ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ විද්‍යානිධි වෛද්‍යාචාර්ය ඩබ්ලිව්. අයි. ප‍්‍රනාන්දු (95) මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු ඉපැදුනේ 1917.10.25 වැනිදාය.අඩසිය වසකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි ප‍්‍රනාන්දු මහතා රණසිංහ පේ‍්‍රමදාස ජනපති යුගයේදී (1989) පාර්ලිමේන්තුවට පත්කැරිණ.වාද්දුව මැලෑගම වෙද පරපුරේ සාමාජියකු වූ ඔහු 1976-94 කාලයේදී සමස්ත ලංකා ආයුර්වේද සම්මේලනයේ ප‍්‍රධාන සභාපතිවරයා විය. සර්වාංග වෛද්‍යවරයකු වූ ඔහු ඇස් වෙදකමේ ...
මඟුලේ යන්නන් දැකලා-කුඹුරේ මඩ කලල් කලා වැස්සට පැලයට ඉඳලා - නාග විසට නස්න කලා ඉහත කවිය ගැන ඔබට මොනවද හිතෙන්නේ. එහි අවසාන පදය නිසා නොවෙන්න ඒක ඖෂධ වට්ටෝරුවක් කියල සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැහැ. ඉහත කවිය ආයුර්වේදයේ සිංහල වෙදකම කියන කොටසට අයත් "වෙදගැට" නමින් හදුන්වන සාහිත්‍යාංගයක්.අපේ සංස්කෘතියෙ අපිටම ආවේණික සාහිත්‍යාංගය තමයි - කවිය. ඒ නිසාම සිංහල වෙදකමේ බොහෝ මුඛපරම්පරාගත රහස් වට්ටෝරු ...
කොලෙස්ටරෝල් - cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා.ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක ...
අද කාලෙ ආයුර්වේද කේෂත්‍රයේ හොදම ව්‍යාපාරික යොමුවීම හැටියට මතුවෙලා තියෙන්නේ''ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන"නමින් පවත්වාගෙන යන ආයතන ආරම්භ කිරීම.කාලෙන් කාලෙට විවිධාකාර ව්‍යාපාරික රැලි වලට අහුවෙන ආයුර්වේදය මේ දවස් වල පංචකර්ම රැල්ලට අහුවෙලා එහාට මෙහාට පැද්දෙනවා. අද දවස වෙනකොට බස්නාහිර හා දකුණු පළාත,මහනුවර නගරය, දඹුල්ල - අනුරාධපුර වගේ ප්‍රධාන සංචාරක කළාප ආශ්‍රිතවත් අගලෙන් අගලට බෝඩ් ලෑලි ගහල තියෙන 'පංචකර්ම මධ්‍යස්ථාන' දකින්න පුළුවන්. ...
වෙදහාමිනේ පහුගිය දවස් ටිකේම බරට වැඩ. රෝගීන්ට ප්‍රතිකාර කිරිමට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන වැඩ ටිකක් පහුගිය මාස පහ හයේම අත්හදා බැලුවා.ඒ සදහා වෙද හාමිනේට පාරම්පරික දේශිය වෛද්‍ය වරයෙකුගෙ සහයෝගයත් ලැබුණා. අත්හදා බැලීම් එහෙමත් කරල සාර්ථක ප්‍රතිඵල ලැබෙන ඖෂධ පන්තින් දෙකක් වගේම ඖෂධීය තෙල් වර්ග දෙකකුත් බාහිර ආලේපන වර්ගයකුත් නිෂ්පාදනය වෙදහාමිනේ විසින් පසුගිය ජූලි 01දා සුභ මොහොතින් ආරම්භ කළා. ...
දේශීය වෙද්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් ජාතික වාණිජ මණ්ඩලය මෙහෙයවන Ayurveda Expo 2011 ජාත්‍යන්තර ආයුර්වේද වෙලද ප්‍රදර්ශනය හා දෙදින සම්මන්ත්‍රණය 2011 ජූලි මස 15 හා 17 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සමගාමීව රටවල් 22ක සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී Indian Ocean Rim CountriesOriental Medicine methods නමින් පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබද දේශණ මාලාවක්ද පැවැත්වේ.මෙය ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර ...
ගව ඝාතනය මෙරට නීතියෙන් තහනම් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ උපවාසයක් ආරම්භ කිරීමට සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගරුසේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේ අද උදෑසන පියවර ගෙන ඇත.ඊයේට යෙදුනු 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රජය හා අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් නළු නිලියන් මෙන් පන්සිල් කියවීමෙන් පමණක් සෑහීමකට පත්වූ බව ප්‍රකාශ කරන උන්වහන්සේ එය අර්ථාන්විත කිරීමටනම් බෞද්ධ රටක් වන ශ්‍රී ...
ඔබ පසුගිය මාසයට දින කීයක් වෛද්‍යවරයෙකු හමුවුනාද? එහෙමත් නැත්නම් පසුගිය වසරක කාලය ඇතුළත ඔබ කී වරක් වෛද්‍යවරයෙකු හමුවුනාද? කියල මතකයට නගා ගන්න ඔබට පුළුවන්ද? දැන් සමහරවිට ඔබ ආඩම්බරයෙන් සිහිකරාවි "පසුගිය වසර පුරාවටම මම වෛද්‍යවරයෙක් හමුවුනේ නෑ කියල."ඇත්ත, අපි කවුරුත් කැමති වෛද්‍යවරයෙකු හමුනොවී, ප්‍රතිකාර නොගෙන ඉන්න. ඒත් ඔබේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියො, දූ දරුවො, පවුලේඅය ගැන හිතුවහම එයාලත් එහෙමද කියල හිතල ...
පළතුරු කිව්වහම මතක් වෙන්නෙ මොනවාද? එකිනෙකට වෙනස් පළතුරු වර්ග කීයක නම් තත්පර 10ක් 20ක් ඇතුළත ඔබේ මතකයට ඒවිද?ඔබට වගේම මෙය කියවන බොහෝ දෙනෙකුටත් ඒ නම් අතරින් මුලන්ම මතක් වෙන්නෙ ඇපල්, දොඩම්, මිදි , නාරං වගේ විදේශීය පළතුරු තමයි. එතැනින් ටිකක් ඉදිරියට ගියහම අඹ , දිවුල්, කෙසෙල්, ගස්ලබු, අන්නාසි වගේ අපි නිරන්තරයෙන් නගරයේ පළතුරු කඩවල දකින ජනප්‍රියතම දේශීය පළතුරු වර්ග ...
අවිස්සාවේල්ල ට ආයුබෝවන් කියල ඇවිත් වෙදහාමිනේට නවතින්න වුනේ පින්බර සේරුවිලට නුදුරු තැනක. අලුත් පරිසරය, අලුත් මුහුණු එක්ක අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න මේ ටික කාලෙට හැකියාවක් ලැබුණා. සිංහල බහුතරයක් ජීවත් වෙන බස්නාහිර පළාතේ හැදිල වැඩිල දෙමළ වචනයක්වත් කථා නොකරපු වෙදහාමිනේ දැන් දෙමළත් ටික ටික කතා බහ කරනවා. මේ පරිසරයට මුහු වෙන්න නම් මේ මිනිසුන්ගෙ ජීවන රටාව, වටපිටාව, මේ පරිසරයටම ...
වෙදහාමිනේ සේරුවිලට ගියාට පස්සෙ බ්ලොග් ලියනකම් බලාගෙන හිටපු බොහෝ දෙනා ඊමේල් වලිනුත් පෞද්ගලිකව දන්න කියන අය දුරකථන ඇමතුම් වලිනුත් විමසීම් කරල තිබුණා. බොහෝ දෙනා අනුමාන කරපු විදියට බ්ලොග් සටහන් නොලියන්න හේතු වුණේ ඩයලොග් සබදතාවයේ දුර්වල කම් නම් නෙවී. විදුලිය සම්බන්ධතාවය නොමැති කම තමා ඊට ප්‍රධානම හේතුව වුණේ. අපි සේරුවිලට යද්දි අපේ නවාතැනට විදුලිය ලබාදීල තිබුණා.හැබැයි ඒ විධිමත් විදියට මීටර් ...
අවසානයට පෝස්ට් එකක් දාලා මාසයකටත් කිට්ටුයි. ඒත් මේ දිනවල අලුත් ලිපියක් ලියන්න තරම් ඉස්පාසුවක් වෙදහාමිනේට නෑ.මොකද කියනවනම් වෙදහාමිනේලාගේ ව්‍යාපාර කටයුතු කොළඹින් ටිකක් විතර (ඇත්තටම නම් ගොඩක්) දුරට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා.මොකද වෙදහාමිනේට ස්ථාන මාරුවක් ලැබුණු නිසා.ස්ථාන මාරුව ලැබිල තියෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේට.හරියටම කිව්වොත් සිව්වෙනි ඊලාම් යුද්ධය ආරම්භ වෙච්ච මාවිල්ආරු සොරොව්වට බොහොම කිට්ටු තැනකට.අලුතෙන් ජනපදකරණය වෙන නැගෙනහිර පළාතේ සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාව ...
මේ වෙනකොට වෙදහාමිනේගේ අඩවියට ගොඩවෙන අපේ සහෘදයන් කිහිප දෙනෙක්ම වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීම සඳහා අඩවිය තුළ ඉඩකඩ වෙන්කරන්න කියලා ඉල්ලීම් කරල තිබුණා.දැනටත් එලෙස ආයුර්වේද ප්‍රතිකාර නියම කරන බ්ලොග් හා වෙබ් අඩවි පවතින බව සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරණ ඔබත් හොඳින්ම දන්නවා ඇති.මේ නිසා ආයුර්වේදයේ ප්‍රතිකාර නියම කිරීමේ සම්මත සිද්ධාන්ත ගැන පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් සිදු කිරීමයි මගේ අපේක්ෂාව. නිවැරදි චිකිත්සා ...
අද බටහිර වෛද්‍ය ප්‍රතිකාර පතන බොහෝදෙනා ආඩම්බරයෙන් කතා කරන්නේ තමන් උපදෙස් ගන්න විශේෂඥ වෛද්‍ය වරැන්ගෙ වගතුග.එහෙම විශේෂයෙන් කතා නොවුණත් ආයුර්වේදයත් සැබෑවටම අංශ ගණනාවක් ඔස්සේ වෙන වෙනම ප්‍රභේද ගත වී තිබෙනවා. රෝගියෙකු නොවී නිරෝගීව සිටීමේ වැදගත් කම සැමවිටම අපේක්ෂා කළ ආයුර්වේදයේ ප්‍රභේද අටක් තියෙනවා. මේක " අශ්ඨාංග ආයුර්වේදය" කියල තමයි හඳුන්වන්නෙ.ඒවා මොනවද කියල නම් කරනවනම්,01. කාය චිකිත්සාව02. කෞමාර චිකිත්සාව03. ශල්‍ය ...
සිංහල හින්දු අලුත් අවුරැද්ද ඉවරයි. නැකැත්, චාරිත්‍ර වාරිත්‍ර, නෑදෑ හිතමිතුරන් අතරෙ ගෙවුනු සුන්දර දින කිහිපය නිමා වෙලා ආයෙමත් සුපුරැදු යාන්ත්‍රික ජීවන රටාවට අවතීර්ණ වෙන්න බොහෝ දෙනෙකුට සිදුවෙලා. ජ්‍යොතිෂය, ආයුර්වේදය හා බුදු දහම කියන අග්නිදිග ආසියාවේ විශිෂ්ඨතම ප්‍රායෝගික දර්ශනයන්වල අපූරැ සංකලනයන් සමග සොබාදහමත් එකතු පහදු කරගෙන පවත්වන සූර්ය මංගල්ලය කාල, බීල, නටල විනෝදවෙන්න යොදා ගත්ත අවස්ථාවක් නොවෙයි.(කාල, බීල, නටල විනෝදවෙන්න ...
බටහිර වෛද්‍ය ක්‍රමය හැරැනම මෙරට ක්‍රියාත්මක වෙන්නෙ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විතරයි කියල බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සිංහල වෙදකමයි ආයුර්වේද වෙදකමයි කියල කියන්නෙත් එකම දේ නෙවෙයි. ඒ දෙක අතරත් වෙනසක් තියෙනවා. සුද්දගෙ පාලනය අවසන් වෙලා මෙහේ හිටපු කලු සුද්දන්ට පාලනය බාර දුන්න මොහොතෙ ඉදල මෙරට පිළිගත් වෛද්‍ය ක්‍රමය වුණේ බටහිර වෛද්‍ය ක්‍රමය තමයි.ඒ අනුව සිංහල වෙදකම, ආයූර්වේද වෛද්‍ය ...
2010 වර්ෂය ශ්‍රී ලංකා රජය "ආයූර්වේද වර්ෂය" ලෙසයි නම් කරලා තියෙන්නේ.(හැබැයි මැතිවරණ වර්ෂයක් වීම නිසා ඒක අමතක වෙලා යාවිද දන්නේ නෑ.) ඒ අතරම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වර්ෂය නම් කරලා තියෙන්නේ "ජෛව විවිධත්ව වර්ෂය" ලෙසයි.දෙගොල්ලෝ දෙවිධියකට නම් කලත් මේ දෙකේම ලොකු සහ සම්බන්ධයකුත් තියෙනව. හේතුව තමයි ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ප්‍රධානම භාවිතය ශාක හා ශාකමය ද්‍රව්‍ය වීම. ඒ වගේම ශ්‍රී ...
කතාවක් තියෙනවා "මාළුවා නහින්නෙ කට නිසා" කියලා.ආයෙමත් තැනක "හොදට නරකට දෙකට කටමය" කියලත් කියැවෙනවා. සාහිත්‍යයේදී වෙනත් අරමුණක් උදෙසා මේ යෙදුම් භාවිතා වුණත් ආයුර්වේදයේදිත් මේ යෙදුම් සාධාරණයි අපේ ආහාර භාවිතාවය ගැන සැලකීමෙදි. මේක දේශපාලන කතාවක් නොවුණත් පාන් රාත්තලට, කිරි පිටි පැකට් එකට ඡන්දය දෙන රටක මැතිවරණ කාලෙදි බඩ කට පිනවන කතා බහත් බහුලයි. කොහොම වුණත් තමන්ගෙ කට රැක නොගත්තොත් විදින්න තියෙන ...