ආනන්ද, සර්පයා දුටුවාද? (තණ්හා රතී රගා ගැන කලින් වැඩි විචාරයක්) අදහසක් වෙනස් වීමට ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට නියමිතය කියන මගේ අදහස ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල ඒ විදිහෙ අදහස් වෙනසක් කියන්නෙ ගොඩක් දුරට හිතා බැලීමක් නොකර අදහස් පළකිරීමේ අත්වැරැුද්දක්ද කියල දිමිත‍්‍රිට හිතිලා තිබුණ (ඒ රුසියානු සද්දෙ එන නම් වලට මං ආසයි. හීන් නොස්තැල්ජියාවක් හින්ද)ඒත් මට හිතෙන්නෙ වෙනස් විදිහකට. බුද්ධ වගේ ප‍්‍රත්‍යක්‍ෂ නිශ්චිත ඇත්තක් කියනවා වෙනුවට මං ...

විනෝද සාගරයක් රස ආකරයක් මගේ බ්ලොග් එකේ ලිපි වලට කියවන අය කරන කමෙන්ට් ගැන මං මොකුත් නොකියන එක කියවන අයට ලොකු අවුලක් වෙලා. කොටින්ම දැන් කියවන කවුරුවත් කමෙන්ට් කරන්නෙ නෑ. අපි සයිබර් ගනුදෙනු පටන් ගත්තත් තාම කර්තෘත්වය හොයන අර්බුදෙන් එලියට ඇවිත් නෑ කියලයි මට හිතෙන්නෙ. මාගලක් විතර දිගට අදහස් ලියැවිල්ලක් කරල කමෙන්ට් ඉඩත් ආයිමත් පාවිච්චි කරන එක එච්චර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නෑ වගේ එකක් මගේ පුද්ගලික ...

එරෙහිව උඩු සුළං අහුරට පරාගේ ‘කල්ට්’ එකට පනහ පිරුණ. චැනල් මාරු වුණත් පරා එක දිගට කරගෙන එන වැඩක තුන්වෙනි චැප්ටර් එක විදිහටයි කල්ට් ගන්න වෙන්නෙ. ආර්ට් එක, ඊට පස්සෙ ස්වරූපන, ඊළ`ගට කල්ට්. අපි ඇත්තටම කරන වැඬේ වෙන්නෙ අපිටත් නොදැනීම අපිත් එක වැඩෙන මේ වගේ වැඩ කියලයි මට හිතෙන්නෙ.කල්ට් නම මේ ප්‍රෝග‍්‍රෑම් එකට දුන්නා කියලා මාව කියවන ගොඩක් අය එක එක විදිහෙ චෝදනා කළා. ඒත් ...

ජීවිතය දේශපාලනයට වඩා විශාලය ආයිමත් මැයි පළවෙනිදා දවසක්. පෙලපාලි යන්න පාට ඇඳුම් බෝඞ් අරන් දේශපාලනය කරන හැමෝම එක එක විදිහට පාරට බහිනවා. සටන් පාඨ කිය කිය පෙලපාලි යනවා. චාරිත‍්‍රයක් වගේ හැමදාම එක විදිහට රැුස්වීම් තියලා යටිගිරියෙන් කෑ ගහනවට වඩා තේරුමක් මේ දවසෙ තියෙනවද? වෙන විදිහකට කිව්වොත් කාට ඇහෙන්නද මේ කෑ ගහන්නෙ? කාගෙන්ද මේ ඉල්ලන්නෙ? මොනාද ඉල්ලන්නෙ? මට හිතෙන්නෙ මේ දවස වැඩ කරන ජනතාව වෙනුවෙන් ...

TURN ON-TUNE IN-DROP OUT මං ටෙරන්ස් මැකේනා එක්ක ටි‍්‍රප් එකක් යන ගමන් හිටියෙ. එයා ගැන මං හිතන්නෙ කිසි දෙයක් සිංහලට පරිවර්තනය වෙලා නෑ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මේ දැනුම් කලාපය ගැන අපේ රටේ සිතීමේ කලාප තාම වර්ධනය වෙලා නෑ. ඒත් සයිකඩෙලික්ස් වලින් (විකිපීඩියා තේරුම හැටියට ප‍්‍රජානනය හා සංවේදනය දියුණු කරන මනෝක‍්‍රියාකාරී රසායන. ලේසි විදිහට කිව්වොත් කංසා, එල්එස්ඞී, එක්ස්ටසි ආදී අපේ රටේ රාස්සයන්ට අන්දලා ...

කිකිළිද? බිත්තරේද? ‘ඔබ හිතන් ඉන්නෙ බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඔබ ජීවත් වෙනවා කියලද? කළු මුඩුක්කුවක් මැද්දෙන් ඇඳිරි වෙලාවක ඇවිදන් යන්න. උස මහත කල්ලෙක් එක්වරම කඩා පැනලා ඔබව බිම පෙරලාගෙන ඔලූව පාරෙ හප්පගෙන හප්පගෙන යද්දි ඔබ සිහිනයෙන් ඇහැරේවි’ කියල චාර්ල්ස් මැන්සන් එක වෙලාවක කියනවා.ලයිෆ් ඔෆ් පායි චිත‍්‍රපටිය බැලූවොත් ‘මං ජීවත් වුනේ ඔරුවේ අනික් කොනේ ව්‍යාඝ‍්‍රයා හිටපු නිසා. මට අවදියෙන් ඉන්න සිද්ද වුණා’ කියල පිසින් ...

තේරුණද දන් නෑ තේරුණද දන් නෑ කියන්නෙ දීප්ති ස්ටයිල් එකට කතා මැද්දෙ පාවිච්චි කරන පොඩි දීප්තියානු කෑල්ලක්. ඒක මේ වෙද්දි ගොඩක් අය පාවිච්චි කරන ෆැෂන් එකක් වෙලා. කතා මැද්දෙ ෂර්ට් එක අර අසල්වැසියෝ ටෙලියෙ හේමසිරි ලියනගේ වගේ උරහිසින් උස්සන ගමන් ‘තේරුණද දන්නෑ’ කියල අහන්නෙ මාර ආඩම්බරේට. ඒකට මං කැමතියි. දීප්තිගේ අදහස් වෙනුවට මේ වගේ ඉගිබිගි වලින් ‘දේශපාලනය කරනවා කියන’ චරිත ඉන්ෆ්ලූවන්ස් වෙන එක. ...

වෙනස ඇරඹුණා පමණි ඓතිහාසික දෙවෙනි වතාවටත් මහල්වරාවෙ බේකරියෙ සංගීත සැණකෙලිය සංවිධානය වෙනවා. ඩවුන් ටවුන් පල්ස්. ඒකයි මේ පාර නම. ෆේස් බුක්, යූ ටියුබ් වලින් ඉතා හොඳ මට්ටමක ප‍්‍රචාරයක් දුන්නා කියන එකයි මගේ අදහස. වඩාත් වැදගත් දේ මේ වැඬේ තවත් පළල් වෙමින් වෙනස් වෙනස් මියුසික් වැඩ සන්තතිකව කරමින් ඉන්න තවත් අය එක්වෙමින් තවත් පාරක් කෙරෙන එක. ලංකාවෙ මේ වෙලාවෙ කිසි දෙයක් නොකර අනිත් උන් ...

දැනගෙන ගියොත් වත්තල- නොදැන ගියොත් මත්තල සමහර වෙලාවට නිකම්ම කණට වැටෙන පොඩි වචන කෑලි අපි හිතනවට වඩා ගැඹුරු ටි‍්‍රප් එකක් ඔලූව ඇතුලෙ හදන්න පුළුවන්. මං හෙඩිමට ගත්තෙ මෑතදිම මගේ කනේ හැප්පිච්ච එක. මත්තල එයාර් පෝර්ට් එකත් එක්ක දැනගෙන ගියොත් කටුනායක පැත්තට නොදැන ගියොත් හම්බන්තොට පැත්තට කියන ලයින් එක ඊට වඩා ගොඩක් තේරුම් කියන්න පුළුවන්. මේ වාග්-මනෝමය සම්බන්ධතා කියවන්න විෂයික දැනුමක් තියෙන කෙනෙකුගෙ අපිට ලොකු අඩුවක්. උදා ...

ඇයි මාව කලින් දැකලා නැද්ද? ලසිත් මාලිංග කොළඹ එන්නෙ බෝල ගහන්න. බෝල ගහන එක ලංකාවෙ ජනතාවට ජාතික ප‍්‍රශ්නයක් වුනාට ඒක ලසිත් මාලිංගට අදාල නෑ. එයා කරන්නෙ බෝල විසි කරන එක. ඒත් වැදගත්ම දේ එයාට ස්ටයිල් එකක් තිබුන. බෝල විසි කරන ස්ටයිල් එකක් වගේම එයා වෙන සංස්කෘතික අවුලක් කළා. එයා සිංහයට ඇන්දා. ලංකාවෙ ක‍්‍රිකට් බලන ජනතාව තනකොල පිට්ටනියක් උඩ ජාතික මට්ටමේ ඕර්ගි (සාමූහිකව කරන රති ක‍්‍රීඩා) ...

සුක්කානම පිටුපස බුදුන් ‘මචං, අපි කවදාවත් වාහනයක් හරියට පදින්නෙ නෑ. ඒක කරන්නෙ බාගෙට. අපි පුෂ් බයිසිකලේක යද්දි අපි හිතන්නෙ මෝටර් සයිකලයක් ගැන. මෝටර් සයිකලයක් පදිද්දි අපි හිතන්නෙ කාර් එකක් ගැන. කොයි වෙලාවකවත් අපිට අපි පදින වාහනේ එන්ජෝයි කරන්න බැරි වෙනවා’අජිත් කුමාරසිරි මට කිව්වෙ හු`ගක් කාලෙකට කලින්. ඒක ඇත්ත. අපි සම්පූර්ණ මනසකින් වාහනේක ගමනක් අත්විඳින්නෙ කලාතුරකින්.. ඒත් මිනිත්තු කීපෙකට. පූර්ණ මනසකින් වාහනයක් පදින අත්දැකීමක් ...

හිස් නැති හිස්වලට. ලංකාවෙ රේඩියෝව කියන්නෙ තවදුරටත් අහන්න පුළුවන් එකක් නෙමෙයි. ඕනම චැනල් එකක උදේ ප්‍රෝග‍්‍රෑම් දෙක අහද්දි තේරුං ගන්න පුළුවන් කොහාටද දක්කන්න හදන්නෙ කියල. උදේ පාන්දර රුධිර පීඩනය වැඩි කරවන හඞ්ඩාගේ ගඳ ෂෝ එකේ ඉඳන් මීඩියා කියන්නෙ බුලත් විටි කඩයක් කියල හිතාගෙන ඉන්න ෂාන්ගෙ රේඩියෝ එකත් අසන්නා කියන්නෙ ලෙඩෙක්, බෝම්බ උඩින් පැන පැන යන ගෙම්බෙක්, කියල හිතාගෙන ඉන්න ඇසෙන නෑසෙන වැසෙන චැනල් ...

ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ චිත‍්‍රපටි ගැන ලියන්න එපා කියල මගේ යාලූවො ගොඩක් කියනවා. චිත‍්‍රපටි ගැන කතා අදාල වෙන්නෙ පොඩි කට්ටියකට විතරක් හින්ද. ඒත් ඒක ඇබ්බැහියක් වගේ. චිත‍්‍රපටි ගැනම එක එක දේවල් හිතෙනවා. ලංකාවෙ චිත‍්‍රපටි හදන අයගෙ තියෙන අවුල ගැන මං කල්පනා කරමින් හිටියා කොමඞ් එක උඩ ඉඳගෙන. අන්තිමට එක එක කාරණා තුලනාත්මකව හින්ඳලා හින්ඳලා කෙලවරෙදි මං ආවා එක වචනෙ තීන්දුවකට. ‘අවංකකම’. ඒක ආයෝජනය කර ...

වෘකයන් අතර නග්නව කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ ආරක්‍ෂාවට පවත්වාගෙන යන රාජ්‍ය සංවිධානෙකින් මට කෝල් කරලා ලිපියක් ඉල්ලූවා, ඒ ගොල්ලොන්ගෙ ස`ගරාවකට. ලංකාවෙ කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ තත්වෙ ගැන මට කියන්න තියෙන දේවල් ඒ වගේ ආයතනේක ස`ගරාවක පළකරන්න තරම් ඒ අය නිදහස් කියල විශ්වාසයක් නැති වුණත් මං ලියමන ලිව්වා. ආයිමත් කෝල් එකක් ආවෙ නැති හින්ද තාමත් ලිපිය මගේ ළ`ග.අපේ රටේ කාන්තාවක් සහ ළමයෙක් කියන කාරණය වැදගත් වෙන්නෙ ...

හීතලයි. තද රස්නෙයි. තොල් පැලෙන ගානට. මට හම්බුවෙනවා චිත‍්‍රපටියක් හදන්න, සිනමාකරුවෙක් වෙන්න නොතිත් ආශාවෙන් පෙළෙන තරුණ උන් නිතරම. මේ සිහිනය ඉතිහාසයක් පුරා නොයෙක් නොයෙක් හේතු නිසා පරම්පරා ගානක් අතින් මරා දැමුනු හීනයක් වගට ගොඩක් වෙලාවට ඒ කවුරුවත් දැනුවත් නෑ. අද ගොඩක් වෙන වෙන වැඩ කරමින් ඉන්න අය චිත‍්‍රපටි ගැන මේ හීනෙ මරා ගන්න සිද්ද වෙච්ච අය. පරපුරෙන් පරපුරට තාමත් ඒ හීනෙ ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඒක ...

මේ කවුද? මොනවද කරන්නෙ? මුස්ලිම් විරෝධී ජාතික දුමාරයකින් ෆේස් බුක් එක වැහිලා ගිහින්. නෝ ලිමිට් එක ඉස්සරහ පිකට් කරලා, හලාල් බඩු තහනම් කරලා අමුතු සිංහල බෞද්ධ ත‍්‍රිලකට ජනතාව සෙට් වෙලා. තවත් කට්ටියක් මේ විනෝදයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව ලොකු ෆේස් බුක් කැරළි ගහනවා. සනීපාරක්‍ෂක තුවා වර්ගයක වඳ වෙන තෙලක් ගානවා කියල අද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය කියල එකකින් පෝස්ට් කරලා තිබුණ. බෞද්ධ සහ සනීපාරක්‍ෂක තුවා අතර ...

අතිශයින්ම පිරිමින්ට පමණයි; Manic Pixie Dream Girl ගිම්හානයේ දවස් පන්සීයක් (500 ඬේස් විත් සමර්) සහ උද්‍යාන ප‍්‍රාන්තය (ගාර්ඞ්න් ස්ටේට්) කියන්නෙ මං හු`ගක් ආස චිත‍්‍රපටි. ඒ චිත‍්‍රපටිවල මං වැඩියෙන් කැමති වෙන්නෙ මොකකටද කියලා හිතදාගෙන යද්දි අන්තිමට මං තේරුම් ගත්තෙ මං ආස වෙන්නෙ චිත‍්‍රපටියෙ සිනමා කාරණාවකට වඩා මේ කතාවල ඉන්න ගෑණු චරිතෙට කියල. ගිම්හානයේ දවස් පන්සීයක් චිත‍්‍රපටියෙ මේ චරිතෙ කරන්නෙ සුයී ඩිස්චැනල්. උද්‍යාන නගරයේ මේ චරිතය නතාලි පෝර්ට්මන්. මේක ...

අපි රජ ඉබ්බෝ ”මචං, මං ආස නෑ රිලීජස් (ආගමික) මිනිහෙක් වෙන්න. රිලීජස් වෙනවා කියන්නෙ රිචුවල්ස් වගයකට පුරුදු වෙනවා කියන එකනෙ. උදේම නැගිටින්න ඕනි, භාවනා කරන්න ඕනි, එක එක වතාවත් තියෙනවා, මං ආස නෑ මචං එහෙම ඩිසිප්ලින් වෙන්න. හැබැයි මේ රිලීජස් එකෙන් එලියෙ තියෙන අනිත් එක ඊට වඩා දරුණුයි. ඒක ඉකොනොමිකල්. ඒකෙත් රිචුවල්ස් තියෙනවා. වැඩට යන්න ඕනි, අත්සන් කරන්න ඕනි, ඒක ඔරලෝසුවෙ හැම තත්පරයක්ම ...

මග හැර යා නොහැකි කර්ම ප‍්‍රසන්නගෙ කර්ම ෆිල්ම් එකේ මං ආසම ටැග් ලයින් එකට. ඒක චිත‍්‍රපටිය සම්බන්දයෙන් කියන කතාව කොහොම වුණත් ප‍්‍රසන්න ගැන කියන කතාව මාර ඇත්ත. මේ චිත‍්‍රපටිය ප‍්‍රසන්නට මග හැර යා නොහැකි වුණු කර්මයක්.ෆිල්ම් එක ගිහින් බලන්න කියල මං කියපු ගොඩක් එවුන් මට ආපහු ඇවිත් පලූ යන්න බැන්නා.‘මොකද්ද බං ඒ?’‘ප‍්‍රසන්නගෙ සංකාර නං පට්ට. මේක නං හරිම අමාරුයි බලන් ඉන්න’මේ කිසි කතාවක් මං බලාපොරොත්තු ...

ලෝක විනාසෙට දවසකට කලින් 2012 දෙසැම්බර් 21 කියන්නෙ මේ ලිපිය පළවෙන්න දවසකට කලින්. ඒත් මං ලිපිය ලියන්නෙ ලෝක විනාසෙ සිද්ද වෙන්න දවසකට කලින්. කවුරු හරි පත්තරේ මේ ලිපිය කියවනවා කියන්නෙ ලෝක විනාසෙ සිද්ද වෙලා නෑ. ලෝක විනාසෙ සිද්ද වුණොත් මේ ලිපිය කවදාවත් කියවන්න වෙන්නෙ නෑ.මායාවරුන්ගේ කැලන්ඩරයක් සහ නොස්ට‍්‍රඩාමුස් ඇතුළු තවත් ගොඩාක් අද්භූත කතන්දර එකතු වෙලා නිර්මාණය වුණු මේ ලෝක විනාසෙ කියන්නෙ දැවැන්ත නිර්මාණයක්. ඒක ...

Previous Page