වෙන්වීම සැඟවුණා නුඹෙසුවඳ සුසුමක සැඟවුණාකඳුලු සීතල මැදින් දෙකොපුලපුරුදු උණුසුම තැවරුණාතනි වුණා ගං දෑල දෙවුරක තනි වුණාගිලිහුණා පියසලනු බැරි වී අත්තටු ද ගිලිහුණාගිලිහුණා නොපිපීමනටුවෙන් ගිලිහුණාගොලු වුණා ගී ගයනු බැරි වී තුඬ තුඬම ගොලු වුණා ...

වලාකුලු පවුර වලාකුලු පවුර මත හිඳගෙනමම - මගේ කඳුලු දෝතට අරගෙනසුසුමක සඟවා පා කර යවමීමටම නොපෙනෙන අනන්තයකටනිම් වළල්ලේ ඈත හිනැහෙනනිවුණු තරු එලියක්සෙනෙහසේ සිහිල තවරාපිරිමදී මතකයේ නළලතනෙතු පියල්ලෙන් පරව ගිලිහුණවේදනා බිඳුවක්තනි රකී තනිව හිඳගෙනගිලන් වූ සිහිනයේ දොරකඩසත්සර මුසුව - වින්දක වීරසිංහකටහඬ - චාන්දනී සෙනෙවිරත්න ...

හිතුවක්කාර කිරිල්ලී හිතුවක්කාර කිරිල්ලීනුඹට යන්නම ඕනෑ නම්කැදැල්ලේ දොර විවර කරන්නම්ඉතින් යන්න ඉගිල්ලීමේ විසල් අහස - මනමාල සිනා පාතරු ඇසක් ඉඟිමරා බලා හිඳීනිදහසේ සිහිනයේ තුරුලු වෙමින්ඉතින් යන්න ඉගිල්ලීහී සරින් රුදුරු - හද බිඳී පෙර එදා මඟ සොයා පලා ආ කැදැල්ලේනුහුරු නම් පුරුදු ඒ උණුසුම දැන් ඉතින් යන්න ඉගිල්ලීසත්සර මුසුව - ස්ටැන්ලි පීරිස්කටහඬ - ආසිරි ප‍්‍රියන්ත මුම්මුල්ලගේ ...

අවසර නැති බිම පි. අවසර නැති බිම වැට මායිම් පැන ඇයි හොරෙන් හොරෙන් ආයේමේ කඳුලු මටම තිබුනාදෙන්පිට වී යනු මැන පින්කාරීගැ. අවසර මොකටද මට මලක් සිඹින්නටවිකසිත මල් යායේනොකියාම ඉතින් මල් සුවඳට හිමිකම්සිඹිනෙමි මල මාගේපි. කඳු කොපුල සිඹී සඳ අසල නිදා හුන්තනි තරුවට රහසේගැ. නොපතාම ඉතින් සඳ එලියට හිමිකම්කිමිදෙමි සඳ පානේපි. කිරි සුවඳ ගලයි අර කැදැලි තුළින් එයිනැලවිලි ගී රාවේගැ. නොකියාම ඉතින් රන් ස්වරයට ...

මගෙ සිංහ සීවලී මගෙ සිංහ සීවලීතුංග චණ්ඩ මිඟිදා මේ වන ගැබවීර්යවන්ත එකසර කෙසරා මමමා පි‍්‍රය දියණියනේ - මොළකැටි දියණියනේමේ රුදු වනගැබ මාර සෙනඟ හා සටන් වැදී හද පිපිරීහැන්දෑ කලුවර ගුලි කරගෙන හිත පියවර මැන එමි දුකසේමළපුඬු විසකුරු හලාහලින් පිරිමහ වනයම අමතක වීලෙන් දොරකඩ පිපි නුඹේ සිනා වත රිදී පහන් වැට දැල්වේසිත පිරිමැද දුක නිවන කතාවක සඳුන් සිහිල මැද දැවටීමහ වන මැද දුක් කරදර ...

අර ඈත පින් බිම සොඳුර නොකිපෙන්න !දුෂ්කරයි රළු කරළු වූ මේ මාවතසොඳුර නොහඬන්න !කර්කෂයි රුදු කටුක වූ මේ මාවතඑන්න! අත මට දෙන්නපා නඟමු අපි එක්වන්වපොඩි කඳුළු බිඳුවකට බැහැජීවිතේ වසා ගත්කිළිටි රොන් මඬ කැටිති දොවන්නටබලන් අර!නබෝ ගැබ වසාගත්දාගප් බුබුළු අගදේවතා කොටු අලු කරන චුඩාමිණබලන් නළියනා අර බෝ ළපලුනුඹේ තොල් දෙපට අගවල ගැසෙන ප්‍රහර්ෂය සේමනිමල වූ බෝ රුකේපොතු කැපුණු කඳ තුළබැක්ටීරියා හා දිලීරද වෙසෙත්!අතු අග රැඳි ...

පැන් වැඩුම හැපි හැපී කඳු කොපුල් මතහඬා බසිනා කඳුළු කඳුරු දසි‍ඳෙයි - සීතල කඳුකරේ මේසුසුම් උණුසුම් රශ්මියේ !ඉකි ගසා ළයැ අත තබාඑබි එබී වෙවුළන ඉළුක් තුඬැරැ‍ඳෙන්නේ ඒ කඳුළුදැයි මටනො තේරෙයි අම්මේ !ආදරය උතුරා පිරූකිරි රස දැනී රෑ සීනයේහද තෙමා ගැලුවේ මෙ දා ඒ කඳුළු දෝ අම්මේ ?ඉණැ තබා නෙලනා පලාගෙන’වුත් කැවූ දුවනා මුවන්අහලක පවා නොම වූ දිනේහුරු පුරුදු සේ තනිව ම නැඟීගියෙ ...

තීර්ථය - ඔබ! සැඳෑ හිරු උණුසුම් දෙතොල වැද පණ පෙවී විලියෙන් රතුව ගිය දිගන්තය ඉම අහස් කොපුලත බි‍‍ඳෙන රළ කඳුළින් තෙමේ සයුරු දිය මත පිපී නලියන එළි තිතක් මෙනි ජීවිතේ ! අවරගිරි නැටියෙන් මිදී හිරු ඉදී පරවී වැටේ යළිදු හෙට එන සහන් එළියක පොදක් ක්ෂිතිජය මත ඉසේ මිනිස් සන්තානයේ ඇවිලෙන පැතුම් තරුවැල එළි පොකුරු යට වෙරළ මත ඇඳි සියක් පියවර සයුරු රළ දිවගින් ...

විකසිත වන්නට දවස නිමා වී නම්විහඟ ගීයද ගොළු නම්සුළඟ වෙහෙසින් සුසුම් ලා නම්අන්ධකාරයෙ රුවල් පටමා සිසාරා හෙලනු මැනඅතුරවා ස්වප්නයේ ඇතිරිලිහොවා සුව නින්දෙක ලොව මවසා ලනු මැන සෙමෙන්සවස පර වූ රත් නෙළුම් පෙතිගමන නිමා වනු පෙරාතු වඔලොගුව සිස් වූසළු ඉරී කිළිටි වූදිරි සිඳුණු ඒ යාත්‍රිකයාමුදා සන්තාපයෙන්කුළුණුබර අඳුර තුළසැඟවගත් කුසුමක් සේපුරාලනු මැන ඔහු හෙටනැවුම් ප්‍රමුදිත ජීවයෙන්(රවින්ද්‍රනාත් තාගෝර් කිවිඳුන්ගේ නොබෙල් සම්මාන ලාභී 'ගීතාංජලී' කෘතියෙන්) ...

ඔබ හඬන දවසේ දී සිසිරයේ හිම තලා අද්දරින්වසන්තයෙ මුහුණ අර! එබි එබීරිදී හසරැල් ඉරක් අඳිනවාකඳුළු බිඳුවක් තව මමෙ තැන තනි රකිනවාඔව්! ඔබේ නමට එය තිබෙනවාසීන් සිරිපොද නඟනගීතයෙක වෙලී ආඔබේ හඬ සීනයේ රැඳෙනවාරාත්‍රිය පුරා රැව් නැඟෙනවාරන් එළිය සසල වනතාරකා ඇසින් ඔබඉහළ ආකාසයේනපුරු බැල්මෙන් මදෙස බලනවාසැනෙන් මම බිම බලා ගන්නවාළයේ තෙත් සීරාවමතින් දළු ලා නැඟෙනරෝමියා පැල අතරමුදු ඇඟිලි තුඬක උණුසුමවිටෙක දැනෙනවාඑහෙත් ඔබ නොවන වග හැඟෙනවාසිහිනයෙන් වුව ...

පිය සමර සේපාලිකා පඳුර මල් පුදන්නේ කාට?මලින් පාවඩ එලා තිබුණාපාන් පැල අඳුරු වී එළි නිවාගෙන දුකටසොවින් වාවනු බැරිව හඬනාසංසාර ගිරි දඹේ පියවරෙන් පියවරටවෙහෙස වී ඉතින් හති වැටුණාඒ වගක් නොකියාම මඳ මඳව හිනැහෙමින්පියාණෙනි නුඹ මෙතැන නිදනාකිරිබතක් කවන්නට දරුමුණුබුරන් හැමටගමට එන්නැයි ලියා තිබුණාඅවුරුද්දෙ ගෙට එන්ට, පා පියුම් වැඳ ගන්ටඑරබදු මලූත් බලා සිටියාතව්තිසාවෙන් ඇවිත් රහසේම සුර සෙනඟදැන් ඉතින් යමු කියූ සැනිනාබෑ කියන්නද කෝම ඉතින් යන්නට ...

හන්තානෙන් පිට මං වී යන්නට ඉතින් අවසර දමා යන්නට හන්තාන කුමරී නුඹේ නලලත සිඹිනු හැකි නම්සරා සඳවත වී කැදලි හැර යන විහඟ නෙතු අගවිතරම ද දුක මේ? වසන්තය හෙට ඒවි තනියටරැගෙන නව කව් ගී කඳුළු දිය බැඳ සීන වපුරාතක්සලා හෙවණේ කිරිවදින තුරු ගැයූ සීපදකුරුලු තුඬ ගොලු වී වප් මඟුල් සිරි නිමාවේ දැන් කැදැල්ලෙන් ඉගිලී කොහොම යන්න ද? ඒත් යන්ට ම වෙයි ඉතින් වෙන් වී ඇහැල ...

ඔබේ ගීයයි මේ ඔබට ඇසෙනවදමා හදේ ඔබ ලියූගීතිකාවයි මේනොමළ සිතිවිලි - විජල කතරේඇහිඳ එකිනෙක - මතක කැබිලිතිපෙල ගැසූඔබේ ගීයයි මේඔබේ සියුමැලි - ඇඟිලි අතරේතැලී මිරිකුණු - මහද පුපුරාගලා ආඔබේ ගීයයි මේ ...

Previous Page