ලක් සිසු සටන්බිහි වූ දා පටන් තිඹිරි ගෙය වී නම්සත්‍ය සමවාදීන්ටසර්ව කාලීන වී නම්හදවතේ වම් ස්වරයසැහැසිකම් කරමිනකුරිරු වේවිද මව් බිමට!
පාවෙන විටදි බොල් වී මතුපිට හැළියේදෑතින් අරන් විසි කෙරුවා මම එළියේනැංවී එන විටදි බොල් පැළ කලඑළියේ බොල් බව දැන දැනත් මගෙ සිත තව ඇලියේ ගත නුඹෙ ඇතත් නැවතී ළඟ සිලි සිලියේසිත නුඹෙ විටින් විට යනවා අව කෙළියේමගෙ හද අදර කුටියෙන් ඉල්පී එළියේතව හදවත් සමග නුඹ යයි සැණකෙලියේපැන පැන සැතපෙමින් ගොස් නුඹ හදින් හදනැවතත් අවුත් ඉල්ලයි මගෙ ලැගුම් හදකරලින් බර වෙතැයි ...
නුඹ නිසාවෙන් හිමි වූ
සරසවි වරම
නිසාවෙන් නුඹ
මට
අහිමි වේවිද?
දුවක නොවූවද දුවකට මෙන්ම බැඳීබිරිඳ නොවූවද බිරිඳට වඩා බැඳීමවක ලෙසින් සලකා නුඹ සමග හිඳීනුඹ දුන් කඳුළු තව මගෙ සෙනෙහසට මදී රැය දහවලෙහි වෙනසක් නොම සිතා බැඳීනුඹ ගැන සොයා බැලුවා නුඹ මගෙ පරිදීමගෙ අත් වැරැද්දෙන් නුඹෙ හදවතට රිදීදුන් දුක වැඩියි කර මගෙ සෙනෙහසට හදී සෙනෙහස් සුවඳ නැතියෙන් හද පුරා පිරීමගෙ හද සැතපි ඇත කුටියක් තුල සිපිරීහදවත ගැහෙද්දී පිටුපා ගිය ඉතිරීනැවැතුණු පසුව ...
එක කුඩය යට වෙලී ගත උණුසුමටමාවතේ යන යොවුන් යුවලටමල් තුහිනයකි වට වැස්සතුන් සකය මත දුවනවෙට්ටු දමා ඉගිලෙනත්‍රීවීල් මල්ලිලාටකප් රුකකි මේ වැස්සදෙපයෙන් පණ ගහන ආවරණ නැති මගේ නිල රථයටඅනෝරාවකි පොද වැස්ස! ...
රතු මල් කුඩයට දම් පැහැ සාරිය ගැලපෙනවා නුඹටඔය සුදු මුහුණට එළියක් දෙන්නට පින් මදි ඉතින් මට නොරටුන්ගේ බස අකුරු කෙරූවත් සැමදා සිත් රට නුඹට හිමීනැතිමුත් හසරක් ඔබ මට මේ රටමසිත් රට නුඹට හිමී ගුරුතුමියයි නුඹ සිසුවා වෙමි මම පෙම්වතියත් නුඹමයිකවදා හීනය කල එලි වේවිදකාලය මට අහිමියි(බොළඳ ගේය රචනාවක්ද මන්දා...කොහොම උනත් ලිව්වෙ නම් සත්‍ය සිදුවීමක් ඇසුරෙන්.) ...
දියවෙන වැකෙන ගොම මැටි පිරිබඩ පොලොවතාර තහඩුවෙන් වෑහෙන දිය කලතවරිච්චියෙන් එල්බී උණ පතුරු ඇතමුදුන් බාල්කයටත් අද සවිය නැතතුන් ගින්දරක් නිවු සිරිමත් සවිය අතවැරහැලි වෙලා ඇත පැද්දෙන ඇඳක් මතමහ වැව සිදී වියලී ඉරි තැලී ඇතපොඩි ඇල වේලි ගැන වෙහෙසී පලක් නැතපාලුය රැයම නිසලය නිහඬය දිගුයතනි රකිනා සවිය උල ලේනිගෙ කවියතිබු එක පහන දැල්වූයෙත් අඳුරමයගොරවන්නෙත් නැතිව වැස්සම අසරණයමහ ගෙය ඉඩම ඔප්පුවෙ මිලටත් ...
කොනහමින් මා රිදවූදබර වී මා සිත තැලූමිතුරු ඇසුරට වැට බැඳ පෙලූපස මිතුරු ලෙස් වූදෙව් දුවයි ඔබ....තනි නොතනියට ළඟදෙවැනි මව් නුඹකුඩම්මකු නොවීහැදූ මව් නුඹවෙන්ව ගියත් නව කැදැල්ලක සිහිනෙටයලි යලිත් සසර නුඹ වෙයන් අක්කා මට! ...
නිමිත්ත : සරසවි බත කා රු. 2500/= න් මසක් රෝල ගසා ගත හැක."ක්රා..ස් ස් " "යස් මචං අද තුනයි" බත් පතේ මැණික් ගරන අපි අම්මත් එක්ක ලුණු නැතැයි වුණු දබර දිට්ඨ ධම්ම වේදනීය වී හපමි ලුණු කුට්ටි දුප්පත් දිව බොජුන කවදා විඳින්නද හූල්ලන අපි ...
පාලු අඳුරු නිසල රැයක
වීදි කොණ දෙමහල් ගොඩනැගිල්ලක
සුපිපුනු කිඩාරම් මල
විඳින්නට එන සමනළයා මම. . .බඹර දෙබරුන් සරන
විෂ දළින් කිඩාරම් සුවඳ බිඳින
පරාජිත රාජධානියේ
සඳ කැල්ම වෙමි මම. . .
සල් සපු නා ගෙමිදුලෙහි සිටුවන
කිඩාරම් සුවඳට වීදියට ඇදෙන
සපු මලක් දෝතින් ගෙන හිරු එළිය යට
කිඩාරම් දුඟදට දොස් නගන
කුහක බඹරකු නොවී. .
අදිසි කිඩාරම් සුවඳටම ඇලුම් වන
අහිංසක සමනළයෙක් වෙමි ...
සීතල බක් මහේ ලා සඳ නැඟ එද්දී සිනා රස කැලුම් දස අත විසිරෙද්දී සීතලු ලපලු මල් වැල් සුසුවඳ දෙද්දීවේවා සැමට සුභ වසරක් සිත් පැහැදී වපුල හිම පියලි මිහිකත පිසීවාඋණුසුම් සුභ පැතුම් ගුවනට මුසු වේවා ප්‍රීති නාද කන්කලු වී රැව් දේවා ලැබු නව වසර සැමටම කිරි ඉතිරේවා!!! ...
සබරෙට ආමි වට පිට බැලීමි මිතුරු කිසිවකු නොවූයෙන් දුරින් නැවතුනෙමි! දිනෙන් දින ගෙවුනි විඩාපත් වීමි සැවොම හොස්ටල් වූයෙන් මමද හොස්ටල් වීමි!
ළබැඳිම මිතුරියයි නුඹ මටසැප දුක් සමවැ විමසනදකිමි නුඹ මුව ගැඹුරින්, නුඹ මවුන් මුවවිඳිමි එසුවඳ රහසින්, ඇගෙ කවක් තුළතෙමයි මා නෙත් කෙවෙනිසුසුමින් දෙදරවයි හද පතුල ...
උඹ මහ පවිටු අධම මිනිහෙක්! ලෝකයා බැණ අඬ ගසයි මට විපිලිසර වෙමි මං "අනේ ඇයි බං, පවු නැද්ද මං" "ලං වෙන්නෙපා පර හිමි හිතට ඔතරම් හෙලන්නෙපා බිම කුරුලු කැදලි, සාප වෙයි උඹටම මචං" පෙරලමි උඩු හිත වදන් වලට මං "අනේ මට සමා වෙයන් බං" සඟවා ගනිමි සදහටම මං........ යටි හිතේ තෙරපී කැකෑරෙන වේදනා පිරි චේතනා..... අහිමි පෙම් හිත අත හරිමි ...
අද වගේම එදත් වැස්සා ඒත් එදා වැස්ස අද වගේ නෙමෙයි හුඟක් සීතයි දැන් වැහි බින්දු එදා වගේම අදත් නුඹ මගෙ ලඟ නම්... උනුහුම් වැඩි වේවි හිම පියලිත්! එදා වගේම අදත් හීන දකිනවා ඒත් එදා හීන අද හීන නම් නෙමයි නුඹත් එක්ක ඇවිදපු ඒ හීන මාවත් අද පාලු වෙලා.... නුඹ නැතුවම දකින්නෙම දැන් මුඩුම හීනමයි... හ්ම්ම්ම්ම්ම්ම්ම්.... ...
ගිනි තැබුවත් නුඹ මා... සීතලට ආතල් එකට... දැල්වුනේ මා නොව... නුඹේම නුඹේ තරුණ ජීවයයි!
එම්බා... නුඹ කවුද මා තුළ නිදා හුන් කවියා අවදි කල දැන් ඉතින් නොමැත නිවනක් ලියනවා ලියනවා ලියනවා මිස තවත් මුනිවත රකිනු කුමට වහා උත්තර බඳිනු මට!
සියක් කඳු පසු කරන් විත් තරණය කළත් ආදර කන්ද හමු නොවූ සොඳුරුතම මිටියාවත නුඹේ හද බිමයි මියුලැසිය.....
හරි වැරැද්ද, නිවැරැද්ද සොයන්නට යන්නෙපා මගෙ රත්තරන් පුතේ... නවාපන් ඔලුව වැරැද්දට උනත් උඹ මගේ බුදු පුතේ... වැරදි නිවැරදි කරන ස්වප්නයක්වත් උඹ එපා දක්නට එපා මගෙ පුතේ... භද්‍ර නුඹෙ යව්වනය භද්‍ර වූ දේශයක භද්‍ර වූ කාලයක ගෙවන්නට පින් මඳයි නුඹ පුතේ! ...
තනි මට තනියට මගෙ ලඟ කවුරුත්තනි රකින්න මට නෑ..තනි මට තනියටතනි රකින්න මටනුඹවත් අද ලඟ නෑ...තනිකම රජයනපාලුව පොපියනදවස් ගෙවෙන විටතනි මට, මමවත් නෑ....