ලංකාවට අයිති තුන්වෙනියට ලොකුම දූපත තමා ඩෙල්ෆ් කියන්නෙ.ජනගහනය 3000 ක් විතරලු දුපත ඇතුලෙ පාසල් 8ක් තියෙනවා.මුලින්ම දූපතට යන විදිහ කියන්නම්.යාපනේට ඇවිත් කුරික්කඩ්ඩුවාන් ජැටියට එහෙමත් නැත්නම් ගොඩක් දෙනා දන්න නාගදීපයට යන ජැටිය ගාවට ඇවිත් ඩෙල්ෆ් දූපතට යන බෝට්ටුවක් අල්ල ගන්න ඕනා.උදේ යන්න හිතන් ඉන්නව නම් 8.30ට ත් 10.30ට ත් බෝට්ටු දෙකක් තියෙනවා.දවසටම බෝට්ටු දෙකක් විතරක් යන නිසා ගමේ මිනිස්සුන්ට අමතරව සංචාරකයින් ...
ත්‍රිකුණාමලය නගරයට ඇවිත් ගිරිහඩු සෑය බලන්න යන සංචාරකයන්ට ලේසියෙන් යන්න පුලුවන් තව තැනක් තමා අරිසිමලේ වෙරළ. පුල්මුඩේ නගරයට ඇවිත් එතන ඉදන් කිලෝමීටර 2ක ගමනකින් පස්සෙ නාවික හමුදාව නඩත්තු කරන මේ වෙරළ තීරයට එන්න පුලුවන්."අරිසි" කියන්නෙ හාල් "මලේ" කියන්නෙ වෙරළ.ඇත්තටම මෙතන වෙනස තමා වැල්ල හාල් ඇට තරමෙ විශාල වැලි ඇට වලින් හැදී තිබීම.පුල්මුඩේ ඛනිජ වැලිහාල් ඇට වැල්ල ...
දඹුල්ලට ඇවිත් දඹුල්ල-වෑවල බස් රියකින් කණ්ඩලම වැවට එන්න පුලුවන්.උදේ පාන්දරින්ම ආවොත් ලස්සන පින්තූර ගොන්නක් එකතු කරගන්න පුලුවන් වේවි.කණ්ඩලම හෝටලයවැවට පේන සීගිරිය හා පිදුරංගල ...
ටිකක් දුෂ්කර උනත් අද කියන්න යන්නෙ ලංකාවෙ දියඇලි බලන්න යන්න කැමති අයට හොද තැනක්.මුලින්ම පාර කියලා ඉන්නම්.මහනුවරට ඇවිත් වත්තේගම හරහා බඹරැල්ලට තමයි අද එන්න ඕනි.කෝච්චියක් අල්ල ගත්තොත් මාතලේ කෝච්චියක වත්තේගමට ඇවිත් එතන ඉදන් බස් එකේ බඹරැල්ලට යන්න වෙනවා.කොහොමත් බඹරැල්ලටම කෙලින් බස් නෑ වත්තේගම හරහා තමා එන්න ඕනි.මහනුවර ඉදන් පැය දෙකක් විතර යනවා.මග එද්දි මහවැලි ගග වගේම ඈතින් වික්ටෝරියා ජලාශයත් බලා ...
ත්‍රිකුණාමලය කිව්වාම කාට කාටත් මතක් වෙන්නෙ ස්වභාවික වරාය නෙ.මේ වරාය අද වගේම ඒ කලෙත් ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.කාලයක් අපිව යටත් කරගෙන හිටපු බ්‍රිතාන්‍යය ජාතිකයින් තමන්ගෙ ප්‍රධාන යුධ මධ්‍යස්ථානයක් විදිහට මේ ත්‍රිකුණාමලය යොදා ගෙන තියෙනවා.ඉතින් දෙවන ලෝක යුද්ධය කාලෙ ත්‍රිකුණාමලය කියන්නෙ ප්‍රධාන සතුරු ඉලක්කයක් වෙලා තිබුන බව ත්‍රිකුණාමලයෙ යන කාට කාටත් දැක ගත හැකි.මේ විදිහට දෙවන ලෝක යුද්ධ කලේ ගොඩ ...
Fishing Huts කිව්වාම ගොඩාක් අය අහල පුරුදු නමක් නෙමේ.සිරිපාදෙ යන හැටන් නල්ලතන්නිය පාරෙ සිරිපාදෙ කිට්ටුවෙන්ම තියෙන මරේ වත්ත කියන පාරෙ කෙලවරේම තමා මේ Fishing Huts තියෙන්නෙ.මග විස්තර නම් මේ බ්ලොග් අඩවිය බලන හැමෝටම තව හොයා ගත හැකි.Fishing Huts කියන්නෙ තම තමන්ගෙ කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා හොද නිවාඩුවක් ගත කරන්න කියාපු තැන.හැබැයි ගාන පොඩ්ඩක් සැරයි.සාමාන්‍ය තරමෙ පවුල් හතරකට ඉඩ තියෙනවා ඒ ...
Fishing Huts කිව්වාම ගොඩාක් අය අහල පුරුදු නමක් නෙමේ.සිරිපාදෙ යන හැටන් නල්ලතන්නිය පාරෙ සිරිපාදෙ කිට්ටුවෙන්ම තියෙන මරේ වත්ත කියන පාරෙ කෙලවරේම තමා මේ Fishing Huts තියෙන්නෙ.මග විස්තර නම් මේ බ්ලොග් අඩවිය බලන හැමෝටම තව හොයා ගත හැකි.Fishing Huts කියන්නෙ තම තමන්ගෙ කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා හොද නිවාඩුවක් ගත කරන්න කියාපු තැන.හැබැයි ගාන පොඩ්ඩක් සැරයි.සාමාන්‍ය තරමෙ පවුල් හතරකට ඉඩ තියෙනවා ඒ ...
සුන්දර මරේ ඇල්ලහැටන්-නල්ලතන්නිය පාරට යන අඩි පාරගමනේ අතරමග පලමු වරට පෙනෙන සමනොලදුෂ්කර ගමන් මගගමනේ අඩක් පසු කල විට මුණගැසෙන සදගලතැන්නහැටන්-නල්ලතන්නිය පාරටලංකාවෙ හතරවෙනියට උසම කන්ද වගේම පූජනීය තැනක් ලෙසත් ප්‍රසිද්ධ සිරීපාදෙ නොගිය කෙනෙක් නැති තරම්.දෙසැම්බර් මාසෙ ඉදන් මැයි මාසෙ වෙනකම් සිරිපා වාරයට බැතිමතුන් ලක්ෂ ගනනින් සිරිපාදෙ කරුණා කරනවනෙ.මේ යන අය අතරින් ගොඩ දෙනෙක් සිරීපාදෙ කරුණා කරන්න හැටන් නල්ලතන්නිය පාර තෝර ගන්නෙ ...
සමනොල කදු මුදුනෙන් තමා මේ බත්තුඵ ඔය පටන් ගන්නෙ.කොළඹ ඉදන් අවිස්සාවේල්ලට ඇවිත් ගිනිගත්හේන හරහා හැටන් වලින් නල්ලතන්නිය පාරෙත්(සිරීපාදෙ යන හැටන් පාර) ඇවිත් නල්ලතන්නිය කිට්ටුවෙන්ම ඇති මරේ වත්ත පාරෙ කිලෝමීටර 7 ක් විතර මරේ වත්ත ගම්මානයත් පහු කරලා ගියාම හම්බු වෙන ෆිෂින් හට්ස්(Fishing Huts) නවාතැන ලගින් තමා මේ ගග ගලන්නෙ.කැමති අයට මේ ෆිෂින් හට්ස්(Fishing Huts) වල දවසක් දෙකක් ගත කරන්නත් පුලුවන්.ෆිෂින් ...
ඇත්තටම නන්පේරියල්,නග්රාක් හරහා ලෝකාන්තයට යන එක අද සම්පුර්ණයෙන් තහනම් කරලා.විශේෂ අවසරයක් ඇතිව තමා දැන් මේ පැත්තෙන් ලෝකාන්තයට යන්න වෙන්නෙ.ඒ උනත් ලංකාවෙ තවත් ලස්සනම තැනක් දැක ගන්න කැමති අයට නග්රාක් වලට යනකන් කිසිම බාධාවකින් තොරව යන්න පුලුවන්.නන්පේරියල් වලට එනකම් හැමදාම එක බස් රථයක් වැඩ කරනවා.කොහොමත් මේ පාරෙ යනවනම් රෝද හතරටම ඇන්ජිමෙන් ජවය දෙන වාහනයක යන්න වග බලා ගන්න ඕනි.තව ටික කාලෙකින් ...
මහඑළිය තැන්නෙ නරඹන්න පුලුවන් තැන්ලංකාවෙ තියෙන උසම තැනිතලාව වගේම ලංකාවෙ තෙත් කලාපයේ තියෙන එකම ජාතික වනඋයන තමා මහඑළියතැන්න(හෝර්ටන් තැන්න) කියන්නෙ.හෝර්ටන් තැන්න ගැන විස්තර තොග පිටින් අන්තර්ජාලයේ තියෙන හින්දා කවුරැත් වැඩිය දන්නෙ නැති දේවල් ටිකක් ලියන්නම්.නුවරඑලිය දිස්ත්‍රික්කයට අයිති මේ තැන්නට එන්න පුලුවන් පාරවල් තමා මේකොළඹින් නුවරඑළියට එන අයට පට්ටිපොල හරහා මහඑළියතැන්නට ඇතුල් වෙන්න පුලුවන්.ඒ එන පාර අතර මග අඹේවෙල නිව්සීලන්ඩ් ෆාම් ...
1845 ශ්‍රීමත් සැමුවල් බේකර් කියන කවුරැත් දන්න හදුනන බ්‍රිතාන්‍ය ජාතිකයා තමා මේ මීටර 22 ක් උස බේකර්ස් ඇල්ල හොයා ගන්නෙ.ඒ හින්දම එදා ඉදලා අද දක්වාම මේ ඇල්ලට බේකර්ස් ඇල්ල කියනවා.නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහඑළිය තැන්න නැත්නම් හෝර්ටන් තැන්න ඇතුලෙ තියන මේ දියඇල්ල නිර්මාණය වෙන්නෙ බෙලිහුල් ඔයෙන්.ලංකාවට ආවේනික බෝහෝ මත්ස්‍ය වර්ග මේ ඇල්ල නිසා හෝර්ටන් තැන්නට විතරක් සීමා වෙලා තියෙනවා.බොහොම ලස්සන පරිසරයක පිහිටල ...
ලංකාවෙ උසින් හයවෙනියට උසම කන්ද තමා ග්‍රෙට් වෙස්ටර්න් කියන්නෙ.උසින් මීටර 2212 යි.ග්‍රෙට් වෙස්ටර්න් වැඩියෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ තලවාකැලේ නානුඔය දුම්රියපලවල් අතර තියෙන ග්‍රෙට් වෙස්ටර්න් දුම්රියපල නිසා.බදුල්ලට කෝච්චියෙ යන ඕනම කෙනෙකුට දකින්න පුලුවන් ලස්සනම දුම්රියපල තමා මේ.ලා හිරු රැසින් පරිසරය නෑවෙන උදෑසනක සමනල කන්ද ඉතා අපූරුවට මෙතනට පේනවා.ඒ වගේම තවත් කදුපන්ති කීපයකුත් මෙතනට හොදට පේනවා. ...
දෙස් විදෙස් සංචාරකයින් නොවරදවාම එන තවත් තැනක් තමා මේ.බෝ කොලයක හැඩය නිසා බෝපත් ඇල්ල නමින් ප්‍රසිද්ධයි.මේ දිය ඇල්ල මීටර 30 ක් විතර උසයි. කලු ගග පෝෂනය කරන අතු ගගක් වන කුරු ගගෙන් මේ ඇල්ල හැදෙනවා.රත්නපුර පාරෙ කි.මී 86 ක් විතර ඇවිත් කුරුවිට කිට්ටුවෙන් බෝපත් ඇල්ලට හැරෙන පාර හොයාගත හැකි. ...
පුරාවාත්ත වලට අනුව ලංකාවෙ පලවෙනි දාගැබ තමා මේ.බුදු හාමුදුරුවො බුදුවෙලා සත් සතිය ගත කලාට පස්සෙ පලමු දානය විදිහට තපස්සු භල්ලුක ඔවුන්ගෙ දානය දෙනවා.ඊට පස්සෙ තපස්සු භල්ලුක වෙළද දෙබෑය වන්දනා මාන කරන්න බුදුන්ගේ කේශ ධාතුව අරගෙන ලංකාවෙ තිරියාය ප්‍රදේශයේ මෙම දාගැබ හදනවා.ත්‍රිකුණාමලයට ඇවිල්ලා කි.මී 45 ක් විතර පුල්මුඩේ පාරෙ ගිහින් හැරෙන අතුරු පාරක තමා මේ දාගැබ තියෙන්නෙ.පරිසරය ගැන කියනවනම් ත්‍රිකුණාමලේ අවු ...
දෙතනගලකන්ද පාමුලට යන්න හැටන් පාරෙන් හැරෙන තැනකැලය තුලටඅඩිපාරවල්මග සලකුණුඇත්තටම නමේ හැටියට තේරුම තියෙන අපූරු කන්දක්.නැගෙනහිර පැත්තෙන් ශ්‍රී පාද අඩවිය මායිම් වෙන්නෙ මේ කන්දෙන්.දන්න විදිහට ඉතා රසවත් ජනහ්රැතියකුත් මේ කන්දට පටබැදිලා තියෙනවා.රාම රාවණා යුද්ධයේදි අන්තිමට රාම දෙදන තියලා රාවණාට හී සැරයක් විදිනවා.ඔය අවාසනාවන්ත ඊතලේ පෙට්ටිගල කන්ද පිටිපස්සෙ හිටිය රාවණාට වැදුණට පස්සෙ රාවණාගෙ හිස ඕලුගන්තොටට වැටෙනවා.ඔලුව වැටුන ගං තොට ඕලුගන්තොටවෙනවා.අද බලංගොඩ මහ ...
බටදොඹ ලෙනට සබරගමුව පේන හැටිබටදොඹ ලෙනබලංගොඩ මානවයා හිටියෙ මේ වලේලුබටදොඹ ලෙන ගැන කියනවා නම් කවුරැත් දන්න බලංගොඩ මානවයා හිටපු තැනක් තමා මේ.අදත් එදා අපේ අය පාවිච්චි කරපු ගල් වලින් තනාපු එක එක ආම්පන්න ගුහාව පුරාම විසිරිලා තියෙනවා.ඒ වගේම රට මැද හිටිය ඒ අයත් මුහුද එක්ක ලොකු සම්බන්ධයක් තියෙන්න ඇති කියලා එතනට යන ඕන කෙනෙකුට හිතෙනවා.අද නම් බුදු මැදුරකුත් බලාගත හැකි.කොළඹින් ...
පෙට්ටිගල තේ වත්තබට පදුරු තුලින් මුදුනටපෙට්ටිගල ගමගමන අතර තුර වීඩා නිවන දොල පාරවල්බලංගොඩ ප්‍රදේශයේ උසම ස්ථානය තමා මේ.අඩි 4500 ක් පමණ උස මෙම කන්ද නගින්න පැය 2 ක් 3ක් පමණ ගත වෙනවා. පෙබරවාරි මාසය හොදයි අනෙක් කාලවල ඝන මීදුම.අහස පැහැදිලි දවසක බලංගොඩ ඉදන් රත්නපුර දක්වාම කදු මුදුනට පේනවා. මෙම කදු මුදුනේ කොඩියක් සිට වු විට එය ආපසු කොලඹ යන විට ...
අවුරැද්දේ වැඩි කාලයක් වතුරෙන් යට වෙලා තියෙන කිංචිගුනේ වෙහෙර තමා මේ.අපේඅය හිතුවක්කාරකමට හදපු සමනල වැවට යටින් තමා මුලු පන්සලම වගේම කිංචිගුණේ ගම තියෙන්නේ.මේ නම් සමනල වැවේ වතුර අඩු කාලයකදී ගනිපු පින්තූර වගයක්. කිංචිගුණේ ගමේ වතුරට යට නොවී බේරිලා තිබුන ගෙවල් තුන හතරක් අද හොද සංචාරක නැවතුම්පලවල් වෙලා.හොදට පායන කාලෙක බදුල්ල පාරෙ සබරගමුව විශ්ව විද්‍යාලය ලග තියෙන වයි හන්දියෙන් දකුණට ගියොන් ...