරංගනා කතාවක වගේ කුමාරිකාවක් ඇවිල්ල කතා කලා මට...මම ගත් කටටම "බෑ" කිවුව.... ඉතින්... අදටත් මම නිදහස්.... අර කුමාරි තවත් කුමාරයො හත් අට දෙනෙක්වම හීන ලෝක වල තනි කරල දැන් නමවෙනි කුමාරයගෙනුත් අහන්න යනවයි කියන්නෙ.... මම කිවුවෙ මේ අපේ කුමාරය...අර ත්‍රීවීල් කුමාරය...;) ටියුබ් ලයිට් සඳහා අදම බැලාස්ට් උපකරණයක් පාවිච්චි කරන්න...;) December 6, 2011 at ...
අහසයි පොළවයි එකට එකතු වෙන්නෙ ක්ෂිතිජයෙදි ලු...ඒත්... ඒක, හැබෑවටම වෙන්නෙ නැතිලු...ඒකටත් මිනිස්සු මිරිඟුවක් කියල කියනව; ඒත් ඒ මිරිඟුවට මම ආදරෙයි.. ගොඩාක් ආදරෙයි. ඒත්;ඒ දෙන්නටමලස්සන ජීවිත කතාවක් තියෙනව,--මට-- එහෙම කතාවක් නැති වුණත්.... ...
.......................කෙනෙක්ගෙ හිතට දැනෙන හැඟීම්... ඒ ආවේගයන්... ඒ දුක දැනෙන තවත් හිතක් තියෙනව නම්... ඒක කොයි තරම් උත්තරීතර මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් පිරුණ හිතක් වෙන්න ඕනද...?......................එහෙම හිතක් තියෙන පුද්ගලයෙක් ඉන්නව නම්.. ඒ පුද්ගලයගෙ යාලුවෙක් වෙන්න පුලුවන් වීම පවුම් පහමාරක සුදු රත්තරන් මාලයක් කරේ දාගෙන ධවල මන්දිරයෙ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ලැබීමටත් වඩා වාසනාවක් කියලයි මට නම් හිතෙන්නෙ... ඒක එහෙම වුනත් එහෙම පුද්ගලයෙක්ව ...
        .....මා.....   ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
මතක වස්තුව
මේ සා අති මහත් වූ සයිබර් අවකාශයේ මට මහා සෙට් නැත... කුඩා සෙට් ද නැත.. කුඩා සෙට් හෝ මහත් සෙට් තියා... මට මා වත් නැත... සිතිවිලි සමූහයක් ම පමණක් වීමි.. කුඩා සිතුවිල්ලක් වීමි.. සිතිවිලි වලට පණ පොවන්නෙක් වීමි... පණ පෙවූ සිතුවිලි තුලින් මා මගේ රුව සිත්තම් කරන්නෙක් වීමි... සිතිවිලි වලින් රූ අඳින්නෙක් වීමි.. සිත්තම් කල රූ තුළින් "මා" මවාගන්නෙක් ...
ටිකක් නුපුරුදු තැනක්. පවනිත් ටිකක් පුදුමෙන් වගෙ හිටියෙ. නැහැ. ඒ හැටි පුදුමෙකුත් නැහැ. ඒ අනුරාධපුරේ බාප්පලගෙ ගෙදර (ඒකයි පොඩි වෙනස ).බාප්පගෙ පුංචි දුව සඳුනි, කලා විශයයන් වලින් උසස්පෙළ හදාරන්න බලාපොරොත්තු තියාගෙන හිටියෙ ඒ දවස් වලත්.. සඳුනි නංගි දෙතුන් පාරක්ම මගෙ ළැඟට ඇවිත් ගියා. එහෙම ගිය වෙලාවක පවනි මට කියපු දේවල්......මාව පුදුම කලා...! එයාට නංගිගෙ ඇස් දෙක දැකපු ගමන්ම හිතුනලු, ...
ඈතින් පේන බෝධියෙ බෝ පතක ඉඳන් ආපු සීතල සුළං රැල්ල ඈත ඉඳන් මාව හොයාගෙන ආව. ඒකට විරුද්ධ වෙච්ච පිහිඹියා ගහ, එයාගෙ මුළු ධෛර්යයම යොදවල මුළු ඇඟම හොළවල පිම්බත් බෝ පතක ඉඳන් ආපු මගේ මිතුරු සුළඟ එයාවත් පරාද කරගෙන ආඩම්බරෙන් මගෙ ළඟට එනව මම දැක්ක.එතකොට මම ඇස් පියාගෙන මගේ හිත ඇඟේ රෝම කූපයක කෙළවර තියාගෙන ඒ සනීපය විඳගන්න බලාගෙන හිටියත්....;..........ඒක ...
තවමත්මදෙස බලා සිටිනඅකීකරු පුංචි තාරකාවවසත් සමයමගෙන් උදුරාගෙනකිමද?එනමුත්;තවත් වසන්ත කාලයක්පැමිණේවිමේ ඉර හඳමෙලෙසමමටරවාගෙන ඉදිත්දී...
ගත්තෙ >>--> මෙතනින්;;;;....................;;;අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න මොනවද මුමුනනව...අපි දෙන්න දිහා බලාගෙන මොන මොනවද මුමුනනව....අපි දෙන්නගෙ ආදරේ ගැන මුමුනනව.....;;;;....................;;;අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව... අපි මෙතනට වෙලා ඉඳන් අපේ හීන ලෝක මැව්ව හැටි....මතක් කර කර උන් මොනවද මුමුනනව....;;;;....................;;; අහගෙන ඉන්න අපි දෙන්නම අද මෙතන නැතත්....අහන් ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...ගෙවපු කාලෙ මතක් වෙවී ...