පැය ගානක් බඩකින්නේ ඉඳලාම බුරිය පිටකොන්දට ඇලිලා. අජපල් අවුරුදු නැකත් හදපු උත්තමයගේ ආච්චිගේ චීත්තෙ මතක් කර කර මම කුස්සියට ආවේ ජයග්‍රාහී එකොලොස් වෙනි වතුර කෝප්පෙ ගහලා මුං කැවුමක් හරි බිබික්කමක් බඩට දාගන්න. ඒත් අන්තිමට, මටම ඒ උත්තමයා ගැන පව් කියලා හිතුනේ, හත්වලාමේ දැන් මේ මං වගේම පීචන් ඩයල් කීදාහක් ඔය මනුස්සයට බනිනව ඇත්ද කියලා හිතුන හින්දා. බොහොම අමාරුවෙන් උන්දැට යදින ...

කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය වූ මිහිරි ඉංග්‍රීසි ගීතයේ මාත්‍රාව හදවත ස්පන්දනය වූ මාත්‍රාවට ...

එදා හරියටම අප්‍රේල් පළවෙනිදා. මං සරමේ ගැට්ට හපාගෙන තද නින්දක හිටියේ. හැමදාම උදේ ඇහැරෙනකොට සරම ඇඳ පල්ලේ වැටිලා තියන ඇවටියෙල් දර්ශනේ දකින්න අකමැති නිසා මම දැන් රෑට නිදා ගන්නේ සරමේ ගැට්ටක් කටින් හපාගෙන. ළඟදීම ඒ හඳුන්වාදීම ගැන පත්තරේකට ආර්ටිකල් එකක් ලියන්න හිතාන ඉන්නේ. කොහොමද කියහන්කෝ කරුමෙට නොබෙල් තෑග්ග එහෙම හම්බුනොත්. ඉස්සර වගේ නෙමෙයි දැන් පට්ට පාන්දර වුනත් බොක්ක තැම්බෙන්න දාඩිය ...

ඇහැ පියා ගත්තට තුන් කාන්දෙන් වැක්කෙරෙන දාඩිය හන්ද, නින්ද නෙමෙයි ජෝක් එකටවත් අහලකට එන්නේ. පට්ට රෑ කරුවලෙත් මෙච්චර රස්නේ හැදෙන්නේ ඉර දෙයියන්ගේ අහවල් හැඟීම නළලට මෝදු වෙලාද දන්නේ නෑ. කරන්ඩයි කියල අහවල් රාජකාරියක් නැති එකේ මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් ගෙදෙට්ට වෙලා ටීවී එක දාගෙන බැලුවේ ජිල්බෝල හොද්ද වගේ යන නා නා ප්‍රකාර චැනල් වල ආත භූත බල බලා සර්වප්‍රකාරයෙන් ...

ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි චාරුලතා කෙල්ලට වැහිලා හිටපු අලුකුත්තේරු යක්ෂයව ඒකිගේ පංචස්කන්ධයෙන් තොලොංචි කරලා දාන්න වැඩ කිඩ දන්න කට්ටඩියෙක් හොයන්න කරක්ගහලම මමයි රම්බායි දෙන්නා අම්බානක හතරවරං වෙලා හිටියේ. දන්න කියන උදවියගෙන්, වට පිටාවෙන් විස්තර අහගෙන ගියපු හැම ගෙදරකම වගේ හිටපු කට්ටඩියෝ මැරිච්ච තැන්වල ගෙවලුත් හදලා ඒ ගෙවල් වල පදිංචි වෙච්ච අයට ළමයිනුත් හම්බෙලා උන් මොන්ටිසෝරිත් යනවා. එහෙම නැත්තම් තොවිලේ අස්සේ ආතුර වෙච්ච බවලත් ගෑනු ...

දවල් වරුව තිස්සේ ආතක් පාතක් නැතුව රට වටේ කරක් ගහලා ගහලා හැන්දෑවේ ගෙදර ආවේ නිරපරාදේ ගෙවිලා යන වටිනා කාලෙන් හවස්කාලෙවත් ප්‍රයෝජනයක් ගන්නවාමයි කියලා හිතාගෙන. ආපු හැටියේ ලිඳ ගාවට ගිහින් දනි පනි ගාල වතුර බකට් දෙකක් ගණන් කරලා වක්කරගෙන සබන් නොගා ආවේ කම්මැලිකමටවත් තිබුන හදිස්සියකටවත් නෙමෙයි, පත්තරේක තිබුනා හැමදාම ඔලුවට සබන් දාන්න හොඳ නෑ කියලා. ඔලුවට හැමදාම සබන් දාන්න හොඳ නැත්තම් ...

ප්‍රවේශමෙන් හැමතැනම "ෆේක්" රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප් එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර් එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ? කොල්ලෙක්ගේ නමකින්ද..නෑ නෑ කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ නෑ, හැදුවා ...

සිතේ ජවය සම්පුර්ණයෙන්ම සිඳුණු කලක ඇතිවන උදාසීනත්වයෙන් හා හිස්බවින් ඔහුගේ ගත පෙලෙන්නට විය. අසම්පුර්ණ වූ බලාපොරොත්තුවක ශේෂ වූ කඩතොළු නිසා පෑරෙන සිතුවිලි වලින් ඔහු අපමණ පීඩා වින්දේය. දරාගැනීමේ සීමාව ඉක්මවූකල්හි දෙනෙතින් පෑහෙන කඳුළු කැට කියාපාන්නේ ඒකපාර්ශවීය වූ බැඳීම්හි අස්ථීර පැවැත්ම හා එතුලින් මතුවන්නා වූ වේදනාවේ අමිහිරි බවම නොවේද යන්න ඉලන්දාරියා තවමත් තේරුම් ගනිමින් සිටින සෙයකි. වැව මැද ගල් තලාවට පැමිණ ...

මම ගහපු පොටෝ වැඩි කතාවක් ඕනේ නෑ. කොටින්ම කියන්නම්කො මම පොටෝ ගහන්න හෙන ආසයි..එහෙම ගහපු පොටෝ ටිකක් දාන්න හිතුනා. මේවා ගොඩක් ගහලා තියෙන්නේ ෆෝන් එකෙන් ඈ.. Sony Ericsson K800i |3.2 Mega pixels, Sony Ericsson J102i2 | 5 Mega Pixels පොටෝ දෙකක්ද කොහෙද තියනවා 12 MP ට ආසන්න කැමරාවකින් ගහපු. ගින්දර වගේ කනෙක්ෂන් එකක් තියන මැසිමක් හම්බුනා ඔෆිසියෙන්..ඉතින් පට පට ගාලා පොටෝ ටික ඇදලා ...

ගිය පෙබරවාරි දාහතර වෙනිදා, ඒ කියන්නේ අන්තර්ජාතික වැලන්ටයින් දවසේ පාන්දර අටට විතර හීනෙන් බය වෙලා උඩ ගිහින් ඇහැරුනේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන... දැකපු ඇවටියෙල් හීනෙ තේරුම් ගන්න බැරුව, අත්තික්කා කොළ කොටලා බීපු මයිනා වගේ මම දහ අතේ කල්පනා කළා. හීනේ පලවෙනි රූප රාමුව විදිහට දිනුම් ඇදීමකින් සිලෙක්ට් වෙලා අපිට චාන්ස් එකක් ආවා නුවර එළියේ කේබල් කාර් ප්‍රොජෙක්ට් එකේ ටෙස්ටින් රයිඩ් ...

"හප්පද බොල පිලිහුඩු කිව්වලු....ර....ර රයිටර්.....දැක්ක කල්...දෙයියන්ගේ වෙඩිමට ඇඩ්මිට් වුනා වගේ සිරාවට ...කොහෙද බං මෙච්චර කල් මකබෑවිලා හිටියේ..අපි හිතුව උඹේ මිනියත් අද හෙට කැළණි ගඟේ පාවෙයි කියලා""නෙදකින් විතරක් මුගේ කට" මම කොල බොක්කටම කාරලා පාලං ගැට්ටට උඩින් කෙල පාරක් ගැහුවා. අපරාදේ කියන්ඩ බෑ, ඒ කෙල තලියම අවේලාවේ අවලමේ යන අසමජ්ජාති හුලං පාරක ප්‍රතිරෝධය එක්ක ප්‍රතික්‍රියා කරලා ආපහු මගේ මුණ මැදට වැටුනේ ...

හා හපුරා කියලා නමෝ විත්තියෙන් අලුත් රස්සාවට යන්න අම්මා හදපු චිකන් හොද්ද එක්ක කිරිබත් කෑල්ලක් හෙම කාලා රම්බායි මමයි රාහු කාලේ පන්නලා දකුණු කකුල පෙරට තියලා ගේ ඉස්සරහ පාත්තියේ තිබුන බට් කෙහෙල් පඳුරටත් මන්නෙන් කොටාගෙනම ගියේ තියන වස් දොස් කුඩු කැවුතු වෙලා යන්න. පුරුදු පාර මගෑරලා කැලෑ පාරකින් වහන් වෙවී එන්.ජී.ඕ. ඔෆිස් එක පැත්තට යමන් කියලා රම්බා කිව්වේ උදේ පාන්දර ...

පෙරේදා ගෙදරට සීනි ඔතලා ගෙනාපු පත්තර කඩදහිය හෙනම හෙන වුවමනාවෙන් කියවන්න හිතාන මම මිදුලේ හිටෝපු බංකුව ගාවට අවේ මෙතුවක් කියවීමෙන් සම්පුර්ණ වෙච්ච මගේ ඉතුරු බාගෙට තව පොඩ්ඩක් එකතු වෙන්නේනැතෑ කියලා හිතාන. අඹ ගහට අංශක එකසිය පහක විතර ඇලට් එකක් දාගෙන පත්තර කඩදහියේ තියන එව්වා කියවල මගේ ඇස් ගෙඩි දෙක අඹ ඇට සයිස් වුනා.."හැට දෙහැවිරිදි මිත්තනියට අනූ තෙවැනි වියේ පසුවන සීයාගෙන් ...

මුලින්ම මම මේ පැවසීමට යන දේ පිලිගැනීම මෙන්ම පිලිනොගැනීම ඇත්තේ කියවන ඔබ සතුව බව පැහැදිලිව කිව යුතුයි. මා මේ සියල්ල දැනගත්තේ කෙලෙසකද යන දේට වඩා ඒ දැනගත් දෙයින් ලබා ගත හැකි ප්‍රයෝජනය ගන්නවා හැරෙන්න ඔබ ඒ ගැන හාරා ඇවිස්සීම මෙන්ම ඒ පිලිබඳ තවදුරටත් සිතීම නොකළ යුත්තක් ලෙසයි මගේ අදහස. "ප්‍රයෝජනයක්" යයි උක්ත වැකියේ සඳහන් කලත් ප්‍රයෝජනයක් ගැනීමට කාලයක් අප සතුව ...

රියලිටි තරඟයේ පලවෙනි තරඟකරු හැටියට ආව තඩි අක්කා ස්ටේජ් එකට බැහැපු කඹේ කඩාගෙන අවාසනාවන්ත විදිහට බිම පත බෑවුනේ අහසෙන් ගිය ඉබ්බාට වැහි නැති හෙන ගැහුවා වගේ. පණ යන්න ඔන්න මෙන්න තියෙද්දී විනිශ්චය මණ්ඩලේ ජාතිය අමතලා වේදිකාව දෙවනත් කරපු හින්දා අනවුන්සර් මල්ලි පොඩි ක්ෂණික ඇඩ් එකකට ගියා. ඒ වුනාට කන් අඩි පැලෙන අප්පුඩි සද්දේ අස්සේ ඒකි කලේ රියල්ම රියල් ඇක්ටින් එකක් ...

තිලකරත්න එදින කෙටි නිවාඩුවක් දමා වේලාසන නිවසට ඒමට තීරණය කලේ උවමනාවකටම නොවුනත් මාසික කෙටි නිවාඩුවක් ඉතිරිවී තිබුන හෙයින් ඒවා නොගැනීමෙන් මාසික වේතනයට සිදුවෙන විශේෂ සෙතක්ද නොමැති නිසාවෙනි. සුපුරුදු පරිදි දක්නට ලැබෙන කාර්යබහුලත්වයෙන් තොර පදික වේදිකාව දිගේ ඇවිද ගිය ඔහු සිනමා ශාලාව අසල මදක් නැවතී උනන්දුවෙන් බැලුවේ විශාල දැන්වීම් පුවරුව දෙසය. ඒ මේ දිනවල තිරගත වන සිනමාපටය කුමක්ද යනවග දැනගනු පිණිසය. ...

රම්බාගේ නංගි චාරු ලතා, තේරුණ "රියල් රියලිටි" ටැලන්ට් ෂෝ එක වැටිලා තිබුනේ පහු වෙනිදට කොළඹ විකාශනාගාරයේ. ඉතින් කට්ටිය යමරෙට වැඩ..එක කාමරේක චාරුලතා සංගීත ප්‍රැක්ටිස් තොරන් සුනිල් අයියා එක්ක. තවත් කාමරේක රම්බාගේ අම්මා, හතර වරිගෙම බවලත් උදවිය එක්ක පහුවදාට අඳින්න සාරි තෝරනවා. ඒ බවලත් උදවියගේ සුහච කීකරු යුග පුරුෂයෝ ටික අතින් කුස්සියේ මේ ඔක්කොටම කෑම හැදෙනවා. ඔය අස්සේ මමයි රම්බයි සිම් ...

හැමදාම වගේ නැතුව පොඩි වෙනසක් හැමදාම දකින කුකුලත් පේන්නේ ඔල්මොරොන්දම් හැදිච්ච එකෙක් වගේයිලුනේ.. ඉතින් හැමදාම කෙටි කතා/ රයිටරේ විතරක් ලියන එකේ පොඩි වෙනසක් කළා. මෙව්වා අඳින විදිහ දන්නවනේ ?නිකන් ඉන්න වෙලාවට මං කරපු තවත් වැඩක් තමයි මේ. හැබැයි මට මලාට අතින්, පැන්සලකින් නම් චිත්‍ර අඳින්න බෑ ගොයියෝ. මේවා ඇන්ඳේ Illustrator වලින්..ට්‍රයි කරන අය ට්‍රයි කරලා බලන්නකෝ ආසයිනම් උඩ ලින්ක් එකට ගිහින්. නොදන්න තැනක්, තේරෙන්නේ නැති ...

"ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?" හමු වෙන්නට සමුගන්නට ඇවිත් යන එනරටක් වටින අපි ජීවත් වෙලා මොකටද උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන දුක්බර ගී ආයෙත් නෑ ඔබට ඇසෙන්නේඅඩ්ඩ ඩඩා අඩඩ ඩඩා අඩ්ඩ ඩඩා ඩා....ආආ රම්බාගේ ගෙදර සාලේ ඇතුලෙන් ආව සැමන් බෙලෙක් ටින් වොයිස් එකට මගේ අක්මාව අන්දකයිප්පු වෙලා ගියා. මල්වර නැකතෙන් දීගෙක යන්න ගිහින් ගෙදරට අතේ මාට්ටු වෙලා උන්නු රම්බාගේ නංගිගේ අජරාමර වොයිස් එක මගේ ...

"බෙල් ඒක වදිනකම් බලාගෙන හිටියේ මම""මොකටද...?""ඔයාව හම්බවෙන්න""මාව....?" "ඔව්...ඔයාව, ඒක නෙමෙයි, මට ප්‍රශ්නයක් තියනවා""හ්ම්, ඉතින් කියන්න මොකක්ද""එකක් නෙමෙයි ගොඩක්...මේ දවස් වල මට අමුතු අමුතු දේවල් හිතෙනවා" "අමුතු දේවල්...ඉතින් ඒක ප්‍රශ්නයක්ද...අද කාටද ප්‍රශ්න නැත්තේ ?""හ්ම්...ප්‍රශ්නයක් නොවන ප්‍රශ්න..ඒත් මට ඒවා ප්‍රශ්නයක්....හඳෙන් මටම කියල ඉඩම් කෑල්ලක් අරන් දාන්න, හඳ එලිය බෝතලේකට දාගෙන තියා ගන්න, මල් සුවඳ රුපියල් දෙකේ සිලි බෑග් එකක දාලා ගැට ගහලා ...

Previous Page