බඩා වැඩ කරන රෝහලේම වැඩකරන වෛද්‍යතුමෙක් තමයි පියා. පියා කියන්නේ සුරතලේට කියන නම. හැබැයි වයස 35 පැන්නුවත් පියා කට ඇරියොත් කියන්නෙ කුණුහරුප. ඒ වුණත් ඉඳල හිටල නියම සිද්ධි වලට පියා පැටලෙනවා. උදේ දහයට විතර තේ එකක් බොන්න 520 කැන්ටිම වෙත යන්න ආපු බඩාට පියා ප්ලග් වුණා. මේ ගමන යැවෙන්නේ හදිසි අනතුරු අංශය මැදින්. එතෙන්ට මහ සෙනගක් ඇවිත්, ලස්සන ලස්සන ඇඳුම් ...
බඩාගේ කට අන්තිම සවුත්තු බව දන් මේ "ළමා" කතන්දර පිටුව කියවන ඔක්කොම අය දන්නවානෙ. මේ සවුත්තු කට හින්දා නිතරම පීඩාවට පත්වෙච්ච කෙනෙක් තමයි අපේ භෞතික විද්‍යා ටියුෂන් ගුරුතුමා වෙච්ච ග්‍රේරෝ මහත්මයා. බඩා පන්තියේ ඉඳන් කියන පොඩි පොඩි කතා කෑලි, අනික් අය අහුලන් ලොකු රණ්ඩු ඇති කර ගන්න නිසා ග්‍රේරෝ ගුරුතුමා බඩා ගැන හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයේ. මේ කතාව සිද්ධ වුණේ ...
බොහොම දවසකට පස්සේ බඩාට කතාවක් ලියන්න අවස්ථාවක් හම්බ වුණා. කථාවක් කිව්වට මේක කථා සමුදායක්. ලිංගාශ්‍රිත රෝග (Venereal Diseases) කියන්නේ වෛද්‍ය විද්‍යාවේ වැදගත් කොටසක්. දැන් ලිංගාශ්‍රිත රෝග ඒකකය විදියට වෙනම ගොඩනැගිල්ලක, සාමාන්‍ය වාට්ටු වලින් දුරස්ව පිහිටුවලා තියෙන්නේ රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න. නමුත් මීට දශකයකට කලින් මේ ගොඩනැගිල්ල එතන තිබුණේ නෑ. ඒ වෙනුවට, බාහිර රෝගී අංශයේ, 33 කාමරයේ තමයි මේ සායනය තිබුණේ. ...
පසා කියල කියන්නේ බඩාලත් එක්ක උසස් පෙළ පන්ති වලට සහභාගී වෙච්ච කොලුවෙක්. කොළඹ තියෙන සුප්‍රසිද්ධ බෞද්ධ පාසලකට තමයි පසා ගියේ. උසස් පෙළත් ඉහළින්ම සමත් වුණා. පසා එක විදියක අදහස් තියෙන එකෙක් බව අපි දන්නවා. ඒ නිසාම බඩාලා සෙට් එක කොළඹ විද්‍ය පීඨය තෝරා ගනිද්දී පසා තෝරා ගත්තේ පේරාදෙණිය. පසාට ඒ පැත්තේ ස්ත්‍රී සම්බන්ධයක් තිබුණා කියලත් කණින් කොණින් කියවුණා. ඔන්න කොහොම ...
බඩා හිතන්නේ සසා ගැන කට්ටියට මතක ඇති කියල. මේකත් සසාගේ තවත් වික්‍රමයක්. සසා එක්ක නිතරම කියුම් කියාගන්න කෙනෙක් තමයි කොටියා. සසාගේ කොටු සිද්ධිය අතේ මාට්ටු වුණාට පස්සේ සසා නිතරම බලන්නේ කොටියට ගුලියක් අඹරන්න. මොකද කොටු සිද්ධියේදී කට හඬ වෙනස් කරලා ඇමතුම දුන්නේ කොටියනෙ. දවසක් සසායි, කොටියයි කොටු පැනිල්ල ගැන වාදයක්. සසා නොදැන හිටියට කොටියත් කොටු ශිල්පයේ කෙළ පැමිනියෙක්. සසා ...
අපේ ගෙවල් බොහොමයක පුසෝ ඇති කරනවනෙ. බඩා මාමාත් තද "පූස් ලෝලියෙක්". කාලෙන් කාලෙට එක එක පූසෝ ගෙදර ඇති කරන්න බඩා මාමා උනන්දු වුණේ ඒ නිසා. ඔන්න ඔය පින්තූරේ ඉන් පූස් තඩියා තමයි අන්තිමට හිටියේ. බොහොම සංවර විදියට හැදුණ හුරතල් පූසෙක්. හැබැයි අකාලයේ මළා. බඩා මාමා පූස් ලෝලියෙක් හින්ද පූසෝ ගැන සංවාද වලට නිතර සහභාගී වෙනවා. අපේ ඇනාට පාසල් කාලයේ හිටපු ...
අපේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ හිටි සසා තුන්වෙනි වසරේ ඉදල ම පුද්ගලික "වෛද්‍ය" සේවයේ (locum) නියුතු වෙච්ච කෙනෙක්. මේ විදියට පුද්ගලික වෛද්‍ය සේවයේ වැඩ කරන වෙලාවට සසා අපි කොතරම් කතා කලත්. දුරකථනය ගන්නේ නෑ. ගන්නේ අදාල පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය අයිති වෛද්‍යතුමා කතා කළොත් විතරයි. මේ දුරකථනය නිසා සසා ගේ හොඳ හොඳ වැඩ එළි වෙලා තියෙනවා. සසා කොහොමත් රස සාගරයක්. ඔන්න ඔය විදියට ...
වෛද්‍ය පීඨයේ අවසන් වසරේ දී අපට සායනික ක්‍රියාකාරකම් උපරිමව තියෙන අවුරුද්දක්. මේ අවුරුද්ද ඇතුලත මහාචාර්ය ඒකක පහක (ශල්‍ය, කායික වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරි වේද සහ මානසික රෝග) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ කාලය ඇතුලත අදාල ශිෂ්‍යයාට භාර වෙන රෝගීන් සියල්ලක්ගේම තොරතුරු එක් රැස් කරලා තියා ගන්න ඕන. මේක සෑහෙන්න අමාරු වැඩක් කියල ආයෙමත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ. ඉතින් ...
බඩා ගේ උසස් පෙළ කාලයේ ඉඳලා මිත්‍රයෙක් තමයි ජොරා කියන්නේ. ජොරා ඉගෙන ගත්තේ බඩා ඉගෙන ගත්තු පාසලේ නොවුනට, අමතර පංති වලට ගියේ එකටමයි. කොහොම කොහොම හරි දෙන්නම වෛද්‍ය විද්‍යාලයටත් තේරුණා. ජොරා වැඩිය උස නැති, පැහැපත් හැඩ කොල්ලෙක්. ඒ වගේම තමයි පෙනුම ගැනත් බොහොම උනන්දුයි. ජොරාගේ කාමර සගයා වුණේ කොටියා. කොටියත් හැඩ කොල්ලෙක්, ඒත් කොටියගෙ තිබුණේ වෙනම ආතල්. ගාණට මූණ හෝදලා ...
බොහෝ වැඩ, රෝගීන් ගේ කටයුතු සහ අධ්‍යනන කටයුතු කරන්න තිබුණු නිසාවෙන් බඩාට අළුත් කතා ලිවිල්ල ටිකකට මග හරුණා. ඒ ගැන බඩා මුලින්ම සහෘද පිරිසෙන් සමාව භජනය කර සිටිනවා. බඩා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ නාරි සහ ප්‍රසව විද්‍යාව උගන්නන්න් මහාචාර්යතුමෙක් හිටියා. උස, මහත, කළු, වලහෙක් වගේ මයිල් තියෙන දරදඬු පෙනුමක් තමයි මේ මහැදුරුතුමාට තිබුණේ. ඒ වුණත් ඉතාම කාරුණික, රෝගී සේවයට ...
මේක ඉතින් වෙසක් කාලෙනේ. අද කට්ටිය එච්චර වෙසක් කූඩු අදන්න උනන්දු නැති වුණාට අපි පාසල් කාලේ වෙසක් කුඩු හැදුවේ තරඟෙට වගේ. හදල ඉවර වෙලා ඒ ගැන පොර ටෝක් දෙන්නත් අමතක කලේ නම් නෑ! කූඩු හදන කොට අමාරුම ඒවා තමයි පැටව් කූඩු හදන එක. ඒ දවස් වල පැටව් හතරේ කූඩුවක් හදන එක අපිට මහ කජ්ජක් උණේ නම් නෑ. සාමාන්‍ය පෙළ පන්තියේ ...
බඩා මාමගේ කතන්දර පිටුවට නිතරම යන එන කෙනෙක් නෙ චීටා කියන්නේ. චීටා මුල්වෙච්ච කතා කීපෙකුත් තියෙනව. බඩා සත්ත්ව විද්‍යාව ඉගෙන ගන්න ගියේ පන්නිපිටිය පැත්තේ තියෙන පොඩි පන්තියකට. චීට ආවෙත් ඕකටමයි. බස් රථයෙන් බැහැලා ටික දුරක් පයින් ගිහින් තමයි මේ පන්තියට යන්න තිබුණේ. පන්තියට යන පාර අතර මග රඹුටන් ගහක් එහෙමත් තිබුණ. කොල්ලො රෑන රඹුටන් හැදෙන කාලෙට එන්නේ වටින් පිටින් අහුල ...
බඩා රසායන විද්‍යාවට පන්ති ගියේ කෝට්ටේ පැත්තේ ගුරුතුමියකගේ පන්තියට. බෝලයක් පෙරළෙනවා වගේ සුරතල් පෙනුමක් තිබුනට මොකද මේ ටියුෂන් ගුරුතුමී හරිම වසයි. පන්තියේ කට්ටිය ඔක්කොම හිටියේ මීයට පිම්බා වගේ සීරුවෙන්. හැබැයි පැය දෙකහමාරක් හිර කරන් හිටපු පීඩනය පන්තිය ඉවර වෙච්ච ගමන් එළියට දැම්මේ මොකක් හරි පිස්සුවක් කෙළලා. මේ පන්තියට බඩා එක්ක තවත් චරිත කීපයක් සහභාගි වුණා. අපේ සුපුරුදු ඇනා ඉන් කෙනෙක්. ...
මෙකත් ටියුෂන් කතාවක්ම යි. හැබැයි මෙදා සැරේ චරිතය බඩා ගේ එකම සහෝදරයා. බඩා ගේ මල්ලී බඩාට වඩා උස, කැරළි කොණ්ඩේ තියෙන බඩා වගේ කළු නැති එකෙක්. ඒ වුණාට මූණේ මොකක් හෝ අවුලක් තියෙන නිසාදෝ, මලයගේ යාළුවෝ ඌට කිව්වේ "ලොරියා" කියල. තව සමහර එවුන් "බාප්පා" කියලත් කිව්වා. ඒ නිසාම බඩා සමහර විට "මහ ලොරියා" කියලත් "මහප්පා" කියලත් හැඳින්වුණා. බඩා ජීව විද්‍යාව ...
උසස් පෙළ කරන කොට ටියුෂන් යන්න සිද්ධ වීම අද විතරක් නෙවෙයි, බඩා ගේ කාලයේත් සිදු වුණු දෙයක්. "පතිරූප දේස වාසෝච" කියල බුදුන් වහන්සේ මංගල කරුණක් විදියට වදාරල තියෙන යහපත් පදිංචිය නිසාද කොහෙද බඩාට ඒ කාලේ රටේ හිටපු ප්‍රසිද්ධතම ගුරුවරුන් ගාවට ටියුෂන් වලට යන්න හැකි වුණා. මේ ගුරුවරුන් අතරින් අවිවාදයෙන්ම දක්ෂතමයා තමයි මොහාන් ලාල් ග්‍රේරෝ මහතා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් මේ ...
රෝහලේ සේවයේ යෙදෙන කොට අපට නිතර දකින්න හම්බ වෙන අවස්ථාවක් තමයි හුස්ම ගන්න අමාරු ලෙඩුන්. මෙයින් බහුතරයක් ඇදුම රෝගීන්. සුළු පිරිසක් වෙනත් හේතූන් නිසා හුස්ම ගන්න බැරුව එනවා. හුස්ම ගන්න අමාරුකම එක්කෝ පෙණහල්ලේ හෝ උරස් කුහරයේ ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් හුස්ම ගනීව ස්වයංක්‍රීයව සිදුවන මොළයේ පාලක මධ්‍යස්ථානයේ අවුලක්. ඔන්න ඔය දෙවනියට කියපු වර්ගයේ හුස්ම ගැනිමේ අපහසුකම් විෂ වර්ග නිසා ඇතිවෙනව. ...
පාසල් යන කාලේ බඩා ගේ කට හොඳ නැති බව ඔය කට්ටිය දන්නවනෙ. බඩා වගේම කට හොඳ නති තවත් කීප දෙනෙක් හියියා. ඉන් එක්කෙනෙක් තමා "තකී". තකී ජොලියට බර, ජීවිතේ ආතල් එකෙන්ම ගෙවන සොමිබර කොල්ලෙක්. තකී ගේ පියා ධ්නවත් ව්‍යාපාරිකයෙක් වෙච්ච නිසාත්, ජීවිතේ බරක් නොදැනුණා වෙන්න පුළුවන්. එක පැත්තකින් තකී එහෙම ඉන්දැද්දී සාමාන්‍ය පෙල පන්ති වල හිටපු විනය පාලක තමයි රත්නේ ...
බඩාගේ අධ්‍යයන කණ්ඩායමේ හිටියා කෙට්ටු, මිටි කොල්ලෙක්. සයිස් එක පොඩි වුණාට මූට තිබ්බේ ලොකු ලොකු දේවල්. නැව් ටෝක් දෙන්න රුසියා. ඒ වගෙම තමයි මේකා අර නර්ඩ් (nerd) කියල ඉංග්‍රීසියෙන් කියන ජාතියේ අති විශිෂ්ට බුද්ධිමතෙක්. පොරට අපි කිව්වේ පාප ලාල් කියලයි. කොලඹ වෛද්‍ය පීඨයේ වසර පහමාරට විභාග 100ක් විතර තියෙනවා. නමුත් මේ කිසිම විභාගයකය පාප ලාල් හෙවත් පාපයා සති දෙකකට වඩා ...
වෛද්‍ය පීඨය කියන්නේ බොහොම දරුණු විදියට අධ්‍යාපනය ගැන වෙහෙසෙන තැනක්. ඒ නිසාම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් සමහර දෙනෙක් මේ මානසික ආතතය දරා ගන්න බැරි වෙලා මානසික රෝගීන් බවට පත් වෙනවා. මෙයින් බහුතර දෙනෙක් සුවය ලැබුවත්, හොඳ කරන්න බැරි ගානටම ලෙඩ වෙන කිහිප දෙනෙකුත් ඉන්නවා. මාරේ අයියත් අන්න ඒ විදිය කෙනෙක්. අවුරුදු ගාණක් භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙලෙන මාරේ අයියා දර්ශීය මානසික රෝගියෙක්.වෛද්‍යවරු විදියට කිසිම රෝගියෙක් ...
වෛද්‍ය විද්‍යාලෙන් පිට වෙලා හා හා පුරා කියලා සීමාවාසික පුහුණුවට බඩා ගියේ කොළඹ කිට්ටුව තිබුණු රෝහලකට. අපේ කණ්ඩායමේ ම හිටපු තවත් වෛද්‍යවරයෙක් ඇවිත් හිටියා. මුගේ නම කිරියා. කිරියා හොඳ කලා රසාස්වාදයක් තියෙන, උයන්න උපන් හපන් කම් දක්වපු චරිතයක්. ඒ වගෙම ආතල් දෙන්නත් කියාපු පොර. මඳ පමණට දාගත්තම, රමණීය විදියට ආතල් දීම කිරියාගේ පුරුද්දක්. කිරියාගේ විශ්ව විද්‍යාල කාලේ මිත්‍රයා "ගෙම්බා". මුන් ...