හාත්පස පැතිරිච්ච ඉර එලිය, ලෙසටම කාමරේ ජනෙල් කුරු අස්සෙන් ඇවිත් ඇස් දෙක වැහිලා තිබ්බ පිහාට්ට උඩ පිස්සු කෙලින්ඩ ගත්තායින් සරමේ ගැට්ට හපාගෙන සැප නින්දෙයි මර නින්දෙයි වෙනස අස්සේ ඉඟි බිඟි කර කර හිටපු මං අවාසනාවට වගේ දෛවෝපගතව ඇහැරුනා. මුණ පුරාම සිරියාවට තැවරිලා තිබ්බ කබ මිශ්‍ර කුණුකෙල තට්ටුවට උඩින් වතුර පොඩ්ඩක් ගාගෙන වලං අල්ලන රෙද්ද වගේ වෙච්ච වැලේ වනලා තිබුන තුවායෙන් ...

මම ඉන්නේ ගොඩක් සන්තෝසෙන් කියලා වටේ ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න ඕනි නිසා මම අමාරුවෙන් මුණට හිනාවක් අලවගත්තා. මං හිතන්නේ ඒක තරම් අමාරු වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති. හැඟීම් යටපත් කරගෙන බොරුවට හිනා වෙන එක මහා කරුමයක්. ඊටත් වඩා මිදුලේ රවුම් මේස වටේ ඉඳගෙන, විස්කි බ්‍රැන්ඩි තොලගාන ඩැඩීගේ යාලුවෝ, යාලුවන්ගේ ගෑණු, ඉස්සරහට ගිහින් අතට අත දීලා "හායි අංකල්....හායි ආන්ටී" කියන ...

ගමේ ගෑණු ටික එකතු වෙලා පිහිටවගත්තු "සීතා බලකාය" සංගමේ හදිසි වැටලීම් හින්දා ගමේ කොල්ලෙක්ටවත් නිදහසේ පාරට තොටට බහින්ඩ බෑ. මගුල... හිටපු ගමන් ගෙවල්වලට පැනලා සුදු රෙද්දක් ඔලුවට දාලා කොල්ලෝ පැහැරගෙන යනවා. කොල්ලෝ විතරක් නම් මදැයි පණ යන්ඩ ඔන්න මෙන්න තියන සීයාලත් අරං යනවා. කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් කඩ කරන හැම එකාටම "සීතා" දඬුවම් දෙනවාලු. බලකායේ ජාතික තේමාව "ලිප්බොක්කෙන් ඔබ්බට ගිය චීත්තයට ...

බටකොළ ආච්චිගේ චරිතාපදානය ගමේ කවුරුත් උන්දැ හැඳින්නුවේ "ශාන්තිලගේ අම්මා" කියලා. ඒ වුනාට අපි කොල්ලෝ කුරුට්ටෝ කටේ ලේසියට උන්දැ හැඳින්නුවේ "ගිරා ආච්චි කියලා". තව "බටකොළ ආච්චි" කියලත් කිව්වා. "ගිරා ආච්චි" කියලා කීවේ නම් ඕනෙවට වඩා දිග, ගිරා හොටයක් වගේ නහයක් තිබුණ හින්දා. "බටකොළ ආච්චි" කියලා කිව්වේ උන්දැට ඒ අසාමාන්‍ය නහයට අමතරව "බටකොළ ආච්චි" හා සමාන රුපකායක් තිබුන හින්දා. කෙසඟ සිරුරකට උරුමකම් කිව්ව ඈ ඇන්දේ ...

රම්බා අපේ ගෙදෙට්ට පණිවිඩයක් එවලා උන්ගේ දිහා පුළුවන් තරම් කලින් එන්ඩයි කියලා. හදිස්සියක්ලු.. උන්ගේ ලොකු මාමගේ දුවගේ දරු පවුල, ස්කොලේ නිවාඩුවට උන්ගේ දිහා ඇවිල්ලලු. මූ නම් කියන්නේ ආපහු යන පාටක් නෑය කියලා. ලොකු මාමට, සති දෙකකට විතර කලින් ලමිස්සියෙක් උන දෝණිඇන්දා කෙනෙක් ඉන්න හන්දා ඒක නම් එච්චර අවුලක් නෑ කියලයි පස්සේ රම්බා කීවේ. ඌට අවුලක් නැත්තම් ඉතින් මට කොහොමත් අවුලක් ...

මනමාලිය සමග ඈගේ දෙමාපියනුත්, කපු මහතාත් අප නිවසට සේන්දු වීමට බලාපොරොත්තු වුවාට වැඩි වෙලාවක් ගත විය. බලාපොරොත්තු ඇතිවෙමින් නැතිවෙමින් තිබුණු පැය කීපයක කාල අන්තරයකට පසු, මිදුල මත ඇඳී ඉදල් රටා මතින් වැලි කැට අවුස්සමින් පැමිණි කුඩා ප්‍රමාණයේ වැන් රථයක් නිවසේ ඉදිරිපස පෝටිකෝව මැද නතර කෙරුණි. ඉදිරිපස ආසනයේ හිඳගෙන ආ කපු මහතා ඉන් බසිනු, මා උන් කාමරයේ දොර සළුව එහා මෙහා ...

තවත් සාඩම්බර ඇවටියෙල් දවසක, ඇඳ මත හිඳ, මධ්‍යම රාත්‍රී එකොළහයි...හදවත මෙසපොතේමියස් වෙලා කියන්නේ, බලන්ඩ බැරි සයිස් එකට. දුක හිතෙනවා. දාර දාර කඳුළු කැට අස්සෙන් දියවෙලා දියාරු වෙලා යන ෆේමස් රයිටර් හීනේ හෙන ඇවටියෙල් හිනාවක් දාගෙන කින්ඩියට එහෙන් මෙහෙන් ඔච්චන් කරද්දී සර්වාන්ගේ කුපිත වෙලා සලිත වෙනවා. ඒත් එක්කම මෝදු වෙලා එන මගේ අනාගත ඩිරෙක්ටර් හීනේ, ජීවිතේට බලාපොරොත්තු බව්සර් පිටින් එන්නත් කරනවා.-------------------------------------------------------------------------------------ලයිට් ...

ඇය ශාන්ත පීටර් මාවත ඔස්සේ මගීන් රැගෙන, බිග් ටවුන් වෙත ඇදෙන අශ්වකරත්තයක අසුන්ගේ කුර හඬටත්, ඊට අනුරුපිව ඇසෙන යකඩ පට්ටම් ගැසූ රෝද යුගල වෙතින් නික්මෙන හඬටත් කන් දීගෙන සිටියේ ශාන්ත පීටර්ස්හි "ලුෂියා සාහිත්‍ය සමාජය" නිකුත් කරන මාසික කෙටි කතා සඟරාවක් කියවමිනි. එතරම්ම ඕනෑකමකින් නොවුනද, පසෙකින් ශ්‍රවනය වී කෙමෙන් හීන වී ගිය අශ්ව කරත්තයේ හඬ, දෙසවනින් මුළුමනින්ම වියැකී මද වෙලාවක් යනතුරුද ...

මේ දවස්වල මම හොම්බෙන් යන තරමට බිසී. බිසී කියන්නේ බිසී එකෙත් උපරිම නහුතෙට බිසී. දිවේ අග වාටිය උඩු තල්ලට රිවට් කරගෙන මහා රෑ පාන්දර දෙගොඩහරියක් වෙනකම් ලියනවා. එලි වෙන්න කිට්ටුව ලිවිල්ල කොච්චර දරුණු වෙනවද කියනවනම් උඩු තල්ලේ වැදිලා තියන දිවේ රිවට් එක අන්තිම හරිය වෙනකොට නහයේ අගට එනවා. ඒ විතරක් නම් මදැයි. ලියලා ලියලා මල පැනලා වගේ ඇක්ටින් එකක් බොරුවට ...

මොර සුරන වැස්සට මොර සුරලා මදි වෙලා දැන් වහලේ ටකරන් හූරනවා. ඒ සද්දේ මගේ කන් අඩි සූරද්දි විනාඩි පහෙන් පහට මුත්‍රා බර හැදෙනවා. වැස්ස කාලෙට වැඩිපුර මුත්‍රා බර හැදෙන්නේ ඔය ටකරන් සද්දේ හින්දා වෙන්න ඇති. කොහෙද ඉතින් විද්‍යාත්මක හේතු ඔලුවට හරියට වැටෙන්න නම් ප්‍රායෝගිකව එව්වා අත් විඳින්නම ඕනි. මෙච්චර කල් මම හිතාගෙන හිටියේ වලාකුළු ඝනීබවනය වෙනකොට, වතුර බොන්න බොන්න වගුගඩු ...

එක්වරම කිසියම් දෙයක් මේසය මත ගැටෙන හඬක් ඇසුණ අතර, ඒ මේසය තිබුණු වතුර වීදුරුවම වන්නට ඇතැයි මා ක්‍ෂණයකින් උපකල්පනයකට පැමිණියේ, නින්ද හා අඩනින්ද අතර දෝලනය වූ කිසියම් සිතුවිලි කීපයක මගේ සිහිය, පියවි ලෝකයෙන් එහා බොහෝ ඈතක සරමින් තිබුන මොහොතකය. වෙලාව බොහෝ විට මධ්‍යම රාත්‍රියට ආසන්න වන්නට ඇතැයි මා අනුමාන කලේ හැරදමා තිබු කවුළු පියන් තුලින් හමා ආ වායු ධාරාවේ ගැබ්ව ...

පැය ගානක් බඩකින්නේ ඉඳලාම බුරිය පිටකොන්දට ඇලිලා. අජපල් අවුරුදු නැකත් හදපු උත්තමයගේ ආච්චිගේ චීත්තෙ මතක් කර කර මම කුස්සියට ආවේ ජයග්‍රාහී එකොලොස් වෙනි වතුර කෝප්පෙ ගහලා මුං කැවුමක් හරි බිබික්කමක් බඩට දාගන්න. ඒත් අන්තිමට, මටම ඒ උත්තමයා ගැන පව් කියලා හිතුනේ, හත්වලාමේ දැන් මේ මං වගේම පීචන් ඩයල් කීදාහක් ඔය මනුස්සයට බනිනව ඇත්ද කියලා හිතුන හින්දා. බොහොම අමාරුවෙන් උන්දැට යදින ...

කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය වූ මිහිරි ඉංග්‍රීසි ගීතයේ මාත්‍රාව හදවත ස්පන්දනය වූ මාත්‍රාවට ...

එදා හරියටම අප්‍රේල් පළවෙනිදා. මං සරමේ ගැට්ට හපාගෙන තද නින්දක හිටියේ. හැමදාම උදේ ඇහැරෙනකොට සරම ඇඳ පල්ලේ වැටිලා තියන ඇවටියෙල් දර්ශනේ දකින්න අකමැති නිසා මම දැන් රෑට නිදා ගන්නේ සරමේ ගැට්ටක් කටින් හපාගෙන. ළඟදීම ඒ හඳුන්වාදීම ගැන පත්තරේකට ආර්ටිකල් එකක් ලියන්න හිතාන ඉන්නේ. කොහොමද කියහන්කෝ කරුමෙට නොබෙල් තෑග්ග එහෙම හම්බුනොත්. ඉස්සර වගේ නෙමෙයි දැන් පට්ට පාන්දර වුනත් බොක්ක තැම්බෙන්න දාඩිය ...

ඇහැ පියා ගත්තට තුන් කාන්දෙන් වැක්කෙරෙන දාඩිය හන්ද, නින්ද නෙමෙයි ජෝක් එකටවත් අහලකට එන්නේ. පට්ට රෑ කරුවලෙත් මෙච්චර රස්නේ හැදෙන්නේ ඉර දෙයියන්ගේ අහවල් හැඟීම නළලට මෝදු වෙලාද දන්නේ නෑ. කරන්ඩයි කියල අහවල් රාජකාරියක් නැති එකේ මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් ගෙදෙට්ට වෙලා ටීවී එක දාගෙන බැලුවේ ජිල්බෝල හොද්ද වගේ යන නා නා ප්‍රකාර චැනල් වල ආත භූත බල බලා සර්වප්‍රකාරයෙන් ...

ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි චාරුලතා කෙල්ලට වැහිලා හිටපු අලුකුත්තේරු යක්ෂයව ඒකිගේ පංචස්කන්ධයෙන් තොලොංචි කරලා දාන්න වැඩ කිඩ දන්න කට්ටඩියෙක් හොයන්න කරක්ගහලම මමයි රම්බායි දෙන්නා අම්බානක හතරවරං වෙලා හිටියේ. දන්න කියන උදවියගෙන්, වට පිටාවෙන් විස්තර අහගෙන ගියපු හැම ගෙදරකම වගේ හිටපු කට්ටඩියෝ මැරිච්ච තැන්වල ගෙවලුත් හදලා ඒ ගෙවල් වල පදිංචි වෙච්ච අයට ළමයිනුත් හම්බෙලා උන් මොන්ටිසෝරිත් යනවා. එහෙම නැත්තම් තොවිලේ අස්සේ ආතුර වෙච්ච බවලත් ගෑනු ...

දවල් වරුව තිස්සේ ආතක් පාතක් නැතුව රට වටේ කරක් ගහලා ගහලා හැන්දෑවේ ගෙදර ආවේ නිරපරාදේ ගෙවිලා යන වටිනා කාලෙන් හවස්කාලෙවත් ප්‍රයෝජනයක් ගන්නවාමයි කියලා හිතාගෙන. ආපු හැටියේ ලිඳ ගාවට ගිහින් දනි පනි ගාල වතුර බකට් දෙකක් ගණන් කරලා වක්කරගෙන සබන් නොගා ආවේ කම්මැලිකමටවත් තිබුන හදිස්සියකටවත් නෙමෙයි, පත්තරේක තිබුනා හැමදාම ඔලුවට සබන් දාන්න හොඳ නෑ කියලා. ඔලුවට හැමදාම සබන් දාන්න හොඳ නැත්තම් ...

ප්‍රවේශමෙන් හැමතැනම "ෆේක්" රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප් එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර් එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ? කොල්ලෙක්ගේ නමකින්ද..නෑ නෑ කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ නෑ, හැදුවා ...

සිතේ ජවය සම්පුර්ණයෙන්ම සිඳුණු කලක ඇතිවන උදාසීනත්වයෙන් හා හිස්බවින් ඔහුගේ ගත පෙලෙන්නට විය. අසම්පුර්ණ වූ බලාපොරොත්තුවක ශේෂ වූ කඩතොළු නිසා පෑරෙන සිතුවිලි වලින් ඔහු අපමණ පීඩා වින්දේය. දරාගැනීමේ සීමාව ඉක්මවූකල්හි දෙනෙතින් පෑහෙන කඳුළු කැට කියාපාන්නේ ඒකපාර්ශවීය වූ බැඳීම්හි අස්ථීර පැවැත්ම හා එතුලින් මතුවන්නා වූ වේදනාවේ අමිහිරි බවම නොවේද යන්න ඉලන්දාරියා තවමත් තේරුම් ගනිමින් සිටින සෙයකි. වැව මැද ගල් තලාවට පැමිණ ...

මම ගහපු පොටෝ වැඩි කතාවක් ඕනේ නෑ. කොටින්ම කියන්නම්කො මම පොටෝ ගහන්න හෙන ආසයි..එහෙම ගහපු පොටෝ ටිකක් දාන්න හිතුනා. මේවා ගොඩක් ගහලා තියෙන්නේ ෆෝන් එකෙන් ඈ.. Sony Ericsson K800i |3.2 Mega pixels, Sony Ericsson J102i2 | 5 Mega Pixels පොටෝ දෙකක්ද කොහෙද තියනවා 12 MP ට ආසන්න කැමරාවකින් ගහපු. ගින්දර වගේ කනෙක්ෂන් එකක් තියන මැසිමක් හම්බුනා ඔෆිසියෙන්..ඉතින් පට පට ගාලා පොටෝ ටික ඇදලා ...

Previous Page